tgindex
Science 𝐇𝐔𝐁 ❤️

Science 𝐇𝐔𝐁 ❤️

Статистика

✅Science HUB https://t.me/BiologyEssays

Последний пост
14 авг.
Последнее чтение
13 авг.
Постов за неделю
6
Всего постов
21
Тип
открытый
Язык
si
В каталоге с
13 авг.
Подписчики
9 186
−5 за 2 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
2 846
21 постов
Вовлечённость
31,0%
к подписчикам
Постов в день
0,9
всего 21
Упоминаний
2
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
1 750
1/48двое суток
2 005
1/72трое суток
2 163

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 14 авг.1 2401046

    видео или голосовое, без подписи

  • 11 авг.1 9275710

    මේ බෙහෙත් ටික බලාගෙන පහලට එන්න.. අවුරුදු 40-50 පැන්න ගමන් මුලින්ම බෙහෙත් පටන් ගන්නේ කොලෙස්ටරෝල් වලට.. ඊලගට ඕක බිබී ඉන්නකොට ඔන්න ප්‍රෙෂර් එනවා... පටන් ගන්නවා ඒකටත් බෙහෙත්.. බෙහෙත් එකකට දෙකකට ප්‍රෙෂර් අඩුවෙන්නේ නැති වුනාම තව තව බෙහෙත් එකතු කරනවා.. තව කාලයක් ගියාම ඔන්න සිනී හැදෙනවා..ඕං ඒකටත් බෙහෙත් දෙනවා..ඒකෙත් කාලයත් එක්ක බෙහෙත් එක දෙක එකතු කරගෙන යනවා.. ඔන්න හිටපු ගමන් එනවා හාට් ඇටෑක් එකක්..බොහොම අමාරුවෙන් ගොඩ දාගෙන ගෙදර ඇවිල්ලා බොන්න කියලා තව බෙහෙත් එකතු කරනවා.. ඊට පස්සේ අහුවෙනවා වකුගඩු නරක් වෙලා කියලා..ඒකටත් ඕන්න බෙහෙත් දෙනවා.. ඔහොම ගිහින් ගිහින් එකපාරම අංශභාගයක් ඇවිල්ලා ඇදට වෙනවා..එතකොට හොදටම වයසත් ගිහින්.. හිතලා බලන්න අපේ රටේ ගොඩක් අයගේ හොස්පිටල් එකත් එක්ක බැදුන ජීවිත කතාව මේක.. ක්ලිනික්.. බෙහෙත්... අමාරු.. ඇඩ්මිට්... ඔය වචන සෙට් එකත් එක්කම ජිවිතේ ගෙවිලා යනවා.. ආයෙත් මුලටම පටන්ගැන්මට යන්න.. කොලෙස්ටරෝල් ප්‍රෙෂර් සීනි ඔය ලෙඩ තුන තමයි මේ ගොඩක් ලෙඩ රෝග වල මුල.. ඔය ලෙඩ හැදෙන මුල ගැන හිතුවොත් ගොඩක් දුරට තෙල් | ලුණු | සීනි ඉතින් අපේ උඩ පරම්පරාවට වුන දේ අපේ පරම්පරාවට වෙන්න දෙන්න එපා..

  • 11 авг.2 035576

    😌

  • 10 авг.2 553366

    පොඩි එකෙක්ගේ ලොකුවට ඇද වුන කොන්දක් ලස්සන කරන්නට හැකි මේ රටේ අත් වල ඇඟිලි ගණනටත් අඩුවෙන් ඉන්නා මිනිස්සුන්ගෙන් එක මිනිහෙක් අප …… නැති උනොත් එක ඇඟිලි පුරුකක් කරන්නට නොහැකිය සුසුම්නාවට නොදැනෙන්න සියුම්වට කොන්දේ සැත්කමක්….. මිත්‍රවරුනි, කාට හැඟුණේ නැතත් තමන් තමන්ටම පමණක්ම නොව මුළු මහත් රටටම වටිනා බව හැඟෙනා මිනිහෙක් අපිත්……. ඒ නිසා ගන්න පුළුවන් උනොත් ගන්නවා අපි ආරක්ෂාව උපරිම හොඳ වාහනයක්…….. ආණ්ඩුවට බදු ගෙව්වත් රාජ්‍යය අපේමැයි ඒ රටම වෙනුවෙන් වැඩ කරන එක තාමත් අපෙ හිතට සතුටක්…… සදා සැරදේවා ලක්‌ මව සහ ඇයගේ දරු කැළ බදුලු රෝහලේ විකලාංග විශේෂඥ වෛද්‍ය කැලුම් චතුරංග විදාන ගමගේ ගම්පහ සෙනෙහසේ නිවසේ සිට දුර බැහැර ගෙවා ගෙන, රාජ්‍යයට වැඩ කරන, අවුරුදු හතරෙන් හතර අනිවාර්ය ස්ථාන මාරු යන, දොස්තර සනුහරේ මගේ මිනිසුන් වෙනුවෙන් උන්ගේ මහ මග කථාව රට්ටුන්ට දැන ගන්නට ලියන්නෙමි. ….. 2026 අගෝස්තු 9 වෙනිදාය https://www.facebook.com/share/p/1EnNEANd5j/?mibextid=wwXIfr

  • 10 авг.2 021256

    කාර් එකක් ගන්න හිතුවා මිත්‍රවරුනි…… දැනට අපේ යාම් ඊම් සඳහා භාවිතා කරන මෝටර් රථය අප මිලදී ගත්තේ වසර 2013 අග භාගයේදීය….. එහෙට මෙහෙට සහ බැංකුවලට ණය වී අපේ ඇති මුදලත් එක්කාසු කොට ලක්ෂ දාහතර හමාරකුත් ටැක්ස් ගෙවා රුපියල් මිලියන හතරකට එය මිලදී ගත්තේ මහින්ද මහත්තයාගේ ආණ්ඩුවටත් පින් සිද්ධ වන්නට hybrid car වල tax අඩුම කාලයේදීය. … පහුගිය අවුරුදු 13ට රුපියල් 102න් පටන්ගෙන ලීටරය රුපියල් 450ටත් වඩා වැඩි මුදලට පෙට්‍රල් ගසාගෙන ගිය දුර ප්‍රමාණය කිලෝ මීටර් දෙලක්ෂ හතලිස් දාහකට මදකට අඩුය…. පොළොන්නරුව, පේරාදෙනිය, මහනුවර, කොළඹ ජාතික රෝහල, කළුතර, ජපුර, කෑගල්ල, කල්මුණේ, බදුල්ල යනාදී වශයෙන් ලංකාවේ පළාත් හයක ඉස්පිරිතාල රස්සාව උදෙසාම යන්නට එන්නට ගිය දුර අහක් කළ විට අපගේ පෞද්ගලික පරිහරණයට මේ රථයෙන් ගිය දුර අතිශයින් කෙටිමය….. බොහොමයක් මගේ සහචර විශේෂඥ වෛද්‍ය සගයන් වියදම් කරන්නට පඩිය මදි නිසාවෙන්ද, යන එන ගමනේ driver මහන්සිය කාරණාවෙන්ද, බදුල්ලට යන්නට එන්නට සැප බස් ඇති නිසාවෙන්ද සහ එකී නොකී මෙකී කාරණා කරණ කොටගෙන බස් සරණ යද්දි කාර් එකක බදුලු බඩ ගාන්නටම කාරණා ගණනාවක් අපිට ඇත….. යකෝ, අවුරුදු දා හතරක් පහළොවක් උපාධි පශ්චාත් උපාධි කර මේ රටේ යන්නට හැකි උපරිම තැනට ගොස් පැය හයක ගමනක් යනකොට චූ බරක් හැදුනහම ඒක තද කරගෙන බස් එක නවත්තන කම් ඉන්න ඕනෙද අප……? සති දෙකකට වරක් පොඩි එවුන් බලන්නට ගෙදර යනකොට පාරේ විකුණන්න ඇති ගඩා ගෙඩි එකතු කරගෙන ගොස් උන්ගේ ආදරේ විඳින එක මොහොතත් මහ සතුටක් අපට….. ඇතිලිවැව මීකිරි හට්ටි දහයක් පහළොවක් වටේ උන් එක්කලා බෙදාගෙන කන එක තවත් එක රසයක්මය…… කොරෝනා කාලේදී බදුල්ලෙන් යන ගමන් පුරා මලු පුරෝගෙන බෙදුව එළවලු සතුට ජීවිතේ මියෙන තුරු නොමියෙනා මතකයක්. … කිලෝමීටර පන්දාහකට වතාවක් සේවා නඩත්තුත් කරගෙන, කිලෝමීටර 40,000කට වතාවක් ටයරුත් දමාගෙන, ආර්ථික අර්බුද කාලයේ රුපියල් ලක්ෂ හතකට හයිබ්‍රිඩ් බැටරිත් දමාගෙන, driver වැඩෙත් තම අතින් කරගෙන, අපේ පෙට්‍රල් අපිම පුච්චාගෙන කළ රාජ්‍ය සේවයේ සුන්දර මතක තවත් දිගු කළ යුතු නොවේමද….? permit සංස්කෘතිය අවසාන කර අපිටම කෙලවූ කලෙක ප්‍රවාහනයට හරි හමන් කිසිදු දීමනාවකින් තොරව අනිවාර්ය වාර්ෂික ස්ථාන මාරු තිතට අනුගමනය කරමින් රාජ්‍ය සේවය සලසන විධායක ශ්‍රේණියේ ලොකුම ලොකු පොරක් වීම ගැන මෝඩ ආඩම්බරය හැමදාට තිබිය යුතුමය…… තිතට වෙලාවට සර්විස් කලත් දෙන්නට ඕනෑ ගරු සරු සියල්ලම දුන්නත් වයසෙන් නාකි වෙනකොට මේ මෝටර් රථයේ සමහර කෙඳිරිලි නවතන එක අපහසු කාරණයක්….. ඒ වුණත් එන්ජින් ධාරිතාවය 1800cc, මොහොතකින් පොල් ගහක නගින්නට උනත් ජවයක් ඇති, විටෙක රළු පොළවක යට වැදුණත් දඩ බඩං, මහ පොළොව සිපගෙන ලතාවට වංගු අරගෙන, කිලෝමීටර් 300- 400කට පසුවත් ඇඟට නොදැනෙන ලෙස ගෙදරට ළඟාවෙන “මගේ” යයි කියාගත් මේ යකඩ ගොඩ අවුරුදු දහ තුනකට පසුත් මට මහත් සැපයක්……. “ මැණික් ඔය කාර් එක පැද්ද දැන් ඇති, ඔයාටම තේරෙනවනෙ දැන් ඕක ටික ටික ලෙඩ දෙනවා. ඕකට ලෝබ නොවී ඕක විකුණලා දාලා කීයක් හරි ණයත් වෙලා අතේන් ගානකුත් දාලා අලුත් වාහනයක් ගන්න….. ඔයා ඔය යන විදිහේ හැටියට ආරක්ෂාව ගැන වැඩිපුර හිතන්නට ඕන….. ඔයා දන්නවනේ මම නම් ඔය චීන වාහන වලට යටි හිතකවත් කැමැත්තක් නැහැ….. ඔයා වාහනයක් ගත්තොත් කොහොම වුණත් තා අවුරුදු දහයක් පහළොවක් පදිනවා…. ඒ නිසා ජපන් වාහනයක්ම ගමු” සෙනෙහස මුහු වෙච්ච, පාරෙ අපෙ ජීවිතය ගැන උතුරන්න විස්සෝප වන ඔය වචන වෙන කාගෙවත් නොව “ කළු උනත් සුදු” මගේ යැයි කියා ගත් මගේ මැණිකගේමය……. ඔව් මිත්‍රවරුනි, අවුරුදු දෙකකටත් එහා අතේ තියෙන පර්මිට් කොලේ රෝල් කරලා අහවල් එකේ නොගහගෙනම පොඩ්ඩක් හෙව්වා වාහන වල මිල ගණන් ඇගේ කංකරච්චලයටම…… බදුලු යන්නට නම් හපුතලේ කඳු බඩ ගාන්නට ඕනෙමය…. පැය හයකට මෙහා එන්නට ඕනෙ නම් හරි හමන් විදිහකට වාහනයක් දෙකක් over take කරගන්න ඕනමය…. කන්ටේනර් තෙල් බවුසර් පස්සේ බඩ නොගා එන්නට ඕනෙමය….. ඔන්න ඔය වැඩේට engine capacity එක ටිකක් ලොකුවට තිබුනොත් හොඳය…… නෝනා කිව්ව ලෙසටම ආරක්ෂාකාරි වාහනයක් වෙන්න ඕනෙමය….. ටිකක් හොයලා බැලුවහම අඩුම ඕනේ මිලියන 20ක් 30ක්….. ආණ්ඩුවෙ ටැක්ස් එකම විතරක් අපේ අවුරුදු පහ හයක පඩියක්……. ඔව් මිත්‍රවරුනි , Basically කිව්වම පෙට්‍රල් අතින් ගහගෙන ආණ්ඩුවට වැඩ කරන්නම ගන්න නම් වාහනයක්….. රටේ මේ කොනේ සිට එහා කොනේ කල්මුනේ ගිය, නුවරඑළි ගිරි ශිඛර තරණය කරපු, හිස හැරුණු අතකින් නොයෙක් මාවත්වලින් තාමත් බදුලු යන, තිසරණී මගේ දුවට සහ අනුත්තර පුතුට සති දෙහෙකට වතාවක් උණත් ඉන්නා එකම තාත්තා අප……. කළු උනත් සුදු මගේ මැණිකට මියෙන තුරු අත අල්ලන් ඉන්නට සිටින එකම මැණික වෙමි මම…. කරදඬු උස් මහත් කොට ජීවිතයේ ඕනෑම පිම්මක් සැකක් නොමැතිව පනින්නට සවිය දුන් අම්මාට මියෙන තුරු වාරු වෙන්නට ඇති එකම පොඩි පුතු අපිමමය…… බදුල්ලේ මිලියනයක මනුස්සයන්ගේ අතකට කකුලකට කොන්දකට වගකියන්නට ඉන්නා විකලාංග වෙදුන් දෙන්නාගෙන් එකෙක් අප …..

  • 10 авг.1 74124

    видео или голосовое, без подписи

  • 1 авг.2 56543из thushlk0

    ⭐️ 2025/26 ✅ නංගි මල්ලි මේ වෙද්දි 2025/26 Cut Off Marks Release වෙලා තියෙන්නේ. ඔයාලට බලාගන්න පුලුවන් ඔයාලා Select උන Course එක.මේ Link එකට ගිහිල්ලා 👇 https://ugc.ac.lk/selection_26/ #ThuSh

  • 1 авг.2 8318из thushlk0

    видео или голосовое, без подписи

  • 31 июл.3 7271207

    අල්ලපු එකාට කරදර කරන්න එපා, 😑නිදාගන්න එපා කියලා නෑ නේ. හොඳට නිදාගන්න පුලුවන් වටපිටාවක් තියෙන්නෙ 😴 බිමට ටයිල් අල්ලලා ෆෑන් දාලා.. බාධාවකට තියෙන්නෙ මං කෑගන එක විතරයි 🙂 ඊලඟ දවසේ නිමල්ට කියලා ඇඳක් දාලා තියෙනවා නිදාගන්න කියලා 😅 බැල්කනියේ පඩිය උඩ තියලා තියෙන වතුර…

  • 31 июл.3 1188911

    අල්ලපු එකාට කරදර කරන්න එපා, 😑නිදාගන්න එපා කියලා නෑ නේ. හොඳට නිදාගන්න පුලුවන් වටපිටාවක් තියෙන්නෙ 😴 බිමට ටයිල් අල්ලලා ෆෑන් දාලා.. බාධාවකට තියෙන්නෙ මං කෑගන එක විතරයි 🙂 ඊලඟ දවසේ නිමල්ට කියලා ඇඳක් දාලා තියෙනවා නිදාගන්න කියලා 😅 බැල්කනියේ පඩිය උඩ තියලා තියෙන වතුර බෝතල් අයින් කරන්ඩ 🙏 පල්ලෙහා අහිංසක ලමයි ටිකක් ඉන්නෙ 🥲 ආය පරක්කු වෙලා එද්දී නිමල්වත් එක්කගෙන එන්ඩ 😑 නිමාආආආ...ල්.. කෝ මේ මනුස්සයා 👀 බැල්ලකනියේ ලමයි උඩ නැගලා අහගන්න, මෙතන ඔක්කොටම පේනවනේ ⚰️ පිටිපස්සෙ කවුද කෑගහන්නෙ? 🫡 දැන් මං එනවා උත්තර ලියලද බලන්ඩ. අප්රේල් ඉඳන් උත්තර නැති එකෙක්වත් ගන්නෑ ඇතුලට 👍 බැල්කනියේ ගෑණු ලමයි ඔක්කොම චිට් එකතු කරලා ගෑණු ලමයිගේ පැත්තෙන් පහලට දාන්න. පිරිමි ලමයි නැත්තම් දැන් වැටෙයි කියලා උඩ බලන් ඉන්නෙ 🍿 1⃣0⃣ වෙනි පාඩම එනකම් ඉවසලා ඉන්ඩකෝ එතකොට මං ඔය හැම ප්‍රශ්නෙකටම උත්තර දෙන්නම් 😎 මට රිවිශන් එකට ප්‍රචාරක වියදම යන්නෙ රුපියල් දහයයි.💰 මෙන්න මේ හාෆ්ශීට් එක අර ඉස්සරහ ඔෆිස් එකෙන් අලවන ටික විතරයි 😁 මං අහලා තියෙන ප්රශ්න ආයේ මගෙන්ම අහන්ඩ එපා 😑 😁Class ඉවර වෙනකොට ආ... යං යං යං// 🫡 හපන්නෙ නෑ ඉස්සරහට එන්න 😀 (Copied ) නිස්සංක වීරසේකර සර් ❤️❤️🥂 ✨️🥰

  • 31 июл.2 8885811

    .

  • 31 июл.2 3993

    .

  • 26 июл.3 811923

    ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල දාන්නම කියලා ඉල්ලා සිටින ගොඩක් අය එහෙම කරලා සාර්ථක වෙච්ච රටක් කියලා උදාහරණයට ගන්නේ ඉන්දියාවනේ. මම ඉහත සඳහන් කරපු පොඩි වීඩියෝ ක්ලිප් එකේ ඉන්දියාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිළිබඳ යථාර්ථය ඉන්දියානුවෙක් විසින්ම හෙළි කරනවා දකින්න ලැබෙනවා. ඔහු කියන්නේ ඉන්දියාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලින් බහුතරයක අරමුණ හුදෙක් ධනය ඉපැයීම සහ කළු සල්ලි සුදු කිරීම පමණක් බවයි. ඒ විනා ගුණාත්මක වෛද්‍ය අධ්‍යාපනය ලබාදීම කියලා එකක් ඒකෙන් වෙන්නේ නෑ කියලයි. මොකද දේශපාලකයන්ට අයිති නිසා ඒවා හරියට නියාමනය කරන්න බැහැ කියලා ඔහු කියනවා. ඉන්දියාවේ බහුතරයක් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අයිති ඒ රටේ දේශපාලනඥයින්ට කියන වැදගත් කාරණයත් ඔහු පෙන්වා දෙනවා. දෛවෝපගත විදියට ලංකාවේ සයිටම් කියන අතිශය වංචනික ආයතනය දැම්මෙත් හිටපු දේශපාලනඥයෙක්. ඔහුට නීතිය නවලා, නීතිය කඩලා සහ නීතියෙන් රිංගල ආධාර උපකාර කළෙත් පක්ෂ විපක්ෂ දේශපාලකයෝ කණ්ඩායමක්. ඒ වගේම පහුගිය කාලේ තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල දෙකක් දාන්න උත්සාහ කළා. එකක් ගේට්වේ අනික ලයිසියම්. ඒ දෙකම දේශපාලන පවුල් දෙකක්. ගේට්වේ අලස්ලගේ, ලයිසියම් ග්‍රේරොගේ. ලංකාවේ දේශපාලකයෝ කොයි තරම් දූෂණයට අසාධාරණයට කැමතිද කියන එක මම තේරුම් ගත්තේ සයිටම් සිද්ධියෙන්. සයිටම් එක තරම් වංචාකාරී වෙනත් පෞද්ගලික ව්‍යාපෘතියක් ලංකාවේ තිබුණද කියන එක පවා සැක සහිතයි. කඩන්න පුළුවන් හැම නීතියක්ම ඒකෙන් කැඩුවා..වංචනික වැඩ ගොඩක් කළා. ඒත් ලංකාවේ බලවත්ම දේශපාලකයෝ පිරිසක් කිසිම ලැජ්ජාවක් නැතිව සයිටම් ආයතනය ආරක්ෂා කිරීමටත් ඒ වගේම නෙවිල් ප්‍රනාන්දුව දෙවියෙක් ගානට උස්සලා කතා කරන්නත් ඉදිරිපත් වුණා. ඒ විතරක් නෙමෙයි සයිටම් ආයතනය විශාල මුදලක් ලංකාවේ ජනමාධ්‍යකරුවන්ව සහ මාධ්‍ය ආයතන මිලදී ගන්න වියදම් කළා. ඒ වගේම විවිධ ප්‍රසිද්ධ චරිත මුදල් දීලා මිලදී ගත්තා. මම මේවා කියන්නේ හිතලු විදියට නෙවෙයි. ඒ කාලේ සමහර මාධ්‍ය ආයතන වල අපේ මිතුරන්ම මට කිව්වා සයිටම් එකට පක්ෂ දේවල් විතරක්ම කියන්න එයාලට උඩින් නියෝග ඇවිල්ල තියෙන්නෙ කියලා. එහෙම වාතාවරණයක් තියෙද්දිත්, ඒ වගේම ලෝකෙ වෛද්‍ය අධ්‍යාපනය ගැන නිවැරදි අවබෝධයක් නැති ලංකාවේ අති බහුතරයක් දෙනා නොදන්නකමට සහ දොස්තරලා එක්ක තියෙන ඇරියස් එකට සයිටම් වගේ ආයතන ඕනෙ කියල කෑගහන තත්වයක් තියෙද්දිත් සයිටම් එක වැස්සුවා කියන්නේ එක අතකින් ආශ්චර්යයක්. ඒකෙ ගෞරවය අනිවාර්යයෙන්ම වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ඇතුළු සියලු වෛද්‍ය ශිෂ්‍යයන්ටත්, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයටත් ඒ වගේම වෛද්‍ය සංගමයටත් හිමිවෙන්න ඕනේ. උසස් අධ්‍යාපනය පෞද්ගලික අයිතිය යටතට පත්වෙන එකත්, ඒ වගේම ලාභ අපේක්ෂාව කියන එක ඒකෙ ප්‍රධාන අරමුණ බවට පත්වෙන එකත් ලංකාවේ ගොඩක් දෙනා හිතාගෙන ඉන්න තරම් සරල අහිංසක හෝ යහපත් දෙයක් නෙවෙයි. By Anuruddha karnasuriya

  • 26 июл.2 89542

    видео или голосовое, без подписи

  • 23 июл.4 011151

    නමුත් මේ සටනෙන් ඉන්දියාවේ මෝඩිලගේ බලය පොඩ්ඩක් හරි ඉරිතලන්න පුළුවන්. ඒ වගේම සටන් ආවේගයක් සඳහා අවශ්‍ය පුංචි ගිනි පුපුර මේක වෙන්න පුළුවන්. ඒක තීරණය වෙන්නේ අනාගතයේදී. (ලංකාවෙ අපිට දැන් අමතක වෙලා තිබුනට තිබුණට ලංකාවේ අරගලය පටන් ගන්න මූලික හේතු වුණේ ජෝෂෆ් ස්ටාලින් ඇතුළු ගුරුවරු පිරිසක් උද්ඝෝෂණය කළාම එයාලව කෝවිඩ් නීතිය පාවිච්චි කරලා අත් අඩංගුවට අරගෙන බස් එකක දාගෙන අරන් ගිය මොහොතෙන්. ඒ ගුරු අරගලය අපිට දැන් අමතකයි. නමුත් ගෝඨාභය වැටෙන්න පටන් ගත්තේ එතැනින්). By Anuruddha pradeep karnasuriya Political science lecturer - Sri Jayawardhanapura University

  • 23 июл.3 74817

    මේ දිනවල ඉන්දියාවේ පටන් අරගෙන තියෙන "අරගලය" ලංකාවෙ අරගලයට සමානයි වගේම සමහර අතින් අසමානයි. ලංකාවේ අරගලය ගැන අත්දැකීම නිසා ගොඩක් අය ඒකත් ලංකාවෙ වගේම එකක් කියල හිතනවා. නමුත් ඇත්තටම ගත්තොත් ඒක ලංකාවෙ අන්තරේ සටනක් (සයිටම් වගේ) සහ 2022 අරගලය කියන අතර අතරමැද තැනක තමයි තියෙන්නෙ. පිටත ස්වරූපයෙන් ලංකාවේ අරගලය වගේ පෙනුනට හරයෙන් ඒක වඩා සමීප වෙන්නෙ සයිටම් සටන වැනි අන්තරේ සටනකට. දෛවෝපගත විදියට මේකෙත් මූලාරම්භය තියෙන්නෙ වෛද්‍ය අධ්‍යාපනයට ප්‍රවේශ වන්නේ කෙසේද කියන ප්‍රශ්නය. ඉන්දියාවේ ඒ ප්‍රවේශ විභාගයක සිදුවුනු දූෂණයක් තමයි මේ සිද්ධිදාමයේ ආරම්භය. ලංකාවේ සයිටම් සටන කියන්නෙත් වෛද්‍ය අධ්‍යාපනය දිය යුත්තේ කාටද කියන ප්‍රශ්නය මුල්කර ගත්තු එකක්නෙ. ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට තියෙන ප්‍රවේශ විභාගය ඉතාමත්ම තරගකාරී එකක් වෙනවා වගේම ඉන්දියාවේ වෛද්‍ය අධ්‍යාපනයට ප්‍රවේශ වීම සඳහා සුදුසුකම් ලැබීමට තියෙන විභාගයත් ඉතාමත්ම තරගකාරීයි. ඉතින් ඒ සම්බන්ධයෙන් ඇතිවන දුෂණයක් හෝ අක්‍රමිකතාවක් ඒ විභාගයට පෙනී ඉන්න තරුණයෙක්ට තරාගන්න බැරි දෙයක් වීම තේරුම් ගන්න පුළුවන්. මෙතැනදී ලංකාව සහ ඉන්දියාව අතර ඇති ප්‍රධාන වෙනසක් තමයි ඉන්දියාවේ ඔය විභාගය කොහොමටත් අවුරුදු ගානක් තිස්සේ දූෂිතයි කියලා විශ්වාස කෙරුණු එකක්. මේ සැරේ සිදුවීම ඒකෙ කූටප්‍රාප්තියක් විතරයි. නමුත් ලංකාවේ රාජ්‍යය මැදිහත් වෙලා පවත්වන දේවල්වලින් දූෂණයට සහ දේශපාලන අතපෙවීම්වලට කිසිම ඉඩක් නෑ කියන්න තිබුණු එකම දේ තමයි උසස් පෙළින් විශ්වවිද්‍යාලයට ඇතුලත් කර ගැනීම. ලංකාවෙදි මුලින් උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාල සටනත් පසුව සයිටම් සටනත් පැන නගින්න හේතු වුණේ ඒ සාධාරණ ක්‍රමවේදයට පිටින් මුදල් බලය සහ දේශපාලන බලය භාවිත කරලා වෛද්‍ය උපාධි ලබා ගැනීමේ මාවතක් විවෘත කර ගන්න යම් ප්‍රබල පිරිසක් උත්සාහ කිරීම. ලංකාවේ සහ ඉන්දියාවේ තියෙන සමානකම තමයි ඒ සමාජ දෙක තුළ ඔඩු දුවලා තියෙන වංචාව හා දූෂණය මේ වෛද්‍ය අධ්‍යාපන සිදුවීම් දෙක තුළින් පිළිබිඹුවීම. නමුත් ලංකාවෙදි සයිටම් සටන පොදු සමාජ අරගලයක් බවට පත්වුණේ නැහැ. ඒ වෙනුවට සිද්ධ වුනේ වෛද්‍ය ශිෂ්‍යයන් සහ අන්තරයේත්, කුඩා වාමාංශික සංවිධානවලත්, අධ්‍යාපනය පිළිබඳව උනන්දුවක් තියෙන සුළු පිරිසකගේත් සටනක් පමණක් බවට එය පත්වීම. ලංකාවේ අති බහුතරයක් දෙනාට ලෝකයේ වෛද්‍ය අධ්‍යාපනය සංවිධානය වෙලා තියෙන ආකාරය ගැන නිසි අවබෝධයක් නැති නිසා එයාලා ඇත්තටම විශ්මයජන කළ ලෙස ගත්තේ දූෂිත දේශපාලනඥයන්ගේ සහ සයිටම් එක හා සම්බන්ධ ජාවාරම්කාරයින්ගේ පැත්ත. ඒ අනුව සයිටම් සටන ලංකාවේදී කිසිම විදියකින් ආණ්ඩු පෙරලන මට්ටමේ මහජන සටනක් බවට පත්වුණේ නෑ. ඒ වෙනුවට සිද්ධ වුනේ වංචාවට දූෂණයට විරුද්ධව කතා කරන අය පවා නිශ්චිතවම මහදවල් වංචාවක් වූ සයිටම් එකට පක්ෂපාත වීම. ඒ වගේම නිසි සාධාරණ ක්‍රමවේද තුළින් කුසලතාව සහිත ශිෂ්‍යයන්ට වෛද්‍ය අධ්‍යාපන ප්‍රවේශය ලබා දීම ලංකාවේ ජාතික උරුමයක් ලෙස දකිනවා වෙනුවට ඒක ලංකාවෙ තියෙන වහාම නිවැරදි කළ යුතු වැරැද්දක් ලෙස දකින තැනට සමහරු පත්වුණා. ලංකාවේ ආණ්ඩුවක් ගෙදර යවන සටන ඒ අනුව ආවේ අධ්‍යාපන සටනක් පසුව සමාජ අරගලයක් බවට වර්ධනය වීමෙන් නෙවෙයි. ඒක ආවේ ගෑස් පෙට්‍රල් විදුලිය ආහාර බෙහෙත් නැතිවෙලා රට බංකොලොත් වුණාම. ඒ කියන්නේ ගෑස් විදුලිය පෙට්‍රල් නැතිවීම කියන එකේ හේතුව ලෙස දේශපාලනයෙහි අරක්ගෙන තියෙන වංචාව, දූෂිතභාවය, ඥාති සංග්‍රහය වගේ දේවල් මිනිස්සුන්ට පෙනෙන්න ගැනීමයි ලංකාවෙදි වුනේ. ඒ මිසක් වෛද්‍ය අධ්‍යාපනය වගේ සීමිත පිරිසකට බලපාන ප්‍රශ්නයක් නෙවෙයි මුළු සමාජයටම බලපාන ප්‍රශ්නයක් තමයි ලංකාවේ අරගලයට හේතු වුණේ. ඉන්දියාවේ වර්තමාන කොක්රෝච් අරගලය දිහා බැලුවම පේන දේ තමයි ඒක හරයෙන් ලංකාවේ සයිටම් සටන වගේ සටනක්. ලංකාවේ සයිටම් සටන මහා ජන අරගලයක් බවට පත්වුණේ නැහැ. නමුත් බංග්ලාදේශයේ ඊට සමාන ප්‍රශ්නයක් වුණු ඉහළ වෘත්තීන්ට තරුණයන් බඳවා ගැනීමේ ක්‍රමය මහජන අරගලයක් බවට පත්වෙලා ආණ්ඩුව ගෙදර ගියා. ඒ කියන්නෙ සමහර වෙලාවල්වලට ඒ වගේ පුංචි එලිවලින් මහා සමාජයේ ඇති ලොකු ප්‍රශ්න දකින්න මහජනයාට පුළුවන් වෙනවා. වෙනත් වෙලාවට මෙහෙම දැල්වෙන එළි ටික කාලෙකට දැල්විලා පස්සේ නිමිලා යනවා. මහා සමාජයට ඒකෙන් ලොකු බලපෑමක් වෙන්නෙ නැහැ. දැන් ඉන්දියාව සම්බන්ධයෙන් මතුවන ප්‍රශ්නය තමයි ඔය දෙකෙන් කොයික වෙයිද කියන එක. දැනට විශාල තරුණ පිරිසක් මේ ව්‍යාපාරයට ආකර්ෂණය වෙලා තියෙනවා කියන එක පැහැදිලියි. ඒ කියන්නෙ මේක සයිටම් මට්ටම පැනලා තියෙන්නේ. නමුත් පැහැදිලිවම තවම ඒක ලංකාවේ 2022 අරගලය මට්ටමට ඇවිල්ලා නැහැ. ලංකාවේ අරගලයේදී සේවකයෝ දහය දොලහා ඉන්න ආයතන ඉස්සරහ පවා අතින් ලියපු බෝඩ් කෑලි උස්සගෙන මිනිස්සු ඒ අරගලයට සම්බන්ධ වුණා. පොඩි හන්දිවල දහය විස්ස එකතුවෙලා සටන් පාඨ කිව්වා. ඒක වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පුළුල් මහජන අරගලයක්. නමුත් තවමත් ඉන්දියාවේ ඔය කියන අරගලය ලංකාවේ අරගලයේ ආසන්නයටවත් ඇවිල්ල නෑ. ඒක තවම සයිටම් සටනට වඩා වැඩි සටනක් විතරයි.

  • видео или голосовое, без подписи

  • 19 июл.3 06328из DU28Th

    🟥🟥🟥🟥🟥 🟥🟥🟥🟥 🟥🟥🟥🟥🟥 🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥 වසර 6ක්,Videos 1600ක් පුරාවට අප හා රැඳෙමින් ලක්ෂ 3ක සීමාව ඉක්මවීමට දායක වූ ශ්‍රී ලාංකේය Physics හදාරන/හදාරපු සිසුන් ඇතුළු සියලුම සිසුන්ට අපගේ ස්තූතිය🙏🙏 A/L Physics උගන්වා සහ ඒ ආශ්‍රිත අධ්‍යාපනික වීඩීයෝ වලින් පමණක් "ලංකාවට පළමුවරට Silver Play Button එකක් ගෙනා,පළමු YouTube නාළිකාව"🔥 ඉදිරියේත් ලංකාවේ උසස් පෙළ භෞතික විද්‍යාව හදාරන දරුවන්ට අපගේ උපරිම දායකත්වය මෙම චැනලය හරහා ලබාදීමට අප සූදානම්! 📺 https://youtube.com/@darshanaukuwelaphysics #Magic_නොවන_Logical_Physics 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

  • 10 июл.4 2743018

    බත් සමඟ ශරීරගත වන Arsenic සහ එය අවම කරගන්නා නිවැරදි ඉවුම් පිහුම් ක්‍රමවේද ආසියාවේ ප්‍රධානතම ආහාරය බත් වුවත්, අප දිනපතා පරිභෝජනය කරන සහල්වල Arsenic (ආසනික්) අඩංගු විය හැකි බව ඔබ දැන සිටියාද? මෑතකදී සිදුකළ විද්‍යාත්මක පර්යේෂණවලට අනුව, සහල් මඟින් ශරීරයට Arsenic ඇතුළු වීමේ අවදානමක් පවතී. නමුත් නිවැරදි පිසීමේ ක්‍රමවේදයක් (Cooking method) භාවිත කිරීමෙන් මෙම අවදානම විශාල වශයෙන් අඩු කරගත හැක. ⭕️සහල්වලට Arsenic එකතු වන්නේ කෙසේද? වෙනත් ධාන්‍ය බෝග සමඟ සැසඳීමේදී වී ශාකය මඟින් පසෙහි සහ ජලයේ ඇති Arsenic ඉතා පහසුවෙන් උරාගනු ලබයි. මෙය සහල් මතුපිට පමණක් නොව, ඇටය අභ්‍යන්තරයේම තැන්පත් වේ. දිගුකාලීනව මෙලෙස Arsenic ශරීරගත වීම (Chronic exposure) මඟින් සෞඛ්‍ය ගැටලු රැසක් ඇතිවිය හැක: Cardiovascular disease (හෘද වාහිනී පද්ධතිය ආශ්‍රිත රෝග) Developmental defects (ළමුන්ගේ වර්ධනීය ඌනතා) Cancer (පිළිකා අවදානම ඉහළ යාම) ⭕️White Rice සහ Brown Rice අතර වෙනස විද්‍යාත්මකව බැලූ විට, White rice (තැම්බූ/සුදු සහල්) වලට වඩා Brown rice (නිවුඩු සහල්) වල Arsenic අඩංගු වීමේ ප්‍රතිශතය 60% කින් පමණ ඉහළ අගයක් ගනී. සහල් ඇටයේ පිටතින් ඇති නිවුඩු ස්ථරය (Bran and germ) ඉවත් කර White rice සකස් කරන නිසා එහි Arsenic සාන්ද්‍රණය සාපේක්ෂව අඩුය. එමෙන්ම සහල් වගා කරන ප්‍රදේශයේ පසේ ස්වභාවය (Origin) අනුවද මෙහි අඩංගු Arsenic ප්‍රමාණය වෙනස් වේ. ⭕️සාමාන්‍යයෙන් සහල් සේදීමෙන් Arsenic ඉවත් කළ හැකිද? බොහෝ දෙනෙකු සිතන්නේ සහල් හොඳින් සේදීමෙන් (Rinsing) Arsenic ඉවත් වන බවයි. නමුත් එය මිථ්‍යාවකි (Myth). සාමාන්‍ය ජලයෙන් සහල් සේදීමෙන් එහි මතුපිට ඇති පිෂ්ඨය (Starch) ඉවත් වුවද, සහල් ඇටය තුළ ඇති Arsenic ඉවත් නොවේ. ⭕️Arsenic ඉවත් කිරීමට ඇති සාර්ථකම ක්‍රමය : "Parboiling with absorption method" 2021 වසරේ සිදුකළ විද්‍යාත්මක පර්යේෂණයකට අනුව, පහත සඳහන් Parboiling ක්‍රමය මඟින් සහල්වල ඇති Arsenic ප්‍රතිශතය White rice වල 73% කිනුත්, Brown rice වල 53% කිනුත් අවම කරගත හැක. 1) පළමු තැම්බීම (First Boil): මුලින්ම භාජනයකට වැඩිපුර ජලය එකතු කර හොඳින් උණු කරන්න. ජලය නටන විට සහල් එකතු කර විනාඩි 5ක් (5 minutes) තම්බා ගන්න. 2) ජලය පෙරා ඉවත් කිරීම (Drain): විනාඩි 5කට පසු, සහල් තැම්බූ ජලය සම්පූර්ණයෙන්ම පෙරා ඉවත් කරන්න. සහල් ඇටවලින් පිටතට කාන්දු වූ (Leach) Arsenic විශාල ප්‍රමාණයක් මෙමඟින් ඉවත් වේ. 3) පිසීම නිම කිරීම (Finish Cooking): දැන් සහල් සහිත භාජනයට නැවත අලුත් පිරිසිදු ජලය (Fresh water) ස්වල්පයක් එකතු කර, මද ගින්නේ බත සම්පූර්ණයෙන්ම තැම්බෙන තෙක් පිසගන්න. මෙම ක්‍රමය මඟින් සහල්වල ඇති අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ (Nutrients) ආරක්ෂා වන අතරම, ශරීරයට අහිතකර Arsenic අවදානමෙන්ද වැළකිය හැක. ✅Science HUB https://t.me/BiologyEssays

  • 10 июл.3 5354

    видео или голосовое, без подписи

Science 𝐇𝐔𝐁 ❤️ — tgindex