tgindex
Niroshan Jayathunge Physics (හොදම physics clz එක) ❤️

Niroshan Jayathunge Physics (හොදම physics clz එක) ❤️

Статистика

📌2027 සිද්ධාන්ත සෙනසුරාදා 800-12.00 (නිවිර මහනුවර ) 📌 2026 සිද්ධාන්ත සෙනසුරාදා 1.00-5.00 (නිවිර මහනුවර ) 📌️RANK හදන Paper class විමසීම් 0710 195 000

Последний пост
9 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
0
Всего постов
20
Тип
открытый
Язык
si
Категория
Познавательное (по похожим)
В каталоге с
13 авг.
Подписчики
715
−1 за 1 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
247
20 постов
Вовлечённость
34,5%
к подписчикам
Постов в день
0,0
всего 20
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
70
1/48двое суток
80
1/72трое суток
86

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 📌️මේ ලින්ක් එකෙන් බලන්න https://youtu.be/ulfnkTiQAcU?si=3C-JZFEtvtpHhzId 📌️දැනට පවතින පන්තිය සෙනසුරාදා 1.00-4.30 මහනුවර නිවිර ආයතනයේ පැවැත්වේ 📌️විශේෂ කණ්ඩායම් පන්තිය අගෝස්තු 14 සිකුරාදා උදේ 8.00 ට ආරම්භ වේ.ඒකක හා මාන පලමු ඒකකයේ සිටම සාකච්ඡා කෙරේ. 📌️විමසීම් 0710 195 000

  • හෙට සෙනසුරාදා නිවිර ආයතනයේ පැවැත්වේ නවක සිසුන්ට සහභාගී විය හැක. 0710 195 000

  • මේක තමයි අද අපි පාසල් වල ඉගෙනගන්න I = V / R එහෙමත් නැත්නම් V = IR කියන සුප්‍රසිද්ධ 'ඕම්ගේ නියමය'! ඕම් මේ විදිහට තමන්ගේ හොයාගැනීම 1826 දී පේපර් එකකින් ලෝකෙටම කිව්වා. හැබැයි ඔහුට ඕන වුණේ මේක නිකම්ම පරීක්ෂණයක් විදිහට තියන්න නෙවෙයි, මේක ගණිතමය සමීකරණ වලින් ඔප්පු කරන්න. 😢🗣️ ඒ කාලේ ජෝසප් ෆූරියර් කියන ප්‍රංශ ගණිතඥයා තාපය ගැන කරපු පරීක්ෂණ වලින් ඕම් ගොඩක් දේවල් ඉගෙනගත්තා. ඉතින් ඕම් 1827 දී පොතක් ලියලා, තමන් කරපු පරීක්ෂණ ගැන කිසිම දෙයක් නොලියා, මේ නීතිය සම්පූර්ණයෙන්ම ගණිතයෙන් විතරක් ඔප්පු කරලා පෙන්නුවා. හැබැයි ජර්මනියේ හිටපු මහාචාර්යවරුන්ට මේක දැක්කාම යකා නැග්ගා! ඇයි ඒ? ගණිතයට තියෙන අකමැත්ත: ඒ කාලේ ජර්මනියේ විද්‍යාඥයෝ හිතුවේ "විද්‍යාව කියන්නේ පරීක්ෂණ කරලා හොයාගන්න ඕන දෙයක් මිසක්, ගණන් හදලා හොයන දෙයක් නෙවෙයි" කියලා. එයාලා ඕම්ගේ පරීක්ෂණ ගැන දැනගෙන හිටියේ නෑ, දැක්කේ අර ගණිත සමීකරණ ගොඩ විතරයි! තේරුම් ගන්න අමාරු වීම: ඕම්ට තමන්ගේ අදහස අනිත් අයට තේරෙන විදිහට ලියන්න තේරුණේ නෑ. ඒ පොතේ තිබුණු ගණන් අනිත් අයට තේරුණේම නෑ. මේ නිසා තමයි බර්ලින් වල හිටපු මහාචාර්යවරු ඕම්ට පිස්සෙක් කියලා හිනාවෙලා, අධ්‍යාපන ඇමතිට කියලා ඔහුව රස්සාවෙන් පැන්නුවේ! රස්සාවෙන් අයින් වෙලා අවුරුදු ගාණක් එක එක ඉස්කෝලවල ටෙම්පරි වැඩ කරපු ඕම්ට අන්තිමේදී පිහිටට ආවේ ජර්මනියේ අය නෙවෙයි, පිටරට විද්‍යාඥයෝ! 🏆🌟 එංගලන්තයේ සහ ප්‍රංශයේ හිටපු විද්‍යාඥයෝ මේ පොත කියවලා, "අඩේ මේකා මාර දෙයක්නේ හොයාගෙන තියෙන්නේ" කියලා තේරුම් අරන් ඕම්ගේ අදහස් ලෝකෙටම ගෙනිච්චා. ඒකෙන් පස්සේ තමයි ජර්මනියටත් තේරුණේ තමන්ගේ රටේ ඉන්නේ කොච්චර වටින සම්පතක්ද කියලා. 1839 දී ඔහුව විද්‍යා ඇකඩමියට ගත්තා. 1841 දී ලන්ඩනයේ රාජකීය සංගමය ඔහුට ලෝකයේ උසස්ම විද්‍යාත්මක සම්මානයක් වු​න කොප්ලි පදක්කම දුන්නා. අන්තිමේදී 1852 දී එයාගේ ජීවිතේ ලොකුම හීනය වුණු 'මියුනික් විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා මහාචාර්යවරයා' කියන තනතුර ඔහුට හම්බවුණා! හැබැයි අවාසනාවකට ඒ තනතුර ලැබිලා අවුරුදු 2 කින් (1854 දී) ඕම් ආඝාතය හැදිලා මිය ගියා. හැබැයි මිය ගියාට පස්සේ එයාට කවදාවත් නොමැරෙන නමක් හම්බවුණා. 1881 දී පැරිස් වල පැවැත්වු​න ජාත්‍යන්තර සම්මේලනයේදී විදුලිය මනින ඒකක වලට නම් තියද්දී, විද්‍යුත් ප්‍රතිරෝධය මනින ඒකකයට "ඕම්" (Ohm) කියලා නම තිබ්බා! අදටත් ලෝකය පුරාම ඉන්න මිලියන ගාණක් ළමයි විදුලිය ඉගෙනගන්න පටන් ගන්නේ ඕම් හොයාගත්තු මේ පුංචි, හැබැයි ලෝකයම වෙනස් කරපු V=IR සමීකරණයෙන්!

  • ඔබ කවදාහරි අහලා තියෙනවද විදුලිය ගැන ලෝකයටම උගන්වන V = IR කියන සමීකරණය හොයාගත්තු විද්‍යාඥයාට, ඒක හොයාගත්තු කාලේ මිනිස්සු පිස්සෙක් කියලා හිනාවෙලා රස්සාවෙනුත් පැන්නුවා කියලා? 1827 අවුරුද්දේ ජර්මනියේ හිටපු පාසල් ගුරුවරයෙක් විදුලිය ගැන මාරම සොයාගැනීමක් කළා. එයා මේක "ස්වභාවධර්මයේ නීතියක්" කියලා ලෝකෙට කියද්දී, එ​හෙ හිටපු මහාචාර්යවරු ඔහුට හිනා වුණා. එක්කෙනෙක් කිව්වා මේක "හො​ඳ කරන්න බැරි මානසික ලෙඩක්" කියලා. තව කෙනෙක් කිව්වා "මේ වගේ මිත්‍යාවන් උගන්වන එකෙක්ට විද්‍යාව උගන්වන්න සුදුසුකමක් නෑ!" කියලා. අන්තිමේදී මේ දෝෂාරෝපණ දරාගන්න බැරුව එයාට රස්සාවෙන් අස්වෙලා කිලෝමීටර් 400 ක් ඈතින් තියෙන වෙන නගරයකට යන්න සිද්ධ වුණා. හැබැයි අවුරුදු 15 කට පස්සේ ලන්ඩනයේ රාජකීය සංගමය ඔහුට ඒ කා​ලේ තිබු​න "නෝබෙල් තෑග්ග" වගේ වටිනාකමක් තියෙන කොප්ලි පදක්කම දීලා ගෞරව කළා. අද ලෝකය පුරාම ඉන්න ළමයි විදුලියේ මූලික නීතිය විදිහට ඉගෙනගන්නේ මේ ගුරුවරයා හොයාගත්තු නීතිය. එයාගේ නම තමයි ජෝර්ජ් ඕම්! ⚡📚 කවුද මේ ජෝර්ජ් ඕම්? 👨‍🏫 ජෝර්ජ් ඕම් ඉපදුණේ 1789 දී ජර්මනියේ ​එර්ලන්ගන් කියන නගරයේ දුප්පත් පවුලක. එයාගේ තාත්තට ලොකු අධ්‍යාපනයක් නොතිබුණත්, ගණිතයට සහ දර්ශනයට මාරම ආසාවක් තිබුණා. ඉතින් තාත්තා තනියම ඉගෙනගෙන පුතාටත් ගණිතයයි විද්‍යාවයි හොඳට ඉගැන්නුවා. 1804 දී ඕම් ​එර්ලන්ගන් විශ්වවිද්‍යාලයට ගියත්, එයා වැඩිය ඉගෙනගන්න උනන්දු වුණේ නෑ. මේක දැකපු තාත්තා කේන්තියෙන් සල්ලි දෙන එක නවත්තලා පුතාව කැම්පස් එකෙන් අයින් කළා. ඊටපස්සේ අවුරුදු ගාණක් එක එක ඉස්කෝලවල ගණිතය උගන්වපු ඕම්, කොහොමහරි තමන්ගේ උපාධිය ඉවර කරලා කොලෝන් කියන නගරයේ ඉස්කෝලෙක ස්ථිර ගුරුවරයෙක් විදිහට වැඩට ගියා. මේ ඉස්කෝලේ තිබු​න එක විශේෂත්වයක් ඕම්ගේ ජීවිතයම වෙනස් කළා. ඒ තමයි මේ ඉස්කෝලේ තිබුණ සුපිරි විද්‍යාගාරය! 🔬 මේ කාලේ වෙද්දී මිනිස්සු 'ස්ථිති විද්‍යුතය' ගැන දැනගෙන හිටියට, 'ධාරාව' නැත්නම් විදුලිය ගමන් කරන එක ගැන මුකුත් දැනගෙන හිටියේ නෑ. වෝල්ට් හරි ඇම්පියර් හරි කියන මිනුම් ඒ කාලේ තිබුණෙත් නෑ. හැබැයි මේ කාලෙදි විදුලිය ගැන මාරම හොයාගැනීම් 3 ක් වුණා. 💡 වෝල්ටීයතා කෝෂය (Voltaic pile): 1800 දී ඉතාලි ජාතික ඇලෙස්සැන්ඩ්‍රෝ වෝල්ටා කියන විද්‍යාඥයා ලෝකයේ පළවෙනි බැටරිය හැදුවා. එයා තඹ සහ සින්ක් තහඩු මාරුවෙන් මාරුවට තියලා, ඒ අතරට ලුණු වතුරේ පොඟවපු රෙදි කෑලි තියලා මේක හැදුවා. මේකෙන් එක දිගටම විදුලි ධාරාවක් ලබාගන්න පුළුවන් වුණා. විදුලිය සහ චුම්භකත්වය අතර සම්බන්ධය: 1820 දී හාන්ස් ක්‍රිස්ටියන් ඕස්ටඩ් කියන ඩෙන්මාර්ක් ජාතිකයා දැක්කා, විදුලිය යන කම්බියක් ළඟින් මාලිමාවක් තිබ්බාම ඒකේ කටුව කැරකෙනවා කියලා. ඒ කියන්නේ විදුලියෙන් චුම්භක බලයක් හැදෙනවා කියන එක. මේ සොයාගැනීම් දෙකම ඕම්ගේ පරීක්ෂණ වලට ලොකු හයියක් වුණා! ඕම්ගේ පළමු පරීක්ෂණය: බැටරියේ ප්‍රශ්නය 🔋📉 විද්‍යාඥයෝ හිතාගෙන හිටියේ බැටරියක වෝල්ටීයතාව සහ කම්බියක යන ධාරාව කියන්නේ කිසිම සම්බන්ධයක් නැති ජාති දෙකක් කියලා. හැබැයි ඕම්ට හිතුණා මේ දෙක අතර මොකක්හරි රහස් සම්බන්ධයක් තියෙනවා කියලා. ඔහු අර 'වෝල්ටීයතා කෝෂය' අරගෙන ඒකට එක එක ජාතියේ කම්බි (තඹ, රන්, රිදී) සම්බන්ධ කරලා ඒකෙන් යන ධාරාව මැන්නා. ධාරාව මනින්න ඔහු පාවිච්චි කළේ විදුලිය යද්දී කැරකෙන චුම්භක කටුවක්. හැබැයි මේ පරීක්ෂණය අසාර්ථක වුණා. ඒකට හේතුව වුණේ ඔහු පාවිච්චි කරපු වෝල්ටීයතා කෝෂය. මේ බැටරියෙන් එක දිගට විදුලිය දුන්නට, වෙලාව යන්න යන්න ඒකේ බලය අඩුවෙලා බැහැලා ගියා. මේ නිසා එයාට හරි උත්තරයක් ගන්න බැරි වුණා. තුන්වෙනි සොයාගැනීම: තාප විද්‍යුත් යුග්මය 🔥❄️ මේ වෙලාවේ ඕම්ගේ යාළුවෙක් කිව්වා අර පරණ බැටරිය අයින් කරලා අලුත් එකක් පාවිච්චි කරන්න කියලා. මේක තමයි ලෝකය වෙනස් කරපු 3 වෙනි සොයාගැනීම. 1822 දී තෝමස් ජෝන් සීබෙක් හොයාගත්තා ලෝහ වර්ග දෙකක් එකතු කරලා ඒ දෙක අතර උෂ්ණත්වයේ වෙනසක් ඇති කළොත් විදුලියක් නිපදවෙනවා කියලා. (එක පැත්තක් රත් කරලා, අනිත් පැත්ත සිසිල් කළාම). ඕම් මේ 'තාප විද්‍යුත් යුග්මය' (Thermocouple) එකක් හදාගත්තා. එයා බිස්මත් සහ තඹ පාවිච්චි කරලා, එක පැත්තක් නටන වතුරෙත්, අනිත් පැත්ත අයිස් වලිනුත් තිබ්බා. එතකොට අංශක 100 ක ස්ථාවර උෂ්ණත්වයක් හැදුණා. මේකෙන් කිසිම අඩුවීමක් නැති, එක දිගටම යන විදුලියක් ඔහුට ලැබුණා! දැන් අර අලුත් බැටරිය පාවිච්චි කරලා ඕම් දිගින් වෙනස් කම්බි 8 ක් අරගෙන ධාරාව මැන්නා. එතකොට එයාට අමුතුම රටාවක් අහුවුණා. ඒකෙන් එයා සමීකරණයක් හැදුවා. 📜✨ X = A / (B + x) X = ධාරාව x = කම්බියේ දිග A සහ B කියන්නේ නියතයන් ඊටපස්සේ එයා අර උෂ්ණත්වය වෙනස් කරලා බැලුවා. එතකොට එයා දැක්කා උෂ්ණත්වය වෙනස් වෙද්දී 'A' කියන අකුර විතරක් වෙනස් වෙනවා, හැබැයි 'B' වෙනස් වෙන්නේ නෑ කියලා. මේකෙන් ඕම් මෙන්න මේ නිගමනයට ආවා: A කියන්නේ බැටරියෙන් එන බලය (Voltage) ⚡ B කියන්නේ පරිපථයේ තියෙන බාධාව (Resistance) 🧱

  • 📢📢2027 Special Group classes 📌️බදාදා 2.30-5.30 📌️තන්තුවල කම්පන සාකච්ඡා කෙරේ 📌️නවක සිසුන්ට සහභාගී විය හැක විමසීම් 0710 195 000

  • 📢📢2027 අගෝස්තු මස විභාගය 📌️කාලය පැය 5 .30 📌️ප්‍රශ්න අඩංගු ඒකක 1) ඒකක හා මාන/මිනුම 2)යාන්ත්‍ර විද්‍යාව 3)දෝලන හා තරංග 📌️MCQ 50 📌️ව්‍යුහගත රචනා 1)ඝූර්ණ මූලධර්මය /බල සමාන්තරාශ්‍ර මූලධර්මය 2)බර යෙදූ නලයක් භාවිතයෙන් ද්‍රවයක සාපේක්ශ ඝනත්වය සෙවීම 3)තරංග සම්බන්ධ ගැටලුවක් 4)හෙයාර් උපකරණය 📌️ රචනා 1)නිව්ටන් නියම /ඝර්ෂණය 2)රේඛිය ගම්‍යතාවය කාර්‍යය හා ශක්තිය 3)කාර්‍යය හා ශක්තිය /චලිත ප්‍රස්තාර 4)සරල අනුවර්තීය චලිතය අගෝස්තු 8 සිට 20 දක්වා දිනයක ලිවිය හැක

  • 📢📢2028 සිද්ධාන්ත 📌️ගුරුත්වය යටතේ සිරස් චලිතය මේ ලින්ක් එකෙන් බලන්න. https://youtu.be/v6dG2H6qAK4?si=U4yvX5YhPzPcWKwQ 📌️අපගේ සිද්ධාන්ත පන්තිය සෑම සෙනසුරාදා දිනකම 1.00-4.30 මහනුවර නිවිර ආයතනයේ පැවැත්වේ .(ආසිරි රෝහල අසල). 📌️විමසීම් 0710 195 000 📌️Special Group Class සදහාද විමසන්න. 📌️Niroshan jayathunge - Physics youtube චැනලයෙන් මුල සිටම යාන්ත්‍ර විද්‍යාව පාඩමේ රෙකෝඩින් ලබාගත හැක.

  • 📢📢 හෙට අගෝස්තු 1 සෙනසුරාදා 📌️2027 සිද්ධාන්ත නලවල කම්පන සාකච්ඡා කෙරේ. (8.00-12.00) 📌️2028 සිද්ධාන්ත ගුරුත්ව චලිතය ආරම්භ වේ. (1.00-4.30) නවක සිසුන්ට සහභාගී විය හැක. 📌️මහනුවර නිවිර ආයතනයේදී 📌️විමසීම් 0710 195 000 නිරෝෂන් ජයතුංග

  • 2028 සිද්ධාන්ත මුල සිට සියලුම පාඩම් පහලින් තියන ලින්ක් එකෙන් බලන්න. 📌https://youtube.com/playlist?list=PLjDBhuexfpDp0sCCCZ7YL_tJ_y3nWROkc&si=elEr_BhutU-RUBk4 📌️දැනට ආරම්භ වී ඇති පන්තිය සෙනසුරාදා 1.00-4.30 මහනුවර නිවිර ආයතනයේ පැවැත්වේ . 📌️Special group Class සදහා 0710 195 000 න් විමසන්න.

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • දැන් තමයි හොඳම කතාව. විදුලිය වගේම ශතවර්ෂ ගාණක් තිස්සේ මිනිස්සුන්ට ප්‍රහේලිකාවක් වු​න අනිත් බලය තමයි චුම්භකත්වය. මේ කතාව පටන් ගන්නේ යකඩ කෑලි ඇදගන්න පුළුවන්, මැජික් එකක් වගේ පෙනු​න "Loadstones" කියන විශේෂ ගල් ජාතියකින්. මේවා Magnesia කියන ප්‍රදේශයෙන් හොයාගත්ත නිසා Magnetism කියලා නම වැටුණා. 🧲 පස්සේ කාලෙක මිනිස්සු දැක්කා මේ ගල් කෑල්ලක් නූලකින් එල්ලුවොත් ඒක හැමවෙලේම උතුර-දකුණ දිශාවට හැරිලා නතර වෙනවා කියලා. මේකෙන් තමයි මුහුදු ගමන් වලට ලොකුම උදව්වක් වු​න මාලිමාව හැදුණේ. යකඩ කටුවක් මේ ගලේ ඇතිල්ලුවාම ඒ කටුවත් චුම්භකයක් වෙනවා කියලා මිනිස්සු හොයාගත්තා. ඇයි මේවා උතුරට​ම හැරෙන්නේ? 1600 දී විතර විලියම් ගිල්බට් කියන කෙනා හොයාගත්තා ඒකට හේතුව වෙන මොකක්වත් නෙවෙයි, අපේ පෘථිවියම දැවැන්ත චුම්භකයක් වගේ වැඩ කරන නිසයි! 🌍🧭 එතකො​ට ඇයි චුම්භකයක් අපි​ට දෙකට කපන්න බැරි? මේ විද්‍යුත් ආරෝපණ වලට සමානවම චුම්භක වලටත් ධ්‍රැව දෙකක් තියෙනවා: උත්තර ධ්‍රැවය සහ දක්ෂිණ ධ්‍රැවය. සමාන ධ්‍රැව (N සහ N) විකර්ෂණය වෙනවා. අසමාන ධ්‍රැව (N සහ S) ආකර්ෂණය වෙනවා. මේ චුම්භක ක්ෂේත්‍රය​ටත් අපි චුම්භක ක්ෂේත්‍ර රේඛා අඳිනවා. ​මේ රේඛා උතුරු ධ්‍රැවයෙන් එළියට ඇවිත් දකුණු ධ්‍රැවයෙන් ඇතුළට යනවා. චුම්භකය ඇතුළෙත් මේ රේඛා දකුණේ ඉඳන් උතුරට යනවා. ඒ කියන්නේ මේ රේඛා වලට පටන් ගන්න තැනක් හෝ ඉවර වෙන තැනක් නෑ, ඒවා සංවෘත ලූප් එකක් විදිහටයි තියෙන්නේ! විදුලියේදී අපිට තනි ධන ආරෝපණයක් හරි තනි සෘණ ආරෝපණයක් හරි වෙන් කරලා ගන්න පුළුවන්. හැබැයි චුම්භකයක තනි උතුරු ධ්‍රැවයක් හෝ තනි දකුණු ධ්‍රැවයක් අපි​ට කවදාවත් වෙන් කරලා ගන්න බෑ! ඔයා චුම්භකයක් අරන් හරි මැදින් දෙකට කැපුවොත්, ඔයාට තනි උතුරු ධ්‍රැව කෑල්ලකුයි තනි දකුණු ධ්‍රැව කෑල්ලකුයි ලැබෙන්නේ නෑ. ඒ වෙනුවට ඔයාට ලැබෙන්නේ අලුතින්ම උතුරු සහ දකුණු ධ්‍රැව දෙකම තියෙන ත​ව පොඩි චුම්භක දෙකක්! කොච්චර පොඩි කෑලි වලට කැපුවත් මේක වෙනස් වෙන්නේ නෑ. 🧲✂️ මේ වෙනස හින්දා චුම්භකත්වය වෙනුවෙන් ලියන මැක්ස්වෙල්ගේ දෙවැනි සමීකරණය ගොඩක් වෙනස් වෙනවා. අර කලින් කිව්වා වගේ අපි වැසුන බෝලයක් ව​ගේ පෘෂ්ඨයක් හිතින් මවාගෙන ඒක හරහා යන මුළු චුම්භක ස්‍රාවය ගණනය කළොත් මොකද වෙන්නේ? 🚫 චුම්භක වල තනි ධ්‍රැවයක් නැති නිසා වගේ​ම, චුම්භක ක්ෂේත්‍ර රේඛා කියන්නේ සංවෘත ලූප් නිසා, පෘෂ්ඨය ඇතුළට එන රේඛා ප්‍රමාණය හැමවෙලාවෙම පෘෂ්ඨයෙන් එළියට යන රේඛා ප්‍රමාණයට සමාන වෙනවා! ඒ කියන්නේ ඕනෑම සංවෘත පෘෂ්ඨයක් හරහා යන මුළු චුම්භක ස්‍රාවය හැමවෙලාවෙම බිංදුවයි! මේක තමයි චුම්භකත්වය සඳහා ගවුස්ගේ නියමය කියන්නේ. ඉදිරියට ....

  • එක වස්තුවක් තව වස්තුවක ගෑවෙන්නේවත් නැතුව ඒක​ට බලපෑමක් කරන්නේ කොහොමද කියලා ඔයා කවදාහරි කල්පනා කරලා තියෙනවද? 🤔 උදාහරණයක් විදිහට චුම්බකයක් කිට්ටුවට ගෙනිච්චම මාලිමාවක කටුව කැරකෙන්නේ කොහොමද? එහෙමත් නැත්නම් චුම්බකයක් වටේට යකඩ කුඩු ඉස්සම ඒවා ලස්සන රටාවකට හැදෙන්නේ කොහොමද? එකිනෙක ගෑවෙන්නේ නැති විද්‍යුත් ආරෝපණ දෙකක් එකිනෙකාට ආකර්ශන​ය හෝ විකර්ෂණය වෙන්නේ කොහොමද? කිසිම දෙයක් පේන්න නැති හිස් අවකාශයක් හරහා මේ වගේ බලපෑමක් වෙන්නේ කොහොමද කියන එක ශතවර්ෂ ගණනාවක් තිස්සේ විද්‍යාඥයින්ට තිබු​න ලොකුම අභිරහසක්. මේ අභිරහසට උත්තරේ තමයි මුළු විද්‍යාවම වෙනස් කරපු "ක්ෂේත්‍ර" (The Field) කියන සංකල්පය. අපි කතා කරන්නේ අරුම පුදුම ගල් කෑල්ලකින් පටන් අරන් මුළු විද්‍යුත් සහ චුම්භක ලෝකයම එකතු කරපු මැක්ස්වෙල්ගේ සමීකරණ ගැන. 🧲⚡ මේ කතාව පටන් ගන්නේ මීට අවුරුදු 2,500 කට කලින් පැරණි ග්‍රීසියෙන්. පුදුමෙකට වගේ මේක පටන් ගන්නේ විදුලිය ගැන කිසිම අදහසක් නැති තැනකින්. ඒ තමයි ඇම්බර්. ඇම්බර් කියන්නේ ගස් වල කඳෙන් එළියට එ​න ලාටු ගල් වෙලා හැදෙ​න දෙයක්. 🌟 ක්‍රි.පූ. 600 දී විතර "Thales of Miletus" කියන ග්‍රීක දාර්ශනිකයා දැක්කා මේ ඇම්බර් කෑල්ලක් සතෙකුගේ ලොම් වල ඇතිල්ලුවාම, ඒකෙන් පිහාටු, පිදුරු කෑලි වගේ සැහැල්ලු දේවල් ඇදගන්න පුළුවන් වෙනවා කියලා. මේ​ක හරියට නිකම් මැජික් එකක් වගේ! ග්‍රීක භාෂාවෙන් ඇම්බර් වලට කියන්නේ "Electron" කියලා. අද අපි පාවිච්චි කරන "Electricity" (විදුලිය) කියන වචනය හැදුණෙත් ඒකෙන්. අද වෙද්දි අපි දන්නවා මෙහෙම ඇතිල්ලුවාම වෙන්නේ එක ද්‍රව්‍යයකින් තව ද්‍රව්‍යයකට ඉලෙක්ට්‍රෝන මාරු වෙන එක කියලා. ඉලෙක්ට්‍රෝන වැඩිපුර ලැබු​න එක සෘණ ආරෝපිත වෙනවා, ඉලෙක්ට්‍රෝන අඩුවු​න එක ධන ආරෝපිත වෙනවා. මේ ධන සහ සෘණ කියන නම් මුලින්ම දැම්මේ බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින්. අහසින් එ​න අකුණු කියන්නෙත් මේ විද්‍යුත් බලයමයි කියලා ඔහු හොයාගත්තා. 🌩️ සමාන ආරෝපණ (+ සහ +, හෝ - සහ -) එකිනෙකාගෙන් ඈත් වෙනවා, අසමාන ආරෝපණ (+ සහ -) එකිනෙකාට ඇදෙනවා කියන එක ස්ථිති විද්‍යුත​යේ තියෙන සරලම නීතිය​නේ. හැබැයි මේ බලය කොච්චරද කියලා හරියටම මනින්න සමීකරණයක් ගෙනාවේ 1785 දී "චාල්ස් ඔගස්ටින් කූලෝම්". ⚡ ඔහු හොයාගත්තා ආරෝපණ දෙකක් අතර තියෙන දුර වැඩි වෙන්න වැඩි වෙන්න, ඒ දෙක අතර තියෙන බලය ඉතා වේගයෙන් අඩු වෙනවා කියලා. දුර දෙගුණයක් කළොත්, බලය 4 ගුණයකින් අඩු වෙනවා. දුර තුන් ගුණයක් කළොත්, බලය 9 ගුණයකින් අඩු වෙනවා. මේකට කියන්නේ "Inverse Square Law" කියලා. (බලය දුරේ වර්ගයට ප්‍රතිලෝමව සමානුපාතික වෙනවා). ඔන්​න දැන් ලොකුම ප්‍රශ්නය එනවා. ආරෝපණ දෙකක් ඈතින් තියෙද්දී, "අනිත් එකා එතන ඉන්නවා" කියලා පළවෙනි ආරෝපණය දන්නේ කොහොමද? හිස් අවකාශය හරහා එක ආරෝපණයක් අනිත් ආරෝපණය අදින්නේ කොහොමද? මේ "Action at a distance" කියන අදහසට විද්‍යාඥයෝ කැමති වුණේ නෑ. 🕸️ මේකට අපූරු උත්තරයක් ගෙනාවේ අපි කවුරුත් දන්​න මයිකල් ෆැරඩේ. ඔහු ගොඩක් දුප්පත් පවුලක ඉපදිලා, පොත් බඳින තැනක වැඩ කරලා තනියම ඉගෙනගත්ත කෙනෙක්. ඔහු කිව්වා ආරෝපණයක් කෙළින්ම අනිත් ආරෝපණයට ඇදෙනවා නෙවෙයි, යම්කිසි ආරෝපණයක් වටේට තියෙන මුළු අවකාශයම පුරා​ම විහිදිලා තියෙන "ක්ෂේත්‍රයක්" තියෙනවා කියලා! අපි මේ විද්‍යුත් ක්ෂේත්‍රය ලස්සනට Field Lines (ක්ෂේත්‍ර රේඛා) වලින් අඳිනවා. ධන ආරෝපණයක් වටේට රේඛා එළියට යන විදිහට අඳිනවා. සෘණ ආරෝපණයක් වටේට රේඛා ඇතුළට එන විදිහට අඳිනවා. රේඛා ගොඩක් ළඟින් තියෙන තැන් වල ක්ෂේත්‍රය ප්‍රබලයි, ඈතින් තියෙන තැන් වල දුර්වලයි. හැබැයි මතක තියාගන්න, මේ රේඛා කියන්නේ අපිට තේරුම් ගන්න අඳින චිත්‍රයක් විතරයි. ඇත්තටම මේ ක්ෂේත්‍රය අවකාශයේ හැමතැනම තියෙනවා. දැන් අපි බලමු ක්ෂේත්‍රයකට අදාළ වැදගත්ම අදහසක් වෙන "ස්‍රාව​ය" (Flux) ගැන. සරලවම කිව්වොත් Flux කියන්නේ යම්කිසි පෘෂ්ඨයක් හරහා යන ක්ෂේත්‍ර රේඛා ප්‍රමාණය වගේ දෙයක්. 📦 හිතන්න අපි ධන ආරෝපණයක් වටේට බෝලයක් වගේ වැහු​න පෘෂ්ඨයක් හිතින් මවාගන්නවා. මේ බෝලය හරහා එළියට යන මුළු විද්‍යුත් ස්‍රාවය කොච්චරද කියලා අපි ගණනය කළොත්, ඒක රඳා පවතින්නේ අර බෝලය ඇතුළේ තියෙන මුළු ආරෝපණ ප්‍රමාණය මත විතරයි! බෝලයේ සයිස් එක කොච්චර ලොකු වුණත්, ඒකේ හැඩය මොකක් වුණත් එළියට යන මුළු ස්‍රාවය වෙනස් වෙන්නේ නෑ. මේක තමයි මැක්ස්වෙල් සමීකරණ වල පළමු සමීකරණය වෙන ගවුස්ගේ නියමයෙන් කියවෙන්​නේ. ඇතුළේ ධන ආරෝපණයක් තිබ්බොත්, ස්‍රාවය එළියට යනවා. ඇතුළේ සෘණ ආරෝපණයක් තිබ්බොත්, ස්‍රාවය ඇතුළට එනවා. ඇතුළේ ආරෝපණයක් නැත්නම් හෝ + සහ - දෙකම සමානව තියෙනවා නම්, ඇතුළට එන ස්‍රාවය එළියට යන ස්‍රාවයට සමාන නිසා මුළු ස්‍රාවය බිංදුවක් වෙනවා.

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • 📢📢2026 Speed revision 📌️https://youtu.be/mIUW7-vLYJg?si=55lg6eRloO1t4Hh2

  • 📢📢2028 සිද්ධාන්ත 📌️සරල රේඛීය චලිතය ආරම්භය 📌️මේ ලින්ක් එකෙන් බලන්න https://youtu.be/1w1nfZpMAkY?si=HIWWhtvLKtd7KMeb නිරෝෂන් ජයතුංග Hall classes,Special Group Classes නිවිර මහනුවර

  • 📢📢2028 නව ඒකක ආරම්භය 📌️හෙට සරල රේඛීය චලිතය ආරම්භ වේ. 📌️1.00-4.30 මහනුවර නිවිර ආයතනයේදී (අලුත් පාර ආසිරි රෝහල අසල සෙලාන් බැංකුව පිටුපස ශාලාව) 📌️විමසීම් 0710 195 000 📌️Online /Physical 📌️අලුතින්ම සහභාගී වන සිසුන්ට අවසන් කල කොටස් වල රෙකෝඩින් ලබාදීම හෝ අමතර පන්තියක් මගින් එම කොටස් ආවරණය කරදීම සිදුකල හැක. 📌️පසුගිය සියලුම පාඩම් මේ ලින්ක් එකෙන් බලන්න පුලුවන් https://youtube.com/playlist?list=PLjDBhuexfpDp0sCCCZ7YL_tJ_y3nWROkc&si=bMxRZqDADwhd3WvR 📌️විමසීම් 0710 195 000

  • 📢📢හෙට 📢📢 📌️2027 සිද්ධාන්ත තරංගවල ගුණ 📌️2028 සිද්ධාන්ත සරල රේඛීය චලිතය 📌️අලුතින් එන හැමෝටම පසුගිය රෙකෝඩින් සියල්ල නොමිලයේ ගන්න පුලුවන් . නිවිර මහනුවර (පේරාදෙණිය පාර ආසිරි රෝහල අසල සෙලාන් බැංකුව පිටුපස ශාලාව) පන්ති පිලිබද විමසීම් 0710 195 000

Niroshan Jayathunge Physics (හොදම physics clz එක) ❤️ — tgindex