tgindex

𝙎𝙏𝙐𝘿𝙔 𝙏𝙄𝙋𝙎 𝙒𝙄𝙏𝙃 𝘿𝙍𝙀𝘼𝙈 𝙂𝙄𝙍𝙇👩‍🎓👨‍🎓

1 892
подписчиков
Охват к подписчикам
213,7%
ERR
Реакции к просмотрам
0,88%
708 на 20 постов
Пересылки к просмотрам
0,16%
131
Постов в день
0,0
всего 20

Где отзываются чаще

доля реакций к просмотрам
  • 19 июн. 2025 г.අද channel එකේ owner, dream girlge birthday එක ලමායී..🙊♥️ HAPPY BIRTHDAY DISH..🙈♥️🎉9,44%
  • 16 сент. 2025 г.Night study routine🌚 1.මුලින්ම wash එකක් දාගන්න🫧 2.සැහැල්ලු ඇදුමක් ඇදගන්න😉 3.dinner එක පරක්කු වෙලා ගන්න 😋 එතකොට වැඩි වෙලාවක් ඇහැරලා ඉන්න පුලුවන්..කලින් කෑම කෑවම නිදිමත වැඩි... 4.සැරින් සැරේ වතුර බොන්න 🐳 විනිවිද පේන වීදුරු වතුර බෝතලයක් තියනවනම් වඩාත් හොදයි...😇 5.තියනවනම් night lamp use කරන්න🛋 මේක ඇස් වලට හොඳයි වගේම..ඔයාලට ඔලුව කැක්කුම එන එක යම් තාක් දුරකට වලක්වනවා.. 6.ලේසිම සහ ආසම වැඩෙන් පාඩම් කරන්න පටන් ගන්න📚 මේකෙන් ඔයාට පාඩම් කරන්න ආසාවක් එනවා... වැදගත් කියලා හිතුන නම් share කරලා reaction එක්කුත් දාගෙන යන්න...😇 #studytips @studytips_SD1,47%
  • 17 янв. 2025 г.දැන් 2024 අවුරුද්ද ඉවරයි😉..දැන් තියෙන්නේ 2025 අලුත් අවුරුද්ද ඵලදායීව ගෙවන්න ready වෙන්න තමා😜.... ඔයාලට වැඩ කරගන්න තේරෙන්නෙ නැත්තම් ...bullet journal ක්‍රමේ පටන් ගන්න...මේකෙදි ඔයාට පුලුවන් ඵලදායි විදිහට අවුරුද්ද ගෙවන්න....🥰 මේ ගැන නොදන්න අය youtube search කරලා බලන්න...මං comment box එකේ photo ටිකක් දාන්නම්....😁 ඔයාලට වැඩ ටික පහසු කරගන්න පුලුවන් තව ක්‍රමයක් තමා, daily planner ,monthly planner,year planner .... මේකෙදි වෙන්නේ ඔයාලට ඉවර කරගන්න ඕනි වැඩ කොටස මාස වලට දවස් වලට බෙදෙන එක... මුලින්ම ඔයාලා කරන්න ඕනි මේ අවුරුද්දේ කරන්න තියන වැඩ කොටස කොලේකට ගන්න එක... මෙතන ඉන්න හැමෝම වගේ alevel ලමයිනේ.. ඒකෙත් බහුතරයක් මේ අවුරුද්දේ al කරන අය... මුලින්ම ඔයාලා කරන්න ඕනි subject 3ම ඔයාලට කරන්න තියන පාඩම් කොටස් ටික කොලේකට ගන්න එක... ඒකල්ලා ඒක මාස ගානට බෙදාගන්න.... *උදාහරණයක් විදිහට මේ මාසෙ chemistry වල organic පාඩම ගොඬදාගන්නවා.. අන්න ඒ වගේ subject 3 ටම වෙන් කරන්න....ඊට පස්සේ මාසෙට වෙන් කරපු වැඩ ටික දවස ගානෙ බෙදලා හදාගන්න.... එහෙම බෙදලා හදාගත්තට පස්සේ හැමදාම රෑට නිදාගන්න කලින් හෙට දවසේ කරන්න තියන වැඩ කොටස දාලා to do list එකක් හදාගන්න... මේ වගේ වැට ටික බෙදාගත්තොත් අමුතුවෙන් time table ඕනි නෑ...මේකත් time table එකක් නේ....😁 article එකේ උඩ දාන්නම් කියපු photo ටික comment box එකේ දාන්නම්...එතනි ඕන අය බලන්න... කියවලා නිකන් යන්න එපා ඉතිම් react එක්කුත් දාගෙන යන්න...🥰❤️ #dreamgirl @studytips_SD0,92%
  • 15 янв. 2025 г.පාඩම් කරන්න tips කීපයක්.....😉👇 ➣පාඩම් කරන්න කම්මැලිකමක් දැනෙනවනම් ....😉 ඔයාලා මුලින්ම කරන්න ඕනි මේක මග හරවා ගන්න නම්..ඔයාලගේ කාමරේ අස් කරගන්න එක...ලස්සනට අස් කරගන්න..ඒ වගේම පොත් මේසේ හොදට එලිය වැටෙන තැනක තියාගන්න ඒකෙන් ඔයාලට ඇස් වලට එන අමාරුව අඩු වෙයි.....එතකොට ඔයාලට තියන කම්මැලිකම ටිකක් හරි අඩු වෙයි..🙃.. ➣පාඩම් කරනකොට නිදිමත ගතිය එනවනම්...😉 නිතරම ලග වතුර බෝතලයක් තියාගන්න...ඒක වර්ණවත් නැති විනිවිද පෙනෙන එකක් නම් හුගක් හොදයි..මොකද නැත්තම් ඔයාලගේ අවදානේ බිදෙනවා...නිදිමත එන වෙලාවට වතුර බොන්න...ඒකෙන් නිදිමත ගතිය අඩු වෙනවා වගේම..ඔයාලට පාඩම් කරද්දි එන ඔලුවෙ කැක්කුමක් අඩු වෙයි..😌 ඒ වගේම චූටි spray bottle එක්කට වතුර ටිකක් දාලා තියාගන්න..නිදිමත එනකොටම මූනට spray කරන්න...නින්ද යන්නේ නෑ😁.... @studytips_SD0,84%
  • 16 янв. 2025 г.අද දවසේ ඔයාලට subject 3 වැඩ බෙදාගන්න එක ගැන පොඩි අදහසක් ගන්න පුලුවන් article එකක් වැටෙයි🥰....0,62%
  • 2 февр. 2025 г.HOW TO AVOID FROM PHONE ADDICTION 😢 ඔන්න හැමෝම වගේ බලන් ඉඳපු පෝස්ට් එක මට පුලුවන් හැටියට ගෙනාවා.. 😚 ඔක්කොටම කලින් කියන්න ඕනි මොන දේ කරත් ඔයාට ස්වයං පාලනයක් නැත්තම් දවසකට දෙක්කට වඩා පවත්වගන්න බැරි වෙයි. මේක ඔයාලට පොඩි තල්ලුවක් විතරයි. අඩුම මාසයක් ඇදන් යන්න ඊට පස්සෙ මේව ඕනි නෑ. ඔයාටම පුලුවන් වෙයි manage කරගන්න. පොඩ්ඩක් දිගවෙයි article එක නම්.😶 ✹ Block Apps & Sites | Wellbeing. මේක නම් පට්ට ඇප් එකක් 👌 ඔයාලට ඔයාලාව පාලනය කරගන්න පුලුවන් නම් මේ ඇප් එක ඇති phone addiction එක නවත්තගන්න ❗️ මේකෙන් ඔයාට ඔයා addict උන ඇප් ටික තෝරල timer එකක් තියල block කරම්න පුලුවන්. ඒ වෙලාව වෙනකම් ඔයාට ඕනි උනත් එපා උනත් app එක open කරන්න බෑ. restart කරාම unblock වෙනවා. ඔයා පාලනයක්ම නැතුව restart කරල app එක use කරනව නම් restart කරාමත් unblock වෙන්නේ නැති වෙන්න setup කරන්න පුලුවන්. ඒත් ඉවසන්න බැරුව app එක uninstall කරන්න යනව නම් ඔයා ඔයාට ඒ time එක ඇතුලත app එක uninstall කරන්න බැරි වෙන්න setup කරන්නත් පුලුවන් 😏 ඒ වගේම web sites block කරන්න පුලුවන් feature එක්කුත් තියනවා. ඉතින් ඔහොම ටික කාලයක් ගියාම බොහෝ දුරට addiction එක නැති වෙයි.🙃 ➥ LINK පහල තියන හැම එකටමත් මේ app එක use කරන්න පුලුවන් ✹ YOUTUBE ADDICTION මේක නම් මටත් කාලයක් කරදරයක් උනා. shorts බලන්න ගියාම ඉවරයක් නෑ😒 ඉතින් මම නම් කරේ දෙපාරක් නොහිත App එක uninstall (disable) කරපු එක. ඕනිම video එකක් තිබුනොත් browser එකෙන් බලනවා. 4n එකත් ලැග් නිසා අප්පිරියයි ඉතින් browser එකේ.😢😅 ටික දවසක් ගිහින් මම ඇප් එක ගත්තා addiction එකත් එහෙම්ම අඩු උනා 😌 ✹ TELEGRAM ADDICTION මේක කියවන හැමෝටම වගේ ඇති මේක නම් 🥹 කරන්න දෙයක් නෑ. ඔයා වැඩියෙන්ම කාලයගත කරන දේ අඳුරගන්න. එහෙම බැරි නම් කොලේක කටුවට ලියන්න. channel/group වලට නම් වැඩියෙන්ම වෙලා යන්නේ ඒවගෙන් leave වෙන්න. search කරල හරි හොයාගන්නව නම් owner කෙනෙක්ව contact කරගෙන ban කරගන්න. කාට හරි ඇබ්බැහි වෙලා නම් එයාට කියල මගහරින්න වෙන කරන්න දෙයක් නෑ ඉතින්. gf/bf එක්ක නම් ඉතින් එයාගෙන් උදව් ගන්න😏 සමහරුන්ට addiction වලින් මිදෙනව නම් හොඳම දේ relationship එකක් පටන් ගන්න එක. ඒත් එයාට addict උනාම නම් 🙊 එහෙමත් නැත්තම් අලුත් telegram account එකක් හදලා අවශ්‍යම දේවල් සහ අවශ්‍යම අයට විතරක් ඒකෙන් msg දාන්න. ඔයා Channel owner කෙනෙක් නම් වෙන admin ල ටිකක් හොයාගෙන චැනල් එකෙන් අයින් වෙන්න. මම ඒක කරා. ඇත්තටම දැන් ලොකු වෙලාවක් ඒ නිසා ඉතුරු වෙනවා🙂 ✹ VIDEO GAME ADDICTION වෙන කරන්න දෙයක් නෑ කොල්ලා. uninstall කරලා දාන්න😐 කාලේ කනව වැඩි නවත්තන්න ඕනි කියල හිතෙන ඒ තත්පරේට delete කරල දාන්න. හිත හිත හිටියොත් වෙන්නේ නෑ ඕක 😒 හිතට හරිම නෑ වගේ නම් දවසක් දෙකක් එක දිගට හරි ගහල ඉවරකරල නවත්තලා ආයේ අලුත් game ගන්නැතුව ඉන්න. ✹ FACEBOOK මට Facebook addiction එක ගැන කතා කරන්න විදියක් නෑ🥹 මොකද මම කවදාවත් use කරලා නෑ. කාලකන්නිම ඇප් එකක් කියල හිතට වැදිලද කොහෙද අනේ මන්දා නම ඇහෙද්දිත් එපා වෙනවා😅 වැඩකුත් නෑ මට නම්. ඉතින් ඔයාලටත් කියන්න තියෙන්නෙ fb, insta ඔයාලට අත්‍යවශය වැඩකට, ව්‍යාපාරික වැඩකට අවශ්‍ය වෙන්නෙ නැත්තම් ඕක ගන්න එපා. ගන්නවා කියන්නෙම විනාසයක්..😅 ✹ පුංචි මෝටීන් එකක් 😪 ඕනෙම ඇබ්බැහියකින් මිදෙන්න වගේම ඔයාව පන පිටින් මරන ප්‍රශ්න වලින් නිදහස් වෙන්න මේ වැඩ ටික කරල බලන්න සෙට් වෙයිද කියල. මගේ ක්‍රමය😶 ඔලුව අවුල් නැති සාමාන්‍ය රෑක තමන්ට තියන ප්‍රශ්න මොනවද හිතන්න. නැත්තම් කොලේක ලියන්න. විසඳුම හොයන්න කලින් ප්‍රශ්නේ කෑලි වලට කඩාගන්න කොටස් කරුවන් එක්කම. රුක් සටහනක් ගහගන්න මනෝමෙන් හෝ කොලේක. ප්‍රශ්නේපොඩි පොඩි කැලි වලට කඩල analyze කරන්න. තමන්ට තියන විසඳුම් හැම එකක්ම තෝර ගන්න. හොදම ටික තෝරගන්න. සමහර විට ඔයාට ඒකෙන් ගැලවෙන්න තියන හොඳම විසඳුම ඔයාට විඳින්න වෙන දරුනුම අත්දැකීමක් වෙන්න පුලුවන්. අත්හැරීමක් වෙන්න පුලුවන්. ඒත් අනාගතේ වෙනුවෙන් කොන්ද කෙලින් තියන් ගන්න ඒ තීරණය නිසා හිතුවෙවත් නැති සාර්ථකත්වයක් ලැබෙයි🙃 මේක ලියන මාත් කියවන හුඟක් දෙනත් තාම 25 ට අඩු ඇතිනේ.. අමුතුවෙන් කියන්න ඕනිද මේ තීරණ මතම ජීවිතේ රැඳෙන කාලයක්. අද ගන්න එක ඍජු තීරනයක් නිසා ජීවිතේම ගොඩ යනව නම් එහෙමයි කියල දැනගෙනත් ඒක ගන්න කොන්ද පන නැත්තම් උබට හරියන්න ඕනිද..?🙂 ✹ අවසන් වචන පෙළ.. හරි ඉතින් ලමයි මම හිතනවා ඔයාලට ඕනි උන හැමදේම මේ පෝස්ට් එකෙන් කවර් උනා කියල. මම මේ කතා කරේ මගේ අත්දැකීම් එක්ක. මොනව කරත් තමන්ට තමන් බොරු කරනකම් ගොඩ එන්න බෑ ලමයි. ඔයාම ඔයාගෙන් අහල බලන්න මම ජීවත් වෙන්නේ බොරුවෙන්ද කියල. තමන්‍ට අවංක වෙන්න ලෝකෙට කොහොම උනත්. එතකොට ඔයාලට එක සිතුවිල්ලක් ඇති වෙයි ඇබ්බැහියකින් මිදෙන්න. Article එක ගැන ඔයාලගේ අදහස් වගේම තව තියන ප්‍රශ්න comment එකක් දාන්න. share කරන්න. 😇 ✍ DR INFINITE #FromMy❤️ JOIN WITH US. WE ARE 𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️0,59%
  • 16 янв. 2025 г.🫧🫧🫧🫧🫧🫧🫧🫧🫧🫧🫧🫧🫧 මේකනම් ඇත්තක්😇... හැමෝම කතා කරන්නේ ඔයා දෙයකින් සාර්ථක උනාම...ඔයාගේ සාර්ථකත්වය විතරයි.. කවුරුත් දකින්නෙ නෑ ඒක පිටිපස්සේ තියෙන ඔයාගේ මහන්සිය, කැපවීම ,උත්සාහය.. එතකොට මිනිස්සු කියන්නේ එයා නම් හරිම වාසනාවන්තයි එයාගේ ලැබීම තමා වගේ දේවල්...හොඳම උදාහරණය තමා යොහානි...එයා ජාත්‍යන්තරයට ගියාම මිනිස්සු කිව්වේ ඒ කෙල්ලගේ වාසනාව කියලා.. ඒත් කවුරුත් දැක්කේ නෑ ,කීවේ නෑ, ඒක පිටිපස්සෙ තියෙන එයාගේ මහන්සිය...😇..මිනිස්සු කියන දේවල් ගණන් ගන්නේ නැතුව ...ඔයාලත් ඔයාලගේ හීන වලට යන්න උපරිම මහන්සි වෙන්න...🙃 🫧🫧🫧🫧🫧🫧🫧🫧🫧🫧🫧🫧 @studytips_SD0,53%
  • 20 янв. 2025 г.✹ගොඩ දෙනෙක් අහල තිබ්බ දෙයක් තමා physics වලට වැඩ කරන්නේ කොහොමද කියලා😇ඉතින් මං අද post එකෙන් ගෙනාවේ physics වලට වැඩ කරන්න ඕන කොහොමද කියලා...😌 ✹මුලින්ම කරන්න ඕන දේ තමා හොඳ theory clz 3ක් තෝරගන්න එක...මේක තමා වැදගත්ම දේ...මොකද මේකෙ thoery නැතුව කිසි දෙයක් කරන්න බෑ...2nd,3rd ලමයෙක් නම් හොඳ revision clz 3 ක් තෝරගන්න...revision නම් ඔයාලට අවශ්‍ය නම් විතරක් තෝරගන්න...ඔයාලට ආර්ථික ප්‍රශ්න් මොනාහරි තියනවනම් ඕන තරම් tg වල video තියනවා...ඒවගෙන් cover කරගන්න පුලුවන් 💚... ✹ඒ ඒ සතියේ දෙන tute වල ගනන් පුලුවන් තරම් complete කරන්න...ඔක්කොම කරගන්න බැරි නම්...පුලුවන් ටික හරි cover කරගන්න...නොකර ඉන්න නම් එපා...කෙලවෙනවා අනිවාර්යයෙන් 😌... ✹ඊලඟට ලමයි ඔයාලාට තව මාස 6ක් තියනවනේ අවම...ඒ කාලේ ඇතුලත past paper අවම වට 2/3ක් කරලා යන්න...ඒක තමා වැදගත්ම දේ...ඒකත් ලමයි full pprs...ඊට අමතරව අවසාන වාරෙට එන මධ්‍යම පලාත්,වයඹ පලාත් paper දෙක අනිවාර්යයෙන් complete කරලා යන්න...ඊට අමතරව පුලුවන් නම් දේවි බාලිකා,ආනන්ද,නාලන්ද,රෝයල්,විශාකා වගේ ප්‍රසිද්ධ scl pprs කරලා යන්න...ඔක්කොම කරන්න් කියනවා නෙමේ...පුලුවන් ටික කරන්න වෙලාව අනුව...😇 ✹ඊලඟට ලමයි තමන්ට ගැලපෙන ටිකක් අමාරු විදිහට හදන හොඳ ppr clz 3ක් තෝරගන්න...අනේ ලමයි motivation විතරක් දෙන සීනි බෝල pprs දෙන ppr clz තෝරගන්න එපා..අනුන්ගේ කීම clz තෝරගන්නත් එපා...තමන්ට ගැලපෙන දේ තෝරගන්න යාලුවෝ නැතත් කමක් නෑ... ✹physics වලට මේ පොත් අවශ්‍ය වෙයි අලුතින් AL කරන්න එන අයට😇👇... ✭past paper book ✭pesuru mcq,structure ,essay ✭ගී කියනගේ සර්ගේ 2500 mcq පොත ✭අවශ්‍යනම් විවරණ පොත් (රෝසා සර්ගේ ,අරුණ සර්ගේ) @studytips_SD0,48%
  • 9 мар. 2025 г.තමන්ගේ මනසට නිදහසක් දැනෙන විදිහට තමන්ගේ කාමරය පිළිවෙළට තියාගන්න අවශ්‍ය දේවල්...🥰👇 ❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️ ◈ලමයි මුලින්ම කියන්න ඕනි ඔයාලා පොත් මේසයක් තියාගන්න ඕනි හොඳට ආලෝකය වැටෙන තැනක...ඒත් එක්කම ඇඳ ලග නම් තියාගන්න එපා...පුලුවන් නම් ඇදට පිටුපාලා වගේ තියාගන්න....මොකද ඇද දකිනකොට ඔයාලට ඇදට ගිහින් පාඩම් කරන්න හිතෙනවා...අවශ්‍ය පොත් විතරක් මේසෙ තියාගන්න... ◈පොත් මේසෙට දාන මේස රෙද්ද විච්චූර්න නැති ඇහැට ප්‍රියමනාප එකක් තෝරගන්න... ◈මේසෙ උඩ අත්‍යවශය පොතක් ඇරෙන්න ඇහැට වෙහෙසකර දේවල් අයින් කරන්න..(උදා:-මල් පෝච්චි ,cute items) ◈අනික් දේ තමා හැම වෙලාවෙම කාමරේ පිලිවෙලට තියාගන්න..එතකොට වැඩ කරන්න ආසාවක් එනවා... ◈උදේම ඇහැරලා ජනෙල් ඇරලා තියන්න කාමරේ..ඒකෙන් හොඳ වාතාශ්‍රයක් ලැබෙනවා ඔයාලට.. ◈පුලුවන් අය කාමරේ paint කරන්කොට සුදු,ලා කොල,ලා කහ වගේ colours use කරන්න...ඒවා ඇස් වලට හොඳයි... ◈indoor plants lovers ලට නම් indoor plants room එකේ තියාගන්න එක mind එකට හොඳ relax එකක් වගේ දැනෙනවා ඇති...ඒ වගේම පාඩම් කරන මේසෙ උඩ පොඩි pot එකක කෝමාරිකා පැලයක් තියාගන්න පුලුවන් නම් ඔයාලගේ mind එකත් relax වෙනවා.... #studytips @studytips_SD0,37%
  • 1 февр. 2025 г.අපි ආයෙත් IQ මීටරේ පටන් ගත්තා ලමයි. කැමති අය join වෙන්න ඔයාලගේ brain capacity එක වැඩි කරගන්න පුලුවන් හොඳම exercise එකක් iq ප්‍රශ්න විසඳන එක. @BOOSTYOUR_BRAIN0,29%
  • 9 мар. 2025 г.без подписи0,14%
  • 6 янв. 2025 г.10 11 ශ්‍රේණි වල ඉන්න සෙට් එකට විද්‍යාව EXAM එකේ MCQ ටික ගොඩ දා ගන්න හොද අවස්ථාවක් දවසකට MCQ 5 හා එ MCQ වල නිවරදි පිළිතුර ගන්න අකාරය පිළිබද එවාට විවරණය 5 ක් whatapp channel එකට එකතු වෙන්න පහත link එකෙන් https://whatsapp.com/channel/0029Vb19OtgEQIaxCRAFKc1y නැත්තම් whatapp එකට mgs එකක් දාන්න මේ number එකට 07887654900,09%