GLOBAL NEWS SRI LANKA 🇱🇰
Статистикаශ්‍රී ලාංකීය අපට එදිනෙදා වැදගත් වන පුවත් වලට මූලිකත්වය දෙමින් අපක්ෂපාතීව දෙස් විදෙස් පුවත් ඔබ වෙත රැගෙන ඒම මේ චැනලයේ බලාපොරොත්තුවයි.. Contact Us - @contactGNSLbot
- Последний пост
- 15 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 135
- Всего постов
- 135
- Тип
- открытый
- Язык
- si
- Категория
- Новости и СМИ
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 406
- 1/48двое суток
- 465
- 1/72трое суток
- 501
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
හැටන්-කොළඹ පාරේ එක මංතීරුවක් යළි විවෘත කෙරේ කුයිල්වත්ත ප්‍රදේශයෙන් අවහිර වී තිබූ හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් මේ වනවිට ගමනාගමන කටයුතු සඳහා විවෘත කර තිබේ. globalnewssrilanka
ඉන්දුනීසියාවේ භූකම්පනයෙන් දෙදෙනෙකු මරුට ඉන්දුනීසියාවට අද (15) අලුයම ඇතිවූ භූකම්පන තත්ත්වයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කර තිබේ. globalnewssrilanka
Strait of Hormuz | නෞකා ගමනාගමනය 80%කින් පහළට ඇමරිකානු–ඉරාන යුද්ධයට පෙර පැවති සාමාන්‍ය මට්ටමට සාපේක්ෂව Strait of Hormuz හරහා නෞකා ගමනාගමනය දැඩි ලෙස පහත වැටී තිබේ. අලුත්ම Reuters වාර්තා අනුව, අගෝස්තු 11 වනදා Hormuz හරහා ගමන් කළේ නෞකා 6ක් පමණක් වන අතර, යුද්ධයට පෙර සාමාන්‍යයෙන් දිනකට 130–140ක් පමණ නෞකා එම සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළේය. globalnewssrilanka
ඊශ්‍රාල ආගමික මධ්‍යස්ථානයක් ඉදිරියේ ගම්වාසීන් විරෝධතාවයක හිරිකැටිය ප්‍රදේශයේ කෑම කඩයක් මුවාවෙන් පවත්වාගෙන ගිය අනීතික ඊශ්‍රායල ආගමික ස්ථානයකට විරෝධය පලකරමින් ආගමික නායකයින් ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් ඊයේ (14) විරෝධතාවයක නිරත වුණා. globalnewssrilanka
හෝමූස් සමුද්‍ර සන්ධිය ඇමරිකානු භූමියක් ලෙස ඉක්මනින් ප්‍රකාශයට පත් කළ හැකියි ට්‍රම්ප් කියයි. globalnewssrilanka
එල් නිනෝවෙන් මනසටත් බලපෑම් එල්නිනෝ හමුවේ පරිසර උෂ්ණත්වය තවදුරටත් ඉහළ ගියහොත් මානසික රෝගවලට ගොදුරුවන පුද්ගලයන්ගේ සංඛ්‍යාවේ ද වැඩිවීමක් සිදුවනු ඇතැයි ගාල්ල ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පැවැසීය. globalnewssrilanka
අමෙරිකාවේ වෙඩි තැබීම් මාලාවකින් 6ක් මරුට. අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ නිවාස දෙකක සහ වනාන්තර ප්‍රදේශයක වෙඩි තැබීම් මාලාවක් සිදුව තිබෙනවා. සිද්ධියෙන් වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. 39 හැවිරිදි චැඩ් හික්මන් නැමැති වෙඩික්කරු එම සිද්ධියෙන් පසු පලාගොස් තිබූ අතර, පසුව පොලිසිය විසින් කරන ලද සෝදිසි මෙහෙයුම්වලදී වනාන්තර ප්‍රදේශයක තිබී සැකකරු ගමන් කළ මෝටර් රථය හමුවී තිබෙනවා. එහි තිබී වෙඩික්කරුගේ සහ තවත් අයෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබුණා. මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. globalnewssrilanka
පස් කන්දක් කඩාවැටී හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගය කුයිල්වත්තෙන් අවහිර වෙයි හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ කුයිල්වත්ත ප්‍රදේශයේදී මාර්ගයට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් එම මර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා එල්ලවී තිබේ. globalnewssrilanka
🔴 ඉන්දුනීසියානු මුහුදේ රික්ටර් මාපක 7.7ක ප්‍රබල භූකම්පනයක් - ලංකාවට බලපෑමක් නෑ. ඉන්දුනීසියාවේ මධ්‍යම දූපත් සමූහය ආසන්නයේදී අද (15) අලුයම 3.28ට රික්ටර් මාපකයේ 7.7ක අගයකින් යුත් ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබේ. globalnewssrilanka
🔴 ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි ඩුබායි හිදී අත්අඩංගුවට ගත්, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන "ශිරාන් බාසික්" නමැත්තා අද (14) රාත්‍රියේ දිවයිනට රැගෙන ආවේය. ශිරාන් බාසික් මෙරටට මත්ද්‍රව්‍ය සැපයුම් සිදු කරන මහා පරිමාණ ජාවාරම්කරුවන්…
අයහපත් කාලගුණයෙන් ජපානයේ මියගිය ගණන 08ක් දක්වා ඉහළට globalnewssrilanka
🔴 ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි ඩුබායි හිදී අත්අඩංගුවට ගත්, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන "ශිරාන් බාසික්" නමැත්තා අද (14) රාත්‍රියේ දිවයිනට රැගෙන ආවේය. ශිරාන් බාසික් මෙරටට මත්ද්‍රව්‍ය සැපයුම් සිදු කරන මහා පරිමාණ ජාවාරම්කරුවන් 5 දෙනාගෙන් එක් අයෙකු වන බව ද සඳහන්. globalnewssrilanka
අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර මහතා පෙනී සිටින 2023 වසරේ අගෝස්තු 13 පලකල වීඩියෝවක් ඊයේ (අගෝ.13) යලි සමාජ මාධ්‍යයේ ප්‍රචලිත වී තිබුනා. globalnewssrilanka
බස් හෝල්ට් අවහිර වන ලෙස වාහන නතර කරන රියදුරන්ට වැඩ වරදියි පොදු මගී ප්‍රවාහන බස් රථ නවත්වන ස්ථාන අවහිර වන පරිදි අනෙකුත් වාහන නතර කර තැබීමට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා පොලීසිය දැනුම් දී ඇත. globalnewssrilanka
බන්ධනාගාර නිලධාරීන්ගේ තොරතුරු රැස්කරමින් සිටි අයෙක් අත්අඩංගුවට බන්ධනාගාරයේ නිලධාරීන්ගේ තොරතුරු රහසිගතව සොයමින් සිටි පුද්ගලයෙකු සහස්පුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු පසුගියදා නව මැගසින් බන්ධනාගාරයේ ඇතිවූ කලහකාරී තත්ත්වය අතරතුරදී මියගිය මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නැමැත්තාගේ සමීපතමයෙක් බව පොලිසිය පවසයි. අදාළ සැකකරු, අස්මාන් නැමැත්තා විසින් පසුගිය වසරේ දෙහිවල වටරප්පල පාරේදී සිදුකළ ද්විත්ව ඝාතනයේ යතුරුපැදිකරු ලෙස කටයුතු කර ඇති බවද වාර්තා වේ. ඔහු නව මැගසින් බන්ධනාගාරයේ කලහකාරී තත්ත්වය ඇතිවීමට දින තුනකට පෙර ඇපමත නිදහස්ව ඇති බව ද පොලිසිය පැවසීය. එමෙන්ම ඔහු කොස් මල්ලි නම් විදෙස්ගතව සැඟව සිටින අපරාධකරුගේ සමීපතමයෙක් බවට ද අනාවරණය වී ඇත. globalnewssrilanka
ආසියාවේ ටෙස්ට් රජ දහන – ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය වාර්තාවකට සැරසෙයි සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර හෙට (15) ඇරඹෙන පළමු ටෙස්ට් තරගයේ සත්කාරකත්වය දරන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන වාර්තා අතර නව සන්ධිස්ථානයක් සටහන් කිරීමට නියමිතව තිබෙනවා. මෙලෙස හෙට (15) දිනයේ දී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ආරම්භ වන තරගය, එම ක්‍රීඩාංගනයේ පැවැත්වෙන 50 වන තරගය ලෙස ඉතිහාස ගත වනවා. ඒ අනුව ටෙස්ට් තරග 50ක් පැවැත්වූ ආසියාවේ එකම ක්‍රීඩාංගණය බවට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වාර්තා පොත් අතරට එක් වීමට නියමිතයි. එමෙන්ම හෙට (15) දිනයේ දී ඉන්දියාව ද තරග වදිනුයේ සිය 600 වන ටෙස්ට් තරගයට වීමද විශේෂත්වයක්. globalnewssrilanka
හෙට දිනයේ උණුසුම ගැන අවවාදාත්මක නිවේදනයක් වව්නියාව, මුලතිව්, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල හෙට (15) දිනයේ දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ” අවධානය යොමු කල යුතු” මට්ටමක පැවතිය හැකි බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අවවාදාත්තමක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර තිබෙනවා. globalnewssrilanka
වියළි කාලගුණයෙන් 68,000 කට දැනටමත් පීඩා. globalnewssrilanka
බස් නැවතුම්පොළවල් අවහිර වන සේ වාහන නවත්වන රියදුරන්ට එරෙහිව නීතිය තදින්. පොදු මගී ප්‍රවාහන බස් රථ නවත්වන ස්ථාන අවහිර වන පරිදි අනෙකුත් වාහන නතර කර තැබීමට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා පොලීසිය දැනුම් දී ඇත. globalnewssrilanka
මවට අවසන් ගෞරව දැක්වීම බැකෝ සමන් ප්‍රතික්ෂේප කරයි වැලිසර අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින නිර්මල ප්‍රසංග නොහොත් බැකෝ සමන් නැමැත්තා සිය මවට අවසන් ගෞරව දැක්වීම ප්‍රතික්ෂේප කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. ඊට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත. බැකෝ සමන්ගේ සුවදුක් විමසීමට ඔහුගේ මවට බන්ධනාගාරයට නොයන ලෙසට සුද්දා විසින් තර්ජනය කර තිබුණද එය නොසලකා හැර බැකෝ සමන්ගේ සුවදුක් විමසීමට ඇය බන්ධනාගාරයට යෑම මෙම ඝාතනයට හේතුවක් බව පොලිස් ආරංචි මාර්ග පවසයි. globalnewssrilanka