tgindex
Techie Instants⚡

Techie Instants⚡

Статистика

වැඩි වැඩ නැතිව instantly tech ගැන update වෙන්න, @TechNewsLK වෙතින් හඳුන්වාදෙන Techie Instants කෙටි පුවත් සේවාව. ⚡ instants.technews.lk

Последний пост
13 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
11
Всего постов
21
Тип
открытый
Язык
si
В каталоге с
13 авг.
Подписчики
382
мало замеров
Замеров пока мало
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
43
21 постов
Вовлечённость
11,3%
к подписчикам
Постов в день
1,6
всего 21
Упоминаний
2
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
22
1/48двое суток
25
1/72трое суток
27

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • Namecheap සේවාවන් බිඳවැටීමෙන් පාරිභෝගිකයින් දැඩි අපහසුතාවයකට පත්වේ Namecheap ආයතනයේ Phoenix datacenter හි සිදුවූ power outage එකක් හේතුවෙන් ඔවුන්ගේ පාරිභෝගිකයින්ට service disruption එකකට මුහුණ දීමට සිදුවී ඇත. සේවාවන් යථා තත්ත්වයට පත් කිරීමට තම කණ්ඩායම කටයුතු කරමින් සිටින බව ඔවුන් නිවේදනය කර ඇත. කෙසේ වෙතත් පාරිභෝගිකයින් මේ පිළිබඳව සිය අප්‍රසාදය පළ කර තිබේ. මුලින් ඔවුන්ගේ status page හි මෙය DDoS attack එකක් ලෙස සඳහන් කර පසුව එය power outage එකක් ලෙස වෙනස් කර ඇති බව එක් පාරිභෝගිකයෙකු පෙන්වා දී ඇත. එසේම මෙම downtime එක හේතුවෙන් තමන්ට මුල්‍යමය පාඩු සිදුවන බවටද පාරිභෝගිකයින් චෝදනා කරති. කෙසේ වෙතත් මේ වන විට namecheap status page  එකද ක්‍රියාත්මක නොවේ.

  • ​iCloud Private Relay හි පවතින Security flaw එකක් හේතුවෙන් Apple සමාගමට එරෙහිව නඩුවක් ගොනු කරයි. Apple සමාගමට එරෙහිව ඔවුන්ගේ iCloud Private Relay හි පවතින Security flaw එකක් සම්බන්ධයෙන් අලුතින් නඩුවක් ගොනු කර තිබෙනවා. Clarkson Law Firm විසින් මෙය ගොනු කර ඇති අතර, ඔවුන් පවසන්නේ පරිශීලකයින්ගේ IP address සහ DNS records ආරක්ෂා කරන බව පවසමින් Apple සමාගම iCloud+ පාරිභෝගිකයින්ව නොමඟ යවා ඇති බවයි. මෑතකදී Security researchers විසින් සොයාගත් WebKit issues කිහිපයක් මත මේ චෝදනාව පදනම් වෙලා තියෙනවා. විශේෂයෙන්ම Passkey sign-ins, DNS prefetching සහ iOS 26 හි ඇති WebTransport protocol හරහා පාරිභෝගිකයින්ගේ සැබෑ IP address එක නිරාවරණය විය හැකි බව මෙහිදී පෙන්වා දී තිබෙනවා. කෙසේවෙතත්, WebKit හරහා iOS හි සියලුම Browsers ක්‍රියාත්මක වන නිසා, මේ අවදානම Safari වලට පමණක් සීමා වෙන්නේ නැහැ.

  • ​Global Cloud Providers වෙතින් දේශීයව Infrastructure ගොඩනගන ලෙස නයිජීරියානු රජය ඉල්ලා සිටියි. Global Cloud Providers වෙතින් දේශීයව Infrastructure ගොඩනගන ලෙස නයිජීරියානු රජය නිල වශයෙන් ඉල්ලා තිබෙනවා. දැනට 85% කට වඩා Nigerian workloads ක්‍රියාත්මක වන්නේ විදෙස් Public clouds වලයි. මේ සඳහා ඔවුන් National Sovereign Cloud Initiative වැඩසටහන ද හඳුන්වා දී තිබෙනවා. මෙහි ප්‍රධාන අරමුණ වෙන්නේ Technology වියදම් රට තුළම රඳවා ගැනීම, Critical services ආරක්ෂා කිරීම සහ Foreign systems මත යැපීම අවම කිරීමයි. මීට අමතරව Customers ට තමන්ගේ දේශීය මුදල් ඒකකය වන Naira වලින් ගෙවීම් කිරීමට අවස්ථාව සැලසීමද මින් අපේක්ෂා කරනවා. මින් කිසිසේත්ම Foreign providers තහනම් නොකරන අතර, Microsoft සහ Google වැනි සමාගම් වලට දේශීයව ආයෝජනය කිරීමට දිරිගැන්වීමක් සිදු කරනවා. කෙසේවෙතත්, Power shortages මීට ඇති ප්‍රධානතම අභියෝගයක් වුණත්, Local data centres හරහා Undersea cables බිඳවැටීම් වලින් සිදුවන බලපෑම බොහෝදුරට අවම කරගැනීමට මේ හරහා හැකියාව ලැබෙනවා.

  • ​​ශ්‍රී ලංකාවේ iPhone පරිශීලකයන් ඉලක්ක කළ නව 'Zero Click' WhatsApp ප්‍රහාරයක් ගැන Sri Lanka CERT ආයතනය අනතුරු අඟවයි. Sri Lanka CERT ආයතනය විසින් ශ්‍රී ලංකාවේ iPhone පරිශීලකයන් ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන නව 'Zero Click' WhatsApp ප්‍රහාරයක් පිළිබඳව අනතුරු අඟවා තිබෙනවා. මෙහි ඇති භයානකම තත්වය වෙන්නේ, පරිශීලකයාගේ කිසිදු මැදිහත්වීමකින් තොරවම (Zero Click) ඔබේ WhatsApp account එක Hackers ලගේ පාලනයට නතු වීමයි. මෙය ප්‍රධාන වශයෙන් iOS 16.7.12 ට අඩු සංස්කරණ ඉලක්ක කර ඇති අතර, Linked device synchronization හි ඇති දුර්වලතා හරහා මෙය සිද්ධ වෙනවා. මේ හරහා Hackers ලා විසින් ගිණුම් හරහා මුදල් ඉල්ලා ව්‍යාජ Messages යැවීම සහ WhatsApp groups වල පාලනය ලබාගැනීම සිදු කරනවා. කෙසේවෙතත්, මේ තත්වයෙන් ආරක්ෂා වීම සඳහා වහාම ඔබේ iOS සහ WhatsApp නවතම සංස්කරණ වලට Update කරන ලෙසත්, Two-step verification සහ Chat lock වැනි Security විශේෂාංග සක්‍රීය කරගන්නා ලෙසත් Sri Lanka CERT ආයතනය තවදුරටත් උපදෙස් දෙනවා.

  • Nvidia සමාගම නවතම Nemotron 4 AI model එක හරහා ලොව ප්‍රමුඛ open-source මාදිලි වලට අභියෝග කිරීමට සූදානම් වෙයි. Nvidia සමාගම විසින් ලොව ප්‍රමුඛතම open-source AI models වලට අභියෝග කිරීමේ අරමුණින් Nemotron 4 නමින් නව AI model එකක් නිර්මාණය කරමින් පවතී. මෙහි විශාලතම model එක සඳහා අවම වශයෙන් 1 trillion parameters අඩංගු වනු ඇතැයි බලාපොරොත්තු වේ. මෙම ව්‍යාපෘතියේ අවසන් training කටයුතු තවමත් නිමවී නොමැති අතර මෙම වසරේ අගභාගයේදී එය නිකුත් කරනු ඇතැයි අනුමාන කෙරේ. සමාගම පවසන්නේ මෙවැනි open models හරහා ආරක්ෂාව සහ innovation වඩාත් වර්ධනය කළ හැකි බවයි. මීට අමතරව ඔවුන් මෑතකදී Nemotron 3.5 Lightning සහ NeMo Switchyard නමින් නව open-source library පහසුකම් ද හඳුන්වා දෙනු ලැබීය.

  • අලුත් Contact එකක් Save කිරීමේදී දුරකථන අංකය නොමැතිව Username එකක් භාවිතා කිරීමට WhatsApp විසින් අවස්ථාව ලබා දෙයි. WhatsApp විසින් Android සහ iOS පරිශීලකයන් සඳහා නවතම username පහසුකමක් හඳුන්වා දෙමින් පවතී. ඉදිරියේදී නව contact එකක් save කිරීමේදී දුරකථන අංකයට අමතරව ඔවුන්ගේ username එකද ඇතුළත් කළ හැක. මේ හරහා ඔබගේ දුරකථන අංකය ලබා නොදී පෞද්ගලිකත්වය ආරක්ෂා කරගනිමින් පණිවිඩ හුවමාරු කිරීමට අවස්ථාව ලැබේ. පරිශීලකයන්ට Settings හරහා තමන්ට කැමති username එකක් වෙන් කරවා ගත හැක. තවද, මෙම username contacts සමඟ සාමාන්‍ය පරිදි status updates හුවමාරු කරගැනීමටද හැකියාව ලැබෙනු ඇත. දැනට මෙම පහසුකම WhatsApp beta සංස්කරණ හරහා තෝරාගත් පිරිසකට ලබා දී ඇති අතර, ඉදිරියේදී App Store සහ Google Play හරහා සියලු දෙනාටම නිකුත් කිරීමට නියමිතය.

  • Apple සමාගම විසින් නව homeOS මෙහෙයුම් පද්ධතියක් සහ smart home hub උපාංගයක් හඳුන්වා දීමට සූදානම් වෙයි. Bloomberg හි Mark Gurman පවසන පරිදි Apple සමාගම tvOS, watchOS සහ iOS හි එකතුවක් ලෙස නව මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කරමින් සිටී. homeOS ලෙස නම් කෙරෙනු ඇතැයි අනුමාන කරන මෙම පද්ධතිය ඔවුන්ගේ නව smart home hub උපාංගය සඳහා යොදාගනු ඇත. මෙයට අඟල් 7 ක තිරයක් සහ HomePod ආකාරයේ ස්පීකරයක් ඇතුළත් වේ. මෙහි ඇති facial recognition තාක්ෂණය හරහා පරිශීලකයා හඳුනාගෙන අදාළ තොරතුරු පෙන්වන අතර පරිශීලකයාගේ දුර අනුව තිරයේ අංග වෙනස් වේ. Siri AI මූලික කරගත් මෙම පද්ධතියේ FaceTime, HomeKit පාලනය සහ තවත් Apple apps අන්තර්ගත වේ. මෙම උපාංගය මෙම වසරේ අග හෝ ලබන වසරේ මුලදී නිකුත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

  • Google සමාගමේ වේගයෙන්ම වර්ධනය වන Product එක ලෙස Gemini App එක බිලියනයක පරිශීලකයින් සීමාව පසුකරයි. Google සමාගම් ඉතිහාසයේ වේගයෙන්ම වර්ධනය වන Product එක බවට පත්වෙමින්, Gemini App එක මාසික පරිශීලකයින් බිලියනයක් ඉක්මවා තිබෙනවා. මෙහි පරිශීලකයන්ගෙන් 63%ක්ම Voice හරහා Gemini භාවිතා කරන අතර, කාර්යබහුල දෙමාපියන් අතර ද මේ Voice භාවිතය ගොඩක් ජනප්‍රියයි. ​Gemini Live භාවිතා කරන පිරිසෙන් 1/5ක්ම Real-time ගැටළු විසඳාගන්න Camera සහ Screen sharing යොදාගන්නා අතර, මෙය DIYers සහ සිසුන් අතර ගොඩක් ප්‍රචලිත වෙලා තියෙනවා. ඒ වගේම පාසල් වැඩ ආශ්‍රිත ඉල්ලීම් වලින් 38%කම Attachments අඩංගු වෙනවා. ​Small businesses තමන්ගේ Marketing කටයුතු සඳහා දිනකට Images මිලියන 150කට වඩා මේ හරහා Generate කරනවා. Android users තවත් Apps 40ක් පමණ Automate කිරීමටත්, iOS හි Users මිලියන 100කට වඩා මෙය භාවිතා කිරීමටත් යොමුවෙලා තියෙනවා. කෙසේවෙතත්, macOS users අනෙක් අයට වඩා දෙගුණයක් Prompts ලබා දීමත් මෙහි විශේෂත්වයක්.

  • ​xAI සමාගම විසින් පැය 24 පුරාම ක්‍රියාත්මක වන Grok Bot නම් නව AI teammate කෙනෙක් හඳුන්වා දෙයි. SpaceXAI සමාගම විසින් Grok Bot නමින් නව AI teammate කෙනෙක් හඳුන්වා දී ඇත. මෙය පැය 24 පුරාම ක්‍රියාත්මක වන අතර එයටම වෙන්වූ cloud computer එකක් හරහා apps සහ tools භාවිතා කරමින් වැඩ කළ හැක. ඔබට සාමාන්‍ය coworker කෙනෙකුට මෙන් message කර tasks පැවරිය හැක. මෙය ඔබගේ workflows නිරීක්ෂණය කර වැඩ කරන ආකාරය ඉගෙන ගන්නා අතර Grok Bots කිහිපයක් එකවර parallel ලෙස ක්‍රියාත්මක කර tasks end to end අවසන් කළ හැක. ඔවුන්ට එකිනෙකා සමග message කරගැනීමටද හැකියාව ඇත. කාලයත් සමග මෙම Bots වඩාත් දියුණු වන අතර දැනට beta සංස්කරණයක් ලෙස premium subscribers ලා සඳහා desktop සහ iOS හරහා ලබා ගත හැක.

  • Anthropic සමාගම Claude AI හරහා නිර්මාණය කරන content හඳුනාගැනීමට invisible watermarks හඳුන්වා දෙයි යුරෝපා සංගමයේ නීති වලට අනුකූලව, Anthropic සමාගම ඔවුන්ගේ Claude AI හරහා නිර්මාණය කරන text සහ images සඳහා invisible watermarks සහ metadata එක් කිරීමට තීරණය කර ඇත. මේ හරහා AI-generated content පහසුවෙන් හඳුනාගැනීමට හැකි වේ. මේ අනුව 2026 අගෝස්තු 2 පසු නිකුත් කරන නව Claude models සඳහා මෙම marking පහසුකම අන්තර්ගත වේ. මෙහිදී ක්‍රම දෙකක්, එනම් images සඳහා C2PA standard එක භාවිතා කරන අතර, text සඳහා විශේෂ watermark එකක් එක් කරනු ලබයි. එය copy-paste කිරීමේදී හෝ යම් තරමක් දුරට manual edit කිරීමකදී පවා නොනැසී පවතී. මෙමගින් අදාළ content එක Claude හරහා සැකසූවක්ද යන්න හඳුනාගත හැක. මෙම ක්‍රමය Claude, Claude Code, Claude Cowork, API ඇතුළු සියලුම සේවාවන් සඳහා ක්‍රියාත්මක වන නමුත්, metadata මැකී යාමේ අවදානමක් ඇති බැවින් මෙය AI content හඳුනාගැනීම සඳහා 100% ක්ම සම්පූර්ණ ක්‍රමයක් නොවන බවද ඔවුන් පවසයි.

  • Space mirrors ව්‍යාපෘතිය මගින් තාරකා අධ්‍යනයන් වෙත සහ පරිසරයට දැඩි තර්ජනයක් Reflect Orbital සමාගම රාත්‍රී කාලයේදී පෘථිවියට හිරු එළිය පරාවර්තනය කිරීමට space mirrors කක්ෂගත කිරීමට සැලසුම් කර ඇත. අරමුණ solar power නිපදවීම සහ නගර ආලෝකමත් කිරීමයි. නමුත් මෙයින් ground-based astronomy වලට දැඩි තර්ජනයක් එල්ල වන බවත් telescopes භාවිතා කරන අයට eye damage සිදුවිය හැකි බවත් විද්‍යාඥයින් පවසයි. FCC ආයතනය මෙහි test satellite එක අනුමත කර ඇති අතර satellite brightness පාලනයට නිසි රෙගුලාසි නොමැති වීම විශාල ගැටළුවකි. Light pollution මගින් පරිසරයට ද හානි සිදුවේ. Night sky එක විනාශ නොකර renewable energy ලබාගැනීමට වෙනත් විකල්ප ඇති බව විශේෂඥ මතයයි.

  • Google Maps හි Ask Maps පහසුකම නව AI විශේෂාංග සමගින් Update වෙයි. Google Maps හි AI මගින් ක්‍රියාත්මක වන Ask Maps මෙවලම හරහා දැන් ඔබට ආහාර ඇණවුම් කිරීම, hotels සෙවීම සහ ඔබගේ සැලසුම් වලට ගැලපෙන යෝජනා ලබාගැනීම ආදිය ඉතා පහසුවෙන් සිදුකළ හැක. මෙම නව යාවත්කාලීනය හරහා ඔබගේ ගමන් මාර්ගයේ ඇති අවන්හල් වලින් ආහාර ඇණවුම් කළ හැකි අතර Square සහ Toast වැනි සේවාවන් මීට එක් කර ඇත. එසේම ඔබගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන hotels සහ events සෙවීමටත් පරිශීලකයින්ට හැකියාව ලැබේ. මෙහි හඳුන්වා දී ඇති Personal Intelligence විශේෂාංගය Gemini මගින් බලගැන්වෙන අතර එය ඔබගේ Gmail හා සම්බන්ධ වී වඩාත් පුද්ගලීකරණය වූ තොරතුරු ලබා දෙයි. මීට අමතරව බස් හෝ දුම්රිය වැනි ප්‍රවාහන සේවා වල සජීවී තොරතුරු ද Ask Maps හරහා දැන් ලබාගත හැක.

  • Mobile Number Portability (MNP) පහසුකම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නිවැරදි කිරීමයි. ඊයේ දින Number Portability සේවාව එළඹෙන සැප්තැම්බර් මාසයේදී මෙම සේවාව නිකුත් කරන බවට සටහන් කර ඇති පුවත සම්බන්ධවයි. නියෝජ්‍ය අමාත්‍යතුමන් පාර්ලිමේන්තුවේදී සඳහන් කර ඇත්තේ එළඹෙන සැප්තැම්බර් මාසයේදී MNP සේවාව නිකුත් වන බව නොව, මෙතෙක් පැවති ගැටලු නිරාකරණය කරගනිමින් මෙම පහසුකම ක්‍රියාත්මක කිරීම සඳහා TRCSL, අමාත්‍යාංශය සහ දුරකථන සේවා සපයන සමාගම් අතර සාකච්ඡා මේ වන විටත් පවත්වමින් පවතින බවයි. එහි නිවැරදි කරුණ වන්නේ; දුරකථන ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් සැප්තැම්බර් මස අග වන විටත් මේ සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණීමට අපොහොසත් වුවහොත්, ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ ප්‍රතිපාදන සහ බලපත්‍ර කොන්දේසි ප්‍රකාරව නියාමන නියෝගයක් නිකුත් කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පියවර ගන්නා බවයි. එහිදී සැප්තැම්බර් මස අග යනු අදාළ සමාගම් අතර එකඟතාවයකට පැමිණීම සඳහා ලබා දී ඇති කාලසීමාව මිස, සේවාව නිල වශයෙන් ආරම්භ කරන දිනය නොවන බව කාරුණිකව දැනුම් දෙමු. Ministry of Digital Economy

  • OpenAI විසින් ChatGPT free සහ Go පරිශීලකයින් සඳහා text chat සීමාව unlimited කරයි OpenAI සමාගම ලබන සතියේ සිට ChatGPT හි free සහ Go පරිශීලකයින් සඳහා තිබූ text chat සීමාවන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට තීරණය කර ඇත. නමුත් file uploads සහ images සඳහා සීමාවන් තවදුරටත් ක්‍රියාත්මක වේ. එසේම මෙම පරිශීලකයින්ගේ default AI model එක GPT-5.6 Luna ලෙස යාවත්කාලීන වන අතර සංකීර්ණ ගැටළු සඳහා Think button එකක්ද හඳුන්වා දෙනු ඇත. Plus සහ Pro පරිශීලකයින් සඳහා වන GPT-5.6 Sol මාදිලිය වඩාත් නිවැරදි තොරතුරු සහ කෙටි පිළිතුරු ලබා දෙන අයුරින් යාවත්කාලීන කර තිබේ. ඊට අමතරව ChatGPT ලබා දෙන පිළිතුරු වල ගැඹුර තීරණය කිරීම සඳහා නව slider එකක්ද ඔවුන්ට ලබා දී ඇත.

  • 2026 සැප්තැම්බර් 4 වනදා සිට Google Assistant යුගය අවසන් කරමින් ඒ වෙනුවට Gemini ලබාදීමට Google සමාගම පියවර ගනී. 2026 සැප්තැම්බර් 4 වනදා සිට Android ecosystem එක තුළ භාවිත වුණු Google Assistant ඉවත් කර, ඒ වෙනුවට සම්පූර්ණයෙන්ම Gemini ආදේශ කිරීමට Google සමාගම තීරණය කර තිබෙනවා. මේ වෙනස Phones, Tablets සහ Wear OS Smartwatches සඳහා ක්‍රියාත්මක වීමට නියමිතයි. මේ වෙනසත් එක්ක මින් ඉදිරියට නැවතත් Google Assistant භාවිතා කිරීමට නොහැකි අතර, ඔබගේ ප්‍රධාන Assistant විදියට ක්‍රියාත්මක වෙන්නේ Gemini යි. 'Hey Google' voice command එක සහ Power-button එක long-press කිරීම හරහා Gemini සක්‍රීය වන අතර, Android Auto සහ connected headphones සඳහාද මෙය අදාළ වෙනවා. කෙසේවෙතත්, Smart speakers, Smart displays, Google TV සහ Google built-in පහසුකම සහිත වාහන සඳහා මේ වෙනස දැනට බලපාන්නේ නැහැ. පරිශීලකයන්ට මීට හුරුවීම පහසු කිරීමට Google සමාගම එම උපාංග යාවත්කාලීන කිරීම තවදුරටත් කල් දමා තිබෙනවා..

  • Stripe සමාගම ඩොලර් බිලියන 10 ක ගනුදෙනුවක් හරහා OpenRouter ආයතනය මිලදී ගැනීමට සූදානම් වෙයි. Stripe සමාගම විසින් AI ආශ්‍රිත සේවා සපයන OpenRouter ආයතනය ඩොලර් බිලියන 10 කට පමණ මිලදී ගැනීමට සාකච්ඡා කරමින් සිටින බව The Wall Street Journal වාර්තා කරයි. 2023 දී ආරම්භ කළ OpenRouter හරහා developers ලාට විවිධ AI models අතර පහසුවෙන් මාරු වීමට සහ වියදම් පාලනයට අවස්ථාව සැලසේ. පසුගිය මැයි මාසයේදී එහි වටිනාකම ඩොලර් බිලියන 1.3 ක් විය. මෙය Stripe සමාගමේ payments processing ව්‍යාපාරයෙන් ඔබ්බට AI infrastructure ක්ෂේත්‍රයට කරන විශාල පිවිසුමක් වනු ඇත. මේ වන විටත් OpenRouter සිය ගනුදෙනු සඳහා Stripe භාවිතා කරයි. මීට පෙර Stripe සමාගම PayPal මිලදී ගැනීමට කළ ඩොලර් බිලියන 53 ක යෝජනාවද මෑතකදී ප්‍රතික්ෂේප විය.

  • සැප්තැම්බර් අග වන විට mobile number portability ක්‍රියාත්මක කිරීමට TRCSL සූදානම් වේ TRCSL විසින් සැප්තැම්බර් මස අග වන විට mobile number portability ක්‍රියාත්මක කිරීම සඳහා උපදෙස් නිකුත් කරන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය Eranga Weeraratne ප්‍රකාශ කළේය. මෙහිදී පාරිභෝගිකයින්ට තම දුරකථන අංකය වෙනස් නොකර service providers මාරු කිරීමට අවස්ථාව ලැබේ. ගැටළු මඟහරවා ගැනීම සඳහා fixed services වලට පෙර mobile අංශය සඳහා මෙය පළමුව ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් වේ. 2020 දී ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය සඳහා සියලුම telecom operators එක්ව Lanka Portability නම් ආයතනය පිහිටුවා ඇති අතර 2023 දී ඊට නීතිමය අවසරයද ලැබී තිබේ.

  • Agentic Commerce වලට නව පියවරක් තබමින් Cloudflare විසින් Cloudflare Wallets හඳුන්වා දෙයි. සාමාන්‍යයෙන් AI agents වලට නව APIs භාවිතා කිරීම අපහසු වන්නේ ඔවුන්ට ගෙවීම් කිරීමට නිසි ක්‍රමයක් සහ අනන්‍යතාවයක් නොමැති බැවිනි. මෙයට විසඳුමක් ලෙස Cloudflare විසින් අලුතින්ම Cloudflare Wallets හඳුන්වා දී ඇත. මෙහි Account Wallets පරිශීලකයින් සඳහා ද Virtual Wallets AI agents සඳහා ද නිර්මාණය කර තිබේ. පරිශීලකයින්ට තම agents සඳහා මුදල් සීමාවන් පැනවීමට මින් හැකියාව ලැබේ. එමෙන්ම cloudflare pay හරහා agents වලට අනන්‍යතාවයක් ලබා දෙන අතර මෙය x402 protocol හරහා micropayments සිදු කිරීමට සහ agentic commerce දියුණු කිරීමට විශාල පිටුවහලක් වනු ඇත.

  • Windows Task Manager App එකේ මුල් නිර්මාතෘ විසින් Apple macOS සඳහාද නව Task Manager එකක් නිර්මාණය කරයි. Windows Task Manager හි මුල් නිර්මාතෘ වන හිටපු Microsoft ඉංජිනේරු Dave Plummer විසින් Apple macOS සඳහාද එවැනිම මෘදුකාංගයක් නිර්මාණය කර තිබෙනවා. දැනට macOS හි ඇති Activity Monitor වලට වඩා වැඩි පහසුකම් රැසක් මෙමගින් ලබාදෙන අතර මෙය Swift භාෂාවෙන් නිර්මාණය කර තිබෙනවා. මෙහි Beta version එක App Store හරහා නොමිලේ ලබාදීමට සැලසුම් කළත්, Apple Sandbox නීති ඊට බාධාවක් වී තිබෙනවා. වෙනත් processes force quit කිරීමට අවසර නැති බැවින්, App Store එකෙන් පිටත වෙනත් මාර්ගයකින් මෙය නිකුත් කිරීමට නියමිත බව සඳහන් වෙනවා.

  • Google සමාගම විසින් නවතම Antigravity 2.0 සංස්කරණය හඳුන්වා දෙයි Google IO 2026 හිදී Google සමාගම විසින් ඔවුන්ගේ නවතම coding app එක වන Antigravity 2.0 හඳුන්වා දෙන ලදී. මෙයට නව desktop app, CLI tool සහ custom workflows සඳහා SDK එකක් ඇතුළත් වේ. නව desktop app එක හරහා agents කිහිපයක් එකවර මෙහෙයවීමට සහ background tasks ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇත. AI Studio, Android සහ Firebase සමඟ integrate කළ හැකි මෙය, නව Gemini 3.5 Flash model එක මගින් බලගන්වා ඇත. මෙයට voice command support ද ඇතුළත් කර ඇති අතර, developers ලා සඳහා අලුත් Antigravity CLI සහ SDK හඳුන්වා දී ඇත. Google Search තුළ real-time custom UI නිර්මාණය කිරීමටද මෙම තාක්ෂණය භාවිතා වේ. මීට අමතරව, ඩොලර් 100ක නව AI Ultra plan එකක් හඳුන්වා දී ඇති අතර, ඩොලර් 250ක් වූ ඉහළම AI Ultra plan එක ඩොලර් 200 දක්වා අඩු කර ඇත.

Techie Instants⚡ — tgindex