tgindex
සන්දගී...🎀🕊

සන්දගී...🎀🕊

Статистика

ජීවිතය විදින්න....❤️ තමන්ව විශ්වාස කරන්න....💜 කවදාවත් උත්සාහය අතාරින්න එප...✋

Последний пост
9 авг.
Последнее чтение
13 авг.
Постов за неделю
0
Всего постов
20
Тип
открытый
Язык
si
В каталоге с
13 авг.
Подписчики
286
0 за 1 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
484
20 постов
Вовлечённость
169,2%
к подписчикам
Постов в день
0,0
всего 20
Упоминаний
2
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
54
1/48двое суток
61
1/72трое суток
66

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • ලමයි...... ඔයාලට මේ කවි කියවන කොට ලස්සන වැඩි කරගන්න විදිහක් කියන්නද.....🌚 ඔයාලා මේව කියවද්දි පද කඩලා තියෙන තැන් වලින් කඩ කඩ කියවන්න....😌 එතකොට තමයි ඒ කවියේ හරිම රහ හරිම තේරුම ඔයාලට තේරෙන්නෙ❤️

  • හිතේ තියෙන ටොන් ගානක දුක ග්‍රෑම් ගානකට අඩු කර මගෙ හැම කවියකම කොනකට අමුණනවා මම! වෙනකෙකුගේ වුවත් නිමිත්ත කොහේ හරි ඇති මගෙත් හදවතේ කෑමොරය! පොඩි ගැටිත්තක් උඩට දැක්කට නුඹ හිතනවද හිතවත ඒකයි හරි ගාන? නෑ! මේ පාර නම් වැරදී නුඹ!, නුඹ නොදැක්ක ඒ ටොන් ගාන තියෙනවා තව අඩි ගානක් යනකන්ම! දැනගන්න, මගේ කවි වැඩි හරියක් ලිය වෙන්නෙම මං දුකෙන් ඉන්න කොට!❤️‍🩹 Sandagi❀♡࿐ #Sandagi

  • මගේ කවිවල හුඟක් තැන්වල කියවුනත් නුඹේ ගැන හැමවිට සමහරවිටෙක නුබ දන්නෙවත් නැතිවැතී මගේ ඒ කවි ලීවේ නුබට වග! කව්ද කියන්නේ ඒ හැම කවියම නුඹ කියවිය යුතුම බව කවුරුවත් කරලා නැති නිසා අනිවාර්ය! ඒත් හිතවත, දන්නවද නුඹ මේ ගැන මගේ හිත හිතන්නෙම නුබ කියවාවි කියා මගේ ඒ හැම කවි පදයම!!!❤️‍🩹🙂 Sandagi❀♡࿐ #Sandagi

  • බොහොමයක් කටුක අවස්තා මා පසු කර ආවද සුසුම් සිර කරවන තත්පර අදටත් මට මුණ ගැසීම බොහෝ සුලබය! මුලු හදවතම කැප කල මගේ කුලුඳුල් ප්‍රේමයට විරහව කා වැද්දුවද, ඉඳහිට ඔච්චම් කිරීමද පුරුද්දට ගිහින් දෛවයට! ගිනි ගත් හදවතක් නිවන්නට එක බැල්මක් දිය පොදක් වන බව අසා තිබුණද නුඹ හමුවන තුරුම මට එය කවටකමක් විය! නමුත් සොඳුර, දැන් මා ගිනි ගන්නා තත්පරවල මා නිවැරදි නොවන බව මටම පසක් වනු ඇත! මිලි තත්පරයකින් වුව මදෙස බලන ඒ බැල්මට කෙතරම් මා නිවෙනවාද යන්න සිතාගැනීමට මටද නොහැකිය! ඉතින් ආදරණීය හිතවත, නුබේ ඒ මිලිතත්පර බැල්මට, අනන්තයටත් එහාට ආදරෙයි මම!🌷 Sandagi❀♡࿐ #Sandagi

  • මිනිස්සු ජීවිතේ ආසාවෙන් හිටිය දෙයක් ලැබුනම කොහොමද කියන ප්‍රශ්නේ මගෙන් අහන්න එපා ශානූ!, එයා ඉස්සරහදි දිලිසෙන මගෙ ඇස් දැක්කම ඔයාට වුනත් නිකන්ම හිතෙයි ඒ හැඟීම කොයි තරං ලස්සනද කියලා! ඔව් ශානු, මන් කිව්වා වගේම අනිත් කෙනා බාර ගත්තත් නැතත් මනුස්සයෙක් ඉර හඳ ගෙනත් දෙන තරමේ ආදරයක් කරන්නේ ඒ මනුස්සයගේ ජීවිතේටම එකම එකපාරයි! එතනින් එහාට සුරංගනා ලෝකෙන් ආවත් ඒ මනුස්සයට දැනෙන්නෑ!, අඩුම තරමේ බලන්නවත් හිතෙන්නෑ! ඒ තරමට තමන්ට දැනුන හිතට හරි ආදරෙයි!; ලෝබයි!❤️ ඔව් ශානු ඔව් ඒ හිතට මං හරි ලෝබයි!✨ Sandagi❀♡࿐ #Sandagi

  • ඉර හඳ ගෙනත් දුන්නත් සමහර හිත්වලට මදි හේතු හොයනවා ඇවිලෙන්න! ඒකට අපේ එක්කෙනාට!, මන් හිනා වුනත් ඇති මාස ගානකටම නිවෙන්න!❤️‍🩹 Sandagi❀♡࿐ #Sandagi

  • ප්‍රේමය යනු, හුදු රැකවරණයක් පැතීම හා අවදානයක් අපේක්ෂා කිරීමම නොව මුලු ආත්මයන්ගෙන්ම බැඳෙන්නා වූ උන්මත්තකයන් දෙදෙනෙකුගේ බැඳීමක් බව එක්තරා ප්‍රේමනීය හදවතක් විසින් මා හට තේරුම් කර දුණි!🌷 Sandagi❀♡࿐ #Sandagi

  • ඒක, කාලෙකට කලින් මගේ වෙයි කියලා හරි ආසාවෙන් මන් බලන් ඉදිය ඇස් දෙකක්! අද මගේ එහෑපැත්තේ ඉදන් මන් දිහාම හරි ආදරෙන් බලනවා! ඒක, මොන විදිහේ බාදක ආවත් මාව අත් නොඇරපු අත් දෙකක්! අද මගේ ලගින් ඉදන් මගේ අත් දෙකම අල්ලන් ඉන්නවා! ඒක, පොඩ්ඩක් මුරණ්ඩු වුනත් වැඩි වෙලාවක් ආදරේ හංගන් ඉන්න බැරි හදවතක්! අද මටම විතරක් ආදරේ කරනවා! එයා, ඒ දවස්වල මට හීනයක් කියලා හිතුනු කෙනෙක්! දැන් මගේ වෙලා මගේ ලඟම ඉන්නවා! දෙවියනේ කාලය කරපු හරියක්! ඒදා වගේම අදටත් වෙනස් නොවුන එකම දේ එයාගෙයි මගෙයි මේ ආදරේ! මං මේ ලෝකේ ඉන්න වාසනාවන්තම මනුස්සයා කියලා ඔප්පු කරපු හරි ලස්සන කෙනෙක් එයා!😩💗 ඉතින් මගෙ ළමයෝ, මන් හරි ආදරෙයි!❤️ Sandagi❀♡࿐ #Sandagi

  • හම්මේ ළමයි.... මෙකෙ තාමත් සන්දගී කියලා කෙනෙක් හිටිය කියලා මතකවත් අය ඉන්නවද....?😓

  • හිතට දුකක් දැනුනම ගැලරියට දුවන්න එකම එක ෆොටෝ එකක් දිහා බලන් වරු ගානක් අඩන්න පැත්තක ඉන්න ටෙඩියෙක් අරන් ඌ පැනලා දුවයි වගේ එච්චර තදට බදාගන්න තනියම කතා කරන්න හිනා වෙන්න කේන්තිගන්න කෑගහන්න ඒ තරමටම එයාව හිතට වැදිලද? ඉඳින් හිතවතුනි, මේ ප්‍රේමය මෙතරම්ම සිහිවිකල්ද!?🙂❤️‍🩹🥀 සන්දගී....🎀🕊

  • මේ සිසිරය ඉතාමත් කටුකය! හදවත රිදුම් නොදෙනා වෙලාවක් නැති තරම්ය! නුඹේ උණුහුම ඕනාවටත් වඩා උවමනා තත්පර ගෙවෙන්නේ හෝරාවන් මෙන් ය! නැවත කවදා හමුවේවිද යැයි දන්නේ දෙවියන්ම පමණය! බාදක පිට බාදක පැමිණියත් ගංගාව නොනැවතෙන බව හැබෑවය! එයින් එහි සුන්දරබව තවත් වැඩි වන බවද හැබෑවය! නමුත් අපේ ජීවිත කෙලෙස හැඩ වේවිද හැඩි වේවිදැයි නොදන්නේය! කෙසේ වෙතත් මේ හිත නුඹ වෙනුවෙන් ලියවුනේ සදහටමය!❤️‍🩹 සන්දගී....🎀🕊

  • පාරේ ඇවිදන් යද්දි හැම විට දකින දකිනා හැම කැලෑ පඳුරකම දකින එක එක මලක් ගානෙම ඔබේ මුව මට මැවී පේනෙක පුරුද්දට ගොස් වගෙයි දැන් මට හරිම කරදරේ මලක් දැක්කම දන්නවද ඔයා හරියට මේ ගැන ඔයා තමයි මගේ පුංචි කැලෑ මල! ඉතිනේ ළමයෝ මේ මල් පොකුරම ඔයාට!🤭💐 සන්දගී....🎀🕊

  • 2 апр. 2025 г.877151из Sandagi_S

    හිතක් රිදුණු තරමට දැනෙන ප්‍රේමය ප්‍රබලයි! එක හිතක් වෙනුවෙන් නැහුණු හදවතකට ඒ හිත සින්නක්කරේටම ලැබුණු දවසට දැනෙන හැඟීම අහසක් තරම් බරයි! ශානූ......, එහෙව් හිතක් ඇතුලේ තෙරපෙන ප්‍රේමය අනන්තෙටත් එහාට යනකං දිගයි! ඒ ප්‍රේමයට අයිතිවාසිකමක් කියන්න බැරි වුණොත් ඒ හිත නිහඬ වෙන්නේ සදහටමයි! මොකද, මනුස්සයෙක් ඉර හඳ වුණත් ගෙනත් දෙන තරමේ ආදරයක් කරන්නේ එකම එකපාරයි!❤️‍🩹 සන්දගී....🎀🕊

  • ජීවිතේ හමුවන සමහරක් බැඳීම් නිර්වචනයකින් විස්තර කළ නොහැක! වචනවලට පමණක්ම සීමා වූ ඇතැම් හුදු හැඳුනුම්කම් අබිබවා ප්‍රේමය නැමැති මහා සාගරය තරණය කරන්නේ වචනවල අර්ථයට එහා ගිය යමක් කරන්නා වූවන්ම පමණි! එපමණකුදු නොව ප්‍රේමය නමින් බොහෝ අය හමු වූවද හදවතේ ගැඹුරුම තැන ස්පර්ශ කරන්නා වූ ඒ ආත්මය සෑම අයෙකුටම මුණගැසෙන්නේ ජීවිතයේ එක් වරක්ම පමණි! ඉදින් හිතවතුනි, ඒ ආත්මය අභිමුවදී, ප්‍රේමයේ නාමයෙන් රකින්න! රැකෙන්න! සන්දගී....🎀🕊

  • https://t.me/sandagi_chat අලුත් ගෘප් එකට ඇඩ් වෙන්න ළමයි.....😚💗

  • ගිනි ගත් හදවත තුළ කැකෑරෙන වේදනාව කේන්තියක වේශයකින් එළිබැස්සූ විටෙක සියල්ලන් දකින්නේ කේන්තියම පමණක් මිස ඔවුන් වෙනුවෙන් අප හදවත කෙතරම් වදවනවාද යන්න ඔවුන් නොදනී!🙂❤️‍🩹 සන්දගී....🎀🕊

  • 17 мар. 2025 г.6662из MandaramAhasa

    එයාගෙ birthday එක ලගයිද? ලගදි එයාව බලන්න යන්න හිතන් ඉන්නවද? එයාව සතුටු කරන්න වෙනස් විදියක් හිතනවද? එහෙනම් එන්න Glamora එකට...🎁✨ 📞 Contact us via whatsapp - 0776621236 ඔබේ ආදරණීයයන් වෙනුවෙන් ලස්සන තෑග්ගක්..😍 Glamora වෙතින් වටිනා gift box එකක් ඔබට අවශ්‍ය පරිදි customize කරගන්න 🌝💗 ඔබගේ ඇණවුම අදම බාරදෙන්න.. 📌💌Order now... Whatsapp - 0776621236📥 https://www.tiktok.com/@glamora_gifts?_t=ZS-8ujXqOyzzqZ&_r=1 Follow Like & Share ❤️

  • ඔයාගේ ජීවිතේ මම වටිනම කෙනෙක් කියලා කෙලින්ම කියලා නැති වුනත් ඔයා ඒක හරි ලස්සනට දැනෙන්න දීලා තියෙනවා... උපන්දිනේ දවසට හරියටම 12ට කාටත් කලින් හරිම ආදරණීය සුබපැතුමක් මට එවලා තියෙනවා... මගේ අතින් අල්ලන් මන් වෙනුවෙන් ඕනම දේකට හැමදාටම ඉන්නව කියලා හරි ආදරෙන් කියලා තියෙනවා... මගේ පපුවට හරි ආදරෙන් තුරුල් වෙලා තියෙනව... මගෙන් මැසේජ් එකක් එනකම් පැය ගානක් බලන් ඉඳලා තියෙනවා... මාව හම්බෙන්න ඕනකමට නැති හේතුත් හදන් මාව බලන්න එනවා... කොටින්ම කිව්වොත් ඒ හැමදේකින්ම ඔයා මට කොච්චර ආදරේද කියලා මට දැනෙනව.... මගේ ළමයෝ, වෙලාවකට ඔයා නිසා මං කොච්චර වාසනාවන්තද කියලා හිතිලා මටම ඇඩෙනවා... මං හරි ආදරෙයි!💗🥺🌍 සන්දගී....🎀🕊 Request

  • හැමතිස්සෙම කතා කරන මිනිස්සු අස්සේ කවදාවත් කිසිම කෙනෙක්ට නොකියපු දෙබස් නෑ නෙවෙයි තියෙනවා! ඒවා එයාලටවත් දරාගන්න බැරි හරි සංවේදී දෙබස්! කෙනෙක්ට කියන්නත් බැරි කෙනෙක්ට අහන් ඉන්නත් බැරි!🙂❤️‍🩹🥀 සන්දගී....🎀🕊

  • ළමයෝ......., සමහර විට මං මේ ලියන්නේ ඔයාට!🍃🕊🤍 Channel - @roa_love Group - @Sandagi_ROA Owner -   @Sandagi_S Join Us ♥️ සන්දගී....🎀🕊