ලොව වටා | 𝘼𝙧𝙤𝙪𝙣𝙙 𝙩𝙝𝙚 𝙬𝙤𝙧𝙡𝙙
Статистика“ගවේෂණයෙන් පිරි ලෝකය විවෘත කරමු” 🔬✨ 💫 ලෝකයේ නවතම විද්‍යාත්මක සොයාගැනීම්, පර්යේෂණ වාර්තා, සහ ගවේෂණාත්මක අදහස් සිංහලෙන් පහසුවෙන් ඔබ වෙත. !” 🤖🔬📚 • Owner - @Devil_ryn
- Последний пост
- 29 июн.
- Последнее чтение
- 13 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 30
- Тип
- открытый
- Язык
- si
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- —
- 1/48двое суток
- —
- 1/72трое суток
- —
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
🚀 An anomaly has been detected in the ETH/USDT pair on the Bitnax.io platform. The price is inflated, and we’re currently working on increasing trading volume and locking in profits 💸 — now it’s your turn 🔥 Here's how it works: Buy ETH on any trading platform → transfer it to Bitnax.io → sell at a higher price → make a profit → repeat the process ♻️ Hurry up before the price is corrected 😈
🔥🔥🔥 UAE & Sri Lanka Trading කණඩායම් Team දෙකක් සමගින් Crypto Market Updates සහ Premium Analysis ලබා ගන්න පුලුවන් High Accurate Crypto Channel එකක්. Join Here https://t.me/+pG6sD0CzlCI4Yzdl
📌ලෝකයෙන්ම 1% යි! කාටවත් තේරුම් ගන්න බැරි, අනුන්ගේ හිත කියවන 'අද්භූත' චරිතය ඔබද? ලෝකය කියන්නේ හරියට එකම තාලයකට දුවන යන්ත්‍රයක් වගේ වුණාට, ඒ යන්ත්‍රය ඇතුළේ වෙනස්ම තාලයකට ගැහෙන හදවත් තියෙන මිනිස්සු ඉන්නවා. සමහර විට ඔබත් කවදා හෝ දවසක කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් "ඇයි මම අනිත් අයට වඩා මේ තරම් වෙනස්?" කියලා හිතලා තියෙනවාද? එහෙමනම් ඔබ නිකම්ම නිකන් මනුස්සයෙක් නෙවෙයි, ඔබ මේ ලෝකේ දකින්න ලැබෙන අතිශය දුර්ලභ ගණයේ "මැණිකක්" වෙන්න පුළුවන්. මනෝවිද්‍යාවේදී INFJ ලෙස හඳුන්වන මේ අපූරු මනුෂ්‍ය කොට්ඨාසය ගැනයි මේ කතාව. මෙයාලව හොයාගන්න එක හරියට කිරි මුහුදේ ගිලිණු මැණිකක් හොයනවා වගේ අමාරු වැඩක්. මොකද ලෝක ජනගහනයෙන් 98%ක්ම වෙනස් විදියකට හිතද්දී, මේ අය අයිති වෙන්නේ අර ඉතිරි 2% වගේ ඉතාම පුංචි පිරිසට. මේ අයගේ මනස හරියට අමුතුම රේඩාර් පද්ධතියක් වගේ. සාමාන්‍ය කෙනෙක්ට කෙනෙක්ගේ මූණ දිහා බලලා දකින්න පුළුවන් හිනාව විතරයි. හැබැයි INFJ කෙනෙක්ට පුළුවන් ඒ හිනාව අස්සේ හංගගෙන ඉන්න කඳුල, වංචාව හෝ භීතිය "X-ray" කළා වගේ දකින්න. කෙනෙක් වචනවලින් මොනවා කිව්වත්, ඒ වචන අස්සේ තියෙන නොකියන කතාව අල්ලගන්න පුදුම සහජ හැකියාවක් මොවුන්ට තියෙනවා. ඒ නිසාම බොරුකාරයෙක්ට INFJ කෙනෙක් ඉස්සරහා වැඩි වෙලාවක් රඟපාන්න බැහැ. හරියට ස්කෑන් මැෂින් එකක් ඉස්සරහා ඉන්නවා වගේ, ඔවුන් ඔබේ ආත්මයම විනිවිද දකිනවා. මේ චරිතවල තියෙන ලොකුම විශේෂත්වය තමයි ඔවුන් සතු පුදුමාකාර "ද්විත්ව ස්වභාවය". මේක හරියට ගින්දරයි වතුරයි එකට තියෙනවා වගේ වැඩක්. සමාජය ඉස්සරහා හරිම විනෝදකාමී, ඕනෑම කෙනෙක් එක්ක සුහදව කතා කරන චරිතයක් විදියට පෙනුනට, ඇත්තටම ඔවුන්ගේ බැටරිය චාජ් වෙන්නේ තනියම හිටියොත් විතරයි. ලොකු සාදයකට ගිහින් හැමෝම එක්ක හිනාවෙලා හිටියට, ගෙදර ඇවිත් දවස් දෙකක් විතර කාමරේට වෙලා තනියම ඉන්න වුණොත් පුදුම වෙන්න දෙයක් නැහැ. ඔවුන් මිනිස්සුන්ට ආදරෙයි, හැබැයි තමන්ගේ නිදහසට ඊටත් වඩා ආදරෙයි. ඒ වගේම තමයි ඔවුන්ගේ කතාබහ. කාළගුණය ගැන, කෑවද බිව්වද වගේ හිස් වචන (Small talk) හුවමාරු කරගන්නවාට වඩා, ඔවුන් කැමති විශ්වය, ජීවිතයේ අරමුණ වගේ ගැඹුරු දේවල් ගැන කතා කරන්න. මතුපිටින් පාවෙන ඔරුවක් වෙන්න කැමති නැති ඔවුන්, නිතරම කැමති ගැඹුරු මුහුදේ කිමිදෙන්නයි. තවත් පුදුම හිතෙන කාරණාවක් තමයි මොවුන් සතු අසීමිත සංවේදී බව. මෙය හරියට අනුන්ගේ දුක තමන්ගේ ඇඟට උරාගන්නා "බ්ලොටින් පේපරයක්" වගේ. ළඟ ඉන්න කෙනාට ප්‍රශ්නයක් නම්, ඒකේ බර තමන්ගේ හදවතටත් ඒ විදියටම දැනෙනවා. මේ නිසාම තමයි යාළුවෝ තමන්ගේ ප්‍රශ්න කියන්න නිතරම INFJ කෙනෙක්ව හොයාගෙන එන්නේ. ඔවුන් නිකන්ම අහගෙන ඉන්න කෙනෙක් නෙවෙයි, අනුන්ගේ සපත්තු දෙක දාලා බලලා, ඒ කෙනාට ගැලපෙනම විසඳුම දෙන්න පුළුවන් උපදේශකයෙක්. නමුත් මේ අධික සංවේදීකම නිසාම ඔවුන් ඉක්මනින් විඩාවට පත් වෙනවා. මේ අය තරම් අනාගතය ගැන හිතන පිරිසක් තවත් නැහැ. අද දවසේ ජීවත් වෙනවාට වඩා ඔවුන්ගේ මනස දුවන්නේ අවුරුදු දහයකට එහාට. හරියට චෙස් ක්‍රීඩකයෙක් වගේ, ඔවුන් ඊළඟ ඇදීම නෙවෙයි, තරගය දිනන හැටි කල් තියාම ප්ලෑන් කරනවා. හැබැයි මේ පරිපූර්ණත්වය හොයන ගතිය නිසාම, ඔවුන් තමන් ගැනම අනවශ්‍ය විදියට විවේචනය කරගන්නත් පෙළඹෙනවා. පොඩි අඩුපාඩුවක් වුණත් ඔවුන්ට දරාගන්න අමාරුයි. ඒ වගේම තමයි ඔවුන්ගේ ඉවසීමේ සීමාව. ඔවුන් සාමයට ගොඩක් ලැදියි, රණ්ඩු වලට කැමතිම නැහැ. හැබැයි කවුරුහරි දිගින් දිගටම තමන්ගේ විශ්වාසය කඩ කරනවා නම්, රණ්ඩු වෙවී කාලය නාස්ති කරන්නේ නැහැ, එක පාරටම ස්විච් එකක් ඕෆ් කළා වගේ ඒ කෙනාව සදහටම ජීවිතෙන් අයින් කරලා දාන්න (Door Slam) ඔවුන් දෙපාරක් හිතන්නේ නැහැ. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ, මේ කියපු ලක්ෂණ ඔබටත් තියෙනවා නම්, ඔබට බොහෝ විට දැනෙන්නේ ඔබ මේ ග්‍රහලෝකයට අයිති නැති කෙනෙක් වගේ කියලයි. කවුරුත් තමන්ව හරියට තේරුම් ගන්නේ නෑ කියන තනිකම ඔබට නිතරම දැනෙනවා ඇති. නමුත් මතක තියාගන්න, ලෝකයට අලුත් දේවල් එකතු කළේ, ලෝකය වෙනස් කළේ සාමාන්‍ය මිනිස්සු නෙවෙයි. ඒ වෙනස කරන්න පුළුවන් ඔබ වගේ, අනිත් අය නොදකින පැත්තක් දකින දුර්ලභ ගණයේ මිනිස්සුන්ට විතරයි.
ලොව වටා | 𝘼𝙧𝙤𝙪𝙣𝙙 𝙩𝙝𝙚 𝙬𝙤𝙧𝙡𝙙 pinned Deleted message
📌අවුට්විෂ්ට් සමුල ඝාතන කඳවුරේ වඳ සැත්කම ශල්‍යාගාරයක්. .ජානමය ආබාධ සහිත කාන්තාවන් සහ රෝමා ජනතාව මුලින්ම වන්ධ්‍යාකරණ සැත්කම් වලට බඳුන් විය.රෝමා ජනතාව තෙවෙනි ශත වර්ෂයේදී උතුරු ඉන්දියාවෙන් යුරෝපයට සංක්‍රමණය වූ ආර්ය-හින්දු සම්භවයක් සහිත ප්‍රජාවකි.ඔවුන් ගෙවන ලද්දේ අහිකුණ්ටික දිවි පෙවතකි. නාසි පාලකයන් මොවුන් සමාජයට නොගැලපෙන පිරිසක් ලෙස සලකන ලදී. වන්ධ්‍යාකරණය සඳහා කුරිරි අත්හදා බැලීම් කරන ලද අතර කාලය හා වියහියදම් අඩුකර ගැනීම ඒවායේ අරමුණ වූයේය. කාන්තාවන් ගේ පැලෝපියන් නාලයට අධික ක්ෂාරීය රසායනික ද්‍රව්‍ය ,කාබන් මොනොක්සයිඩ් වායුව එන්නත් කිරීමද සිදුවිය.මෙහිදී ඇතිවන ප්‍රදාහය නිසා නාල විනාශ වේ. මෙහිදී කරන ලද නවතම පර්යේෂණයක් නම් x ray කිරන අධි මාත්‍රාවක් මගින් වන්ධ්‍යාකරණය සිදු කිරීමයි ශල්‍යකර්ම සඳහා නිර්වින්දන ක්‍රම භාවිතා කළේ නැත.පසුව මොවුන් අනන්ත දුක් පීඩාවලටත් ඇතෙමෙක් ශල්‍යකර්ම වලින් හටගත් සංකූලතා වලින්ද මිය ගියහ.
📌🔬 රසදිය (Mercury) – ලොව අද්භූත ලෝහයක්! රසදිය කියන්නේ සාමාන්‍ය උෂ්ණත්වයේ දියර ලෙස පවතින එකම ලෝහයයි. 🌡️ එය රිදී පාට, බර වැඩි, සහ විෂ සහිත ලෝහයක් ලෙස හැඳින්වේ. 📌 රසදිය පිළිබඳ වැදගත් කරුණු: ✔️ රසායනික සංකේතය – Hg ✔️ පරණ කාලයේ උෂ්ණත්වමාපක (Thermometers) සහ බැටරි වල භාවිතා කළා ✔️ රන් استخراج කිරීමේදී (Gold mining) භාවිතා කරයි ✔️ අධික සම්බන්ධතාවයෙන් මිනිස් සිරුරට හානි කරයි ⚠️ අවධානය: රසදිය වාෂ්ප හුස්ම ගත්තොත් හෝ ශරීරයට ඇතුල් වුණොත් මොළයට වකුගඩු වලට ස්නායු පද්ධතියට බරපතළ හානි සිදු විය හැක. 🌍 පරිසරයටද රසදිය විශාල තර්ජනයක්. එය ජලයට මිශ්‍ර වීමෙන් මාළු හරහා මිනිසාටත් ඇතුල් විය හැක. 💡 එම නිසා රසදිය සහිත භාණ්ඩ භාවිතයේදී සැලකිලිමත් වන්න.
මේ හඳ නෙමෙයි.🌝 පෘථිවිය!😇 මේ ෆොටෝ එක ගත්තු වෙලාවෙ අපි ඕක ඇතුළෙ මොනවා කර කර ඉන්න ඇතිද?😅
📌මිනිස් ඉතිහාසයේ පැරණිතම කතාන්දර සිතුවම ඉන්දුනීසියාවෙන් 😯 මිනිස් ඉතිහාසය අපි හිතුවාටත් වඩා ගොඩක් ඈතට දිවයන බව මේ ළඟදි හොයාගත්ත අපූරු සාක්ෂියකින් ඔප්පු වෙලා තියෙනවා. නිකම්ම චිත්‍රයක් නෙවෙයි, යම් සිදුවීමක් විස්තර කරන "කතාන්දරයක්" (Narrative Art) මේකේ සැඟවිලා තියෙනවා. 👇 📍 කොහෙද මේක තිබුණේ? ඉන්දුනීසියාවේ සුලවේසි (Sulawesi) දූපතේ පිහිටි 'ලියැන් කරම්පුආන්' (Leang Karampuang) කියන හුණුගල් ගුහාවෙන් තමයි මේක හොයාගෙන තියෙන්නේ. ⏳ කොච්චර පරණද? මේ සිතුවම වසර 51,200 කටත් වඩා පැරණියි! 😱 (මීට කලින් වාර්තාව තිබුණෙත් ඉන්දුනීසියාවටමයි. ඒ අවුරුදු 43,900 ක් පරණ චිත්‍රයකට). 🖼️ මොකක්ද මේ චිත්‍රයේ තියෙන්නේ? මේකේ තියෙන්නේ විශාල වල් ඌරෙක් සහ ඌ වටා සිටින මිනිස් රූප තුනක්. ඔවුන් අතේ ආයුධ වගේ දේවල් තියෙනවා. හරියට දඩයම් කරන අවස්ථාවක් වගේ. 🤔 ඇයි මේක විශේෂ? මේක හුදෙක් සතෙකුගේ රූපයක් විතරක් නෙවෙයි. රූප කිහිපයක් එකතු කරලා යම් "කතාවක්" හෝ "සිදුවීමක්" විස්තර කරන ලොව පැරණිතම සාක්ෂිය මෙයයි. ඒ කියන්නේ අපේ මුතුන් මිත්තෝ අවුරුදු 51,000 කට කලිනුත් visual storytelling කලාව දැනගෙන හිටියා!
📌🔴 පකිස්තානයේ "මහා U-turn" ඉතිහාසය -ඩොලර් හමුවේ දණ නමන "ලොකු ටෝක්" භු දේශපාලනය පකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය (PCB) සහ එරට රජය කියන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් ලෝකය ඉදිරියේ වරින් වර තමන්ගේම රෙදි ගලවාගන්නා නාට්‍ය කණ්ඩායමකටයි. 2026 T20 ලෝක කුසලානය සම්බන්ධයෙන් ඔවුන් රඟපෑ "වර්ජන නාටකය" අන්තිමේදී කෙළවර වුණේ මුළු ලෝකයම ඉදිරියේ ඔවුන්ගේ නිවටකම ප්‍රදර්ශනය කරමිනි. ඉන්දියාව සමඟ ක්‍රීඩා නොකරන බවට පාරම්බෑ පකිස්තානය, අන්තිමේදී "නැට්ට පස්චාත් භාගයේ ගහගෙන" ඉන්දියාව සමඟ තරගයට කොළඹට එන්නට තීරණය කිරීම ඔවුන්ගේ පීචං ඉතිහාසයේ තවත් එක පරිච්ඡේදයක් පමණි. ලැජ්ජාව වසාගන්නට ඇලවූ "ලංකා-බංගලි" පැච් එක පකිස්තාන රජය දැන් පවසන්නේ බංගලදේශ රජය ක්‍රිකටි බෝර්ඩි එක සහ ශ්‍රිලංකාව කළ හදිසි ඉල්ලීමක් නිසා ඔවුන් මේ තීරණය ගත් බවයි. නමුත් ඇත්ත කතාව නම්, ශ්‍රී ලංකා රජය ඇතුළු පාර්ශව මෙම ඉල්ලීම කළේ තරගය වර්ජනය කරනවා යැයි පකිස්තානය මුලින්ම කියපු දවසේමය. එදා ඒ ඉල්ලීම් කුණු කූඩයට දමා තරැ හතේ කොන්දක් පෙන්වන්නට උත්සාහ කළ පකිස්තානයට, හිටි හැටියේම ශ්‍රී ලංකාව ගැන ආදරයක් ඇති වුණේ.සහ බංගලදේශය කියපු දේ ඇහුනේ ICC යෙන් මූල්‍ය කස පහර එල්ල වන බව දැනගත් පසුවය. තමන්ගේ හුළං ගිය ප්‍රතිරූපය බේරාගන්නට අසල්වැසි රටවල් දෙකක නම පාවිච්චි කිරීම තුළින් පෙනෙන්නේ ඔවුන්ගේ ප්‍රතිපත්තියේ ඇති බංකොලොත්භාවයයි. පකිස්තානය මෙසේ වචන ගිල දැමූ පළමු අවස්ථාව මෙය නොවේ * 2023 ආසියානු කුසලානය: එදා පකිස්තානය කිව්වේ "ඉන්දියාව අපේ රටට එන්නේ නැත්නම් අපිත් එන්නේ නෑ" කියායි. නමුත් ජයි ෂා (Jay Shah) ගේ දැඩි ස්ථාවරය හමුවේ අන්තිමට තමන්ගේ රටේ පැවැත්වෙන මැච් ටිකත් ලංකාවට දීලා "Hybrid Model" එකකට යට වෙන්න ඔවුන්ට සිද්ධ වුණා. * 2023 ලෝක කුසලානය: "අපි ඉන්දියාවට යන්නේ නෑ" කියා මාස ගණනක් කෑමොර දුන් පකිස්තානය, අන්තිමට කිසිදු කොන්දේසියක් නැතිව ඉන්දියාවටම ගොස් මැච් ගැසුවේ ලෝකෙම හිනස්සමිනි. * 2025 Champions Trophy: "අනිවාර්යයෙන්ම පකිස්තානයේම ගහනවා" කියා පම්පෝරි ගැසුවද, ICC මූල්‍ය තහංචි වලට බයේ නැවතත් ඉන්දියාව කියන පදයට නටන්නට ඔවුන්ට සිදු විය. පකිස්තානය අන්තිම මේ තරම් ඉක්මනට පල්ලම් බැස්සේ ICC සභාපති ජයි ෂා ප්‍රමුඛ මණ්ඩලය විසින් එල්ල කළ මූල්‍ය තර්ජනය නිසා බව රහසක් නොවේ. පකිස්තානය තරගය වර්ජනය කළහොත්, ICC යෙන් ඔවුන්ට ලැබෙන වාර්ෂික ප්‍රතිපාදන සියල්ල කපා හරින බවටත්, ඔවුන්ට ලැබෙන මූල්‍ය ආධාර අත්හිටුවන බවටත් ලැබුණු පණිවිඩයත් සමඟ PCB සභාපතිවරයාට තරු විසි විය. ඉන්දියාවේ මූල්‍ය ආධිපත්‍යය හමුවේ "හිඟා කන" තත්ත්වයට පත් වීමට ඇති බය නිසා, පකිස්තානයට සිද්ධ වුණේ තමන් කියපු වචනම ගිලගෙන කොළඹ ඒමට ගුවන් ටිකට් පත් වෙන් කරවා ගැනීමටයි. මෙහිදී බංග්ලාදේශය පවා පකිස්තානයට වඩා කොන්දක් පෙන්වූ බව පැහැදිලිවේ. බංග්ලාදේශය තමන්ගේ තීරණය වෙනුවෙන් පෙනී සිටිද්දී, පකිස්තානය කළේ බංග්ලාදේශය ඉස්සරහට දමා වීරයන් වීමට ගොස් අන්තිමේදී ජයි ෂා ඉදිරියේ පීචං වීමයි. මෙය ඉතිහාසය පුරා පකිස්තානය පෙන්වූ දුර්වල භූ දේශපාලන හැසිරීමේ තවත් එක අවස්ථාවක් පමණි. සාරාංශයක් ලෙස ගත් කල, පකිස්තානය යනු "කොච්චර ලොකු ටෝක් දුන්නත්, අන්තිමට සල්ලි සහ බලය ඉදිරියේ දණ නමන" ජාතියක් බව නැවත වතාවක් ඔප්පු විය. ලැජ්ජාව වසා ගැනීමට බංගලදේශය සහ ශ්‍රී ලංකා රජය පලිහක් කර ගැනීම තුළින් පෙනෙන්නේ ඔවුන්ගේ ප්‍රතිපත්තිය කෙතරම් වැනෙන සුළුද යන්නයි. ඉන්දියානු ප්‍රේක්ෂකයන්ට නම් මෙය තවත් එක "කොමඩි" නාටකයක් පමණක් වන අතර, පකිස්තානයට ඉතිරි වී ඇත්තේ ලෝකයම ඉදිරියේ පීචං වීම පමණි.
📌බඩගිනි වුණාම බඩ ගොරවන්නේ ඇයි? සමහර වෙලාවට නිශ්ශබ්ද තැනක ඉද්දී බඩගිනි වුණොත්, බඩ ඇතුළෙන් එන "ගොර ගොර" සද්දේ නිසා අපිට ලොකු ලැජ්ජාවකුත් හිතෙනවා. හැබැයි මේ සද්දේ එන්නේ ඇයි කියලා ඔයා දන්නවාද? ඇත්තටම එතන වෙන්නේ මොකක්ද? 1. පේශි සංකෝචනය (Peristalsis): අපේ බඩවැල් කියන්නේ නිකන්ම බටයක් නෙවෙයි. ඒවයේ බිත්ති නිරන්තරයෙන්ම තරංගයක් වගේ සංකෝචනය වෙමින් (Peristalsis) ආහාර සහ දියර වර්ග ඉදිරියට තල්ලු කරනවා. බඩගිනි වුණත් නැතත් මේ ක්‍රියාවලිය දිගටම සිදුවෙනවා. 2. වාතය සහ දියර මිශ්‍ර වීම: ඔබේ ආමාශය සහ බඩවැල් හිස්ව ඇති විට, ඒ ඇතුළේ තියෙන්නේ ආහාර වෙනුවට වැඩිපුර වාතය (Gas) සහ ආහාර ජීර්ණයට උදව් වන දියර වර්ගයි. බඩවැල් බිත්ති සංකෝචනය වෙද්දී මේ වාතය සහ දියර එකිනෙක ගැටී එහා මෙහා තල්ලු වීම නිසා තමයි අර "ගොර ගොර" සද්දය ඇති වෙන්නේ. 3. බඩගිනි වුණාම සද්දේ වැඩි ඇයි? බඩගිනි දැනෙන්න ගත්තාම අපේ මොළය විසින් ආහාර ජීර්ණ පද්ධතියට සංඥා යවනවා "දැන් කෑම එන්නයි යන්නේ, පිරිසිදු කිරීම් පටන් ගන්න" කියලා. එතකොට බඩවැල්වල මේ සංකෝචනය වීම් වේගවත් වෙනවා. හිස් බඩවැල් ඇතුළේ වාතය වැඩි නිසා, හරියට හිස් බෙරයකට තට්ටු කරනවා වගේ ඒ සද්දය අපිට වැඩියෙන් ඇහෙනවා. 4. පිරිසිදු කිරීමේ මෙහෙයුම (MMC): ආහාර වේලක් අරගෙන පැය දෙකක් විතර ගියාම, ආමාශයේ ඉතිරි වෙච්ච කුඩා ආහාර කැබලි සහ බැක්ටීරියා ඉවත් කරන්න විශේෂ තරංග මාලාවක් (Migrating Motor Complex) ඇති වෙනවා. බඩගිනි වෙලාවට එන සද්දයට මේකත් ප්‍රධාන හේතුවක්. බඩ ගොරවන එක නවත්වන්නේ කොහොමද? 💡 හොඳම විසඳුම තමයි මොනවා හරි පොඩි කෑමක් කන එක. එතකොට බඩවැල් ඇතුළේ තියෙන වාතය කෑමවලින් පිරී යන නිසා සද්දය නතර වෙනවා.
📌🔱 ලොව දරුණුතම විශේෂ බලකාය: US Navy SEALs 🔱 ලෝකයේ ඕනෑම තැනක, ඕනෑම පරිසරයක (මුහුද, ගුවන හෝ ගොඩබිම) සතුරා හඹා ගොස් විනාශ කිරීමේ හැකියාව ඇති ලොව අංක එකේ විශේෂ බලකාය ලෙස සැලකෙන්නේ US Navy SEALs බලකායයි. ඔවුන් ගැන ඔබ නොදත් කරුණු කිහිපයක් මෙන්න: ⚡ නම හැදුණු හැටි SEAL යන්නෙහි තේරුම SEa (මුහුද), Air (ගුවන), සහ Land (ගොඩබිම) යන්නයි. මේ තුන් ඉරියව්වෙන්ම සටන් කිරීමේ අතිශය දරුණු පුහුණුවක් මොවුන් සතුයි. ⛓️ "නිරයේ සතිය" (Hell Week) SEAL සෙබළෙකු වීමට නම් පවතින පුහුණුව ලෝකයේ අපහසුම පුහුණුවක් ලෙස සැලකේ. මෙහිදී "Hell Week" ලෙස හැඳින්වෙන දින 5 ½ ක කාලය තුළ සෙබළුන්ට නිදා ගැනීමට ලැබෙන්නේ පැය 4 කටත් අඩු කාලයකි. ඉතිරි මුළු කාලයම දැඩි සීතල වතුරේ සහ මඩේ අතිශය වෙහෙසකර ව්‍යායාම වල නිරත වීමට ඔවුන්ට සිදුවේ. 🔱 ඕනෑම මෙහෙයුමක පෙරගමන්කරුවෝ ලෝකයම කැළඹූ ඔසාමා බින් ලාඩන් අල්ලා ගැනීමේ "Operation Neptune Spear" මෙහෙයුම සාර්ථකව නිම කළේ මේ SEAL බලකායේ Team 6 කණ්ඩායම විසිනි. 💀 ඔවුන්ගේ මන්ත්‍රය: "The only easy day was yesterday" ඔවුන් විශ්වාස කරන්නේ "ලේසිම දවස ඊයේ" කියායි. එනම් සෑම අලුත් දවසක්ම ඊට පෙර දවසට වඩා අභියෝගාත්මක වන බවයි. 1️⃣ බෙල් එක ගැහුවොත් ඔක්කොම ඉවරයි! 🔔 SEAL පුහුණුව අතරතුර ඕනෑම සෙබළෙකුට එය අතහැර යාමට අවස්ථාව තිබේ. කළ යුත්තේ එහි ඇති ලෝකඩ සීනුව (Brass Bell) තුන් වරක් නාද කිරීම පමණි. නමුත් ඒ සීනුව ගැසූ සැණින් ඔහුගේ සිහිනය සදහටම අවසන් වේ. පුහුණුව ආරම්භ කරන පිරිසෙන් අවසානය දක්වා ඉතිරි වන්නේ 20% කටත් වඩා අඩු පිරිසකි. 2️⃣ ගැටගැසූ දෑතින් පීනන හැටි (Drown Proofing) 🌊 මොවුන්ගේ දරුණුතම පුහුණුවක් වන්නේ දෑත් සහ දෙපා පිටුපසට කර ගැටගසා ගැඹුරු ජල තටාකයක මිනිත්තු 20 ක් පාවෙමින් සිටීමයි. හුස්ම ගැනීමට පවා අපහසු මේ අභියෝගය ජය ගන්න නම් මනස පාලනය කිරීම අනිවාර්ය වේ. 3️⃣ නිහඬ වීරයෝ (Silent Professionals) 🤫 මොවුන්ව හඳුන්වන්නේ "නිහඬ වෘත්තිකයන්" ලෙසයි. ලෝකයේ ප්‍රධාන මෙහෙයුම් රැසක් මොවුන් සිදු කළත්, ඒවායින් බොහොමයක් රහසිගතව තබා ගැනීමට ඔවුන් වගබලා ගනී. ඔවුන්ගේ ජයග්‍රහණ ගැන ඔවුන් පම්පෝරි ගසන්නේ නැත. 4️⃣ යකඩ වන් විනය 🦾 "සාමාන්‍ය මිනිසුන් අසාමාන්‍ය දේවල් කරන තැනක්" ලෙස SEAL බලකාය හැඳින්විය හැකියි. ඔවුන්ට අනුව ශරීරය වෙහෙසට පත් වුවත්, මනස ශක්තිමත් නම් ඕනෑම බාධකයක් බිඳ දැමිය හැකිය. 🔫 SEAL බලකායේ මාරාන්තික ආයුධ කට්ටලය (The Arsenal) සාමාන්‍ය සෙබළෙකුට වඩා මොවුන් භාවිතා කරන ආයුධ තාක්ෂණයෙන් ඉතා ඉහළයි. HK416 Assault Rifle: මෙය ලෝක ප්‍රසිද්ධ රයිෆලයක්. ඔසාමා බින් ලාඩන් මෙහෙයුමේදීත් SEAL සෙබළුන් ප්‍රධාන වශයෙන්ම භාවිතා කළේ මෙයයි. මෙය ජලයේ පොඟවා ගත් සැනින් වුවත් කිසිදු දෝෂයකින් තොරව ක්‍රියාත්මක කළ හැකියි. SIG Sauer P226: මෙය SEAL සෙබළුන් අතර ඉතා ජනප්‍රිය පිස්තෝලයක්. ඉතාමත් විශ්වාසදායක සහ ඕනෑම රළු පරිසරයකට ඔරොත්තු දෙන ආයුධයක් ලෙස මෙය සැලකෙනවා. Night Vision Goggles (NVG): රාත්‍රී කාලයේදීත් දහවල් කාලයේ මෙන් පැහැදිලිව දැකීමට ඔවුන් භාවිතා කරන සතරැස් ඇස් ඇති (Four-lens) GPNVG-18 උපකරණය ඉතාමත් මිල අධික වගේම තාක්ෂණයෙන් ඉහළයි. 🏊♂️ මඩේ බැස කරන පුහුණුව (The Mud Flats) Navy SEAL පුහුණුවීම් වල තවත් විශේෂ තැනක් තමයි ටිජුවානා (Tijuana) මඩ ගොහොරුව. සෙබළුන්ට දැඩි ශීතල මඩේ පැය ගණනාවක් විවිධ අභ්‍යාස කිරීමට සිදුවන අතර, මෙය ඔවුන්ගේ ශාරීරික ශක්තියට වඩා මානසික ඒකාග්‍රතාවය මැන බලන පරීක්ෂණයකි. 🤫 "Hell Week" එකේ අවසානය නිරයේ සතිය අවසානයේදී ඔවුන්ට ලැබෙන එකම සහතිකය වන්නේ තමන්ගේ කණ්ඩායම සමඟ ඇති වන නොබිඳෙන සහෝදරත්වය සහ එම ගෞරවනීය Trident ලාංඡනය පැළඳීමට ඇති සුදුසුකමයි. "අභියෝග හමුවේ සැලෙන්නේ නැති, මරණය අභියස සිනාසෙන මේ වීරයන්ගේ ජීවිතය ගැන ඔබ මොකද හිතන්නේ?
📌🔴 කියුබාව අඬනවා! බලවතුන්ගේ තෙල් සෙල්ලම මැද දකුණු ඇමරිකාවම අගාධයට? 🇨🇺⛽ "කියුබානුවෝ අද පාරවල්වල හඬා වැලපෙනවා..." මේ කැනඩා සංචාරක යුවළක් කියපු කතාවක්. කියුබාවේ තෙල් හිඟය අද කොච්චර දරුණුද කියනවා නම් මිනිස්සුන්ට රස්සා නැති වෙලා, කන්න බොන්න විදිහක් නැතුව අන්ත අසරණ වෙලා. හෝටල් වහලා, ඉස්කෝලේ යන කාලය අඩු කරලා, රජයේ ඔෆිස් සතියට දින 4කට සීමා කරලා. තව සති දෙකකට වඩා තෙල් නැහැ කියලයි විශේෂඥයෝ කියන්නේ. ♟️ ඇමරිකාවේ ට්‍රම්ප් ගහන "තෙල් ගේම" මේක නිකම්ම වෙච්ච දෙයක් නෙවෙයි. කියුබාවේ කොමියුනිස්ට් පාලනය වට්ටන්න ඇමරිකාව ගහපු ප්ලෑන් එකක්. කියුබාවට තෙල් දෙන ඕනෑම රටකට දඩ ගහනවා කියලා ඇමරිකාව තර්ජනය කරපු ගමන්, මෙතෙක් කල් තෙල් දීපු වෙනිසියුලාවේ අලුත් පාලනයයි, මෙක්සිකෝවයි තෙල් දෙන එක නතර කළා. මේක තනිකරම ආර්ථිකව හුස්ම හිර කරලා ආණ්ඩුව පෙරළන්න හදපු උගුලක්. 🧊 රුසියාවයි චීනයයි කියුබාව අතෑරලාද? මේ කතාවේ තියෙන බරපතළම දේ තමයි කියුබාවේ "පරණ මිතුරෝ" දැන් මඟහරින එක. රුසියාව තෙල් ටිකක් එව්වත්, ඇමරිකාව එක්ක තියෙන වාසි බලාගෙන රුසියාවයි චීනයයි දැන් කියුබාව ගැන වැඩිය බලන්නේ නැහැ. තමන්ගේ ලොකු වාසි ඉස්සරහා පොඩි රටවල් පාවා දෙන එක ලෝක දේශපාලනයේ හැටියක්. මිතුරෝ නැති වුණු කියුබාව අද තනි වෙලා. 🌊 ඩොමිනෝ බලපෑම අනිත් රටවලුත් පෝලිමේ! කියුබාව කියන්නේ පටන් ගැන්ම විතරයි. වෙනිසියුලාවෙන් සහනදායී තෙල් ලබාගත්ත චීන/රුසියානු හිතවාදී නිකරගුවාව, බොලිවියාව වගේ අනිත් රටවලුත් දැන් වැටෙන්න නියමිතයි. වෙනිසියුලාවේ තෙල් සැපයුම නතර වීමත් එක්ක, ඇමරිකානු විරෝධී කඳවුරේ ඉන්න හැම රටක්ම එක පෙළට බිඳ වැටෙන ලකුණු පහළ වෙලා. ඇමරිකාව මේ හදන්නේ මුළු කලාපයෙන්ම තමන්ගේ විරුද්ධවාදීන්ව අයින් කරලා දාන්නයි. 💔 දේශපාලනය මැද කුඩුපට්ටම් වෙන මිනිස් ජීවිත ලොකු රටවල් දේශපාලන චෙස් පුවරුවේ ගේම් ගහනකොට බැට කන්නේ අහිංසක මිනිස්සු. ඉන්ධන නැති නිසා රටම හිර වෙලා, මිනිස්සුන්ගේ ජීවිත අඩපණ වෙලා. බලවතුන්ගේ මේ අනුකම්පා විරහිත සෙල්ලම නිසා අද කියුබානුවෝ පාරවල් වල වැලපෙනවා. මේක තෙල් ප්‍රශ්නයක් විතරක් නෙවෙයි, ලෝක බලවතුන්ගේ සෙල්ලමකට මැදිවුණු මිනිස් ජීවිත දහස් ගණනක ඛේදවාචකයක්.
📌සිග්නල්, ඩේටා ඕනෙම නෑ! ෆෝන් එකෙන් ෆෝන් එකට මැසේජ් යවන "Bitchat" මෙන්න. 🔥 ඔන්න යාලුවනේ, ට්විටර් (Twitter) හදපු ජැක් ඩෝර්සි (Jack Dorsey) ආයේ පාරක් ලෝකයම වෙනස් කරන වැඩක් පටන් අරගෙන! 🔥 අපි හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි සිග්නල් නැති වෙන එක හරි ඩේටා ඉවර වෙන එක හරි. සමහර වෙලාවට කරන්ට් එක ගිහින් ටවර් වැඩ නැති වුනාම අපි කාත් එක්කවත් කතා කරගන්න බැරුව කොටු වෙනවානේ. අන්න ඒ ප්‍රශ්නෙට විසඳුමක් විදියට ජැක් ඩෝර්සි අලුත් ඇප් එකක් එළියට දාලා තියෙනවා. 🤩 මේ ඇප් එකේ නම තමයි "Bitchat". මේකේ තියෙන විශේෂත්වය තමයි, මේක වැඩ කරන්න ඉන්ටර්නෙට් (Internet) ඕනෙම නෑ! ඒ වගේම මොබයිල් ටවර් ඕනෙත් නෑ. 🚫📶 කොහොමද මේක වැඩ කරන්නේ? 🤔 මේ ඇප් එක බ්ලූටූත් (Bluetooth) තාක්ෂණය පාවිච්චි කරලා "Mesh Network" එකක් හදනවා. ඒ කියන්නේ, ඔයා යවන මැසේජ් එක ලඟ පාත තියෙන අනිත් ෆෝන් හරහා පැන පැන (Hop කර කර) ඔයාට ඕන කෙනාට යවනවා. හරියට ෆෝන් එකෙන් ෆෝන් එකට සම්බන්ධ වෙලා දැලක් වගේ හැදෙන සිස්ටම් එකක්. ඒ නිසා කැලෑවක හිටියත්, ස්වභාවික විපතක් වෙලා ටවර් කඩන් වැටුනත් මේ ඇප් එක හරහා අපිට සම්බන්ධ වෙන්න පුළුවන්. 💪🏕️ ආරක්ෂාව කොහොමද? 🔒 මේකේ කිසිම මැසේජ් එකක් පිට සර්වර් (Server) එකක සේව් වෙන්නේ නෑ. ෆෝන් නම්බර්, ඊමේල් මුකුත් ඕන නෑ. ඔයාගේ මැසේජ් එක "Encrypted" වෙලා කෙලින්ම අනිත් කෙනාට විතරයි යන්නේ. ඒ නිසා ප්‍රයිවසි (Privacy) එක ගැන බය වෙන්න දෙයක් නෑ.
📌කිරුළ අහිමි වූ රජු! 👑⛓️ අපේ අන්තිම රජතුමා ඉන්දියාවේ හිරගෙදරක මැරිලා ගිය හැටි දන්නවාද? 1815 දී උඩරට ගිවිසුම ගහලා ඉංග්‍රීසින් අපේ රට බාරගද්දී, ත්‍රී සිංහලයම පාලනය කළ අභිමානවත් නායකයා, ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාට මොකද වුණේ? බොහෝ දෙනෙක් හිතන්නේ එතුමාව එදාම මැරුවා කියලයි. නෑ... ඊට වඩා දරුණු මානසික වදයක් එතුමා වසර 17ක් තිස්සේ වින්දා.🥺 මේ, කිරුළක් දරපු රජෙක්, සිරකරුවෙක් වුණු කතාවයි. මැදමහනුවර බෝමුරේදී අත්අඩංගුවට පත්වුණු රජතුමාව, ඉංග්‍රීසින් විසින් "කෝන්වොලිස්" (HMS Cornwallis) කියන නැවෙන් ඉන්දියාවේ මදුරාසියට (චෙන්නායි) අරගෙන ගියා. ඉන්දියාවේ "වෙලෝර්" (Vellore) කියන කොටුවේ කුඩා නිවසක තමයි රජතුමාව හිර කරලා තිබ්බේ. රජකාලේ රන් පිඟානෙන් කාපු, දෙනෙත් පාදලා බලපු රජතුමාට අන්තිමට ඉතුරු වුණේ ඉංග්‍රීසි ආණ්ඩුවෙන් මාසෙට දෙන "දීමනාව" විතරයි. එතුමා එහේදී හරිම නිහඬ, දැහැමි ජීවිතයක් ගත කළා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. තමන්ගේ දරුවන් සහ බිසවරුන් එක්ක සාමාන්‍ය මිනිසෙක් වගේ එතුමා ජීවත් වුණා. ඉතිහාස වාර්තා වලට අනුව, රජතුමා නිතරම පසුතැවුණේ තමන්ගේම නිලමේවරුන්ව විශ්වාස කරලා, තමන්ගේම ජාතියට විරුද්ධ වුණ එක ගැනයි. "ඉංග්‍රීසින් මගේ ගත හිර කළාට, මගේ හිත තියෙන්නේ මහනුවර වැව රවුමේ" කියලා එතුමා වරක් ප්‍රකාශ කරලා තියෙනවා. වසර 17ක් සිරකරුවෙක් ලෙස ජීවත් වුණු අපේ අන්තිම රජතුමා, 1832 ජනවාරි 30 වෙනිදා වයස අවුරුදු 52 දී ඉන්දියාවේදීම මිය ගියා. අදටත් චෙන්නායි නගරයේ "මුතු මණ්ඩපම්" (Muthu Mandapam) කියන ස්මාරකය ඇතුලේ අපේ අන්තිම රජතුමා නිදාගෙන ඉන්නවා. ඇහැලේපොළ කුමාරිහාමි වගේ සිදුවීම් නිසා එතුමා කුරිරු පාලකයෙක් කියලා සමහරු කියනවා. තවත් සමහරු කියන්නේ එතුමා නිලමේවරුන්ගේ කුමන්ත්‍රණ වලට අහුවුණු අහිංසක රජෙක් කියලා.
📌ලෝකයේ කිසිම කෙනෙක්ට කියවන්න බැරි "අත්භූත පොත"! 📖❓ අදටත් නොවිසඳුණු අංක 01 අබිරහස් අත්පිටපත "The Voynich Manuscript." හිතන්න... ඔබට හමුවෙනවා පරණ පොතක්. ඒකේ තියෙන අකුරු ඔබ ජීවිතේට දැකලා නෑ. ඒ භාෂාව මේ ලෝකේ කිසිම රටකට අයිති නෑ. ඒ විතරක් නෙවෙයි, ඒකේ ඇඳලා තියෙන පින්තූර වල ඉන්න ගස්, සත්තු පෘථිවියේ දකින්නවත් නෑ! මේක ෆැන්ටසි කතාවක් නෙවෙයි. මේ තමයි දැනට ඇමරිකාවේ යෙල් විශ්වවිද්‍යාලයේ ඉතා ආරක්ෂිතව තබා ඇති "වොයිනිච් අත්පිටපත" (The Voynich Manuscript). 🔹ඇයි මේ පොත මෙච්චර විශේෂ? මේ පොත ලියවිලා තියෙන්නේ මීට අවුරුදු 600කට විතර කලින් (ක්‍රි.ව. 1404-1438 අතර). පිටු 240ක් පුරා තියෙන මේ අමුතු ලස්සන අකුරු රටාව මොන භාෂාවක්ද කියලා අද වෙනකම් කිසිම කෙනෙක් හොයාගෙන නෑ. ලෝක යුද්ධ කාලේ හිටපු දක්ෂම රහස් කේත කියවන්නන් (Codebreakers) සහ අද ඉන්න සුපිරි පරිගණක (AI) පවා මේක ඉස්සරහ පරාද වුණා. භාෂාව විතරක් නෙවෙයි, මේකේ තියෙන පින්තූර ඊටත් වඩා අමුතුයි. පෘථිවියේ කොහෙවත් නැති වර්ගයේ අමුතු ගස් සහ මල්. අමුතු නල මාර්ග පද්ධති හෝ පොකුණු තුළ ඉන්න කුඩා නිරුවත් කාන්තාවන්. අපිට හුරුපුරුදු නැති තාරකා සිතියම් (Zodiac signs). 🔹ඇත්තටම මේක මොකක්ද? විද්වතුන් අතර මත ගොඩක් තියෙනවා: මෙය අතීතයේ විසූ දක්ෂයෙක් (ලියනාඩෝ ඩා වින්සි වගේ) විසින් සැඟවුණු දැනුමක් ආරක්ෂා කරන්න ලියපු රහස් පොතක්ද? නැත්නම් මධ්‍යතන යුගයේ හිටපු කෙනෙක් මුදල් ගරාගන්න කරපු මහා විහිළුවක්ද? (Hoax) එහෙමත් නැත්නම්... සමහරු විශ්වාස කරන විදිහට මේක පිටසක්වල ජීවීන්ගෙන් ලැබුණු දැනුමක්ද?
📌සුව නින්දක් අහිමි වීම (Insomnia) සහ ඊට ප්‍රතිකාර - සරල පැහැදිලි කිරීමක් 😴 Insomnia කියන්නේ මොකක්ද? Insomnia නැත්නම් "අනිද්‍රාව" කියන්නේ සරලවම කිව්වොත් හිතේ හැටියට නින්දක් ලබාගන්න බැරි එකටයි. ඇඳට ගියාට පස්සේ පැය ගාණක් යනකම් නින්ද නොයාම, පාන්දරින්ම ඇහැරිලා ආපහු නින්ද නොයාම, නැත්නම් රෑ මැද නිතර නිතර ඇහැරෙන එක මේකට ඇතුළත්. මේ නිසා පහුවදා උදේට ඇඟට පණ නෑ වගේ දැනෙනවා, මහන්සියි, වැඩක් කරන්න කම්මැලියි, ඉක්මනට කේන්ති යනවා. කෙටියෙන්ම කිව්වොත්, රෑට හරියට නිදාගත්තේ නැති නිසා දවල් කාලයේ ජීවිතේ අවුල් වෙනවා. 🥱😓 ❤️🫁❤️🫁❤️🫁❤️🫁❤️🫁❤️🫁 ඇයි මෙහෙම වෙන්නේ? (හේතු) මේකට බලපාන හේතු ගොඩක් තියෙන්න පුළුවන්. අපි සාමාන්‍ය ජීවිතේ දකින උදාහරණ ටිකක් බලමු: මානසික ආතතිය (Stress): හෙට කරන්න තියෙන වැඩ ගැන, රස්සාවේ ප්‍රශ්න, ළමයින්ගේ ප්‍රශ්න, සල්ලි ප්‍රශ්න ගැන රෑට ඇඳට ගිහිිං කල්පනා කරනකොට මොළය දිගටම වැඩ කරනවා. ඉතින් නින්ද යන්නෙ නෑ. 🤯😟 වැරදි පුරුදු: රෑ නිදාගන්න ගිහින් පැය ගාණක් ෆෝන් එක ඔබ ඔබ ඉන්න එක, ෆේස්බුක් බලන එක, ගේම් ගහන එක. මේ තිරවලින් එන එළිය නිසා නින්දට උදව් කරන හෝමෝන හැදෙන එක නවතිනවා. ඒ වගේම හවසට තේ, කෝපි, කෝලා වගේ දේවල් බොන එකත් නින්දට බාධාවක්. 📱☕🚫 නිදන පරිසරය: නිදන කාමරේ ලයිට් එළිය වැඩිනම්, පාරේ වාහන සද්දේ, බල්ලො බුරන සද්දේ ඇහෙනවා නම්, කාමරේ හරිම රස්නෙයි නම් හරි සීතලයි නම් හරි නින්ද යන්නෙ නෑ. 💡🔊🌡️ වෙනත් රෝග: ඇදුම වගේ හුස්ම ගැනීමේ අමාරු තියෙන අයට, කොන්දේ කැක්කුම්, දණහිස් කැක්කුම් වගේ ඇඟේ වේදනා තියෙන අයට රෑට හරියට නින්ද යන්නෙ නෑ. 🤒🩺 ❤️🫁❤️🫁❤️🫁❤️🫁❤️🫁❤️🫁 ප්‍රතිකාර - සුව නින්දකට පුරුදු (Sleep Hygiene) 🛌✨ Insomnia සඳහා හොඳම සහ පළමු ප්‍රතිකාරය තමයි අපේ වැරදි පුරුදු වෙනස් කරගන්න එක. මේකට කියන්නේ "Sleep Hygiene" කියලා. මේ ටික හරියට කළොත් ගොඩක් අයට බෙහෙත් නැතුවම හොඳ නින්දක් ලබාගන්න පුළුවන්. නිශ්චිත වේලාවක්: හැමදාම රෑට එකම වෙලාවකට (උදා: රාත්‍රී 10ට) නිදාගන්න යන්න. හැමදාම උදේට එකම වෙලාවකට (උදා: උදේ 6ට) ඇහැරෙන්න. සති අන්තයේ නිවාඩු දවස්වලට පවා මේ වෙලාව වෙනස් කරන්න එපා. මේකෙන් අපේ ඇඟේ තියෙන "ජෛව ඔරලෝසුව" (Body Clock) හරියට වැඩ කරන්න පටන් ගන්නවා. ⏰🗓️ ඇඳට පෙර සූදානම (Wind-down routine): නිදාගන්න යන්න පැයකට විතර කලින් ඉඳන් මනස සන්සුන් කරගන්න. ෆෝන් එක, ටීවී එක, ලැප්ටොප් එක ඈත් කරන්න. පොතක් කියවන්න, මද උණුසුම් වතුරෙන් ඇඟ හෝදගන්න, සන්සුන් සංගීතයක් අහන්න, භාවනා කරන්න. 📚Music🧘♂️ නිදන කාමරය: ඔබේ නිදන කාමරය නින්දට සුදුසු තැනක් කරගන්න. එය හොඳින් අඳුරු කරන්න, ජනෙල් වහලා සද්ද බද්ද අඩුවෙන් තියාගන්න, ෆෑන් එකක් දාලා හරි ඒසී එකක් දාලා හරි සුවපහසු උෂ්ණත්වයක් තියාගන්න. 🌌🤫❄️ කෑම බීම: හවස 2න් පස්සේ තේ, කෝපි, චොකලට්, කෝලා වර්ග ගන්න එපා. මේවායේ තියෙන කැෆේන් නිසා නින්ද යන්නෙ නෑ. ඒ වගේම රෑට බඩ පිරෙන්න බර කෑම කන්නත් එපා. 🚫☕🍔 දහවල් නින්ද: දවල්ට නිදාගන්න පුරුද්ද නවත්තන්න. අමාරුම නම් විනාඩි 20කට වඩා නිදාගන්න එපා. හවස 3න් පස්සේ කොහොමත්ම නිදාගන්න එපා. 🚫😴☀️ ව්‍යායාම: දිනපතා විනාඩි 30ක් වත් ව්‍යායාම කරන්න. හැබැයි රෑ නිදාගන්න පැය 3-4කට කලින් ව්‍යායාම කිරීම නවත්තන්න. 🏃♂️🤸♀️ ඇඳේ කරන්න ඕන දේ: ඇඳ පාවිච්චි කරන්න ඕන නිදාගන්න විතරයි. ඇඳේ ඉඳන් ඔෆිස් වැඩ කරන්න, ටීවී බලන්න, ෆෝන් එක ඔබන්න, කෑම කන්න එපා. ඇඳට ගියාම විනාඩි 20ක් ඇතුළත නින්ද ගියේ නැත්නම්, ඇඳෙන් නැගිටලා වෙන තැනකට ගිහින් පොතක් කියවන්න වගේ දෙයක් කරන්න. නින්ද මතේ ආවම විතරක් ආයේ ඇඳට යන්න. 🛏️🚫💻🍕 ❤️🫁❤️🫁❤️🫁❤️🫁❤️🫁❤️🫁 වෙනත් ප්‍රතිකාර 👨⚕️👩⚕️ සිතුවිලි සහ හැසිරීම් වෙනස් කිරීමේ ප්‍රතිකාරය (CBT-I): ඉහත පුරුදු වෙනස් කිරීමෙන් විතරක් හරියන්නෙ නැත්නම්, වෛද්‍යවරු මේ ප්‍රතිකාරය නිර්දේශ කරනවා. මෙතනදි වෙන්නේ නින්ද ගැන ඔබේ හිතේ තියෙන වැරදි මත, බය සහ නින්දට බාධා වන සිතුවිලි රටාවන් හඳුනාගෙන ඒවා වෙනස් කරන්න පුහුණු කරන එක. මෙය ඉතා සාර්ථක සහ ආරක්ෂිත ප්‍රතිකාර ක්‍රමයක්. 🧠🔄👍 පෙති වර්ග: නින්ද යාම සඳහා දෙන පෙති වර්ග පාවිච්චි කළ යුත්තේ අන්තිම පියවර විදිහට, වෛද්‍ය උපදෙස් මත, ඉතා කෙටි කාලයකට (දින කිහිපයකට හෝ සති කිහිපයකට) පමණයි. දිගටම මේ පෙති බොන එකෙන් ඒවාට ඇබ්බැහි වෙන්න පුළුවන් වගේම වෙනත් අතුරු ආබාධ ඇතිවෙන්නත් පුළුවන්. ඒ නිසා කවදාවත් හිතුමතේට ෆාමසියෙන් අරන් මේ පෙති බොන්න එපා. 💊⚠️🚫
📌ඇදුම (Asthma) රෝගය සඳහා කෙරෙන ප්‍රතිකාර ගැන සරලව සහ විස්තරාත්මකව දැනගනිමු. 🌬️💊 ඇදුම රෝගය කියන්නේ අපේ පෙණහලු වලට හුළං ගෙනියන බට (ශ්වාස නාල) වල ඇතිවන අසනීප තත්ත්වයක්. මෙහිදී සිදුවන්නේ මේ හුළං බට ඇතුළතින් ඉදිමී, රතු වී, සෙම පිරීම නිසා බටය සිහින් වීමයි. සරල උදාහරණයක්: මෙය හරියටම වතුර යන හෝස් බටයකට කසළ හිරවෙලා හෝ බටය තැනින් තැන තද වෙලා වතුර හරියට යන්නේ නැති අවස්ථාවක් වගේ. අපේ පෙණහලු වලටත් අවශ්‍ය හුළං ප්‍රමාණය හරියට යන්නේ නැති වුනාම තමයි හුස්ම ගන්න අමාරු වෙන්නේ, පපුව හිර කරන්නේ සහ "හූ" තියන සද්දයක් එන්නේ. 😟 ඇදුම ප්‍රතිකාරයේ ප්‍රධාන අරමුණ මේ ඉදිමීම අඩු කරලා, බටේ පළල් කරලා, පහසුවෙන් හුස්ම ගන්න සැලැස්වීමයි. ❤️🫁❤️🫁❤️🫁❤️🫁❤️🫁❤️🫁❤️🫁 1. ඇදුම ප්‍රතිකාරයේ ප්‍රධාන කොටස් දෙක (The Two Main Types of Treatment) ✌️ ඇදුම සඳහා භාවිතා කරන "ඉන්හේලර්" (Inhalers) හෙවත් කටින් උරන බෙහෙත් වර්ග ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. මේ දෙකේ වෙනස දැනගැනීම ඉතාම වැදගත්. ✅ A. හදිසි සහනකාරක ඖෂධ (Relievers) - "නිල් පාට ඉන්හේලරය" 🔵 මේවා භාවිතා කරන්නේ හදිසියේ ඇදුම අමාරුවක් හැදුණු වෙලාවට විතරයි. ක්‍රියා කරන ආකාරය: මේ බෙහෙත උරපු ගමන්ම හැකිළිලා තියෙන හුළං බට ක්ෂණිකව ලිහිල් කරනවා. ඒ නිසා විනාඩි කිහිපයක් ඇතුළත හුස්ම ගැනීමේ පහසුවක් දැනෙනවා. සරල උදාහරණයක්: මෙය හරියටම හදිසියේ ගින්නක් ඇවිළුණු වෙලාවට පාවිච්චි කරන "ගිනි නිවන උපකරණයක්" (Fire Extinguisher) වගේ. ගින්න නිවන්න ඒ වෙලාවට විතරයි පාවිච්චි කරන්නේ. නමුත් මේකෙන් ආපහු ගින්නක් ඇතිවෙන එක වළක්වන්න බැහැ. 🔥🧯 වැදගත් කරුණ: ඔබට සතියකට තුන් හතර වතාවකට වඩා මේ නිල් පාට එක පාවිච්චි කරන්න වෙනවා නම්, එයින් කියවෙන්නේ ඔබේ ඇදුම රෝගය පාලනය වී නොමැති බවයි. එවිට වහාම වෛද්‍යවරයා හමුවිය යුතුයි. ✅ B. පාලක ඖෂධ (Preventers) - "දුඹුරු, තැඹිලි හෝ දම් පාට ඉන්හේලර්" 🟤🟠🟣 ඇදුම ප්‍රතිකාරයේ වැදගත්ම කොටස මෙයයි. බොහෝ දෙනෙක් අතපසු කරන්නේත් මෙයයි. ක්‍රියා කරන ආකාරය: මෙහි අඩංගු වන්නේ ඉතාම සුළු මාත්‍රාවකින් යුත් ස්ටෙරොයිඩ් (Steroids) ඖෂධයක්. (බිය නොවන්න, මෙය පෙති ලෙස බොන ස්ටෙරොයිඩ් වලට වඩා හාත්පසින්ම වෙනස් සහ ආරක්ෂිතයි). මෙය දිනපතා භාවිතා කිරීමෙන් පෙණහලු බට ඇතුළේ තියෙන "ඉදිමීම සහ තුවාල" හෙමින් සීරුවේ සුව කරනවා. සරල උදාහරණයක්: මෙය හරියට අපි දිනපතා අව්වට යන්න කලින් ගාන "සන් ක්‍රීම්" (Sunscreen) එකක් වගේ. එහෙම නැත්නම් දත් නරක් නොවී තියාගන්න අපි හැමදාම දත් මදිනවා වගේ වැඩක්. අමාරුවක් නැති වුනත්, අමාරුවක් එන එක වළක්වා ගන්න නම් මෙය වෛද්‍යවරයා කියන විදිහට හැමදාම පාවිච්චි කරන්න ඕනේ. 🛡️☀️ වැදගත් කරුණ: මෙයින් ප්‍රතිඵල ලැබෙන්න සති කිහිපයක් ගත වෙනවා. ඒ නිසා අද පාවිච්චි කරලා හෙට සුවයක් බලාපොරොත්තු වෙන්න එපා. දිගටම පාවිච්චි කිරීම අත්‍යවශ්‍යයි. ❤️🫁❤️🫁❤️🫁❤️🫁❤️🫁❤️🫁❤️🫁 2. බෙහෙත් ගන්නා නිවැරදි ක්‍රමය (Correct Technique & Spacers) 🗣️💨 ලෝකයේ හොඳම බෙහෙත දුන්නත්, එය හරියට පෙණහලු ඇතුළට ගියේ නැත්නම් වැඩක් නැහැ. ගොඩක් අයට ඉන්හේලර් එක කෙලින්ම කටට තියලා උරන එක අමාරුයි. එතකොට බෙහෙත් ඔක්කොම උගුරේ රැඳෙනවා. විසඳුම - "ස්පේසර්" (Spacer) උපකරණය: මෙය ප්ලාස්ටික් බටයක් වගේ උපකරණයක්. ඉන්හේලර් එක මෙයට සවි කරලා, බෙහෙත් පාර මේ බටය ඇතුළට විදලා, ඊට පස්සේ හිමින් සීරුවේ කටින් උරන්න පුළුවන්. සරල උදාහරණයක්: වේගයෙන් වතුර එන කරාමයකින් පොඩි කෝප්පයකට වතුර අල්ලන්න ගියොත් වතුර විසි වෙනවා. ඒත් "පුනීලයක්" (Funnel) පාවිච්චි කළොත් ලේසියෙන්ම වතුර ටික කෝප්පෙට දාගන්න පුළුවන්. ස්පේසර් එකත් ඒ වගේ. එය බෙහෙත් ටික හරියටම පෙණහලුවලට යවන්න උදව් වෙනවා. 📢 ❤️🫁❤️🫁❤️🫁❤️🫁❤️🫁❤️🫁❤️🫁 3. බෙහෙත් විතරක් මදි, පරිසරයත් වැදගත් (Triggers & Lifestyle) 🏡🌳 ඔබ කොච්චර බෙහෙත් ගත්තත්, ඔබේ ඇදුම වැඩි කරන දේවල් (Triggers) වලට නිතරම නිරාවරණය වෙනවා නම් රෝගය පාලනය කරන්න අමාරුයි. දූවිලි, මකුළු දැල්, සිගරට් දුම, දර ලිපේ දුම, මදුරු කොයිල් දුම, සුවඳ විලවුන්, සහ සුරතල් සතුන්ගේ ලොම් වැනි දේවල් වලින් හැකිතාක් ඈත් වෙන්න. සරල උදාහරණයක්: ඔබට මිරිස් සැරට ඇලජික් (Allergic) නම්, දිනපතා මිරිස් කන ගමන් බෙහෙත් බිව්වට වැඩක් නැහැ නේද? මිරිස් කන එකත් නවත්වන්න ඕනේ. ඒ වගේම තමයි ඇදුම රෝගයත්. 🚫🐕Condition ඇදුම කියන්නේ හොඳින් පාලනය කළ හැකි රෝගයක්. වෛද්‍ය උපදෙස් පිළිපැදීමෙන් ඔබට සාමාන්‍ය, ක්‍රියාශීලී ජීවිතයක් ගත කරන්න පුළුවන්. 💪😊
📌HbA1c පරීක්ෂණය කියන්නේ මොකක්ද කියලා අපි සරලව, හරියට ගෙදර කතා කරන භාෂාවෙන් උදාහරණයක් එක්ක තේරුම් ගමු. 🩺 🫁💖🫁💖🫁 මොකක්ද මේ HbA1c? අපි සාමාන්‍යයෙන් ඇඟිල්ල විදලා බලන සීනි පරීක්ෂණයෙන් (Fasting හෝ Random Blood Sugar) අපිට දැනගන්න පුළුවන් වෙන්නේ ඒ වෙලාවේ, එහෙමත් නැත්නම් අද දවසේ අපේ ලේ වල තියෙන සීනි ප්‍රමාණය විතරයි. ඒක හරියට වාහනයක යනකොට ඒ මොහොතේ යන වේගය පෙන්නන ස්පීඩෝමීටරය (Speedometer) වගේ. 🚗💨 නමුත් HbA1c පරීක්ෂණය ඊට වඩා ගොඩක් වෙනස්. ඒක හරියට වාහනයේ ඕඩෝමීටරය (Odometer) වගේ. ඒකෙන් අපිට පෙන්වනවා පහුගිය මාස 2-3 ඇතුළත අපේ ලේ වල සාමාන්‍යයෙන් කොච්චර සීනි මට්ටමක් තිබුණාද කියලා. ඒ කියන්නේ දීර්ඝකාලීනව සීනි පාලනය කොහොමද කියලා බලාගන්න පුළුවන් හොඳම ක්‍රමය මේකයි. 🗓️📈 🫁💖🫁💖🫁 කොහොමද මේක වෙන්නේ? (සරල උදාහරණයක්) අපේ ලේ වල "රතු රුධිර සෛල" කියලා සෛල වර්ගයක් තියෙනවා. මේවා තමයි අපේ ඇඟ පුරා ඔක්සිජන් ගෙනියන්නේ. මේ රතු රුධිර සෛල හරියට පැණි වල දාපු ඩෝනට්ස් (Donuts) වගේ කියලා හිතන්න. 🍩🩸 අපේ ලේ වල සීනි (ග්ලූකෝස්) වැඩි වෙනකොට, මේ වැඩිපුර තියෙන සීනි ගිහින් අර රතු රුධිර සෛල වල ඇලෙනවා. ලේ වල සීනි වැඩි වෙන තරමට, සෛල වල ඇලෙන සීනි ප්‍රමාණයත් වැඩියි. රතු රුධිර සෛලයක සාමාන්‍ය ආයු කාලය මාස 3ක් විතර වෙනවා. ඉතින්, HbA1c පරීක්ෂණයෙන් කරන්නේ මේ රතු රුධිර සෛල වල කොච්චර සීනි ප්‍රමාණයක් ඇලිලා තියෙනවාද කියලා මැනලා බලන එකයි. ඒකෙන් අපිට පහුගිය මාස 2-3 ක සාමාන්‍ය සීනි මට්ටම ගැන නිවැරදි අදහසක් ගන්න පුළුවන්. 🫁💖🫁💖🫁 ඇයි මේක වැදගත්? දියවැඩියාව හඳුනාගැනීමට: ඔබට දියවැඩියාව තියෙනවාද, නැත්නම් දියවැඩියාව හැදෙන්න ඔන්න මෙන්න (පූර්ව දියවැඩියාව/Prediabetes) තත්ත්වයක ඉන්නවාද කියලා හරියටම දැනගන්න මේක උදව් වෙනවා. 🤔 පාලනය ගැන දැනගැනීමට: දැනටමත් දියවැඩියාව තියෙන කෙනෙක් නම්, ඔබ ගන්නා බෙහෙත්, කෑම බීම පාලනය සහ ව්‍යායාම මගින් පහුගිය මාස කිහිපයේදී රෝගය හොඳින් පාලනය වෙලාද කියලා වෛද්‍යවරයාට දැනගන්න මේක අත්‍යවශ්‍යයි. ✅👨⚕️ 🫁💖🫁💖🫁 පරීක්ෂණය කරන්නේ කොහොමද? මේක බොහොම සරල ලේ පරීක්ෂණයක්. සාමාන්‍යයෙන් අතේ ഞരம்பකින් (vein) ලේ ටිකක් ගන්නවා. විශේෂම දේ තමයි, මේ පරීක්ෂණය කරන්න බඩගින්නේ ඉන්න (fasting) අවශ්‍ය නැහැ. දවසේ ඕනෑම වෙලාවක කරන්න පුළුවන්. ප්‍රතිඵලය ප්‍රතිශතයක් (%) විදියට තමයි ලැබෙන්නේ. සාමාන්‍ය අගයන් (දළ වශයෙන්): සාමාන්‍ය (Normal): 5.7% ට අඩු පූර්ව දියවැඩියාව (Prediabetes): 5.7% - 6.4% අතර දියවැඩියාව (Diabetes): 6.5% හෝ ඊට වැඩි වැදගත්: මේ අගයන් දළ මිනුම් පමණයි. ඔබේ වයස, වෙනත් රෝග තත්ත්වයන් මත ඔබට සුදුසුම අගය වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබේ වාර්තාව ගැන අනිවාර්යයෙන්ම ඔබේ වෛද්‍යවරයා සමඟ කතා කරන්න. 🗣️🏥
📌🎬 මනුෂ්‍යත්වයේ මරණ ලියවිල්ල: "තමන් දෙවියෙක් කියා සිතූ" ඒ ලේ පිපාසිත අණදෙන නිලධාරියාගේ කතාව.. මොහොතකට හිතන්න... ඔබේ ඇඟිල්ලක එක කුඩා ගැස්මකින් තවත් මනුෂ්‍යයෙක්ගේ මුළු ජීවිතයම, ඔවුන්ගේ හීන, ආදරය, බලාපොරොත්තු හැමදේම තත්පරයකින් අළු කරලා දාන්න ඔබට පුළුවන් කියලා. බලය කියන්නේ මාරාන්තික මත්ද්‍රව්‍යයක්. ඒ බලය ඔළුවට ගැහුවම, මිනිහෙක් තවත් මිනිහෙක්ව දකින්නේ "වැලි කැටයක්" තරම්වත් වටින්නේ නැති දෙයක් විදියටයි. අද අපි මේ කියන්න යන්නේ 1940 දශකයේ ලෝකයම කම්පා කරපු, මනුෂ්‍ය වෙස් ගත් යක්ෂයෙක් වුණු අමොන් ගොත් (Amon Göth) ගැනයි. 📍 බලයෙන් උමතු වූ දඩයක්කාරයා අමොන් ගොත් හිටියේ පෝලන්තයේ කන්දක් උඩ පිහිටි සුදු පැහැති මන්දිරයක. ඔහුට පල්ලෙහායින් පෙනුණේ ප්ලැසෝව් (Płaszów) ගාල් කඳවුරේ ගැහෙන හදවත් දහස් ගණනක්. ඔහු උදේට අවදි වෙලා බැල්කනියට එන්නේ හරිම සැහැල්ලුවෙන්. එක අතක සිගරට් එකක්, අනෙක් අතේ ස්නයිපර් තුවක්කුවක්. ඔහුට ඕන වුණේ තමන් "මරණයේ දෙවියා" කියලා පෙන්වන්නයි. ඔහු පල්ලෙහා වැඩ කරන මිනිස්සු දිහා බලන්නේ දඩයක්කාරයෙක් සතෙක් දිහා බලනවා වගේ කෲර බැල්මකින්. කිසිම හේතුවක් නැතුව, නිකම්ම "විනෝදයට" වගේ ඔහු වෙඩි තබනවා. ඒ උණ්ඩය පියෙකුගේ පපුවට වදිනකොට, බිරිඳකගේ හිස පසාරු කරනකොට, අමොන් ගොත් කළේ සිනාසෙමින් තවත් සිගරට් එකක් පත්තු කරගන්න එකයි. 📍 භීෂණයේ මනෝවිද්‍යාව ඇයි මනුෂ්‍යයෙක් මෙහෙම කරන්නේ? මනෝවිද්‍යාත්මකව බැලුවොත් අමොන් ගොත් කියන්නේ බලයෙන් අන්ධ වුණු රෝගියෙක්. ඔහු විශ්වාස කළා තමන්ට කෙනෙක්ව "ජීවත් කරවන්න හෝ මරන්න" තියෙන අයිතිය තමයි ලෝකයේ තියෙන උසස්ම බලය කියලා. දවසක් ඔහු තරුණ සිරකරුවෙක්ව තමන්ගේ නිවසේ සේවයට ගත්තා. ඒ තරුණයා බයේ වෙව්ලමින් කෝප්පයක් සෝදනකොට ඒක අතින් ගිලිහී බිඳුණා. අමොන් ගොත් ඔහුට දඬුවම් කළේ නැහැ, ඒ වෙනුවට ඔහුට කිව්වා "මම අද ඔයාට සමාව දෙනවා" කියලා. හැබැයි ඒ තරුණයා හැරිලා යන්න හදනකොටම අමොන් ගොත් තුවක්කුව අරන් ඔහුට පිටුපසින් වෙඩි තිබ්බා. "සමාව දෙනවාට වඩා කෙනෙක්ව මරන එකෙන් මට ලොකු බලයක් දැනෙනවා" - ඔහු ඒ මොහොතේ සිතන්නට ඇති. 📍 ෂින්ඩ්ලර් පවා බිය වූ යක්ෂයා ලෝක ප්‍රකට ඔස්කාර් ෂින්ඩ්ලර්ට පවා සිදු වුණා මේ අමානුෂික මිනිසා ඉදිරියේ රඟපාන්න. ෂින්ඩ්ලර් දැනගෙන හිටියා මේ යක්ෂයාගේ හදවතේ තියෙන්නේ ලේ පිපාසය විතරක් බව. මිනිස් ජීවිත බේරගන්න ෂින්ඩ්ලර්ට සිද්ධ වුණේ මේ මිනීමරුවා එක්ක මත්පැන් බොමින්, සූදු ගසමින් ඔහුට අල්ලස් දෙන්නයි. 📍 දෛවයේ සරදම හැබැයි බලය කියන්නේ හිරු බැස යනවා වගේ දෙයක්. 1945 දී නාසි පාලනය බිඳ වැටුණා. අමොන් ගොත් අත්අඩංගුවට පත් වුණා. ඔහුව එල්ලුම් ගහට ගෙන යනකොටත් ඔහුගේ මුහුණේ තිබුණේ ඒ අහංකාර පෙනුමමයි. ඔහු මරණයට පත් වුණේ ඔහු මරපු දහස් ගණනක් අහිංසක මිනිස්සුන්ගේ ශාපයත් අරගෙනයි. එල්ලුම් ගහේ ලණුව දෙවතාවක්ම විසන්ධි වුණේ මරණය පවා මේ වගේ යක්ෂයෙක්ව භාරගන්න අකමැති වුණා වගේ. අමොන් ගොත්ගේ කතාව අපිට කියලා දෙන්නේ එකම එක දෙයයි. ඕනෑම මනුෂ්‍යයෙක් ඇතුළේ "මෘගයෙක්" ඉන්නවා. ඒ මෘගයා අවදි වෙන්න අවශ්‍ය කරන්නේ "අසීමිත බලය" සහ "නිතියට ඉහලින් ඉන්නවා" කියන හැඟීම විතරයි. අදටත් ඒ සුදු මන්දිරයේ බැල්කනිය දෙස බලන මිනිස්සුන්ට ඇසෙන්නේ ඒ කාලකන්නි තුවක්කු හඬ සහ අහිංසක මිනිසුන්ගේ විලාපයයි...
📌ශ්‍රී ලංකාවේ සර්ප විෂ සහ රෝග ලක්ෂණ: සාමාන්‍ය ජනතාව සඳහා සරල පැහැදිලි කිරීමක් 🐍🇱🇰 ශ්‍රී ලංකාව යනු විවිධ සර්ප විශේෂ රාශියකට නිවහනකි. 이 අතරින් බොහොමයක් විෂ රහිත වුවත්, කිහිප දෙනෙකුගේ දෂ්ට කිරීම් මාරාන්තික විය හැක. සර්ප විෂ ක්‍රියා කරන ආකාරය සහ ඒවායේ රෝග ලක්ෂණ පිළිබඳව මූලික අවබෝධයක් ලබා ගැනීම හදිසි අවස්ථාවකදී ජීවිත බේරා ගැනීමට ඉතා වැදගත් වේ. සරලව කිවහොත්, සර්ප විෂ ප්‍රධාන වශයෙන් ආකාර තුනකට අපගේ ශරීරයට බලපෑම් ඇති කරයි. ❤️🫁❤️🫁❤️🫁❤️🫁❤️🫁❤️🫁 ස්නායු පද්ධතියට බලපාන විෂ (Neurotoxic Venom) 🧠 මෙම වර්ගයේ විෂ අපගේ ස්නායු පද්ධතියට පහර දෙයි. එනම්, මොළයේ සිට මාංශ පේශි වෙත ගමන් කරන පණිවිඩ අවහිර කරයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස මාංශ පේශි අඩපණ වීම හෝ අංශභාගය ඇති විය හැක. ප්‍රධාන සර්පයන්: නයා (Cobra) 🐍 සහ කරවලා (Krait). සරල උදාහරණයක්: මෙය හරියට විදුලි ස්විචයක් ක්‍රියා විරහිත කළා වැනිය. මොළය (ස්විචය) පණිවිඩයක් යැවුවද, විෂ නිසා එය මාංශ පේශි (විදුලි බුබුල) වෙත ළඟා නොවේ. රෝග ලක්ෂණ: ඇස් පිය සෙලවීමට අපහසු වීම හෝ ඇස් පිය ඉබේම වැසී යාම (Ptosis). 😴 කථාව පැටලීම සහ ගිලීමේ අපහසුතාව. 🗣️ අත් පා වල පණ නැති ගතිය. වඩාත් භයානකම තත්ත්වය වන්නේ හුස්ම ගැනීමට උපකාරී වන මාංශ පේශි අඩපණ වීමයි. මෙය ශ්වසන අපහසුතා සහ මරණයට පවා හේතු විය හැක. 🫁⚠️ ❤️🫁❤️🫁❤️🫁❤️🫁❤️🫁❤️🫁 රුධිර පද්ධතියට බලපාන විෂ (Hemotoxic Venom) 🩸 මෙම විෂ වර්ගය අපගේ රුධිරය කැටි ගැසීමේ ක්‍රියාවලිය අඩාල කරයි. සාමාන්‍යයෙන් තුවාලයක් වූ විට ලේ ගැලීම නැවතීමට රුධිරය කැටි ගැසිය යුතුය. මෙම විෂ නිසා එම ක්‍රියාවලිය සිදු නොවන අතර, ශරීරය තුළ සහ පිටත අධික ලෙස ලේ ගැලීම් ඇති විය හැක. ප්‍රධාන සර්පයා: තිත් පොළඟා (Russell's Viper). 🐍 සරල උදාහරණයක්: මෙය හරියට ජල නල පද්ධතියක සියලුම කරාම එකවර විවෘත කළා වැනිය. රුධිරය පාලනයකින් තොරව ගලා යයි. රෝග ලක්ෂණ: දෂ්ට කළ ස්ථානයෙන් දිගින් දිගටම ලේ ගැලීම. 🩹 විදුරුමස් වලින්, නාසයෙන් හෝ මුත්‍රා සමඟ ලේ පිටවීම. සම යට තැලීම් හෝ රතු පැහැති ලප ඇතිවීම. අභ්‍යන්තර ඉන්ද්‍රියන් වලට (උදා: මොළය, ආමාශය) ලේ ගැලීම සිදුවිය හැකි අතර එය ඉතා භයානකයි. වකුගඩු අකර්මණ්‍ය වීම (Kidney Failure) - මෙය දිගුකාලීන ගැටළු ඇති කළ හැක. 🩺 ❤️🫁❤️🫁❤️🫁❤️🫁❤️🫁❤️🫁 සෛල හා පටක වලට බලපාන විෂ (Cytotoxic Venom) 🥩 මෙම විෂ වර්ගය දෂ්ට කළ ස්ථානයේ ඇති සෛල සහ පටක විනාශ කරයි. මෙය දරුණු වේදනාවක්, ඉදිමීමක් සහ තුවාලයක් ඇති කිරීමට හේතු වේ. ප්‍රධාන සර්පයන්: පොළොන් තෙලිස්සා / කුණකටුවා (Hump-nosed Viper) 🐍. (තිත් පොළඟාගේ විෂෙහිද මෙම ගුණය යම් තරමකට ඇත). සරල උදාහරණයක්: මෙය හරියට සම මතට ප්‍රබල අම්ලයක් වැටුණා වැනිය. එම ස්ථානයේ සෛල විනාශ වී තුවාලයක් හටගනී. රෝග ලක්ෂණ: දෂ්ට කළ ස්ථානයේ ඇතිවන ඉතා දරුණු වේදනාව. 😫 එම ස්ථානය අවට ප්‍රදේශය සීඝ්‍රයෙන් ඉදිමීම සහ රතු වීම. දිය පට්ටා ඇතිවීම. කල් ගතවත්ම දෂ්ට කළ ස්ථානයේ පටක මිය ගොස් කළු පැහැයට හැරීම (Gangrene). සමහර විට ඇඟිලි වැනි කොටස් ඉවත් කිරීමට පවා සිදු විය හැක. ❤️🫁❤️🫁❤️🫁❤️🫁❤️🫁❤️🫁 වැදගත් පණිවිඩයක්: සර්පයෙකු දෂ්ට කළ සැණින් බිය නොවී, රෝගියා සන්සුන් කර හැකි ඉක්මනින් ළඟම ඇති රෝහල වෙත රැගෙන යන්න. දෂ්ට කළ ස්ථානය කපන්න, උරන්න හෝ තදින් ගැට ගසන්න එපා. වෛද්‍ය ප්‍රතිකාර ප්‍රමාද කිරීම ජීවිතයට අවදානමක් විය හැක.