tgindex
Learn Bits

Psychology 🧘‍♂ | Relationship 👩‍❤️‍👨 Knowldege 📚 | Facts 🎉 Life Tips 🕊 | Life Hacks 💡 Mythology 🔱 | Events 🎃 Sri Lanka 🇱🇰 Ask & Cross Promo : @DrgNo

Последний пост
9 мар.
Последнее чтение
13 авг.
Постов за неделю
0
Всего постов
21
Тип
открытый
Язык
si
В каталоге с
13 авг.
Подписчики
1 011
0 за 2 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
1 307
21 постов
Вовлечённость
129,3%
к подписчикам
Постов в день
0,0
всего 21
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
1/48двое суток
1/72трое суток

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 9 мар.1 90756

    ඔයාගෙ ඔසප් චක්‍රයෙත් යම් අසාමාන්‍යතාවක් තියෙනව කියල හඳුනගත්තොත්, මොකක්ද කරන්න ඕනෙ? ඔයාට දැනෙනව නං ඔයාගෙ ඔසප් චක්‍රයේ උඩදි කිව්ව විදිහෙ යම් අසාමාන්‍යතාවක් තියෙනව කියල, මුලින්ම ඔසප් වීම් පවතින කාලසීමා, එක් එක් ඔසප් වීමක් අතර පවතින දින ගණන්, රුධිර වහනයේ තත්වයන්, ඔසප් වීම් අතරතුර ශරීරයට දැනෙන වේදනාවන් සහ ඔයා යම් කිසි වෙනත් හේතුවකට ඖෂධයක් ලබාගන්නව නං ඒ ඖෂධයේ නම, බොන වෙලාවල් ආදිය සියල්ලම කොහේ හරි සටහන් කරගන්න. ඊට පස්සෙ සුදුසු වෛද්‍යවරයෙක් හම්බෙලා, ඔයා සටහන් කරගත්ත විස්තර ආදිය සපයන්න. ගොඩක් වෙලාවට වෛද්‍යවරු ඔයාගෙන් අහනව ඔසප් චක්‍රය සම්බන්ධ තොරතුරු සහ ඔයාගෙ වෛද්‍ය ඉතිහාසය ගැන තොරතුරු. ඊට පස්සෙ, වෛද්‍යවරයා දෙන උපදෙස් අනුව ඉතුරු පියවරයන් අනුගමනය කරන්න. (ඔසප් චක්‍රයේ සුලු සුලු අසාමාන්‍යතා කාන්තාවන් තුළ දක්නට ලැබෙන සුලබ තත්වයක් නිසා, ඒ සම්බන්ධව යොදාගන්නා කිසිම ප්‍රතිකාරකයක නමක් සඳහන් කරන්නෑ මේ ලිපියෙන්. අත්හදා බැලීම් නොකළ යුතු තත්වයක් මේක. ඒ නිසා අනිවාර්යෙන් වෛද්‍ය උපදෙස් මත පමණක් ක්‍රියා කරන්න.) ඔසප් චක්‍රයේ අසාමාන්‍යතා ඇතිවීමේ අවදානම අඩු කරගන්නෙ කොහොමද? ➢ හොඳ ක්‍රියාශීලී නිරෝගිමත් ජීවන රටාවක් පවත්වාගෙන යන්න. මධ්‍යස්ථ ව්‍යායාම වල නිරතවෙන්න. සහ පෝෂ්‍යදායී ආහාර ලබා ගන්න. ➢ අවශ්‍ය තරම් විවේකයක් ලබාගන්න. ➢ නිතරම ආතතිකාරී තත්වයන්ට මුහුණ දෙනව නං, ආතති පාලන ක්‍රම සහ මනස සන්සුන් කරන අභ්‍යාස වල නිරත වෙන්න. ➢ දීර්ඝ හෝ දැඩි ව්‍යායාම චර්යාවන් ක්‍රමානුකූලව අඩු කරන්න. ➢ වෛද්‍ය උපදෙස් අනුව පමණක් උපත් පාලන පෙති හෝ අනෙකුත් උපත් පාලන ක්‍රම භාවිත කරන්න. ➢ ආසාදන වැළැක්වීමට, දීර්ඝ වෙලාවල් එකම සනීපාරක්ෂක තුවා පැළඳගෙන ඉන්න එපා. ඔසප් දිනයන් වලදි අවම පැය 8කට වරක් වත් සනීපාරක්ෂක තුවා මාරු කරන්න. ➢ කාල ප්‍රාන්තර ඇතිව වෛද්‍ය පරීක්ශා සඳහා යොමු වෙන්න. අක්‍රමවත් හෝ අසාමාන්‍ය ඔසප් චක්‍රයන් ගැන වෛද්‍ය උපදෙස් ලබාගන්න ඕනෙ මොන අවස්ථාවෙදිද? ➢ ඔසප් වීම් අතරතුර අසාමාන්‍ය ලෙස දැඩි වේදනාවන් ඇති වීමේදී. ➢ අසාමාන්‍ය ලෙස අධිකව රුධිර වහනය වීමේදී. (පැය 3-4කර වරක් සනීපාරක්ෂක තුවා මාරු කිරීමට සිදු වීමේදී) ➢ දුර්ගන්ධ සහිත යෝනි ශ්‍රාවයන් පිටතට ගැලීමේදී. ➢ ඔසප් වීමක් දින හතකට වඩා පවතින විටකදී. ➢ ඔසප් වීම අවසන් උන පසු හෝ ආර්තවහරණයෙන් පසුත් යෝනි මාර්ගයෙන් රුධිර වහනය වීමේදී. ➢ නිතිපතා සිදුවෙන අක්‍රමවත් ඔසප් වීම් වලදී. ➢ ඔසප් වීම් අතරතුර උණ, ක්ලාන්තය, පාචනය, ඔක්කාරය, වමනය ආදි තත්වයන් ඇති වීමේදි. ඔසප් චක්‍රය සම්බන්ධව සාරාංශගත කරුණු කීපයක් ➢ මාසයක් හෝ දෙකක් ඔසප් වීමක් නොවෙන එක අනිවාර්යයෙන්ම රෝගී තත්වයක් කියන්න බෑ. හැබැයි මාස 3කට වඩා වැඩියෙන් ඔසප් නොවීම අසාමාන්‍ය තත්වයක්. සහ ඔසප් වීම් එකක් හෝ දෙකක් මග ඇරිලා, ඊළඟට වෙන ඔසප් වීමත් සමග ශරීරයේ වෙනත් ආබාධ ඇති උනොත් ඒකත් අසාමාන්‍ය තත්වයක්. එහෙම වෙලාවට වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වෙන්න. ➢ දින 2-3 කින් ඔසප් වීම එහා මෙහා වීම සාමාන්‍ය දෙයක්. ඒක ලොකුවට හිතන්න දෙයක් නෑ. ➢ වයස අවු. 50ට කිට්ටු වෙනකොට ඔසප් චක්‍රයේ අසාමාන්‍යතා ඇති වීම සුලබ දෙයක්. ➢ ඔසප් චක්‍රයේ අසාමාන්‍යතාවක් තියෙනව කියල හිතුනොත්, ළඟම යාලුවෙක්ට, දෙමාපියන්ට හෝ ගුරුවරයෙක්ට ඒ බව දන්වල සුදුසු ක්‍රියාමාර්ග ගන්න. 1 • 2 • 3 #Knowledge #Youth #Personal_Care #Education

  • 9 мар.1 51714

    ඔසප් චක්‍රයේ අසාමාන්‍යතා වලට හේතු මොනවද? ඔසප් චක්‍රයක අසාමාන්‍යතාවට පුළුල් පරාසයක හේතු සාධක ගොඩක් බලපානව. මානසික ආතතිය වගේ දේවල් වල ඉඳල, බරපතල වෛද්‍ය තත්වයන් දක්වා මේ සාධක විහිදිලා තියෙනව. ඔසප් අසමතුලිතතාවන්ට හේතුවන රෝගී තත්වයන් ශරීරයේ තියෙන සමහර සෞඛ්‍ය තත්වයන්, ඔසප් චක්‍රයට සෘජුවම හෝ වක්‍රව හෝ බලපෑමක් එල්ල කරනව. ➢ එන්ඩොමෙට්‍රියෝසිස් - ගර්භාශයේ ඇතුලත බිත්තියේ (එන්ඩොමෙට්‍රියමේ) තියෙන පටක වලට සමාන පටක ගර්භාෂයෙන් එළියේ වර්ධනය වීම සම්බන්ධ තත්වයක්. මේ පටක වර්ධනය වෙවී ගිහිල්ලා සමහර වෙලාවට ඩිම්භ කෝශ වලට හෝ පැලෝපීය නාල වලට සම්බන්ධ වෙනව. මේ එන්ඩොමෙට්‍රියෝසිස් තත්වය නිසා, ඔසප් වීමට පෙර සහ අතරතුරදී දරුණු වේදනාවන්, කැක්කුම් සහ අධික රුධිර වහනයක් සිදු වෙන්න පුලුවන්. ➢ ශ්‍රෝණි ප්‍රදාහ රෝගය (PID) - ඒ කියන්නෙ කාන්තා ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව ව්‍යාප්ත වෙන බැක්ටීරියා ආසාදන තත්වයක්. මේක සාමාන්‍යෙන් ඇති වෙන්නෙ ප්‍රතිකාර නොකළ පුද්ගලයන් මගින් ලිංගිකව සම්ප්‍රේශණය වීමෙන්. මේකෙදි වෙන්නෙ ආසාදනකාරී බැක්ටීරියා යෝනි මාර්ගයෙන් ඇතුල් වෙලා, ගර්භාශය දක්වා පැතිරෙනවා. මේ තත්වයේ රෝග ලක්ෂණ විදිහට, අප්‍රසන්න ගන්ධයන් සහිත අධික යෝනි ශ්‍රාවයන් ගැලීම, අක්‍රමවත් ඔසප් වීම් සහ ශ්‍රෝණි වේදනාවන් සැලකෙනවා. ➢ පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රෝමය (PCOS) - මේකෙදි වෙන්නෙ කාන්තාවගේ ඩිම්භකෝශ මගින් ඇන්ඩ්‍රජන් හෝමෝනය අධික ලෙස නිපදවන්න ගන්නවා. මේ හෝමෝනය විසින් ඩිම්භ මෝචනය වෙන එක වළක්වනවා හෝ ප්‍රමාද කරනවා. ඒ හින්දා ඔසප් චක්‍රය අක්‍රමවත් වෙනවා. සමහර වෙලාවට PCOS තියෙන කාන්තාන්වන්ගෙ ඔසප් චක්‍රය, ආර්තවහරණයකින් තොරවම සම්පූර්ණයෙන්ම නතර වෙනවා. ➢ ප්‍රාථමික ඩිම්බකෝෂ ඌණතාවය - මේ තත්වය වයස අවු. 40ට අඩු සමහර කාන්තාවන් තුළ දක්නට ලැබෙනව. මේකෙදි වෙන්නෙ ඔවුන්ගෙ ඩිම්බකෝශ නිසි ලෙස ක්‍රියා නොකිරීම නිසා ඔසප් වීම අතපසු වෙනව. හෝ ප්‍රමාද වෙනවා. පිළිකා සඳහා කරන රසායනික චික්තාවන් නිසා, ස්වයං ප්‍රතිශක්තිකරණ තත්වයන් තියෙන කාන්තාවන්ට මේ තත්වය බලපානව. ➢ තයිරොයිඩ් හෝ පිටියුටරි ග්‍රන්ථි වල ආබාධ - මේ වගේ ප්‍රධාන ග්‍රන්ථි වලට වැළඳෙන ආබාධ තත්ව නිසා ශරීරයේ හෝමෝන සමතුලිතතිතාව බිඳවැටෙනවා. ඒක ඔසප් චක්‍රය අක්‍රමවත් වෙන්න එක හේතුවක්. ➢ රුධිර වහනය සම්බන්ධ ආබාධ - විවිධ රුධිර කැටිගැසීම් ආබාධ සහිත කාන්තාවන් තුළ මේ තත්වය දකින්න පුලුවන්. අධික ඔසප් වහනයකට හේතුවක් මේක. ➢ ගර්භාෂ පිළිකා හෝ ඩිම්භකෝශ පිළිකා - මේ වගේ ස්ථාන වල ඇතිවෙන සමහර පිළිකා තත්ව නිසා ඔසප් චක්‍රයේ අසාමාන්‍යතා හටගන්නවා. ඔසප් චක්‍රයේ අසාමාන්‍යතා වලට හේතුවන ජීවන රටාව හා සබැඳි සාධක දෛනික ජීවිතයේ විවිධ සාධක අනුවත්, කාන්තාවන්ගෙ ඔසප් චක්‍රයට බලපෑම් එල්ල වෙනව. මේ තියෙන්නෙ එවැනි සාධක කිහිපයක්. ➢ අධික ආතතිය. ➢ සැලකිය යුතු ලෙස බර වැඩි වීම හෝ අඩු වීම. ➢ ශරීරයේ මේද ප්‍රතිශතය ඉතාමත් අඩු තත්වයක පැවතීම. (ගොඩක්ම ක්‍රියාශීලී වැඩ වල සහ ක්‍රීඩා වල නිරත වෙන කාන්තාවන්) ➢ වෛරස් හෝ වෙනත් රෝග තත්ව. අසාමාන්‍ය ඔසප් චක්‍රයකට හේතුවෙන වෙනත් සාධක ➢ සමහර ඖෂධ, ගර්භණී සමය හෝ මව්කිරි දීමේදී ඇති වෙන සංකූලතා, ඔසප් චක්‍රයේ අක්‍රමකිතාවන් වලට සුලබම හේතු හැටියට සැලකෙනව. ➢ උපත් පාලන පෙති - ගොඩක් උපත් පාලන පෙති හරහා කරන්නෙ ශරීරයේ හෝමෝන සමතුලතිතාව වෙනස් කිරීම හරහා, ඩිම්භකෝශයෙන් ඩිම්බ මුදා හැරීම වළක්වන එකයි. උපත් පාලන පෙති නතර කිරීමෙන් පසුවත්, මාස හයක් විතර යනකං ඔසප් චක්‍රයේ අසාමාන්‍යතා පෙන්නුම් කරන්න පුලුවන්. ➢ විවිධ ඖෂධ වර්ග - රුධිර තුනීකාරක සහ ස්ටෙරොයිඩ් වගේ දේවල් ඔසප් චක්‍රය හා සබැඳි සිදුවීම් වලට බලපෑම් එල්ල කරනව. ➢ ගබ්සා වීම් සහ ගර්භාෂයෙන් පිටත සිදුවෙන ගැබ්ගැනීම් (සංසේචනය වූ ඩිම්බය, කාන්තාවගේ ගර්භාෂයෙන් පිටත තැන්පත් කර වර්ධනය කිරීම) හේතුවෙනුත් ඔසප් චක්‍රයේ අසාමාන්‍යතා පෙන්නුම් කරන්න ගන්නව. ➢ ගර්භාෂයේ, පැලෝපීය නාලවල හෝ ඩිම්භකෝෂයේ; සැත්කම්, කැළැල් හෝ අවහිරතා නිසාත් ඔසප් චක්‍රය අසාමාන්‍ය විදිහට සිදු වෙනව. (හෝ සම්පූර්ණයෙන් නවතිනවා) 1 • 2 • 3

  • ඔසප් චක්‍රයේ අසමතුලිතතා කාන්තා ශරීරයක ඔසප් වීමක් සාමාන්‍යයෙන් දින 4-7 ක කාලයක් පවතිනව. සහ දින 28කට වරක් පමණ මේ චක්‍රය සිදු වෙනව. අක්‍රමවත් ඔසප් චක්‍රයකට උදාහරණ හැටියට, දින 21කට වඩා අඩු කාල පරාසයන් ඇතුව හෝ දින 35ට වඩා වැඩි කාල පරාසයන් ඇතුව සිදුවෙන ඔසප් වීම්, අඛණ්ඩව මාස 3කට වැඩි කාලයකදි ඔසප් නොවීම් සහ ඔසප් වීමේදී සැලකිය යුතු ලෙස රුධිර වහනය අඩු හෝ වැඩි වීම් ආදිය සලකන්න පුලුවන්. අක්‍රමවත් ඔසප් චක්‍රයන් කියන්නෙ මොනාටද? ගොඩක් කාන්තාවන් සෑම දින 28කට වරක්ම ඔසප් වීම් අත්විදිනව. මේ ඔසප් වීම් දින 4-7ක් අතර කාලයක් පවතිනවා. හැබැයි විවිධ සාධක නිසා මේ චක්‍රය සිදුවෙන කාල පරාසයන්, ඔසප් වීම පවතින දින ගණන සහ ඔසප් වීමේ ස්වභාවය වෙනස් වෙනව. දිනයක දෙකක වෙනසකදි හෝ ඇතැම් විට සිදුවෙන සුළු වෙනසකදි, ඒක ඔසප් චක්‍රයේ අසාමාන්‍යතාවක්මයි කියල කියන්නත් බෑ. ඔසප් චක්‍රයේ අසාමාන්‍යතාවක් කියල සලකන්නෙ, ඔසප් චක්‍රයේ සිදුවෙන මේ වෙනස්වීම් දිගු කාලීනව පවතිනකොටයි. අක්‍රමවත් ඔසප් චක්‍ර සඳහා උදාහරණ මොනාද? චක්‍රයෙන් චක්‍රයට වෙන සුලු සුලු වෙනස්වීම් සාමාන්‍යයි. ඔසප් චක්‍රය අසාමාන්‍යයි කියල සලකන්නෙ මෙන්න මේ වගේ වෙලාවල් වලදි. ➢ දින 21කට වඩා අඩු ප්‍රාන්තර ඇතිව හෝ දින 35කට වඩා වැඩි ප්‍රාන්තර ඇතිව ඔසප් වීම් සිදු වීමේදී. ➢ එකදිගට ඔසප් චක්‍රයන් 3ක් හෝ වැඩි ගණනකදී ඔසප් වීමක් සිදු නොවීමේදී. ➢ ඔසප් වීමේදී රුධිර ගලනයේ සැලකිය යුතු විශාල අඩුවක් හෝ විශාල වැඩිවීමක් ඇතිවීමේදී. ➢ ඔසප් වීමක් දින 7කට වඩා වැඩි කාලයක පැවතීමේදී. ➢ ඔසප් චක්‍රයෙන් චක්‍රයට, දින 9කට වඩා වැඩි වෙනස් වීම් සිදුවීමේදී. (ඒ කියන්නෙ, එක් ඔසප් චක්‍රයක් දින 28ක්, ඊළඟ චක්‍රය දින 38ක් සහ ඊළඟ චක්‍රය දින 29ක් තුළ පැවතීම වගේ වෙනසක්. ඔසප් චක්‍ර එකින් එකට දින 9කට වඩා වෙනස් වෙලා) ➢ ඔසප් වීම අතරතුර දරුණු වේදනාවන්, ඔක්කාරය, වමනය ආදී ලක්ෂණ පෙන්වීමේදී. ➢ ඔසප් වීමක් නොමැති කාලසීමාවේදී, ආර්තවහරණයෙන් පසු හෝ ලිංගික සංසර්ගයකට පසුව රුධිර වහනය වීම සහ ලප ඇති වීමේදී. ➢ පැයක් ඇතුළත සනීපාරක්ෂක තුවා පෙඟවී යාමේදී. සමහර කාන්තාවන්ගේ ඔසප් චක්‍රය හැමතිස්සෙම නිශ්චිත දිනයන් වලටම වෙන්නෑ. ඒක සාමාන්‍ය තත්වයක් වෙන්න පුලුවන්. සුළු සුළු වෙනස් වීම් සහිත ඔසප් වීම් නිසා අමතර බියක් ඇතිකරගන්න අවශ්‍ය නෑ. රුධිර වහනයේ ප්‍රමාණයත්, ඔසප් චක්‍රයෙන් චක්‍රයට වෙනස් වෙනවා. ඔසප් චක්‍රයේ අසමතුළිතතා ආශ්‍රිත රෝග තත්වයන්. ➢ Amenorrhea - ඔසප් වීම සම්පූර්ණයෙන්ම නතර වීම ආශ්‍රිත තත්වයක්. ගැබ්ගැනීමකදී, මව් කිරි ලබාදීමේදී හෝ ආර්තවහරණයකදී ඇරෙන්න, දින 90කට වඩා ඔසප් වීමක් සිදු උනේ නැත්තං ඒක අසාමාන්‍ය තත්වයක් හැටියට සැලකෙනව. කාන්තාවක් වයස අවු. 15-16 වෙනකොට පියයුරු වර්ධනය වෙලා, ඊළඟ වසර තුනක් ඇතුළත ඔසප් චක්‍රය ආරම්භ නොවුනොත්, අදාළ කාන්තාවට මේ රෝගී තත්වය ඇති වීමේ අවදානමක් තියෙනව. ➢ Oligomenorrhea - ඔසප් වීම කලාතුරකින් සිදු වීම ආශ්‍රිත තත්වයක්. ඔසප් වීම් අතර දින 35කට වඩා වැඩි කාලසීමා පැවතීමත්, වසරකට ඔසප් වීම් 6-8ක් පමණක් සිදු වීමත් මේ තත්වයේ හේතු වෙනව. ➢ Dysmenorrhea - අතිශය වේදනාකාරී ඔසප් වීම් සහ දරුණු ඔසප් කැක්කුම් සඳහා භාවිත කරන වෛද්‍ය විද්‍යාත්මක යෙදුමක්. (ඔසප් වීමේදී යම් අපහසුතාවකට පත් වීම සාමාන්‍ය දෙයක්) ➢ අසාමාන්‍ය රුධිර වහනය - ඔසප් වීමක් නොමැති දිනවලදී රුධිර වහනය, දින ගණනාවක් තුළ රුධිර වහනය හෝ අධික ලෙස රුධිර වහනය වීම. 1 • 2 • 3

  • 26 янв.1 19463

    දිගු කාලීන ශාරිරික අක්‍රීයතාව, මැදිවිය තුළ වැඩි මානසික ආතතික තත්වයන්ට සම්බන්ධය. උතුරු ෆින්ලන්තයේ කණ්ඩායමක් විසින් කරපු පරීක්ෂණයකින් හෙලිවෙලා තියෙනව, ගොඩක් කාලයක් තිස්සෙ ශාරිරික ක්‍රියාකාරකමක නිරත නොවුන අයට මැදිවියේදි දැනෙන ආතති තත්වයන්, අනිත් අයට වඩා ඉහළ බව. ඒ වගේම විධිමත් ශාරිරික ක්‍රියාකාරකම් වල නිරත උන අය, පසුකාලීනව මැදිවියේදි අඩු මානසික ආතති තත්වයන් තුළ ජීවිතය ගෙවන බව. මේක ඇත්තටම අලුතෙන් හොයාගත්ත දෙයක් නෙවෙයි. ක්‍රියාකාරී අයට දැනෙන මානසික ආතතිය, අක්‍රීය අයට වඩා අඩු බව ගොඩක් විද්‍යාත්මක පරීක්ෂණ වලින් දැනටමත් හොයාගෙන තියෙනව. හැබැයි, යෞවන වියේ සහ වැඩිහිටි වියේදී ගත කරන ජීවිතයේ ශාරිරික ක්‍රියාකාරී මට්ටම, පසුකාලීනව මැදිවියේදි අපිට බලපාන්නෙ කොහොමද කියන එක ගැන ගොඩක් පරීක්ෂණ කරල තිබුනෙ නෑ. මේ අද කතා කරන්නෙ අන්න එහෙම දෙයක් ගැන. වයස අවු. 31- 40 අතර මිනිස්සු 3300කට අධික පිරිසක් යොදාගෙනයි මේ පරීක්ෂණය කරල තියෙන්නෙ. මේකෙදි වෙන්නෙ, එක පිරිසක් තෝරගෙන එයාලට WHO සංවිධානයේ අනුමත විධිමත් ශාරීරික ක්‍රියාකාරකම් වල නිරන්තරවම නිරත වෙන්න කියනව. අනිත් පිරිසට සාමාන්‍ය විදිහටම එයාලගෙ අඩු ක්‍රියාශීලි ජීවන රටාව ගෙවන්න කියනව. පරීක්ෂණයේ ප්‍රතිඵලය අපිට ලැබෙන්නෙ මේ පිරිස් දෙකම මැදිවියට එලඹුනාට පස්සෙයි. අර මුලින් කිව්ව ක්‍රියාශීලීව ජීවිතය ගත කරපු පිරිසට ඔවුන්ගේ මදිවියේදි දැනෙන ආතති බරයි, ඊළඟට කිව්ව අඩු ක්‍රියාශීලි පිරිසට ඔවුන්ගෙ මැදිවියේදි දැනෙන ආතති බරයි අතර පැහැදිලි වෙනසක් පේන්න තිබිල තියෙනව. ක්‍රියාශීලිව යෞවුවන විය සහ වැඩිහිටි විය ගත කරපු අයට සැලකිය යුතු මට්ටමේ ආතති බරේ අඩුවක් පෙනිල තියෙනව. ඊට ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵලයක් තමයි අනිත් අඩු ක්‍රියාශීලීව ජීවිතය ගෙව්ව අයට ලැබිල තියෙන්නෙ. ඉතින් මේ පරීක්ෂණයෙන් ඇත්තටම මොකක්ද කියන්නෙ? ඔයා දැන් ජීවිතය ගෙවන විදිහ ඔයාගෙ අනාගතයට ස්ථිර වශයෙන්ම බලපානව. මානසිකව, සමාජීය වශයෙන් වගේම, කායික වශයෙනුත් ඔයා අද ඉන්න විදිහ ඔයාගෙ අනාගතයට සෘජුවම බලපානව. ඉතින් ඔයත් අක්‍රීය ජීවිතයක් ගත කරන කෙනෙක් නං, එක තැනකට වෙලා දවසම ගත කරනව නං, වහාම අද ඉඳල හරි ක්‍රියාශීලී ජීවන රටාවකට අනුවර්තනය වෙන්න බලන්න. ඔයාටම ටික දවසකින් තේරේවි ඔයාගෙ ශරීරයේ සහ මනසෙ යම් කිසි වෙනසක් සිදු වෙනව කියල. සහ ඔයාටම අනාගතයේ තේරේවි ඔයා අද ගෙවන ක්‍රියාශීලී ජීවිතයේ වටිනාකම. #Knowledge

  • ඊර්ෂ්‍යාව කියන්නෙ නරක දෙයක් නෙවෙයි. ඒක කාලයත් සමග පරිණාමය උන විශේෂ මානව ලක්ෂණයක්. අපි පොඩි කාලෙ ඉඳලම ඉගෙන ගන්නෙ ඊර්ෂ්‍යාව කියන්නෙ අපේ මනසින් මුලිනුපුටා දාන්න ඕනෙ නරක හැඟීමක් කියලයි. ඒත් වත්මන් කාලයටත් ඒ ඉගැන්වීම වලංගුද? මම හිතන්නෙ නෑ. ඊර්ෂ්‍යාව කියන්නෙ ආයුධයක්. වෙනත් ඕනෙම ආයුධයක් වගේ, පාවිච්චි කරන්නා අනුව ඊර්ෂ්‍යාවෙන් ලැබෙන වාසි හෝ අවාසි වෙනස් වෙනව. ඊර්ෂ්‍යාවෙන් අන්ධ වෙලා ජීවත් වීම නොදියුණුවට කරුණක්. ඒත් ඊර්ෂ්‍යාව ඉන්ධනයක් හැටියට භාවිත කිරීම, දියුණුවට කරුණක්. ඊර්ෂ්‍යාව ඇතිවෙන්නෙ ඔයාගෙ වටපිටාව ගැන ඔයා කොච්චර දැනුවත්ද කියන එක මතයි. පොඩි කාලෙදි අපේ සහෝදර සහෝදරියකට අපිට වඩා දෙයක් ලැබුනොත්, අපි ඒක දැකල ඊර්ෂ්‍යාව උපද්දවගන්නව. අපිට ප්‍රශ්නයක් මතු වෙනව. ඇයි එයාට වැඩියෙන් හම්බුනේ, ඇයි මටත් ඒ ගාන හම්බුන්නැත්තෙ හෝ ඇයි මට අඩුවෙන් හම්බුනේ කියල. අපේ ඔලුවට එතකොට මුලින්ම එන සිතුවිල්ල තමයි "ඒක සාධාරණ නෑ" කියන එක. ඒක බොහොම ප්‍රාථමික මට්ටමේ සිතුවිල්ලක්. ඒ දෙයින් අදහස් වෙන්නෙ, අපි සාධාරණත්වය හෝ වටිනාකම වගේ සංකල්ප ගැන ඊර්ෂ්‍යාව ඔස්සේ හිතන්න පටන් ගන්නව කියන එකයි. හැම මනුස්සයම ඊර්ෂ්‍යාව නිසා දුක් විඳින්නෙත් නෑ. සමහරු ඉන්නව අනුන්ට ඊර්ෂ්‍යා කර කර අනේ මට මේව නෑනෙ කියල හිත හිත තමන්ගෙ මුලු ජීවිතේම දුක් ගොඩක ගෙවන. ඒත් ඊර්ෂ්‍යාව කියන හැඟීම දිරිගැන්වීමක් කරගත්ත මිනිස්සුත් ඕනෙ තරන් ඉන්නව. තොට පුලුවන්නං මට කොච්චර පුළුවන්ද කියල හිතාගෙන, සාර්ථක කෙනෙක් කෙරෙහි දක්වන ඊර්ෂ්‍යාව තුළින් තමන්ගෙ අඩුපාඩු හොයාගෙන, සාධාරණත්වය වෙනුවෙන් සටන් කරල, කලින්ට වඩා උත්සාහවන්තව අපේ ඉලක්ක කරා ළඟා වෙන්න අපිට පුලුවන්. එකම දේ අපි ඒ ඔප්ශන් එක තෝරගන්න ඕනෙ. එහෙම නැත්තං අපි ඊර්ෂ්‍යා කරනව මිසක ඒක ඉන්ධනයක් කරගන්නෑ. මිනිස්සු පරිණත වෙනකොට ඊර්ෂ්‍යාව කියන හැඟීම ඔලුවෙන් අයින් වෙන්නෑ. ඒක අනුවර්තනය වෙනව. අපි ඉගෙන ගන්නව ඊර්ෂ්‍යාව එක්ක ජීවත් වෙන්න. ඊර්ෂ්‍යාව විසින් අපිව පාලනය කරනව වෙනුවට අපි විසින් ඊර්ෂ්‍යාව පාලනය කරන්න පුරුදු වෙනව. උයාගෙන කන්න පුලුවන් අපිට. ඒක නෙවෙයි මෙතන ප්‍රශ්නෙ. මෙතන තියෙන ප්‍රශ්නෙ ඔයා ඊර්ෂ්‍යාව කියන හැඟීම දකින්නෙ මොන විදිහටද කියන එකයි. ඔයා ඒක දකින්නෙ මගපෙන්වීමක්, ඉන්ධනයක් හෝ දිරිගැන්වීමක් හැටියට නම්, සුභ පැතුම්... ඔයා දැනටම ඊර්ෂ්‍යාව කියන හැඟීම ඔයාට ඕනෙ විදිහට පාලනය කරගෙන තියෙනව. ඒත් ඔයා තාමත් වෙන අයට ඊර්ෂ්‍යා කර කර ඔයාගෙ සාමාන්‍ය දිවියම ගෙවන කෙනෙක් නං, වයස කොච්චර උනත් ඔයා තාම ඉන්නෙ මානසික පරිණාමයේ මුල් පුරුකක. හිතන විදිහ වෙනස් කරන්න. එච්චරයි...! #Psycho_Facts

  • කැරපොත්තොන්ට ඔලුව නැතුවත් සති ගණන් ජීවත් වෙන්න පුලුවන් කියන කතාව ඇත්තද? කොහොමද එහෙම වෙන්නෙ? කැරපොත්තට ඔලුව නැතුව ජීවත් වෙන්න පුලුවන් උනේ කොහොමද කියල බලන්න කලින්, අපි හොයල ඉමු ඇයි මිනිස්සුන්ට ඔලුව නැතුව ජීවත් වෙන්න බැරි කියල. අපේ ඔලුව ලෙෆ්ට් උනොත් අපිට BS වෙනවනෙ. ඒ ඇයි? මිනිස් හිසක් ශරීරයෙන් වෙන් උන ගමන්, විශාල රුධිර වහනයක් වෙනව. එතකොට ශරීරයේ රුධිර පරිමාව අඩු වෙන නිසා රුධිර පීඩනයත් අධිකව අඩු වෙනව. ඒ නිසා, රුධිරය හරහා සිදුවෙන අත්‍යවශ්‍ය පටක වලට සම්බන්ධ ඔක්සිජන් සැපයුම ඇණහිටල ඒ පටක මියයනව. ඊට අමතරව, අපි හුස්ම ගන්නෙ කටින් හෝ නාසයෙන්. සහ අපේ ඇඟේ අති විශාල ක්‍රියාවලි ගණනාවක් පාලනය වෙන්නෙ මොළයෙන්. හුස්ම ගැනීමත් එයින් එකක්. ඉතින් හිස වෙන් උන ගමන් අපේ හුස්ම ගැනීමේ ක්‍රියාවලිය නැවතිලා යනව. ඔය මොකක් උනත් නැතත්, ඔලුවක් නැතුව අපිට කෑම ගන්න හෝ වතුර බොන්න බැහැ. දැන් බලමු කැරපොත්තො කොහොමද ඔලුව නැතුවත් වැඩි කාලයක් ජීවත් වෙන්නෙ කියල. කැරපොත්තන්ගෙ ඇඟේ, අපේ වගේ විශාල රුධිර කේශනාලිකා ජාලයක් නෑ. එයාලට තියෙන්නෙ විවෘත සංසරණ පද්ධතියක්. ඉතින් එයාලගෙ ඇඟේ රුධිර පීඩනයත් ගොඩක්ම අඩුයි. (විශාල පීඩනයක් යටතේ රුධිරය ගමන් කරවන්න අවශ්‍ය නැහැ) අපි කැරපොත්තෙක්ගෙ ඔලුව කපල කඳින් වෙන් කළොත්, ටික වෙලාවකින් රුධිරය ගැටගැහිල ඒ කැපුම සීල් වෙනව. ඉතින් වැඩිය රුධිර වහනයක් සිදු වෙන්නෑ. අනිත් විශේෂම කාරණය තමයි කැරපොත්තගෙ හුස්ම ගැනීම පාලනය කරන්නෙ එයාගෙ මොළයෙන් නෙවෙයි. සහ එයාල හුස්ම ගන්නෙ ඔලුවෙන් විතරක්මත් නෙවෙයි. එක් එක් ශරීර කොටස් වල තියෙන කුඩා සිදුරු හරහායි එයාලා වාත හුවමාරුව සිදු කරන්නෙ. ඒ වගේම එයාලගෙ දේහ පටක වලට විශේෂිත නාල කට්ටලයක් හරහා සෘජුවම ඔක්සිජන් ලබා දෙනව. රුධිරය හරහා ඔක්සිජන් හුවමාරු කිරීමේ අවශ්‍යතාවක් නෑ. ඉතින් කැරපොත්තෙක්ගෙ ඔලුව නෑ කියල, එයාලගෙ අධික රුධිර වහනයක් වෙන්නෙත් නෑ. හුස්ම ගන්න එකේ ගැටළුවකුත් නෑ. හුස්ම ගැනීම පාලනය කරන්න මොළයක් අවශ්‍යත් නෑ. කොටින්ම මැරෙන්න හේතුවක් නෑ. අනිත් වැදගත්ම කාරණය තමයි, මේ වගේ කෘමීන්ට පුළුවන් එක දවසක කාපු දේවල් වලින් සති ගණනක් ජීවත් වෙන්න. ඒ කියන්නෙ එයාලගෙ ආහාර අවශ්‍යතාව සෑහෙන්න අඩුයි. කැරපොත්තෙක්ගෙ ඔලුව කඳින් වෙන් උනාම එයාලට ආපහු කෑම කන්න හෝ වතුර බොන්න බැරි වෙනව. හැබැයි එයාලට එක කෑම වේලකින් සෑහෙන කාලයක් ජීවත් වෙන්න පුලුවන් නිසා, එක පාරටම මැරෙන්නෑ. ගොඩක් කල් සජීවීව ඉන්න පුලුවන්. කැරපොත්තන්ගෙ එක් එක් ශරීර කොටස් වල තියෙන 'ගැංග්ලියා' කියන ස්නායු පටක වල ක්‍රියාකාරීත්වය නිසා, මොළයක් නැතුව උනත් එයාලට සාමාන්‍ය දේහ චලන දක්වන්න පුලුවන්. ඔලුවක් නැතුවත් කැරපොත්තො විවිධ චලන පෙන්නන්නෙ ඒකයි. මේකෙම අනිත් පැත්ත ගැන කතා කළොත්, අර වෙන් කරපු ඔලුවත් පැය ගණනාවක් යනකං සජීවීව තියෙනව. හැබැයි දේහය තරම් කල් තියෙන්න නං බාහිර සහයෝගයක් අවශ්‍යයි. #Knowledge | @LearnBits

  • කවුරු හරි ඔයාගෙන් සමාව ඉල්ලනකන්වත්, ආපහු ඔයා ගාවට එනකන්වත් බලන් ඉන්න එපා. ඒ දේවල් කවදාවත් වෙන්නැති බවත්, එහෙම උනේ නෑ කියල අවුලකුත් නැති බවත් තේරුම් ගන්න. මොකද ඔයාගෙ ජීවිතය සහ ඔයාගෙ සතුට තීරණය වෙන්නෙ, කවුරු හරි ඔයාගෙන් සමාව ඉල්ලන එක මතවත්, කවුරු හරි ආපහු ඔයා ගාවට එන එක මතවත් නෙවෙයි. ඔයාගෙ ජීවිතය සහ ඔයාගෙ සතුට තීරණය වෙන්නෙ ඔයා මතමයි. වෙන අයව ඒකට ගාවගන්න එපා. - Antasha Durbin #Saying

  • හැමදේටම දක්ෂ වෙන එකත් එක අතකට හරි වදයක්...! හිතන්න, ඔයාට පුලුවන් එක එක ක්ශේත්‍ර වල වැඩ ගොඩක් දේවල් කරන්න. ඔයා ඒව ගැන දන්නව. දැනුමක් තියෙනව. ඔයත් ආසයි අනිත් අයට විවිධ දේවල් වලදි උදව් කරන්න. හැබැයි..! ඔයාට සමහරවෙලාවට හිතිල ඇති, 'ඇයි මේ හැමෝම මගෙ මත්තෙම නැහෙන්න හදන්නෙ. එයාලට වෙන කවුරුත් නැද්ද ඒ වැඩේ කරගන්න. ඇයි මටම කරදර කරන්නෙ.' වගේ දේවල්. අන්න ඒක තමයි බහුකාර්යශීලීත්වය සහිත ගොඩක් මිනිස්සුන්ගෙ ජීවිත වලට බලපෑම් කරන ශාපය... හැමදේම පුලුවන් උනාම, හැමදේම දන්න කෙනෙක් උනාම, හැම වැඩකටම සූදානමින් හිටියම, ඔයාව ඔයාගෙ වටේ ඉන්න අයට නැතුවම බැරි කෙනෙක් වෙනව. ඔයාට හිතෙයි ඒක හොඳ දෙයක්නෙ කියල. හැබැයි ඔයාට හිතුනද, එයාලට මාව නැතුවම බැරි කෙනෙක් හැටියට පේනව මිසක්, එතනින් ඉදිරියට මගේ ඇත්ත වටිනාකමක් දකින්නෑ නේද කියල? ඔව් ඔයා වැඩ සීයකට දක්ශ කෙනෙක් වෙන්නැති. ඒත් ඔයා එයින් වැඩ කීපෙකට අති දක්ෂයෙක්... හැබැයි මිනිස්සුන්ට ඒ බව පේන්නෑ. එයාල හැමදාටම ඔයා දිහා බලන්නෙ 'අරයට නං ඔක්කොම පුලුවන්' කියල මිසක් 'අරය මෙන්න මේ වැඩේට විශේෂයෙන් දක්ෂයි' කියල නෙවෙයි. ඒකෙන් වෙන්නෙ ඔයාට ලැබෙන්න තියෙන උසස්වීම්, ජීවිතයේ සමහර කඩයිම් ඔයාට මග ඇරෙන එක. ඉතින් කොහොමද මේ ශාපයෙන් මිදෙන්නෙ? මුකුත්ම නොකර ඉඳලද? එහෙම අවශ්‍ය නෑ... ඔයා වැඩ ගොඩකට දක්ෂ උන පලියට ඔයා ඒ හැම වැඩකින්ම විනෝදාස්වාදයක් ලබන්නෑනෙ. සමහර දේවල් ඔයාට පුලුවන් උනාට, ඔයා වැඩිය ආසාවක් නැතුව ඇති. අන්න ඒ වගෙ ඔයා ආස නැති, ඔයාට නොගැලෙපනව කියල හිතෙන, ඔයාගෙ ඉදිරි ගමනට අත්‍යවශ්‍ය නොවන දේවල් වෙනුවෙන් වැඩි කාලයක් වැය කරන්න එපා. ඒ වෙනුවට ඔයාට අවශ්‍ය වෙන හැකියාවන් කීපය විතරක් තව දියුණු කරගන්න. ඒ හා සම්බන්ධ වැඩ වැඩියෙන් කරන්න. ඔයා ඒවට විශේෂ දක්ශතාවක් පෙන්නනව කියල අනිත් අයට දකින්න ඉඩ අරින්න. ඊළඟට, ඔයාගෙ වටේ ඉන්න අය ඔයාගෙන් අරක කරන්න මේක කරල දෙන්න කියල අහගෙන ආපු පලියට, හැමදේටම හා කියන්න එපා. ඔයාගෙ ඉදිරි වර්ධනයට අත්‍යවශ්‍ය නොවන දෙයක් කවුරු හරි කරල දෙන්න පුලුවන්ද ඇහුවොත්, බය නැතුව 'මට බැහැ' කියන්න. ඒ වගේම, ඔයාගෙ විශේෂ දක්ශතා හංගන් ඉන්න එපා. ඒව පෙන්නන්න. ඔයාට නටන්න පුලුවන් ටිකක්. ඔයා ඒ නිසා නටනව. අනිත් අය දකිනව. හැබැයි ඔයාට හොඳටම සිංදු කියන්න පුලුවන් උනත් ඔයා සිංදු කියන්නෙ තනියම. කාටවත් පේන්න නෙවෙයි. ඉතින් මිනිස්සු ඔයාව දන්නෙ ඔයාට නටන්න පුලුවන් කෙනෙක් කියල මිසක් ඔයා හොඳටම සිංදු කියන කෙනෙක් කියල නෙවෙයි. ඒ නිසා, ඔයාගෙ දක්ෂතා බාහිර ලෝකෙට පෙන්නන්න. ඒක පම්පෝරි ගැහිල්ලක් නෙවෙයි. ඒක ඔයාගෙන් යමක් බලාපොරොත්තු වෙන අයට දෙන පූර්ණ දැනුම්දීමක් ඔයා ගැන. ඔයාගෙන් බලාපොරොත්තු වෙන්න ඕනෙ මොන වගේ දේවල්ද කියල පිටස්ථර අයට කියන්න පුලුවන් හොඳම විදිහයි ඒක. #Psycho_Facts

  • ඔයා, 🍃 ඔයාට රිද්දපු මිනිස්සුන්ගෙන් ඉවත් උනාම 🍃 ඔයාගෙ අතීත කම්පනයන් සුවපත් කරගත්තම 🍃 ඔයාගෙ ප්‍රශ්න ඔයාගෙම කරගෙන විසඳුම් හොයාගත්තම 🍃 ඔයාගෙ ගමන පාඩුවෙ ගියාම 🍃 ඔයාටම ආදරේ කරාම ඔයාට අවශ්‍ය දේ ලැබෙන්න පටන් ගනිවී... #Life_Tips

  • මොකක්ද මේ mRNA පදනම් කරගත් පිළිකා එන්නත් කියන්නෙ? මොකක්ද ඒකෙන් කරන්නෙ...? පිළිකා සම්බන්ධව සවිස්තරාත්මක පෝස්ට් පෙළක් මෙම ලින්ක් එක ඔස්සේ ඔයාට කියවන්න පුලුවන්. මුලින්ම බලමු මොනාද මේ mRNA කියන්නෙ කියල අපේ සෛල ආකෘතියට අනුව, සෛලය තුළ තියෙනව න්‍යෂ්ඨිය කියල කොටසක්. මෙන්න මේ න්‍යෂ්ඨිය ඇතුළෙ තමයි ඔයාල හැමෝම දන්න DNA අන්තර්ගත වෙලා තියෙන්නෙ. DNA වලින් තමා අපේ සෛලීය මට්ටමේ ක්‍රියාවලි හැම එකක්ම පාලනය වෙන්නෙ දැන් හිතන්න මෙහෙම. සෛලයට ඕනෙ වෙනව යම්කිසි ආකාරයේ ප්‍රෝටීනයක් නිශ්පාදනය කරන්න. ඒ ප්‍රෝටීන් එක හදන්න අවශ්‍ය කරන වට්ටෝරුව තියෙන්නෙ අපි හැමෝම දන්න DNA එක ඇතුළෙ. හැබැයි ප්‍රෝටීන නිශ්පාදනය කරන්නෙ සෛල ප්ලාස්මය තුළ. (සෛලය තුළ පිරී ඇති ජෙලිමය මාධ්‍යය). ඒත් DNA තියෙන්නෙ ඒ සෛල ප්ලාස්මය තුළ ගිලිල තියෙන න්‍යෂ්ඨිය ඇතුලෙ. අදාළ ප්‍රෝටීනය හදන්න අවශ්‍ය කරන වට්ටෝරුව තියෙන්නෙ DNA තුළ උනාට, අපිට බෑ මේ DNA න්‍යෂ්ඨියෙන් පිටතට ගේන්න. ඒ වෙනුවට අපි කරන්නෙ, ඒ අදාළ ප්‍රෝටීනය හදන්න අවශ්‍ය කරන වට්ටෝරු කොටස විතරක්, වෙනම 'කොළේකට' පිටපත් කරල න්‍යෂ්ටියෙන් එළියට අරන් එන එකයි. මම කිව්ව මෙන්න මේ කොළේ තමයි, අද අපේ මාතෘකාව උන mRNA එහෙමත් නැත්තං පණිවුඩකාරක RNA කියල කියන්නෙ. සරලවම mRNA කියන්නෙ, DNA වල කොටසක පිටපතක්. සෛලය විසින් හදන සෑම ප්‍රෝටීනයක්ම හදන්නෙ අන්න ඒ mRNA වට්ටෝරුවකට අනුවයි. මොකක්ද එතකොට මේ කියන mRNA පදනම් කරගත්තු පිළිකා එන්නත් කතාව? ඒකෙදි මොකක්ද වෙන්නෙ? mRNA පදනම් කරගත්ත පිළිකා එන්නත් හරහා සිදු කරන්නෙ, ඇඟේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය උසිගන්වලා පිළිකා සෛල වලට එරෙහිව ක්‍රියා කරවන එකයි. ඒක කරන්නෙ මෙන්න මෙහෙම. පිළිකා සෛල වල තියෙනවා විවිධ සුවිශේෂී ප්‍රෝටීන් වර්ග. ඒ කියන්නෙ පිළිකා සෛල වලට අනන්‍ය වූ ප්‍රෝටීන හෝ පිළිකා සෛල වල වැඩි වශයෙන් පවතින ප්‍රෝටීන. දැන් විද්‍යාඥයින් විසින් එහෙම ප්‍රෝටීනයක් හඳුනගෙන, කෘතීමව mRNA අනුක්‍රම රටාවක් නිර්මාණය කරනව අන්න ඒ සුවිශේෂී ප්‍රෝටීනය නිශ්පාදනයට අවශ්‍ය වෙන. ඒ කියන්නෙ ඒ අදාළ ප්‍රෝටීනය නිශ්පාදනයට අවශ්‍ය වට්ටෝරුව විද්‍යාඥයින් විසින් නිපදවනව. ඊළඟට මේ කෘතීමව හදපු mRNA අපේ සිරුරට එන්නත් කලාට පස්සෙ, ඒව සෛල වලට ඇතුළ් වෙනව. සෛලය දන්නෑ මේ ආපු mRNA එක එයාගෙ DNA වලින් එව්ව එකක් නෙවෙයි කියල. ඒ නිසා, සෛලය විසින් ඒ mRNA එකේ තියෙන වට්ටෝරුවට අනුව, අර උඩදි කිව්ව සුවිශේෂී ප්‍රෝටීනය නිශ්පාදනය කරන්න පටන් ගන්නව. දැන් ඒ mRNA ඇතුළ් උනු පිළිකා සෛල නොවන නිරෝගී සෛල වලිනුත් මෙන්න මේ ප්‍රෝටීනය වැඩි වශයෙන් නිශ්පාදනය කරන්න ගත්තට පස්සෙ, අන්න ඒ බව ඇඟේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඒත්තු යනව. ඒ හින්ද ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉක්මනට ඇක්ටිවේට් වෙලා, ඒ අදාළ ප්‍රෝටීනය සහිත සෛල බිඳ දාන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නව. ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඳුනගන්නෙ, අහවල් සුවිශේෂී ප්‍රෝටීනය සහිත සෛල කීපයක් ඇඟේ අනවශ්‍ය තැන් වල ඇතිවෙන්න පටන් ගත්තා කියලයි. මම කිව්වනෙ මේ නිරෝගී සෛල වලිනුත් හැදුවෙ, අර පිළිකා සෛල වලින් හම්බුනු විශේෂිත ප්‍රෝටිනයක්මයි කියල. ඉතින් ඇඟේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දකිනව, මේ පිළිකා සෛල වලත් එයා අර දැක්ක ආගන්තුක ප්‍රෝටීනය වැඩි වශයෙන් තියෙනව කියල. එතකොට ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් පිළිකා සෛල වලටත් පහර දීලා විනාශ කරන්න පටන් ගන්නව. ඔන්න ඕක තමයි සරලවම mRNA පාදක කරගත්ත පිළිකා එන්නත් වලින් සිදු කරන්නෙ. ඇඟේ ප්‍රතිශක්ති ප්‍රතිචාර ඔස්සේ පිළිකාව අඩපන කිරීම තමයි මේ එන්නත් වල මූලිකම අරමුණ. (අඩුපාඩු හෝ වැරදි සහිත නම් ඒ බව දන්වන්න. ස්තූතියි.) #Knowledge #Education

  • #LearnBits_Q_A ට අදාළ ඔයාගෙ ප්‍රශ්නත්, පහත miniApp එක හරහා මට යොමු කරන්න. අනිත් බොට්ල වැඩ කරන්නෑ දැන්. මේ ක්‍රමයෙන් විතරක් එවන්න. පළමු තීරුවට LearnBits කියල සඳහන් කරල, දෙවන තීරුවෙන් ඔයාගෙ ප්‍රශ්නය යොමු කරන්න. MiniApp - t.me/DrgNoBot/Anonymous

  • මොකක්ද මේ lobotomy කියන්නෙ? Lobotomy කියන්නෙ 1930 වසරේදි විතර අධික ලෙස ප්‍රසිද්ධියට පත් උන, මොළයට කරන ශල්‍යකර්මයක්. මේකෙදි කරන්නෙ මොළයේ ඉදිරිපස කොටස වන ලලාට ඛණ්ඩිකාවත්, මොළයේ අනිත් කොටස් අතරත් පවතින සම්බන්ධය විසන්ධි කරන එක. මොකක්ද මේ මොළයේ ඉදිරිපස කොටස කියන්නෙ? මොළයේ ඉදිරි කොටස හෙවත් ලලාට ඛණ්ඩිකාව කියන්නෙ මොලයේ ගොඩක් ක්‍රියාකාරකම් වලට වැදගත් වෙන ශරීරාංගයක්. තීරණ ගැනීම, ගැටළු විසඳීම, භාෂා හැසිරවීම, ඉගෙනීම, අවධානය සහ මානසික හැඟීම් පාලනය ඇතුළු ගොඩක් මානසික ක්‍රියාවලි සඳහා බලපාන මූලිකම අංගය තමයි ලලාට ඛණ්ඩිකාව කියන්නෙ. මොකක්ද මේකෙදි ඇත්තටම කරන්නෙ? කාටද මේ සැත්කම කරන්නෙ? Lobotomy කියන සැත්කම සිදු කරන්නෙ මානසික ආබාධ සහිත පුද්ගලයන්ට. ඒ, එම පුද්ගලයන්ගෙ රෝග ලක්ෂණ පාලනය කිරීමට. උදාහරණයකට, හීනෝන්මාදයෙන් පෙළෙන පුද්ගලයන්ගෙ ආක්‍රමණශීලී ගතිය නැති කරන්න මේ සැත්කම සිදු කරල තියෙනව. ඒ කාලෙ වෛද්‍යවරු විශ්වාස කරල තියෙනව මොළයේ ඉදිරිපස ලලාට ඛණ්ඩිකාවේ සම්බන්ධය විසන්ධි කලොත්, රෝගියාගේ රෝගී තත්වය පාලනය වෙනව කියල. මේ සැත්කම සිදු කරල තියෙන්නෙ මෙන්න මෙහෙමයි. මුල් කාලීනව, වෛද්‍යවරු විසින් රෝගියාගේ හිස් කබල සිදුරු කරල හෝ කපා දමල තියෙනව. ඊට පස්සෙ ඔවුන් රෝගියාගෙ ලලාට ඛණ්ඩිකාවත් තැලමසත් අතර ඇති ස්නායුක සම්බන්ධය විසන්ධි කරනව. (කපල දානව) ඒත් ඉදිරි කාලවලදි මේ සැත්කම කරන විදිහ පොඩ්ඩක් වෙනස් උනා. හිස් කබල සිදුරු කරනව වෙනුවට, වෛද්‍යවරු විසින් තියුණු තුඩක් සහිත වෛද්‍ය උපකරණයක් රෝගියාගෙ ඇස තුළින් ඇතුල් කරල මොළය සිදුරු කරල තියෙනව. මේකට කියන්නෙ transorbital lobotomy කියල. ඒ තුඩ උපයෝගී කරගෙන මොලයේ ඉදිරි කොටසේ ස්නායුක සැපයුමට හානි කරන එක තමා මෙතනදි වෙන්නෙ. සැත්කම කිරීමට තිබුණු අවම අවශ්‍යතා සාධක සහ පහසුව නිසා මේ කිව්ව දෙවනි ක්‍රමය ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙනව ඒ කාලෙ. කොටින්ම මව්වරු විසින් තමන්ගෙ දරුවට විශාදය කියල සැක හිතුනු ගමන් ගිහින් මේ දෙවනි ක්‍රමයෙන් සැත්කමක් කරගෙන එන තරමට ඒක ප්‍රසිද්ධ උනා. මේ සැත්කමෙන් ඇත්තටම රෝගියාට මොකද වෙන්නෙ? ඒ කාලෙ වෛද්‍යවරු විශ්වාස කරල තියෙන්නෙ ගොඩක් මානසික රෝග වලට හේතුව, මිනිස්සුන්ට ආයෙ ආයෙම එකම සිතුවිලි පහළ වෙන එකයි කියල. ඉතින් ඒකට විසඳුමක් හැටියට එයාලා කලේ, මේ Lobotomy සැත්කම හරහා රෝගියාගෙ මොළයේ කොටසක් විසන්ධි කිරීම මගින් ඒ සිතුවිලි පාලනය කරන එකයි. ඒත් ඇත්තටම මේ සැත්කමෙන් එහෙම දෙයක් වෙන්නෑ. ඒ වෙනුවට වෙන්නෙ, රෝගියාගෙ ලලාට ඛණ්ඩිකාවෙන් සිදු කරන මානසික ක්‍රියාකාරකම් සීමා වෙන එකයි. ඒකෙ ප්‍රථිඵලයක් හැටියට, උදාසීනභාවය, අධික සතුට, පහසුවෙන් අවධානය බිඳී යාම, සමාජ මට්ටමේ සංයමයක් නොමැති වීම, පෞර්ෂ්‍යයේ අධික වෙනස්වීම්, ඩිමෙන්ශියා තත්ව වගේ රෝග ලක්ෂණ රෝගින් තුළ පෙන්නුම් කලා. සහ ඇතැම් විට රෝගියා මරණයට පවා පත් උනා. ඉතින් මේ සැත්කම ඇත්තටම හොඳද? නරකද? නූතන සමාජය අදටත් විශ්වාස කරන දෙයක් තමයි, Lobotomy සැත්කමෙන් උදව්වක් වෙන්නෙ රෝගියාව බලාගන්න අයට මිසක් රෝගියාට නෙවෙයි කියන එක. මේ සැත්කමෙන් පස්සෙ රෝගියා නිකං ඇවිදින මලමිනියක් වගේ වෙනව. චින්තන ශක්තියක් නැති, මානසික මට්ටම ව්‍යවකූල උන නිකංම සිරුරක් විතරක් වෙනව. ඉතින් රෝගියව බලාගන්න අයට හරි ලේසී. දඟලන්නැති, කෑගහන්නැති, උමතුවෙන් වියරු වැටෙන්නැති රෝගියෙක්ව බලාගන්න පුලුවන්නෙ එයාලට. Lobotomy සැත්කමෙන් ඇත්තටම වෙන්නෙ, ආත්මය මරා දාපු මිනිස් ශරීරයක් ප්‍රථිඵල වීමයි. #Knowledge #Education

  • "රසදිය" ස්වභාවික පරිසරය තුළ හම්බෙනවද? කෙටි පිළිතුර : ඔව්. පිරිසිදු මූලද්‍රව්‍යමය රසදිය, අකාබනික රසදිය සංයෝග සහ කාබනික රසදිය සංයෝග හැටියට ස්වභාවයේ රසදිය පවතිනවා. රසදිය සාමාන්‍යෙන් පෘථිවි පෘෂ්ඨයේ පාෂාණ වල, ගල් අඟුරු නිධිවල ආදියේ ස්වභාවිකව හමුවෙනවා. ඒක පිරිසිදු මූලද්‍රව්‍යමය ස්වරූපයෙන් පවතින්නත් පුලුවන්, එහෙමත් නැත්තං කාබනික හෝ අකාබනික සංයෝග හැටියට පවතින්නත් පුලුවන්. ඉස්සර QuickSilver කියල හඳුන්වපු, ස්වභාවිකව පවතින මූලද්‍රව්‍යමය රසදිය, කාමර උෂ්ණත්වයේ ද්‍රවයක් හැටියට හැසිරෙනවා. මේවටම තමා Metallic Mercury හෝ Elemental mercury කියන්නෙත්. මේ වර්ගයේ තියෙන විශේෂත්වය තමයි, මේව වෙනත් මූලද්‍රව්‍ය එක්ක එකතු වෙලා සංයෝග නොසාදා තිබීම. සරලවම පිරිසිදු රසදිය හැටියට හඳුන්වන්න පුලුවන්. නමුත් ගොඩක් වෙලාවට රසදිය ස්වභාවිකව පවතින්නෙ අකාබනික සංයෝග හැටියටයි. ක්ලෝරීන්, සල්ෆර් වගේ මූලද්‍රව්‍ය එක්ක එකතු වෙලයි, රසදිය මේ වගේ අකාබනික සංයෝග හදන්නෙ. දැනට ස්වභාවයේ හමුවෙන සුලබතම කාබනික රසදිය සංයෝගය වෙන මෙතිල් මර්කරි කියන්නෙ, ක්ෂුද්‍රජීවි ක්‍රියාවලි වලින් (anaerobic bacteria) නිපදවන (හෝ අකාබනික රසදිය, කාබනික රසදිය බවට පරිවර්තනය කරන) දෙයක්. මේ උඩ කිව්ව ආකාර තුනේම රසදිය, විවිධ ක්‍රියාකාරකම්, ප්‍රතික්‍රියාවන් ආදිය නිසා වාතයට විමෝචනය වෙන්නත් පුලුවන්. ඉතින් හරියට ගත්තොත්, වාතයෙත් අල්ප මාත්‍රයක් හෝ ස්වභාවිකව රසදිය අංශු හම්බෙනව. #Knowledge

  • ආදර ජීවිතය ගැන තිත්ත උනත් සත්‍ය කරුණු කීපයක් 🌷 අපේ ජීවිතයට සහයෝගිමත් සහකරුවෙක් අවශ්‍යයි. එහෙම නැත්තං සහකරුවෙක් නොසිටිය යුතුයි. චුට්ටක් හොඳ චුට්ටක් නරක කියල ඔප්ශන් එකක් අවශ්‍ය නෑ. 🌷 ඔයාගෙ සහකරුවට ඔහුගේම හෝ ඇයගේම අඩුපාඩු කියන්න තේරෙන්නැත්තං හෝ ඒව ගැන දැනුවත් නැත්තං, ඒ අයට ඔවුන් ගැනවත් නිසි අවබෝධයක් නෑ. එහෙම කෙනෙක්ගෙන් ඔයාව අවබෝධ කරගනී කියල බලාපොරොත්තු වෙන්න එපා. 🌷 හොඳම පළිගැනීමේ ක්‍රමවේදය තමයි, තවදුරටත් පළිගැනීම් ගැන තැකීමක් නොකරන තැනට පත් වීම. 🌷 සම්බන්ධතාවක් දිගු කාලයක් තිබ්බ පමණින් ඒක හොඳ සම්බන්ධතාවක් වෙන්නෙ නෑ. හැමදාම තියේවි කියල කියන්නත් බෑ. 🌷 ආත්මගරුත්වයක් ඇතිවෙන්නෙ ස්වයංපාලනය තුළින්. 🌷 ඔයාට හිතෙනව නං ඔයාගෙ සතුට තියෙන්නෙ වෙනත් තැනක කියල, ඔයා ඒ හිතන සතුට කවදාවත් ඔයා ගාවට එන්නෑ. මුලින් තමන්ගෙ ඇත්ත සතුට හොයාගෙන ඉන්න. #Relationship_Tips

  • ජපානයේ ගොඩක් පාසල් වල, අධ්‍යාපන පද්ධතිය තුළ දෙවන ලෝක යුද්ධය ගැන උගන්නන්නෙ අතිශය සංස්කරණය කරපු තොරතුරු කීපයක් විතරයි. සරලවම, 'යුද්ධය නරකයි' කියන සංකල්පය උලුප්පල පෙන්වනව මිසක් දෙවන ලෝක යුධ සමයේ ජපානයේ මැදිහත් වීම් බහුතරයක් ඒ රටේ සිසුන්ට පාසල් වලින් ඉගෙන ගන්න හැකියාවක් නෑ. #Facts

  • මානසිකව සමබර පුද්ගලයන් තුළ දක්නට ලැබෙන ලක්ෂණ කීපයක් - ඔවුන් අනිත් අයට ගරු කරනව. අන් අයගේ ජයග්‍රහණයන් පිළිබඳව - ඔවුන්, ඔවුන් ගැනම පුරසාරම් දොඩවන්නෑ. - ඔවුන් සෑමවිටම සැමටම සිනහවෙන් සංග්‍රහ කරනවා. සහ සතුටින් ජීවත් වෙනවා. - ඔවුන් අනෙකාට කතා කරන්න ඉඩ ලබාදෙනවා. හොඳ සවන් දෙන්නන්. - ඔවුන් තමන්ගේ සතුට වෙනුවෙන් වෙන යම් කෙනෙක්ට අගෞරව කිරීම්, පහතට හෙළා කතා කිරීම්, සමච්චල් කිරීම් කරන්නෙ නැහැ. - ඔවුන් අනිත් අයට උදව් කරනවා. ඔයාට උදව්වක් ඕනෙ උන ඕනෙම වෙලාවක, ඔවුන් ඔයා එක්ක ඉන්නවා. - ඔවුන් අනිත් අයට දෙන උපදෙසක්, හිතල බලල සැලකිල්ලක් ඇතුව සහ වගකීමක් ඇතුව දෙන උපදෙස්. - ඔවුන්, ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට අදාළ ගෞරවය ලබා දෙනවා. - ඔවුන්, සාර්ථකත්වය අත් කරගැනීම සඳහා අනිත් අයවත් පොළඹවනවා. #Psycho_Facts

  • මොකක්ද මේ Intranasal Tooth කියන්නෙ? සරලවම, මේ කියන්නෙ 'නාස් මාර්ගය තුළ වර්ධන වූ දත්' ගැන. (බ්‍රවුසර් එකක මේ නම ගහල සර්ච් කරල image section එක බලන්න) සමහරවෙලාවට, සමහර පුද්ගලයන්ගෙ නාස් කුහරය තුළටත් දත් වර්ධනය වෙනව. (සුලබ තත්වයක් නෙවෙයි). මේ වගේ අසාමාන්‍ය ස්ථානයක දත් වර්ධනය වීමේ ප්‍රතිඵලයන් විදිහට, ස්වසනයට බාධා වීම්, මුහුණේ වේදනාවන්, හිසේ කැක්කුම්, නාසයෙන් රුධිරය ගැලීම්, නිරන්තරයෙන් නාස් කුහරයෙන් දියර ගැලීම් (සොටු ආදිය), වගේ තත්වයන් ඇති වෙන්න පුලුවන්. සම්පූර්ණ ශල්‍යකර්ම මගින් මේ වගේ වර්ධනය වෙන දත් ඉවත් කිරීමෙ හැකියාවක් තියෙනව. මේ තත්වයට නිශ්චිතම වන හේතුවක් තාම හොයාගෙන නැති උනත්, වාර්තාගත දත්ත අනුව ඒකට හේතුකාරක කීපයක් අඳුනගෙන තියෙනව. ඒ, ජානමය ලක්ෂණ, කම්පනයන්, ශරීර පටක තුළින් ඇතිකරන අසාමාන්‍ය ප්‍රතිචාරයන්, දත් වර්ධන කාලසීමා තුළ වන බාධාවීම්, පැතළි තල්ලක් සහිත වීම, සාමාන්‍ය සංඛ්‍යාවට අමතරව වර්ධනය වෙන දත් ආදියයි. Additional : - ajnr.org - edjent.org - sciencepublishinggroup.com - pubmedcentral #Knowledge

  • Good morning, Good afternoon, Good evening, Good night. මේවා කියන්න ඕනෙ මොන වෙලාවල් වලටද? Good morning - මධ්‍යහ්න 12 (දවල් 12) දක්වා භාවිත කරනවා. Good afternoon - මධ්‍යහ්න 12 ඉඳල ඉර බැසගෙන යන වෙලාව දක්වා භාවිත කරනවා. Good evening - ඉර බැස ගියාට පසුව භාවිත කරනවා. Good night * - මේක පිළිගැනීමේ පාඨයක් නෙවෙයි. සමුදීමේ පාඨයක්. ඉර බැස ගියාට පස්සෙ (රෑට) යම් කෙනෙක්ට සමුදෙනකොට, යම් තැනකින් පිටත් වෙනකොට හෝ නිදාගන්න යනකොට භාවිත වෙනවා. #English

  • සම්බන්ධයක් තුළදි, ඔබගේ සහකරුවා ඔබව පාලනය කරන්න හදනවද කියල දැනගන්නෙ කොහොමද? 🦉 එයාලා, ඔයාට දැනෙන වරදකාරී හැඟීම් උපයෝගී කරගෙන ඔයා ලවා විවිධ වැඩ කරගන්නවා. 🦉 එයාලා ඇත්තටම අදහස් නොකරන දේවල් කියලා ඔයාව වර්ණනා කරනවා. 🦉 ඔයා, එයාලා කරපු වැරැද්දක් ගැන ඇහුවම, එයාල ඒකට හේතු දැක්වීමක් හෝ සමාව ගැනීමක් නොකර, ඔයා අතීතයේ කරපු වැරැද්දක් අල්ලන් ප්‍රශ්නය මග හරිනවා. 🦉 එයාලා ඔයා කියන හැමදේම ඔයාට විරුද්ධව පාවිච්චි කරනවා. ඔයාගෙ කටින්, ඔයා ඇත්තටම අදහස් නොකරපු දෙයක් හදිසියේ පිට උනත්, එයාලා ඒ දේ අර්ථය විකෘති කරමින් ඔයාට විරුද්ධව පාවිච්චි කරනවා. අවසානයේ ඔයා වැරදිකාරයා වෙලා සමාව ඉල්ලනවා 🦉 ඔයා එයාලට ඕනෙ දේවල් කලේ නැත්තං එයාල හරි රළු විදිහට ඔයාව පැත්තකට කරනවා. සමහරවිට ඒ දේ දෙනකංම ඒක එහෙමම තියෙනව. 🦉 එයාලා ගොඩක් නරක දේවල් ඔයාට කියනවා. ඒත් පස්සෙ කියනවා විහිළුවට කිව්වෙ කියල. හෝ ඔයාගේ සංවේදිතාවට වැරද්ද පටවනවා. හෝ ඔයා එයාලව වැරදියට තේරුම් අරන් කියනවා. #Relationship_Tips

  • ✦ පියයුරු පිළිකා ඇතිවීමට හේතුව මොකක්ද? මේ තත්වයට නිශ්චිතවම හේතුවක් තාමත් හොයාගෙන නෑ. විවිධ හෝමෝන අසමතුලිතතා, පාරිසරික සාධක, ජාන සැකැස්ම සහ ජීවන රටා ආදිය නිසා පියයුරු පිළිකා ඇතිවීමේ අවධානම වැඩි වෙනව කියල හොයාගෙන තිබ්බත්, ඒ මුකුත් නැතුවත් සමහරුන්ට පියයුරු පිළිකා ඇතිවෙන්නෙ ඇයි කියන කාරණය ගැන තාම හරියට සඳහන් කරන්න බැහැ. පියයුරු පිළිකාවක් ආරම්භ වෙන්නෙ, පියයුරු පටකයේ තියෙන සෛල වල DNA අනුක්‍රම වෙනස් උනාමයි. සාමාන්‍ය සෛල වල DNA මගින් ලබාදෙන උපදෙස් වලට වඩා වෙනස් උන උපදෙස්, මේ අසාමාන්‍ය සෛල වල DNA වලින් ලබාදෙනවා. ඒකෙ ප්‍රථිඵලයක් හැටියට, අසාමාන්‍ය ගුණන වේගයක් සහ අක්‍රමික සෛල ස්කන්ධයක් පියයුරු පටකය තුළ නිර්මාණය වෙනවා. මෙන්න මේ හැදෙන සෛල ස්කන්ධය තමා පිළිකාවක් කියල හැඳින්වෙන්නෙ. මේ ගැන වැඩි විස්තර, අපි කළින් පළ කරපු පිළිකා සම්බන්ධ දීර්ඝ ලිපියෙන් කියවන්න මෙතනින්. පියයුරු පිළිකාවට හේතු වෙන වෙනස්කම් ගොඩක් වෙලාවට ඇතිවෙන්නෙ, ක්ෂීර නාල වල තියෙන සෛල වලයි. ✦ පියයුරු පිළිකා සඳහා අවදානම් සාධක 1. පියයුරු පිළිකා සම්බන්ධ පවුල් ඉතිහාසයක් තිබීම. ඔයාගෙ පවුලෙ යම් කිසි කෙනෙක්ට පියයුරු පිළිකාවක් ඇති වෙලා තියෙනව නං, මේ සඳහා ඔයාගෙ අවදානම් තත්වය ඉහළ යනවා. ඒ වගේම ඔයාගෙ පවුලෙ සාමාජිකයන් කීප දෙනෙක්ට මේ තත්වය ඇති වෙලා තියෙනව නං අවදානම තවත් වැඩී. 2. පියයුරු පිළිකා පිළිබඳ පෞද්ගලික ඉතිහාසයක් තිබීම. ඔයාට මීට කලින් එක පියයුරක පිළිකා තත්වයක් ඇතිවෙලා තියෙනව නං, අනික් පියයුරට පිළිකා තත්වයක් ඇතිවීමේ අවදානම සාපේක්ෂව ඉහළ යනවා. 3. පියයුරු අසාමාන්‍යතා පිළිබඳ පෞද්ගලික ඉතිහාසයක් තිබීම. පියයුරු වල ඇතිවෙන සමහර අසාමාන්‍යතා, පිළිකා තත්ව ගැන පෙරදැනුම් දීමක් කරනවා. මීට කලින් LCIS හෝ hyperplasia තත්ව සඳහා මුහුණ දුන් කෙනෙක්ට, පිළිකා ඇතිවීමෙ අවදානම වැඩියි. 4. අඩු වයසින් ඔසප් චක්‍රය ආරම්භ වීම අවු. 12ට කලින් ඔසප් චක්‍රය ආරම්භ වීම, පියයුරු පිළිකා අවදානම ඉහළ දානවා. 5. ආර්තවහරණය ප්‍රමාද වීම. වයස අවු.55න් පසුව ආර්තවහරණය ඇතිවීමත් පියයුරු පිළිකා අවදානම වැඩි කරනවා. 6. ස්ත්‍රියක් වීම. පුරුෂයන්ට වඩා ස්ත්‍රීන්ට මේ තත්වය ඇතිවෙනවා. (සංඛ්‍යා විද්‍යාත්මක සාධක වලට අනුව). කොහොම උනත් ඕනෙම කෙනෙක්ට පියයුරු පිළිකා ඇතිවෙන්න පුලුවන්. 7. ඝණ පියයුරු පටක තිබීම. ඝන පියයුරු පටක තියෙනකොට මැමෝග්‍රෑම් පරීක්ෂාවකින් පිළිකා තත්ව ගැන හොයාගන්න අපහසු වෙනවා. සහ අවදානම ඉහළ දමනවා. 8. වැඩි වයසකින් පළමු දරුවාට උපත ලබාදීම. වයස අවු.30න් පස්සෙ පළමු දරුවා බිහි කිරීම පියයුරු පිළිකාවක් ඇතිවීමට යම් තරමකට දායක වෙන සාධකයක්. 9. එක්වරක්වත් ගැබ් නොගැනීම. එක වරක් හෝ කීප වරක් ගැබ්ගැනීම පියයුරු පිළිකා අවදානම අඩු කරනවා. එක වරක්වත් ගැබ් නොගැනීම එය වැඩි කරනවා. 10. අපට ලැබෙන සමහර පාරම්පරික ජාන සමහර ජානවල ක්‍රියාකාරිත්වය, පියයුරු පිළිකා අවදානම ඉහළ යන්න හේතු වෙනවා. 11. වයසට යාම. 12. මත්පැන් පානය කිරීම 13. ස්ථුලතාව 14. විකිරණ වලට නිරාවරණය වීම. 15. හෝමෝන චිකිත්සක ඖෂධ ලබාගැනීම. ✦ පියයුරු පිළිකා අවදානම අඩු කරන්න මොනවද කරන්න පුලුවන්? 1. පියයුරු පිළිකා පරීක්ෂාවන් ගැන දැනුවත් වෙන්න. ඒ පරීක්ෂාවන් සඳහා යොමුවෙන්න. 2. ස්වයං පියයුරු පරීක්ෂාව පිළිබඳ ඉගෙන ගන්න. එතකොට ඔයාටම ඔයාගෙ පියයුරු නිතිපතාම පරීක්ෂා කිරීම කරගන්න පුලුවන්. හදිසි අසාමාන්‍යතාවක් දැනුනොත් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න. 3. මධ්‍යසාර/මත්පැන්/සිගරට් ආදිය හැකිතාක් අඩු කරන්න. හැකි නම් සම්පූර්ණයෙන්ම නවතා දමන්න. 4. මාසෙකට හැකිතාක් ව්‍යායාම වල නිරත වෙන්න. අවම වශයෙන් දිනකට මිනි.30 බැගින් දවස් 20ක් වත් මාසයකට ව්‍යායාම වල නිරත වෙන්න. 5. අත්‍යවශ්‍යම විට ඇරෙන්න, හෝමෝන චික්ත්සාවලින් ඈත් වෙන්න. විවිධ හෝමෝන අසමතුලිතතා වලට නිකරුණේ ලක් වීමෙන් වළකින්න. 6. දේහ බර පාලනය කරගන්න. ස්ථුලතාවට පත් නොවෙන්න වග බලා ගන්න. නිරෝගී ආහාර රටාවක් අනුගමනය කරන්න. 7. පියයුරු පිළිකාවක් ඇතිවීමේ අධික අවදානමක් තියෙනව නං, අදාල ශල්‍යකර්ම සඳහා යොමු වීම හෝ නිවාරණ ඖෂධ ලබාගන්න. #Personal_Care #Knowledge

Learn Bits — tgindex