tgindex
🇱🇰 Group Help | GH SI

🇱🇰 Group Help | GH SI

Статистика

🤖 @GroupHelpBot 👥 @iGroupHelp

Последний пост
28 янв. 2025 г.
Последнее чтение
15 авг.
Постов за неделю
0
Всего постов
7
Тип
открытый
Язык
si
В каталоге с
15 авг.
Подписчики
5 153
−4 за сутки
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
126 тыс
6 постов
Вовлечённость
2440,4%
к подписчикам
Постов в день
0,0
всего 7
Упоминаний
2
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
1/48двое суток
1/72трое суток

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 28 янв. 2025 г.89,3 тыс22

    ⁣⁣🆕 https://t.me/enGroupHelp/27 👈

  • 8 янв. 2024 г.173 тыс36

    ⁣⁣🆕 https://t.me/enGroupHelp/26 👈

  • ⁣#update 📨 Forward කිරීම අවහිර කිරීමේ විශේෂාංගය වැඩි දියුණු කිරීම නාලිකා (දැනටමත් පවතින) වෙතින් forward කිරීමට අමතරව සමූහය තුළ පරිශීලකයින් හෝ බොට් විසින් forward කරන ලද පණිවිඩ යවන අයට වෙනම දඬුවමක් ක්‍රියාත්මක කිරීමට දැන් හැකියාව ඇත. එය සැම විටම සැකසීම් > අනවශ්‍ය පණිවිඩ > ෆෝර්වඩ් කිරීම් හරහා සැකසිය හැක. 🎬 නව මාධ්‍ය අවහිර කිරීම් ඔබට දැන් පහත මාධ්‍ය අවහිර කළ හැක: • Spoiler අඩංගු පණිවිඩ • චීන අක්ෂර අඩංගු පණිවිඩ • customize කරන ලද ඉමෝජි 🛡 අඩංගු පණිවිඩ 🙊 තහනම් වචන • ඔබට හිස්තැන් හැර, ඕනෑම අක්ෂර එකක් හෝ වැඩි ගණනක් පෙන්නුම් කරන (*) Wildcard අක්ෂරය භාවිතා කළ හැක. උදාහරණ: ඔබ g(*)help ලෙස සකසා ඇත්නම්, බොට්වරයා විසින් එය group help යන්න තහනම් වචනය ලෙස හඳුනා ගන්නා අතර, නමුත් එය group help ලෙස නොවේ. • ද්විත්ව උපුටා දැක්වීම් (උදාහරණ: "good morning"), භාවිතා කරන විට, පරිශීලකයාගේ පණිවිඩයේ එම ප්‍රකාශනය හරියටම අඩංගු වන්නේ නම් පමණක් දඩුවම ක්‍රියාත්මක කරයි. • && භාවිතා කරමින් එවන ලද පණිවිඩවල, එම සියලුම වචන නිශ්චිතව අඩංගු වන්නේ නම් පමණක් දඩුවම ක්‍රියාත්මක වේ. නමුත් නිශ්චිතව අමුණා ඇතත්, නිශ්චිත පිලිවෙලට නොතිබුණත් දඩුවම සුපුරුදු පරිදි ක්‍රියාත්මක වේ. චන 2කට වඩා භාවිතා කළ හැක. උදාහරණ: ඔබ chips && pizza ලෙස සකසන්නේ නම්, බොට්වරයා මෙම පණිවිඩය තහනම් ලෙස හඳුනා ගනී: I like pizza with chips 🧭 උපලේඛනගත මකාදැමීම ස්වයංක්‍රීය දඬුවම් පණිවිඩ (antispam, antiflood...) සහ අත්යුරු අයුරින් කරන දඬුවම් පණිවිඩ (තහනම් කිරීම, නිශ්ශබ්ද කිරීම, අනතුරු ඇඟවීම...) කාලෝචිත ලෙස මැකීමට (හෝ කිසිසේත් සමූහයට නොයැවීමට) හැකිවන පරිදි, දැන් වෙන වෙනම තෝරාගත හැක. 🗂 මාතෘකාව බොට් විසින් විධානයකට සම්බන්ධ නොවන පණිවිඩ යවන්නේ කුමන මාතෘකාවෙහිද යන්න තේරීමට හැකියාව ලබා දෙන නව මෙනුවක් සැකසීම් තුළ නිර්මාණය කර ඇත.(උදාහරණයක් ලෙස night mode පණිවිඩ). එය සැකසීම් > වෙනත් > මාතෘකා තුළ සොයා ගත හැක. 📁 වෙනත් පුවත් • ටැගය ඕනෑම bot පණිවිඩයකට එක් කළ හැක, පරිශීලකයන් එම නිශ්චිත පණිවිඩය සමූහයෙන් පිටත යැවීමෙන් වලක්වනු ඇත. • 10k ට වැඩි සාමාජිකයින් සිටින කණ්ඩායම් තුළ, bot නිවැරදිව ක්‍රියා කිරීමට නම්, @GHSecurityBot කණ්ඩායම් පරිපාලක ලෙස සිටීම අත්‍යවශ්‍ය බව අපි ඔබට මතක් කර සිටින්නෙමු.

  • ⁣#update #7November සුභ සන්ධ්‍යාවක් සියලු දෙනාටම, අද අපි නවතම ටෙලිග්‍රාම් යාවත්කාලීනයට සම්බන්ධ බොට් හි නව යාවත්කාලීනයක් නිකුත් කරමු. , වෙනත් පුවත් සමග ද. පණිවිඩය පළමු අදහස ලෙස සාකච්ඡා කණ්ඩායම් සඳහා (නාලිකාවකට සම්බන්ධ), එක් එක් නාලිකා පළ කිරීම්වල පළමු අදහස ලෙස යවනු ලබන පණිවිඩයක් සැකසීමට දැන් හැකිය: සැකසීම් ➜ වෙනත් ➜ සාකච්ඡා කණ්ඩායම ➜ පළමු අදහස 🗂 මාතෘකා සහිත සංසද කණ්ඩායම් මාතෘකා ක්‍රියාත්මක වන කණ්ඩායම් තුළ බොට් නිවැරදිව ක්‍රියා කරයි. විශේෂයෙන්ම: • සමූහයේ සියලුම මාතෘකා වල බොට් සිටුවම් සමාන වේ • විධාන දියත් කරන මාතෘකාවේම බොට් පිළිතුරු දෙයි • බොට් දඬුවම් පණිවිඩ යවන්නේ ඒවා ක්‍රියාත්මක වන මාතෘකාවෙන්ම ය • පරිපාලකයින් (සහ අතථ්‍ය භූමිකාවන්ද) සියලු මාතෘකා තුළ සමාන වේ • මාතෘකාවක් තුළ ලබා දී ඇති ඕනෑම දඬුවමක් කණ්ඩායමට සහ එම නිසා අනෙකුත් මාතෘකා සඳහා ද අදාළ වේ 🕑 මාතෘකා තුළ පුනරාවර්තන පණිවිඩ සෑම පුනරාවර්තන පණිවිඩයක් සඳහාම එය යැවිය යුතු මාතෘකාව තෝරාගත හැක: සැකසීම් ➜ වෙනත් ➜ පුනරාවර්තන පණිවිඩ ➜ පණිවුඩවලින් එකක් තෝරන්න ➜ පණිවිඩය අභිරුචිකරණය කරන්න ➜ මාතෘකාවක් තෝරන්න 💬 මාතෘකා තුළ පිළිගැනීමේ පණිවිඩය ඔබට සියලු පිළිගැනීමේ පණිවිඩ යැවිය යුතු මාතෘකාව තෝරාගත හැක: සැකසීම් ➜ සාදරයෙන් පිළිගනිමු ➜ පණිවිඩය අභිරුචිකරණය කරන්න ➜ මාතෘකාවක් තෝරන්න 🧠 මාතෘකා තුළ කැප්චා ඔබට Captcha හි සියලුම පණිවිඩ යැවිය යුතු මාතෘකාව තෝරාගත හැක: සැකසීම් ➜ Captcha ➜ පණිවිඩය අභිරුචිකරණය කරන්න ➜ මාතෘකාවක් තෝරන්න 🗯 මාතෘකා තුළ සේවා පණිවිඩ ඔබට දැන් "මාතෘකාව වසා දැමූ" සහ "මාතෘකාව නැවත විවෘත කරන ලද" සේවා පණිවිඩ මැකීමට තෝරාගත හැක. සැකසීම් ➜ පණිවිඩ මකා දැමීම ➜ සේවා පණිවිඩ ඉක්මනින් අනාගතයේදී මෙම දේවල්වලින් සමහරක් වෙනස් විය හැකි අතර ටෙලිග්‍රාම් වර්ධනයන් මත පදනම්ව අනෙකුත් මාතෘකා ආශ්‍රිත කාර්යයන් එකතු කරනු ඇත.

  • 23 дек. 2021 г.101 тыс31

    ⁣#update #23december සුභ සන්ධ්‍යාවක් සැමට, අද අපි නවතම ටෙලිග්‍රෑම් යාවත්කාලීනයට සෘජුව සම්බන්ධ වූ අනෙකුත් විශේෂාංග ඇතුළත් 2021 නවතම යාවත්කාලීනය නිකුත් කරන්නෙමු. 🔗 අනුමැතිය සහිත සබැඳිය සති කිහිපයකට පෙර, ටෙලිග්‍රෑම් සමූහවලට සම්බන්ධ වීමට පරිපාලකයින්ගේ අනුමැතිය අවශ්‍ය සමූහ සබැඳි සෑදීමේ හැකියාව ලබා දෙන ලදී. අපි ඔබට මෙම අනුමැතීන් කළමනාකරණය කිරීමට බොට් වෙත හැකියාව ලැබෙන අතර, සැකසීම් ➜ අනුමත කිරීම් තුළ ඇති නව අංගයක් නිර්මාණය කර ඇත. එම මෙනුවේ සෑම දෙයක්ම විස්තරාත්මකව විස්තර කර ඇති අතර, මූලික වශයෙන් මෙහි අඩංගු වන්නේ: • පරිශීලකයා සමූහයට සම්බන්ධ වීමට පෙර සත්‍යාපනය පුද්ගලිකව විසඳිය යුතුය. • පරිශීලකයින් සම්බන්ධ වීමට පෙර ඔවුන් පිළිබඳ පරීක්ෂා කිරීම. • පිළිගැනීමේ පණිවිඩය සමූහය තුළ වෙනුවට පුද්ගලිකව යැවීම. 🧠 නව සත්‍යාපන අපි නව සත්‍යාපන වර්ග 3ක් නිර්මාණය කර ඇත, ඒවා විශේෂයෙන් අනුමත කිරීම් විශේෂාංගය සමඟ භාවිතා කරන විට සිත්ගන්නා සුළු වේ: • නීති: කණ්ඩායම් නීති පරිශීලකයාට පෙන්වන අතර එය පිළිගන්නවාද නැද්ද යන්න තීරණය කළ හැක. • ගණිතමය: සරල ගණිතමය මෙහෙයුමක් පරිශීලකයා වෙත යවනු ලබන අතර පරිශීලකයා නිවැරදි පිළිතුර තෝරාගත යුතුය. • ප්‍රශ්නාවලිය: පරිශීලකයාගෙන් ඔබ කැමති ප්‍රශ්නයක් අසනු ලබන අතර පරිශීලකයා නිවැරදි පිළිතුර තෝරාගත යුතුය. 😶‍🌫️ නාලිකාවන් මෙන් වෙස්වලාගත් පරිශීලකයින් 2.0 • ඔබ නාලිකාව හරහා පණිවිඩ යැවීමේ හැකියාව සම්පූර්ණයෙන්ම අවහිර කිරීමට ඇති විශේෂාංගය සක්‍රිය නොකරන්නේ නම් (අපගේ පෙර යාවත්කාලීනයේ එකතු කරන ලද), බොට් විසින් නාලිකාවක් මෙන් හැසිරෙන පරිශීලකයින්ගේ පණිවිඩ සදහා සාමාන්‍ය පරීක්ෂාවන් (antispam, antiflood, වචන තහනම්, ආදිය...) සිදු කරනු ඇත. දඬුවම බලපාන්නේ පරිශීලකයා පණිවිඩය යොමු කරන නාලිකාවට (සහ ඔහුගේ අනෙකුත් නාලිකා) පමණක් බව මතක තබා ගන්න, පරිශීලකයාට නොවේ. • දැන් බොට් වෙත ඔබේ ඇති භූමිකාවන් නාලිකාවකට ලෙස ලියන විටද පැවරිය හැකිය: උපපරිපාලක, පිරිසිදු කරන්නා, නිශ්ශබ්ද කරන්නා, සහායක: නාලිකාවක් උපපරිපාලකයෙකු ලෙස සකසා ඇත්නම්, නාලිකා හිමිකරුට (නාලිකාව හරහා ලිවීම) උපපරිපාලක වරයෙකුගේ සාමාන්‍ය විධාන (තහනම් කිරීම, කික් කිරීම, නිශ්ශබ්ද කිරීම, ආදිය...) ක්‍රියාත්මක කල හැකිය. • multiban, multikick, multimute, etc... විධාන දැන් නාලිකාවලට ද දඬුවම් කිරීමට හැකියාව ඇත. 📁 වෙනත් පුවත් • ඔබට සැකසීම් ➜ පණිවිඩ මකා දැමීම ➜ මොහොතකට පසු මකාදැමීම වෙතින් සමූහයේ නීති මොහොතකට පසු මකාදැමීමට හැකි වන ලෙස සක්‍රිය කළ හැක. • පින් කළ පණිවිඩ ස්වයං-විනාශකාරී පණිවිඩ මගින් මකා නොදමනු ඇත. • සමූහයට සම්බන්ධ වීමට පරිශීලකයා භාවිතා කරන සබැඳියේ නම ලොග් නාලිකාවේ දිස්වේ (ghsecuritybot භාවිතා කරන්නේ නම්). • අනුමත කිරීම් බොට් විසින් හසුරුවන්නේ නැතිනම්, ලොග් නාලිකාව තුල පරිශීලකයෙකු අනුමත කර ඇත්තේ කවුරුන්ද යන්න පෙන්වයි. (ghsecuritybot භාවිතා කරන්නේ නම්). • /link විධානය (පරිපාලකයින් සඳහා) සැලකිය යුතු ලෙස වැඩිදියුණු කර ඇති අතර දැන් ඔබට අනුමැතිය සහිතව සබැඳි සෑදීමටද ඉඩ සලසයි. මින් ඉදිරියට නිර්මාණය කරන සබැදිය සදහා නමක් ලබා දීමටද හැකියාව ලැබේ. උදාහරණය: /link 2h 10i link name (සබැඳිය උපරිම වශයෙන් 10 දෙනෙක් සමග පැය 2ක් පවතී) එළඹෙන නත්තල් සහ සුබ අලුත් අවුරුදු නිවාඩුව සඳහා ඔබට සුබ පතන්නට ද අපි මෙය අවස්ථාවක් කර ගනිමු!

  • 16 дек. 2021 г.55,1 тыс17

    ⁣#update #8December­­­­­­­­­­­ සුභ සන්ධ්‍යාවක් සැමට, නවතම ටෙලිග්‍රාම් යාවත්කාලීනයට සෘජුවම සම්බන්ධ වූ විශේෂාංගවලට අමතරව,මෑත සතිවල අප විසින් හඳුන්වා දුන් වෙනත් විශේෂාංගද අඩංගු කර නවතම යාවත්කාලීනය අප විසින් නිකුත් කරන ලදී.⁣ 😶‍🌫️ නාලිකාවන් මෙන් වෙස්වලාගත් පරිශීලකයින් නව යාවත්කාලීනය සමඟින්, ටෙලිග්‍රෑම් සෑම පරිශීලකයෙකුටම නාලිකාවක් මෙන් වෙස්වලාගනිමින් නාලිකාවේ හිමිකරුවන්ට සමූහවල සංවාදයේ යෙදීමට හැකියාව ලැබේ. මෙම ක්‍රියාව අයාචිත සහ අන් අයගේ කණ්ඩායම් තුළ වෙනත් හානි පැමිණීවමට හේතුවක් වනු ඇත. මෙම හේතුව නිසා අපි නව මෙනුවක් නිර්මාණය කර ඇති අතර එමඟින් පරිශීලකයින්ට නාලිකා මෙන් හැසිරෙමින් සමූහවල කටයුතු කිරීම වැළැක්විය හැකි අතර, ඔවුන්ගේ ගිණුමෙන් පමණක් කෙලින්ම පණිවිඩ යැවීමට ඔවුන්ට නිදහස තිබේ. එයට ප්‍රවේශ වීම සඳහා සමූහය තුළ /config ලෙස පල කර, "වෙස්වලාගත් පරිශීලකයින්" යන්න තෝරන්න. එය තුල සියල්ල විස්තරාත්මකව විස්තර කර ඇත. 👉🏻 දැනට, ඔබගේ සමූහය ආරක්ෂිතව තබා ගැනීමට, "තහනම්" විකල්පය තෝරා, පණිවිඩ මැකීම සක්‍රිය කරන ලෙස අපි නිර්දේශ කරමු. ඇත්ත වශයෙන්ම, නව අනාගත යාවත්කාලීන කිරීම් තෙක්, නාලිකාවක් හරහා යවන ලද පණිවිඩ බොට් විසින් නොසලකා හරිනු ලබන අතර, එබැවින් පෙර පැවති පරීක්ෂා කිරීම් සහ දඩුවම් (antispam, antiflood, ආදිය) ක්‍රියාත්මක නොවේ. කෙසේ නමුත්, පෙර පැවති විධාන වන /ban සහ /unban භාවිතයෙන් නාලිකා අත්යුරු ලෙස තහනම් කිරීමට සහ තහනම් ඉවත් කිරීමට හැකිය. 🤫 නිහඬ විධාන පරිශීලකයින්ට අත්යුරුව දඬුවම් කිරීම සඳහා අපි සාමාන්‍ය විධානවල "නිහඬ" අනුවාදයක් නිර්මාණය ඇත: • /sban, /sunban • /skick • /smute, /sunmute • /swarn, /sunwarn එය සුපුරුදු ක්‍රියාවම සිදු කරන නමුත්, සමූහ තුළ සාමාන්‍ය පණිවිඩය යැවීම වෙනුවට, විධානය දියත් කරන පරිශීලකයාට බොට්වරයාගේ පෞද්ගලික සංවාදය ඔස්සේ දඩුවම් පණිවිඩය යවනු ලබයි. 🆕 සමූහයකට පිළිගැනීම සහ නීති රීති සමූහ නීති සැකසීම සඳහා වන මෙනුව සම්පූර්ණයෙන්ම නැවත සකස් කර ඇති අතර දැන් ඔබට පණිවිඩය සරල ආකාරයකින් සැකසීමට ඉඩ සලසයි. එසේම නීති තුළ මාධ්‍යක් අඩංගු කිරීමටද දැන් හැකියාව ලැබේ. පිළිගැනීමේ පණිවිඩය සැකසීමේ මෙනුව ද එලෙසම නැවත සකස් කර ඇත. සමූහයකින් /backup නිර්මාණය කරගන්නා විට, අනෙකුත් සැකසුම් නොසලකා පිළිගැනීම සහ / හෝ රෙගුලාසි ඇතුලත් කළ යුතුද යන්න තෝරා ගත හැකි නිසා,අදාල සමූහය තුළ බැකප් එක නැවත නැවත සම්පූර්ණයෙන්ම ඇතුල් නොකිරීමට වග බලාගන්න. 💥 ස්වයං විනාශකාරී පණිවිඩ 2.0 ටෙලිග්‍රෑම් විසින් සමූහවල පණිවිඩ ස්වයං විනාශ කිරීමේ හැකියාව මීට කලකට පෙර හඳුන්වා දී ඇත, එබැවින් අපි මෙම කාර්යය වැඩි දියුණු කර එය PRO සමූහවලට පමණක් භාවිතා කළ හැකි බවට පත් කිරීමට තීරණය කළෙමු. මෙතැන් සිට එහි මෙම හැකියාවන් ලැබේ: • බොට් විසින් මකා දැමිය යුතු පණිවිඩ වර්ගය තේරීමට (අකුරු, ඡායාරූප/වීඩියෝ, ස්ටිකර්/gif...) • පණිවිඩ මකා දැමිය යුතු පරිශීලකයින් තෝරා ගැනීමේ හැකියාව (භූමිකාව මත පදනම්ව) 🔤 තහනම් වචන 2: නම පරීක්ෂා කිරීම ULTRAPRO සමූහ සඳහා, තහනම් වචනවල දෙවන ලැයිස්තුව තුළ, පණිවිඩය යවන පරිශීලකයාගේ (නම, අවසන් නම, පරිශීලක නාමය) දත්තවල මෙන්ම පණිවිඩයේම මෙම වචන තිබේදැයි පරීක්ෂා කිරීම සක්‍රිය කළ හැකිය. සාමාන්‍ය දඬුවමක් සහ / හෝ පණිවිඩය මකාදැමීම සක්‍රීය කල හැකිය. 📁 වෙනත් පුවත් • අනවශ්‍ය පණිවිඩ විශේෂාංගය සඳහා "අතවශ්‍ය දෑ" සකසන විට, පාලනය වඩාත් ආරක්‍ෂිත සහ ක්‍රියාකාරී කිරීමට, ඔබට වයිට් ලිස්ට් කිරීමට අවශ්‍ය නාලිකාවකින් පණිවිඩයක් ෆෝවර්ඩ් කිරීමට දැන් හැකියාව ඇත. • අපි නව ටෙලිග්‍රාම් යාවත්කාලීනය මඟින් කළ හැකි නව විශේෂාංග සංවර්ධනය කිරීම දිගටම කරගෙන යන්නෙමු: ඉදිරි සතිවලදී තවත් යාවත්කාලීනයන් පැමිණෙනු ඇත.

  • Channel created