News Flash LK
СтатистикаNews Flash LK ⚡️ හරහා ඔබට ලොව පුරා 🌎 සිදුවන උණුසුම් පුවත් එසැනින් ලබාගත හැක 📰 @TelebotLabs 🇱🇰
- Последний пост
- 14 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 158
- Всего постов
- 158
- Тип
- открытый
- Язык
- si
- Категория
- Новости и СМИ
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 4
- 1/48двое суток
- 4
- 1/72трое суток
- 4
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
✍️ ඩුබායි රාජ්‍යයේ දී අත්අඩංගුවට ගත්, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන "ශිරාන් බාසික්" නමැත්තා මීට සුළු වේලාවකට පෙර දිවයිනට රැගෙන ආවා. ඔහු සමග තවත් සැකකරුවන් දෙදෙනෙකුද රැගෙනවිත් ඇති බවයි වාර්තා වන්නේ. ශිරාන් බාසික් නැමැත්තා ඉකුත් මැයි මස 26 වෙනිදා ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ⏰ 14/08/2026, 21:23 🔗 https://hirunews.lk/483331/shiran-basik-who-was-arrested-in-dubai-returns-to-the-island Hirunews.lk | @NewsFlashLK | @TelebotLabs 🇱🇰
📰 ඩුබායි රාජ්‍යයේ දී ඇල්ලූ ශිරාන් බාසික් දිවයිනට
✍️ වැලිසර අධි ආරක්ෂිත බන්ධනාගාර ගතව පසුවන නිර්මල ප්‍රසංග නොහොත් ‘බැකෝ සමන්’ නමැත්තා, වෙඩි තබා ඝාතනය කෙරුණු සිය මවගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා යාම ප්‍රතික්ෂේප කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසනවා. පසුගිය 12 වනදා රාත්‍රියේ මිද්දෙණිය ප්‍රදේශයේදී නාඳුනන තුවක්කුකරුවෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් බැකෝ සමන්ගේ මව ජීවිතක්ෂයට පත්වූ අතර, 'ගණේමුල්ලේ සංජීව' ඝාතනයට පළිගැනීමක් ලෙස 'කරන්දෙණියේ සුද්දා' විසින් මෙම ප්‍රහාරය මෙහෙයවා ඇති බවට දැනට කෙරෙන පරීක්ෂණවලදී කරුණු අනාවරණය වී තිබෙනවා. එමෙන්ම, බැකෝ සමන්ගේ සුවදුක් විමසීමට බන්ධනාගාරය වෙත නොයන ලෙස කරන්දෙණියේ සුද්දා විසින් මියගිය මවට මීට පෙර තර්ජනය කර තිබූ බවත්, එම තර්ජන නොසලකා ඇය ඔහුව හමුවීම මෙම ඝාතනය සඳහා ප්‍රබල හේතුවක් වී ඇති බවටයි පොලිසිය සැකකරනු ලබන්නේ. ⏰ 14/08/2026, 20:43 🔗 https://hirunews.lk/483321/bako-saman-says-he-cant-go-to-his-mothers-funeral Hirunews.lk | @NewsFlashLK | @TelebotLabs 🇱🇰
📰 අම්මාගේ මළගෙදර යන්න බැකෝ සමන් බෑ කියයි
✍️ පවතින වියළි කාලගුණ තත්ත්වයෙන් දිවයින පුරා පුද්ගලයින් 68,041 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී එහි ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රගීත් දනන්සූරිය ප්‍රකාශ කළේ, දිස්ත්‍රික්ක හතරක ග්‍රාම නිලධාරි වසම් 17ක ජනතාව මෙලෙස පීඩාවට පත්ව සිටින බවයි. ඇතැම් ප්‍රදේශවල මේ වන විට පානීය ජල හිඟයක්ද පවතින අතර, කෘෂිකර්මාන්තයට මෙන්ම දෛනික ජන ජීවිතයටද උද්ගතව ඇත්තේ ගැටලුකාරී තත්ත්වයක්. පොළොන්නරුව - හිඟුරක්ගොඩ, හතරැස් කොටුව මාකුලා වැව සිඳීයාමත් සමග එම ගම්වාසීන් ද දැඩි දුෂ්කරතාවට පත්ව සිටිනවා. එසේම, මිහින්තලේ ප්‍රදේශයට පවතින අධික වියලි කාලගුණය හේතුවෙන්, මිහින්තලය පුනා වැව, සුරුක්කුලම වැව, කෝන් වැව සහා වෙරුප්පන්කුලම පංසල් වැව ආදී වැව් වල ජලය සිඳී යාම ආරම්භ වී ඇති බවද හිරු වාර්තාකරු පැවසුවා. මේ අතර, මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක හෙට... ⏰ 14/08/2026, 20:18 🔗 https://hirunews.lk/483317/68000-people-already-affected-by-the-dry-weather Hirunews.lk | @NewsFlashLK | @TelebotLabs 🇱🇰
📰 වියළි කාලගුණයෙන් 68,000 කට දැනටමත් පීඩා
✍️ පොදු මගී ප්‍රවාහන බස් රථ නැවැත්වීම සඳහා වෙන් කර ඇති බස් නැවතුම් ස්ථාන අවහිර වන පරිදි අනෙකුත් වාහන නැවැත්වීමට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය සියලුම පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී තිබෙනවා. බස් නැවතුම්පොළවල වෙනත් වාහන නවතා තිබීම හේතුවෙන් බස් රථ මාර්ගය මැද නැවැත්වීමට සිදු වන අතර, එමගින් මහජනතාවට සහ මගීන්ට දැඩි රථවාහන තදබදයකට මෙන්ම ජීවිත අවදානමකට ද මුහුණ දීමට සිදුවන බව පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. විශේෂයෙන්ම ආබාධිත පුද්ගලයන් සඳහා රෝද පුටු මගින් ගමන් කළ හැකි නවීන බස් රථ හඳුන්වා දී ඇති පසුබිමක, බස් නැවතුම්පොළවල් අවහිර වීම නිසා එම පුද්ගලයන්ට මෙන්ම සාමාන්‍ය මගීන්ට ද බස් රථවලට නැගීමේදී සහ බැසීමේදී දැඩි අනතුරුදායක තත්ත්වයන්ට මුහුණ පෑමට සිදුවන බවයි පොලිසිය පවසන්නේ. මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති විශේෂ ගැසට් පත්‍රයට අනුව, සාමාන්‍ය බස් නැවතුම්පොළක (Bus Stop):... ⏰ 14/08/2026, 20:03 🔗 https://hirunews.lk/483313/stricter-laws-against-drivers-who-park-vehicles-blocking-bus-stops Hirunews.lk | @NewsFlashLK | @TelebotLabs 🇱🇰
📰 බස් නැවතුම්පොළවල් අවහිර වන සේ වාහන නවත්වන රියදුරන්ට එරෙහිව නීතිය තදින්
✍️ තායිවාන මුහුදු සීමාව තුළ චීන බලපෑම් සහ ක්‍රියාකාරකම් දිනෙන් දින ඉහළ යාමත් සමග, සිය වෙරළාරක්ෂක බලකායට සාගර මුර සංචාර සහ නීතිය බලාත්මක කිරීමේ විශේෂ පුහුණුවක් ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ලබා දෙමින් සිටින බව තායිවානය ප්‍රකාශ කළා. ස්වයංපාලන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් වන තායිවානය සිය භූමියේ කොටසක් ලෙස චීනය අයිතිවාසිකම් කියන අතර, දිවයින වටා ඇති මුහුදු සීමාව ද තමන්ගේ බලප්‍රදේශයට අයත් බව පවසනවා. කෙසේ වෙතත් තායිවාන පාලනය චීනයේ මෙම හිමිකම්පෑම දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා. දෙරටේ වෙරළාරක්ෂක බලකායන් අතර සාගර සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා තායිවානය සහ අමෙරිකාව 2021 වසරේදී අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූ අතර, ඔවුන් එක්ව පවත්වන ඒකාබද්ධ පුහුණු සංග්‍රාම අභ්‍යාස ප්‍රසිද්ධියට පත් කරන්නේ කලාතුරකින්. නමුත් තායිවානයේ අමෙරිකානු නිල නොවන තානාපති කාර්යාලය විසින් ජූලි මාසයේදී සිය ෆේස්බුක් පිටුවේ අමෙරිකානු සහ තායිවාන... ⏰ 14/08/2026, 19:03 🔗 https://hirunews.lk/483298/taiwan-coast-guard-receives-special-training-from-the-us Hirunews.lk | @NewsFlashLK | @TelebotLabs 🇱🇰
📰 තායිවාන වෙරළාරක්ෂකයින්ට අමෙරිකාවෙන් විශේෂ පුහුණුවක්
✍️ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවරදී අත්අඩංගුවට ගත්, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට චෝදනා එල්ල වන "ශිරාන් බාසික්" නමැත්තා අද (14) දින දිවයිනට රැගෙන ඒමට නියමිත බව වාර්තා වෙනවා. පොලිස් ආරංචිමාර්ග සඳහන් කරන්නේ, අදාළ සැකකරු මෙරට ආරක්ෂක අංශ භාරයට ගෙන වැඩිදුර විමර්ශන සඳහා ශ්‍රී ලංකාවට කැඳවාගෙන ඒමට අවශ්‍ය කටයුතු යොදා ඇති බවයි. ⏰ 14/08/2026, 19:03 🔗 https://hirunews.lk/483301/shiran-basik-arrested-in-dubai-returns-to-the-island-today Hirunews.lk | @NewsFlashLK | @TelebotLabs 🇱🇰
📰 ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ශිරාන් බාසික් අද දිවයිනට
✍️ තායිවාන මුහුදු සීමාව තුළ චීන බලපෑම් සහ ක්‍රියාකාරකම් දිනෙන් දින ඉහළ යාමත් සමග, සිය වෙරළාරක්ෂක බලකායට සාගර මුර සංචාර සහ නීතිය බලාත්මක කිරීමේ විශේෂ පුහුණුවක් ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ලබා දෙමින් සිටින බව තායිවානය ප්‍රකාශ කළා. ස්වයංපාලන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් වන තායිවානය සිය භූමියේ කොටසක් ලෙස චීනය අයිතිවාසිකම් කියන අතර, දිවයින වටා ඇති මුහුදු සීමාව ද තමන්ගේ බලප්‍රදේශයට අයත් බව පවසනවා. කෙසේ වෙතත් තායිවාන පාලනය චීනයේ මෙම හිමිකම්පෑම දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා. දෙරටේ වෙරළාරක්ෂක බලකායන් අතර සාගර සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා තායිවානය සහ අමෙරිකාව 2021 වසරේදී අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූ අතර, ඔවුන් එක්ව පවත්වන ඒකාබද්ධ පුහුණු සංග්‍රාම අභ්‍යාස ප්‍රසිද්ධියට පත් කරන්නේ කලාතුරකින්. නමුත් තායිවානයේ අමෙරිකානු නිල නොවන තානාපති කාර්යාලය විසින් ජූලි මාසයේදී සිය ෆේස්බුක් පිටුවේ අමෙරිකානු සහ තායිවාන... ⏰ 14/08/2026, 18:43 🔗 https://hirunews.lk/483298/taiwan-coast-guard-receives-special-training-from-the-us Hirunews.lk | @NewsFlashLK | @TelebotLabs 🇱🇰
📰 තායිවාන වෙරළාරක්ෂකයින්ට අමෙරිකාවෙන් විශේෂ පුහුණුවක්
✍️ මාස තුනක කාලයක් සඳහා වාහන මත රේගු ආනයන බද්දට අදාළව පැනවූ සියයට 50ක අධිභාරය හෙට (15) සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කරන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරනවා. ⏰ 14/08/2026, 18:13 🔗 https://hirunews.lk/483297/50-surcharge-imposed-on-vehicle-import-tax-extended-until-december-31 Hirunews.lk | @NewsFlashLK | @TelebotLabs 🇱🇰
📰 වාහන ආනයන බද්දට පැනවූ 50% අධිභාරය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කෙරේ
✍️ පාකිස්තාන වෛද්‍ය සහ දන්ත වෛද්‍ය කවුන්සිලය විසින් නිකුත් කරන ලද නිල ලිපියකට අනුව, එරට වෛද්‍ය සහ දන්ත වෛද්‍ය විද්‍යාලවල හදාරන ඇෆ්ගනිස්ථාන සිසුන්ගේ අධ්‍යාපන කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට නියෝග කර තිබෙනවා. වාර්තාවට අනුව මෙම නියෝගය නව ඇතුළත් කිරීම් සඳහා මෙන්ම දැනටමත් වෛද්‍ය සහ දන්ත වෛද්‍ය උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය ලබන ඇෆ්ගන් සිසුන් සඳහා ද අදාළ වෙනවා. මෙම තීරණය නැවත දැනුම් දෙන තුරු බලාත්මක වන බව අදාළ ලිපියේ සඳහන්. අදාළ බලධාරීන්ගේ ප්‍රතිපත්තිමය උපදෙස් සහ ජූලි 30 වන දින ගන්නා ලද තීරණයකට අනුව මෙම පියවර ගත් බව කවුන්සිලය පවසනවා. මෙය ජාතික ප්‍රතිපත්තිමය කරුණක් ලෙස පෙන්වා දෙන අදාළ ලිපිය, මෙම උපදෙස් තදින්ම පිළිපදින ලෙස සියලුම වෛද්‍ය සහ දන්ත වෛද්‍ය ආයතන වෙත උපදෙස් දී තිබෙනවා. මෙම නියෝගයට අනුව, දැනට පාකිස්තානයේ වෛද්‍ය හෝ දන්ත වෛද්‍ය විද්‍යාව හදාරන ඇෆ්ගන් සිසුන් නැවත ඇෆ්ගනිස්ථානය වෙත... ⏰ 14/08/2026, 18:03 🔗 https://hirunews.lk/483293/pakistans-doors-are-closed-to-afghan-students Hirunews.lk | @NewsFlashLK | @TelebotLabs 🇱🇰
📰 ඇෆ්ගන් සිසුන්ට පාකිස්ථානයේ දොර වැසෙයි!
✍️ රී බිල්ඩින්ග් ශ්‍රී ලංකා ජනාධිපති කාර්ය සාධක බලකාය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී රැස්වුණා. දිට්වා ආපදාවෙන් හානියට පත් යටිතල පහසුකම් යළි ගොඩනැඟීමේ ගිවිසුම්ගත ව්‍යාපෘති ප්‍රමාදවිම් පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබෙනවා. එමෙන්ම, මේ වසරේ ව්‍යාපෘති ඉලක්ක සපුරා ගැනීමට ඇතිව තිබෙන බාධා සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ. දිට්වා ආපදාව හේතුවෙන් අර්ධ හානියට පත් නිවාස 50,554ක් වෙනුවෙන් රුපියල් මිලියන 13,505ක් ද පූර්ණ හානියට පත් නිවාස 4918 ක් සඳහා රුපියල් මිලියන 11,510 ක් ද මේ වන විටත් ලබාදී ඇති බව සාකච්ඡාවේදී හෙළි වුණා. ⏰ 14/08/2026, 18:03 🔗 https://hirunews.lk/483295/prime-minister-chairs-discussion-on-reconstruction-of-damaged-infrastructure-in-ditwa Hirunews.lk | @NewsFlashLK | @TelebotLabs 🇱🇰
📰 දිට්වාට හානි වූ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය ගැන අගමැති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්