Learn Bits
описание
Psychology 🧘♂ | Relationship 👩❤️👨 Knowldege 📚 | Facts 🎉 Life Tips 🕊 | Life Hacks 💡 Mythology 🔱 | Events 🎃 Sri Lanka 🇱🇰 Ask & Cross Promo : @DrgNo
1 012
подписчиков
Охват к подписчикам
129,2%
ERR
Реакции к просмотрам
0,70%
192 на 21 постов
Пересылки к просмотрам
0,25%
68
Постов в день
0,0
всего 21
Где отзываются чаще
доля реакций к просмотрам- 16 сент. 2025 г.ඔයා, 🍃 ඔයාට රිද්දපු මිනිස්සුන්ගෙන් ඉවත් උනාම 🍃 ඔයාගෙ අතීත කම්පනයන් සුවපත් කරගත්තම 🍃 ඔයාගෙ ප්‍රශ්න ඔයාගෙම කරගෙන විසඳුම් හොයාගත්තම 🍃 ඔයාගෙ ගමන පාඩුවෙ ගියාම 🍃 ඔයාටම ආදරේ කරාම ඔයාට අවශ්‍ය දේ ලැබෙන්න පටන් ගනිවී... #Life_Tips2,41%
- 13 сент. 2025 г.මොකක්ද මේ lobotomy කියන්නෙ? Lobotomy කියන්නෙ 1930 වසරේදි විතර අධික ලෙස ප්‍රසිද්ධියට පත් උන, මොළයට කරන ශල්‍යකර්මයක්. මේකෙදි කරන්නෙ මොළයේ ඉදිරිපස කොටස වන ලලාට ඛණ්ඩිකාවත්, මොළයේ අනිත් කොටස් අතරත් පවතින සම්බන්ධය විසන්ධි කරන එක. මොකක්ද මේ මොළයේ ඉදිරිපස කොටස කියන්නෙ? මොළයේ ඉදිරි කොටස හෙවත් ලලාට ඛණ්ඩිකාව කියන්නෙ මොලයේ ගොඩක් ක්‍රියාකාරකම් වලට වැදගත් වෙන ශරීරාංගයක්. තීරණ ගැනීම, ගැටළු විසඳීම, භාෂා හැසිරවීම, ඉගෙනීම, අවධානය සහ මානසික හැඟීම් පාලනය ඇතුළු ගොඩක් මානසික ක්‍රියාවලි සඳහා බලපාන මූලිකම අංගය තමයි ලලාට ඛණ්ඩිකාව කියන්නෙ. මොකක්ද මේකෙදි ඇත්තටම කරන්නෙ? කාටද මේ සැත්කම කරන්නෙ? Lobotomy කියන සැත්කම සිදු කරන්නෙ මානසික ආබාධ සහිත පුද්ගලයන්ට. ඒ, එම පුද්ගලයන්ගෙ රෝග ලක්ෂණ පාලනය කිරීමට. උදාහරණයකට, හීනෝන්මාදයෙන් පෙළෙන පුද්ගලයන්ගෙ ආක්‍රමණශීලී ගතිය නැති කරන්න මේ සැත්කම සිදු කරල තියෙනව. ඒ කාලෙ වෛද්‍යවරු විශ්වාස කරල තියෙනව මොළයේ ඉදිරිපස ලලාට ඛණ්ඩිකාවේ සම්බන්ධය විසන්ධි කලොත්, රෝගියාගේ රෝගී තත්වය පාලනය වෙනව කියල. මේ සැත්කම සිදු කරල තියෙන්නෙ මෙන්න මෙහෙමයි. මුල් කාලීනව, වෛද්‍යවරු විසින් රෝගියාගේ හිස් කබල සිදුරු කරල හෝ කපා දමල තියෙනව. ඊට පස්සෙ ඔවුන් රෝගියාගෙ ලලාට ඛණ්ඩිකාවත් තැලමසත් අතර ඇති ස්නායුක සම්බන්ධය විසන්ධි කරනව. (කපල දානව) ඒත් ඉදිරි කාලවලදි මේ සැත්කම කරන විදිහ පොඩ්ඩක් වෙනස් උනා. හිස් කබල සිදුරු කරනව වෙනුවට, වෛද්‍යවරු විසින් තියුණු තුඩක් සහිත වෛද්‍ය උපකරණයක් රෝගියාගෙ ඇස තුළින් ඇතුල් කරල මොළය සිදුරු කරල තියෙනව. මේකට කියන්නෙ transorbital lobotomy කියල. ඒ තුඩ උපයෝගී කරගෙන මොලයේ ඉදිරි කොටසේ ස්නායුක සැපයුමට හානි කරන එක තමා මෙතනදි වෙන්නෙ. සැත්කම කිරීමට තිබුණු අවම අවශ්‍යතා සාධක සහ පහසුව නිසා මේ කිව්ව දෙවනි ක්‍රමය ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙනව ඒ කාලෙ. කොටින්ම මව්වරු විසින් තමන්ගෙ දරුවට විශාදය කියල සැක හිතුනු ගමන් ගිහින් මේ දෙවනි ක්‍රමයෙන් සැත්කමක් කරගෙන එන තරමට ඒක ප්‍රසිද්ධ උනා. මේ සැත්කමෙන් ඇත්තටම රෝගියාට මොකද වෙන්නෙ? ඒ කාලෙ වෛද්‍යවරු විශ්වාස කරල තියෙන්නෙ ගොඩක් මානසික රෝග වලට හේතුව, මිනිස්සුන්ට ආයෙ ආයෙම එකම සිතුවිලි පහළ වෙන එකයි කියල. ඉතින් ඒකට විසඳුමක් හැටියට එයාලා කලේ, මේ Lobotomy සැත්කම හරහා රෝගියාගෙ මොළයේ කොටසක් විසන්ධි කිරීම මගින් ඒ සිතුවිලි පාලනය කරන එකයි. ඒත් ඇත්තටම මේ සැත්කමෙන් එහෙම දෙයක් වෙන්නෑ. ඒ වෙනුවට වෙන්නෙ, රෝගියාගෙ ලලාට ඛණ්ඩිකාවෙන් සිදු කරන මානසික ක්‍රියාකාරකම් සීමා වෙන එකයි. ඒකෙ ප්‍රථිඵලයක් හැටියට, උදාසීනභාවය, අධික සතුට, පහසුවෙන් අවධානය බිඳී යාම, සමාජ මට්ටමේ සංයමයක් නොමැති වීම, පෞර්ෂ්‍යයේ අධික වෙනස්වීම්, ඩිමෙන්ශියා තත්ව වගේ රෝග ලක්ෂණ රෝගින් තුළ පෙන්නුම් කලා. සහ ඇතැම් විට රෝගියා මරණයට පවා පත් උනා. ඉතින් මේ සැත්කම ඇත්තටම හොඳද? නරකද? නූතන සමාජය අදටත් විශ්වාස කරන දෙයක් තමයි, Lobotomy සැත්කමෙන් උදව්වක් වෙන්නෙ රෝගියාව බලාගන්න අයට මිසක් රෝගියාට නෙවෙයි කියන එක. මේ සැත්කමෙන් පස්සෙ රෝගියා නිකං ඇවිදින මලමිනියක් වගේ වෙනව. චින්තන ශක්තියක් නැති, මානසික මට්ටම ව්‍යවකූල උන නිකංම සිරුරක් විතරක් වෙනව. ඉතින් රෝගියව බලාගන්න අයට හරි ලේසී. දඟලන්නැති, කෑගහන්නැති, උමතුවෙන් වියරු වැටෙන්නැති රෝගියෙක්ව බලාගන්න පුලුවන්නෙ එයාලට. Lobotomy සැත්කමෙන් ඇත්තටම වෙන්නෙ, ආත්මය මරා දාපු මිනිස් ශරීරයක් ප්‍රථිඵල වීමයි. #Knowledge #Education1,65%
- 12 февр. 2025 г.ආදර ජීවිතය ගැන තිත්ත උනත් සත්‍ය කරුණු කීපයක් 🌷 අපේ ජීවිතයට සහයෝගිමත් සහකරුවෙක් අවශ්‍යයි. එහෙම නැත්තං සහකරුවෙක් නොසිටිය යුතුයි. චුට්ටක් හොඳ චුට්ටක් නරක කියල ඔප්ශන් එකක් අවශ්‍ය නෑ. 🌷 ඔයාගෙ සහකරුවට ඔහුගේම හෝ ඇයගේම අඩුපාඩු කියන්න තේරෙන්නැත්තං හෝ ඒව ගැන දැනුවත් නැත්තං, ඒ අයට ඔවුන් ගැනවත් නිසි අවබෝධයක් නෑ. එහෙම කෙනෙක්ගෙන් ඔයාව අවබෝධ කරගනී කියල බලාපොරොත්තු වෙන්න එපා. 🌷 හොඳම පළිගැනීමේ ක්‍රමවේදය තමයි, තවදුරටත් පළිගැනීම් ගැන තැකීමක් නොකරන තැනට පත් වීම. 🌷 සම්බන්ධතාවක් දිගු කාලයක් තිබ්බ පමණින් ඒක හොඳ සම්බන්ධතාවක් වෙන්නෙ නෑ. හැමදාම තියේවි කියල කියන්නත් බෑ. 🌷 ආත්මගරුත්වයක් ඇතිවෙන්නෙ ස්වයංපාලනය තුළින්. 🌷 ඔයාට හිතෙනව නං ඔයාගෙ සතුට තියෙන්නෙ වෙනත් තැනක කියල, ඔයා ඒ හිතන සතුට කවදාවත් ඔයා ගාවට එන්නෑ. මුලින් තමන්ගෙ ඇත්ත සතුට හොයාගෙන ඉන්න. #Relationship_Tips1,56%
- 17 сент. 2025 г.කවුරු හරි ඔයාගෙන් සමාව ඉල්ලනකන්වත්, ආපහු ඔයා ගාවට එනකන්වත් බලන් ඉන්න එපා. ඒ දේවල් කවදාවත් වෙන්නැති බවත්, එහෙම උනේ නෑ කියල අවුලකුත් නැති බවත් තේරුම් ගන්න. මොකද ඔයාගෙ ජීවිතය සහ ඔයාගෙ සතුට තීරණය වෙන්නෙ, කවුරු හරි ඔයාගෙන් සමාව ඉල්ලන එක මතවත්, කවුරු හරි ආපහු ඔයා ගාවට එන එක මතවත් නෙවෙයි. ඔයාගෙ ජීවිතය සහ ඔයාගෙ සතුට තීරණය වෙන්නෙ ඔයා මතමයි. වෙන අයව ඒකට ගාවගන්න එපා. - Antasha Durbin #Saying1,35%
- 23 сент. 2025 г.ඊර්ෂ්‍යාව කියන්නෙ නරක දෙයක් නෙවෙයි. ඒක කාලයත් සමග පරිණාමය උන විශේෂ මානව ලක්ෂණයක්. අපි පොඩි කාලෙ ඉඳලම ඉගෙන ගන්නෙ ඊර්ෂ්‍යාව කියන්නෙ අපේ මනසින් මුලිනුපුටා දාන්න ඕනෙ නරක හැඟීමක් කියලයි. ඒත් වත්මන් කාලයටත් ඒ ඉගැන්වීම වලංගුද? මම හිතන්නෙ නෑ. ඊර්ෂ්‍යාව කියන්නෙ ආයුධයක්. වෙනත් ඕනෙම ආයුධයක් වගේ, පාවිච්චි කරන්නා අනුව ඊර්ෂ්‍යාවෙන් ලැබෙන වාසි හෝ අවාසි වෙනස් වෙනව. ඊර්ෂ්‍යාවෙන් අන්ධ වෙලා ජීවත් වීම නොදියුණුවට කරුණක්. ඒත් ඊර්ෂ්‍යාව ඉන්ධනයක් හැටියට භාවිත කිරීම, දියුණුවට කරුණක්. ඊර්ෂ්‍යාව ඇතිවෙන්නෙ ඔයාගෙ වටපිටාව ගැන ඔයා කොච්චර දැනුවත්ද කියන එක මතයි. පොඩි කාලෙදි අපේ සහෝදර සහෝදරියකට අපිට වඩා දෙයක් ලැබුනොත්, අපි ඒක දැකල ඊර්ෂ්‍යාව උපද්දවගන්නව. අපිට ප්‍රශ්නයක් මතු වෙනව. ඇයි එයාට වැඩියෙන් හම්බුනේ, ඇයි මටත් ඒ ගාන හම්බුන්නැත්තෙ හෝ ඇයි මට අඩුවෙන් හම්බුනේ කියල. අපේ ඔලුවට එතකොට මුලින්ම එන සිතුවිල්ල තමයි "ඒක සාධාරණ නෑ" කියන එක. ඒක බොහොම ප්‍රාථමික මට්ටමේ සිතුවිල්ලක්. ඒ දෙයින් අදහස් වෙන්නෙ, අපි සාධාරණත්වය හෝ වටිනාකම වගේ සංකල්ප ගැන ඊර්ෂ්‍යාව ඔස්සේ හිතන්න පටන් ගන්නව කියන එකයි. හැම මනුස්සයම ඊර්ෂ්‍යාව නිසා දුක් විඳින්නෙත් නෑ. සමහරු ඉන්නව අනුන්ට ඊර්ෂ්‍යා කර කර අනේ මට මේව නෑනෙ කියල හිත හිත තමන්ගෙ මුලු ජීවිතේම දුක් ගොඩක ගෙවන. ඒත් ඊර්ෂ්‍යාව කියන හැඟීම දිරිගැන්වීමක් කරගත්ත මිනිස්සුත් ඕනෙ තරන් ඉන්නව. තොට පුලුවන්නං මට කොච්චර පුළුවන්ද කියල හිතාගෙන, සාර්ථක කෙනෙක් කෙරෙහි දක්වන ඊර්ෂ්‍යාව තුළින් තමන්ගෙ අඩුපාඩු හොයාගෙන, සාධාරණත්වය වෙනුවෙන් සටන් කරල, කලින්ට වඩා උත්සාහවන්තව අපේ ඉලක්ක කරා ළඟා වෙන්න අපිට පුලුවන්. එකම දේ අපි ඒ ඔප්ශන් එක තෝරගන්න ඕනෙ. එහෙම නැත්තං අපි ඊර්ෂ්‍යා කරනව මිසක ඒක ඉන්ධනයක් කරගන්නෑ. මිනිස්සු පරිණත වෙනකොට ඊර්ෂ්‍යාව කියන හැඟීම ඔලුවෙන් අයින් වෙන්නෑ. ඒක අනුවර්තනය වෙනව. අපි ඉගෙන ගන්නව ඊර්ෂ්‍යාව එක්ක ජීවත් වෙන්න. ඊර්ෂ්‍යාව විසින් අපිව පාලනය කරනව වෙනුවට අපි විසින් ඊර්ෂ්‍යාව පාලනය කරන්න පුරුදු වෙනව. උයාගෙන කන්න පුලුවන් අපිට. ඒක නෙවෙයි මෙතන ප්‍රශ්නෙ. මෙතන තියෙන ප්‍රශ්නෙ ඔයා ඊර්ෂ්‍යාව කියන හැඟීම දකින්නෙ මොන විදිහටද කියන එකයි. ඔයා ඒක දකින්නෙ මගපෙන්වීමක්, ඉන්ධනයක් හෝ දිරිගැන්වීමක් හැටියට නම්, සුභ පැතුම්... ඔයා දැනටම ඊර්ෂ්‍යාව කියන හැඟීම ඔයාට ඕනෙ විදිහට පාලනය කරගෙන තියෙනව. ඒත් ඔයා තාමත් වෙන අයට ඊර්ෂ්‍යා කර කර ඔයාගෙ සාමාන්‍ය දිවියම ගෙවන කෙනෙක් නං, වයස කොච්චර උනත් ඔයා තාම ඉන්නෙ මානසික පරිණාමයේ මුල් පුරුකක. හිතන විදිහ වෙනස් කරන්න. එච්චරයි...! #Psycho_Facts1,23%
- 24 мая 2024 г.без подписи1,13%
- 16 сент. 2025 г.හැමදේටම දක්ෂ වෙන එකත් එක අතකට හරි වදයක්...! හිතන්න, ඔයාට පුලුවන් එක එක ක්ශේත්‍ර වල වැඩ ගොඩක් දේවල් කරන්න. ඔයා ඒව ගැන දන්නව. දැනුමක් තියෙනව. ඔයත් ආසයි අනිත් අයට විවිධ දේවල් වලදි උදව් කරන්න. හැබැයි..! ඔයාට සමහරවෙලාවට හිතිල ඇති, 'ඇයි මේ හැමෝම මගෙ මත්තෙම නැහෙන්න හදන්නෙ. එයාලට වෙන කවුරුත් නැද්ද ඒ වැඩේ කරගන්න. ඇයි මටම කරදර කරන්නෙ.' වගේ දේවල්. අන්න ඒක තමයි බහුකාර්යශීලීත්වය සහිත ගොඩක් මිනිස්සුන්ගෙ ජීවිත වලට බලපෑම් කරන ශාපය... හැමදේම පුලුවන් උනාම, හැමදේම දන්න කෙනෙක් උනාම, හැම වැඩකටම සූදානමින් හිටියම, ඔයාව ඔයාගෙ වටේ ඉන්න අයට නැතුවම බැරි කෙනෙක් වෙනව. ඔයාට හිතෙයි ඒක හොඳ දෙයක්නෙ කියල. හැබැයි ඔයාට හිතුනද, එයාලට මාව නැතුවම බැරි කෙනෙක් හැටියට පේනව මිසක්, එතනින් ඉදිරියට මගේ ඇත්ත වටිනාකමක් දකින්නෑ නේද කියල? ඔව් ඔයා වැඩ සීයකට දක්ශ කෙනෙක් වෙන්නැති. ඒත් ඔයා එයින් වැඩ කීපෙකට අති දක්ෂයෙක්... හැබැයි මිනිස්සුන්ට ඒ බව පේන්නෑ. එයාල හැමදාටම ඔයා දිහා බලන්නෙ 'අරයට නං ඔක්කොම පුලුවන්' කියල මිසක් 'අරය මෙන්න මේ වැඩේට විශේෂයෙන් දක්ෂයි' කියල නෙවෙයි. ඒකෙන් වෙන්නෙ ඔයාට ලැබෙන්න තියෙන උසස්වීම්, ජීවිතයේ සමහර කඩයිම් ඔයාට මග ඇරෙන එක. ඉතින් කොහොමද මේ ශාපයෙන් මිදෙන්නෙ? මුකුත්ම නොකර ඉඳලද? එහෙම අවශ්‍ය නෑ... ඔයා වැඩ ගොඩකට දක්ෂ උන පලියට ඔයා ඒ හැම වැඩකින්ම විනෝදාස්වාදයක් ලබන්නෑනෙ. සමහර දේවල් ඔයාට පුලුවන් උනාට, ඔයා වැඩිය ආසාවක් නැතුව ඇති. අන්න ඒ වගෙ ඔයා ආස නැති, ඔයාට නොගැලෙපනව කියල හිතෙන, ඔයාගෙ ඉදිරි ගමනට අත්‍යවශ්‍ය නොවන දේවල් වෙනුවෙන් වැඩි කාලයක් වැය කරන්න එපා. ඒ වෙනුවට ඔයාට අවශ්‍ය වෙන හැකියාවන් කීපය විතරක් තව දියුණු කරගන්න. ඒ හා සම්බන්ධ වැඩ වැඩියෙන් කරන්න. ඔයා ඒවට විශේෂ දක්ශතාවක් පෙන්නනව කියල අනිත් අයට දකින්න ඉඩ අරින්න. ඊළඟට, ඔයාගෙ වටේ ඉන්න අය ඔයාගෙන් අරක කරන්න මේක කරල දෙන්න කියල අහගෙන ආපු පලියට, හැමදේටම හා කියන්න එපා. ඔයාගෙ ඉදිරි වර්ධනයට අත්‍යවශ්‍ය නොවන දෙයක් කවුරු හරි කරල දෙන්න පුලුවන්ද ඇහුවොත්, බය නැතුව 'මට බැහැ' කියන්න. ඒ වගේම, ඔයාගෙ විශේෂ දක්ශතා හංගන් ඉන්න එපා. ඒව පෙන්නන්න. ඔයාට නටන්න පුලුවන් ටිකක්. ඔයා ඒ නිසා නටනව. අනිත් අය දකිනව. හැබැයි ඔයාට හොඳටම සිංදු කියන්න පුලුවන් උනත් ඔයා සිංදු කියන්නෙ තනියම. කාටවත් පේන්න නෙවෙයි. ඉතින් මිනිස්සු ඔයාව දන්නෙ ඔයාට නටන්න පුලුවන් කෙනෙක් කියල මිසක් ඔයා හොඳටම සිංදු කියන කෙනෙක් කියල නෙවෙයි. ඒ නිසා, ඔයාගෙ දක්ෂතා බාහිර ලෝකෙට පෙන්නන්න. ඒක පම්පෝරි ගැහිල්ලක් නෙවෙයි. ඒක ඔයාගෙන් යමක් බලාපොරොත්තු වෙන අයට දෙන පූර්ණ දැනුම්දීමක් ඔයා ගැන. ඔයාගෙන් බලාපොරොත්තු වෙන්න ඕනෙ මොන වගේ දේවල්ද කියල පිටස්ථර අයට කියන්න පුලුවන් හොඳම විදිහයි ඒක. #Psycho_Facts1,12%
- 11 февр. 2025 г.ජපානයේ ගොඩක් පාසල් වල, අධ්‍යාපන පද්ධතිය තුළ දෙවන ලෝක යුද්ධය ගැන උගන්නන්නෙ අතිශය සංස්කරණය කරපු තොරතුරු කීපයක් විතරයි. සරලවම, 'යුද්ධය නරකයි' කියන සංකල්පය උලුප්පල පෙන්වනව මිසක් දෙවන ලෝක යුධ සමයේ ජපානයේ මැදිහත් වීම් බහුතරයක් ඒ රටේ සිසුන්ට පාසල් වලින් ඉගෙන ගන්න හැකියාවක් නෑ. #Facts0,85%
- 12 дек. 2024 г.Good morning, Good afternoon, Good evening, Good night. මේවා කියන්න ඕනෙ මොන වෙලාවල් වලටද? Good morning - මධ්‍යහ්න 12 (දවල් 12) දක්වා භාවිත කරනවා. Good afternoon - මධ්‍යහ්න 12 ඉඳල ඉර බැසගෙන යන වෙලාව දක්වා භාවිත කරනවා. Good evening - ඉර බැස ගියාට පසුව භාවිත කරනවා. Good night * - මේක පිළිගැනීමේ පාඨයක් නෙවෙයි. සමුදීමේ පාඨයක්. ඉර බැස ගියාට පස්සෙ (රෑට) යම් කෙනෙක්ට සමුදෙනකොට, යම් තැනකින් පිටත් වෙනකොට හෝ නිදාගන්න යනකොට භාවිත වෙනවා. #English0,82%
- 10 дек. 2024 г.සම්බන්ධයක් තුළදි, ඔබගේ සහකරුවා ඔබව පාලනය කරන්න හදනවද කියල දැනගන්නෙ කොහොමද? 🦉 එයාලා, ඔයාට දැනෙන වරදකාරී හැඟීම් උපයෝගී කරගෙන ඔයා ලවා විවිධ වැඩ කරගන්නවා. 🦉 එයාලා ඇත්තටම අදහස් නොකරන දේවල් කියලා ඔයාව වර්ණනා කරනවා. 🦉 ඔයා, එයාලා කරපු වැරැද්දක් ගැන ඇහුවම, එයාල ඒකට හේතු දැක්වීමක් හෝ සමාව ගැනීමක් නොකර, ඔයා අතීතයේ කරපු වැරැද්දක් අල්ලන් ප්‍රශ්නය මග හරිනවා. 🦉 එයාලා ඔයා කියන හැමදේම ඔයාට විරුද්ධව පාවිච්චි කරනවා. ඔයාගෙ කටින්, ඔයා ඇත්තටම අදහස් නොකරපු දෙයක් හදිසියේ පිට උනත්, එයාලා ඒ දේ අර්ථය විකෘති කරමින් ඔයාට විරුද්ධව පාවිච්චි කරනවා. අවසානයේ ඔයා වැරදිකාරයා වෙලා සමාව ඉල්ලනවා 🦉 ඔයා එයාලට ඕනෙ දේවල් කලේ නැත්තං එයාල හරි රළු විදිහට ඔයාව පැත්තකට කරනවා. සමහරවිට ඒ දේ දෙනකංම ඒක එහෙමම තියෙනව. 🦉 එයාලා ගොඩක් නරක දේවල් ඔයාට කියනවා. ඒත් පස්සෙ කියනවා විහිළුවට කිව්වෙ කියල. හෝ ඔයාගේ සංවේදිතාවට වැරද්ද පටවනවා. හෝ ඔයා එයාලව වැරදියට තේරුම් අරන් කියනවා. #Relationship_Tips0,57%
- 9 мар.ඔසප් චක්‍රයේ අසමතුලිතතා කාන්තා ශරීරයක ඔසප් වීමක් සාමාන්‍යයෙන් දින 4-7 ක කාලයක් පවතිනව. සහ දින 28කට වරක් පමණ මේ චක්‍රය සිදු වෙනව. අක්‍රමවත් ඔසප් චක්‍රයකට උදාහරණ හැටියට, දින 21කට වඩා අඩු කාල පරාසයන් ඇතුව හෝ දින 35ට වඩා වැඩි කාල පරාසයන් ඇතුව සිදුවෙන ඔසප් වීම්, අඛණ්ඩව මාස 3කට වැඩි කාලයකදි ඔසප් නොවීම් සහ ඔසප් වීමේදී සැලකිය යුතු ලෙස රුධිර වහනය අඩු හෝ වැඩි වීම් ආදිය සලකන්න පුලුවන්. අක්‍රමවත් ඔසප් චක්‍රයන් කියන්නෙ මොනාටද? ගොඩක් කාන්තාවන් සෑම දින 28කට වරක්ම ඔසප් වීම් අත්විදිනව. මේ ඔසප් වීම් දින 4-7ක් අතර කාලයක් පවතිනවා. හැබැයි විවිධ සාධක නිසා මේ චක්‍රය සිදුවෙන කාල පරාසයන්, ඔසප් වීම පවතින දින ගණන සහ ඔසප් වීමේ ස්වභාවය වෙනස් වෙනව. දිනයක දෙකක වෙනසකදි හෝ ඇතැම් විට සිදුවෙන සුළු වෙනසකදි, ඒක ඔසප් චක්‍රයේ අසාමාන්‍යතාවක්මයි කියල කියන්නත් බෑ. ඔසප් චක්‍රයේ අසාමාන්‍යතාවක් කියල සලකන්නෙ, ඔසප් චක්‍රයේ සිදුවෙන මේ වෙනස්වීම් දිගු කාලීනව පවතිනකොටයි. අක්‍රමවත් ඔසප් චක්‍ර සඳහා උදාහරණ මොනාද? චක්‍රයෙන් චක්‍රයට වෙන සුලු සුලු වෙනස්වීම් සාමාන්‍යයි. ඔසප් චක්‍රය අසාමාන්‍යයි කියල සලකන්නෙ මෙන්න මේ වගේ වෙලාවල් වලදි. ➢ දින 21කට වඩා අඩු ප්‍රාන්තර ඇතිව හෝ දින 35කට වඩා වැඩි ප්‍රාන්තර ඇතිව ඔසප් වීම් සිදු වීමේදී. ➢ එකදිගට ඔසප් චක්‍රයන් 3ක් හෝ වැඩි ගණනකදී ඔසප් වීමක් සිදු නොවීමේදී. ➢ ඔසප් වීමේදී රුධිර ගලනයේ සැලකිය යුතු විශාල අඩුවක් හෝ විශාල වැඩිවීමක් ඇතිවීමේදී. ➢ ඔසප් වීමක් දින 7කට වඩා වැඩි කාලයක පැවතීමේදී. ➢ ඔසප් චක්‍රයෙන් චක්‍රයට, දින 9කට වඩා වැඩි වෙනස් වීම් සිදුවීමේදී. (ඒ කියන්නෙ, එක් ඔසප් චක්‍රයක් දින 28ක්, ඊළඟ චක්‍රය දින 38ක් සහ ඊළඟ චක්‍රය දින 29ක් තුළ පැවතීම වගේ වෙනසක්. ඔසප් චක්‍ර එකින් එකට දින 9කට වඩා වෙනස් වෙලා) ➢ ඔසප් වීම අතරතුර දරුණු වේදනාවන්, ඔක්කාරය, වමනය ආදී ලක්ෂණ පෙන්වීමේදී. ➢ ඔසප් වීමක් නොමැති කාලසීමාවේදී, ආර්තවහරණයෙන් පසු හෝ ලිංගික සංසර්ගයකට පසුව රුධිර වහනය වීම සහ ලප ඇති වීමේදී. ➢ පැයක් ඇතුළත සනීපාරක්ෂක තුවා පෙඟවී යාමේදී. සමහර කාන්තාවන්ගේ ඔසප් චක්‍රය හැමතිස්සෙම නිශ්චිත දිනයන් වලටම වෙන්නෑ. ඒක සාමාන්‍ය තත්වයක් වෙන්න පුලුවන්. සුළු සුළු වෙනස් වීම් සහිත ඔසප් වීම් නිසා අමතර බියක් ඇතිකරගන්න අවශ්‍ය නෑ. රුධිර වහනයේ ප්‍රමාණයත්, ඔසප් චක්‍රයෙන් චක්‍රයට වෙනස් වෙනවා. ඔසප් චක්‍රයේ අසමතුළිතතා ආශ්‍රිත රෝග තත්වයන්. ➢ Amenorrhea - ඔසප් වීම සම්පූර්ණයෙන්ම නතර වීම ආශ්‍රිත තත්වයක්. ගැබ්ගැනීමකදී, මව් කිරි ලබාදීමේදී හෝ ආර්තවහරණයකදී ඇරෙන්න, දින 90කට වඩා ඔසප් වීමක් සිදු උනේ නැත්තං ඒක අසාමාන්‍ය තත්වයක් හැටියට සැලකෙනව. කාන්තාවක් වයස අවු. 15-16 වෙනකොට පියයුරු වර්ධනය වෙලා, ඊළඟ වසර තුනක් ඇතුළත ඔසප් චක්‍රය ආරම්භ නොවුනොත්, අදාළ කාන්තාවට මේ රෝගී තත්වය ඇති වීමේ අවදානමක් තියෙනව. ➢ Oligomenorrhea - ඔසප් වීම කලාතුරකින් සිදු වීම ආශ්‍රිත තත්වයක්. ඔසප් වීම් අතර දින 35කට වඩා වැඩි කාලසීමා පැවතීමත්, වසරකට ඔසප් වීම් 6-8ක් පමණක් සිදු වීමත් මේ තත්වයේ හේතු වෙනව. ➢ Dysmenorrhea - අතිශය වේදනාකාරී ඔසප් වීම් සහ දරුණු ඔසප් කැක්කුම් සඳහා භාවිත කරන වෛද්‍ය විද්‍යාත්මක යෙදුමක්. (ඔසප් වීමේදී යම් අපහසුතාවකට පත් වීම සාමාන්‍ය දෙයක්) ➢ අසාමාන්‍ය රුධිර වහනය - ඔසප් වීමක් නොමැති දිනවලදී රුධිර වහනය, දින ගණනාවක් තුළ රුධිර වහනය හෝ අධික ලෙස රුධිර වහනය වීම. 1 • 2 • 30,55%
- 11 февр. 2025 г.මානසිකව සමබර පුද්ගලයන් තුළ දක්නට ලැබෙන ලක්ෂණ කීපයක් - ඔවුන් අනිත් අයට ගරු කරනව. අන් අයගේ ජයග්‍රහණයන් පිළිබඳව - ඔවුන්, ඔවුන් ගැනම පුරසාරම් දොඩවන්නෑ. - ඔවුන් සෑමවිටම සැමටම සිනහවෙන් සංග්‍රහ කරනවා. සහ සතුටින් ජීවත් වෙනවා. - ඔවුන් අනෙකාට කතා කරන්න ඉඩ ලබාදෙනවා. හොඳ සවන් දෙන්නන්. - ඔවුන් තමන්ගේ සතුට වෙනුවෙන් වෙන යම් කෙනෙක්ට අගෞරව කිරීම්, පහතට හෙළා කතා කිරීම්, සමච්චල් කිරීම් කරන්නෙ නැහැ. - ඔවුන් අනිත් අයට උදව් කරනවා. ඔයාට උදව්වක් ඕනෙ උන ඕනෙම වෙලාවක, ඔවුන් ඔයා එක්ක ඉන්නවා. - ඔවුන් අනිත් අයට දෙන උපදෙසක්, හිතල බලල සැලකිල්ලක් ඇතුව සහ වගකීමක් ඇතුව දෙන උපදෙස්. - ඔවුන්, ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට අදාළ ගෞරවය ලබා දෙනවා. - ඔවුන්, සාර්ථකත්වය අත් කරගැනීම සඳහා අනිත් අයවත් පොළඹවනවා. #Psycho_Facts0,51%