tgindex
ධර්ම දාන ☸️

ධර්ම දාන ☸️

Статистика

☸️ CHANNELS: @dharma_dana ධර්ම දාන @dhamma_repo ධර්ම ගබඩාව @dharma_audio ධර්ම ශ්‍රවණ @thripitakaya ත්‍රිපිටකය @asubha_kamatahan අසුභ කමටහන් @dhamma_cal ධර්ම කැලැන්ඩරය ☸️ GROUP: @dharma_dana_group ධර්ම දාන සමූහය

Последний пост
14 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
7
Всего постов
28
Тип
открытый
Язык
si
В каталоге с
13 авг.
Подписчики
863
−3 за 1 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
34
28 постов
Вовлечённость
3,9%
к подписчикам
Постов в день
1,0
всего 28
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
26
1/48двое суток
29
1/72трое суток
32

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 🌸 සඟරුවනට ඖෂධ පූජා පින්කම 🌸 පින්වත් දායක දායිකාවනි, අපගේ උතුම් ගෞතම සම්බුදු සසුන රැකගනිමින්, ධර්මය දේශනා කරමින් හා ශාසනික සේවයේ නිරත වෙමින් වැඩ සිටින සඟරුවනගේ සුවසෙත උදෙසා ඖෂධ පූජා කිරීමේ උතුම් පින්කමක් ආරම්භ කර ඇත. සඟරුවනගේ දෛනික ඖෂධ අවශ්‍යතා සපුරාලීම සඳහා ඔබටත් මෙම මහඟු පුණ්‍ය කර්මයට දායක වීමට අවස්ථාව සලසා දී ඇත. විශේෂත්වය වන්නේ, කැමති ඕනෑම පින්වතෙකුට මාසිකව රු. 100/-ක් පමණක් පූජා කරමින් මෙම පින්කමට අඛණ්ඩව දායක වීමට හැකි වීමයි. ඔබ පූජා කරන රු. 100/- වැනි සුළු දායකත්වයක් වුවද, සඟරුවනගේ සුවසෙත වෙනුවෙන් මහත් උපකාරයක් වන අතර, සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා ඔබටත් දායක වීමට ලැබෙන උතුම් අවස්ථාවකි. ඔබගේ දායකත්වයෙන් සඟරුවනට ඖෂධයක් ලැබේවා! ඔබගේ පවුලේ සැමට නිරෝගී සුවය, දීර්ඝායුෂ, සතුට හා සැනසීම උදාවේවා! මෙම පින්කමේ සියලු පින් ඔබටත්, ඔබගේ දෙමාපියන්ටත්, පවුලේ සැමටත් අනුමෝදන් වේවා! 🙏🌸 🙏 මාසික දායකත්වයට එක්වීමට මෙම උතුම් පින්කමට මාසිකව රු. 100/-කින් දායක වීමට කැමති පින්වත් ඔබ, පහත දුරකථන අංකයට කතා කරන්න. 📞 076 008 5571 📱 WhatsApp පණිවිඩයක් ලබා දෙන්න. තෙරුවන් සරණයි

  • ☸️ පන්සිල් රැකීමේ ආනිසංස 97 ක් 🙏☸️ සිල් රකින පින්වතුන්ට ලැබෙන අනුසස් බොහෝ වෙති. සතුන් මැරීමෙන් වැළකී සිටින්නාට විශේෂ ආනිසංස විසිතුනක් ලැබේ. සොරකම් කිරීමෙන් වැලකී සිටින්නාට විශේෂ ආනිසංස එකොළහක් ලැබෙන්නා හ. කාමය වරදවා හැසිරීමෙන් වැළකී සිටින්නාට විශේෂ ආනිසංස දහනවයක් ලැබේ. බොරු කීමෙන් වැළකී සිටින්නාට විශේෂ ආනිසංස දාහතරක් ලැබේ. මත්පැන් පානයෙන් වැලකී සිටින්නාට විශේෂ ආනිසංස තිහක් ලැබේ. පන්සිල් රැකීමෙන් ම ආනිසංස අනූ හතක් ලැබෙන්නා හ. එම ආනිසංස මොනවා ද කියා දැන ගැනීමට අති පූජනීය රේරුකානේ චන්ද්විමල ස්වාමීන් වහන්සේ ගේ පුණ්‍යොපදේශය පොත බලා දැන ගනිත්වා. 💠 මුසා බස් නොපැවසීමේ ආනිශංස 🔖 අතිශයින් ප්‍රසන්න ඉදුරන් ඇත්තෙකු වීම 🔖 මනා මිහිරි කටහඩක් ඇත්තෙකු වීම 🔖 සමානව පිහිටි සුදු දත් දෙපලක් ඇත්තෙකු වීම 🔖 අශෝභන වූ මහත් ශරීර නොලබන්නෙකු වීම 🔖 අශෝභන වූ මිටි ශරීර නොලබන්නෙකු වීම 🔖 අශෝභන වූ උස ශරීර නොලබන්නෙකු වීම 🔖 සැප ස්පර්ශ ඇත්තෙකු වීම 🔖 දුගද නැති මල් සුවදැති මුඛයක් ඇත්තෙකු වීම 🔖 සුවච කීකරු පරිවාර ජනයා ඇති බව 🔖 විශ්වාස කළයුතු වචන ඇත්තෙකු වීම 🔖 නෙඵම් පෙත්තක් බුදු වූ මෘදු වූ රත්පැහැ දිවක් ලබන්නෙකු වීම 🔖 උඩගු නොවන බව 🔖 චපල අදහස්,ක්‍රියා නැත්තෙකු වීම 🎀 සත්ව ඝාතනයෙන් වැලකී සිටීමෙන් ලැබෙන ආනිශංස 📌 ආරෝහ පිරිනාහ සම්පත්තියෙන් යුක්ත වීම 📌 ජව සම්පත්තියෙන් යුක්ත වීම 📌 මනාව පිහිටන පියවර ඇත්තෙකු වීම 📌 රන්වන්පාට සිරුරක් ඇත්තෙකු වීම 📌 මුදු මොළොක් සිරුරක් ලැබීම 📌 පිරිසිදු පැවතුම් ඇති ඇත්තෙකු වීම 📌සූර වීර ගති ඇත්තෙකු වීම 📌 මහා බලවන්තයෙකු වීම 📌 නොපැකිල කිවහැකි වචන ඇත්තෙකු වීම 📌 කාටත් ප්‍රිය මනාප පුද්ගලයෙකු වීම 📌 පහ කළ දොස් ඇත්තෙකු වීම 📌 කෙනෙකුට බිදවිය නොහැකි පරිවාර සම්පත්තියක් ලැබීම 📌 තැති නොගත් කෙනෙකු වීම 📌 විනාශ නොකළ හැකි උතුමෙකු වීම 📌 පර උපක්‍රමවලින් අකල් මරණයට පත් නොවීම 📌 අනන්ත වූ පරිවාර සම්පත් ඇති බව 📌 සුරූපී පුද්ගලයෙකු වීම 📌 මනා සටහන් ඇත්තෙකු වීම 📌 අල්ප ආබාධ ඇත්තෙකු වීම 📌‍ ශෝක නොකරන්නෙකු වීම 📌 ප්‍රියයන්ගෙන් වෙන්වන්නට සිදු නොවීම 📌 දීර්ඝායුෂ ලැබීම 📌 මනාව පිහිටි අග පසග ඇත්තෙකු වීම 🔑 අදත්තාදානයෙන් වැළකීමෙන් ලැබෙන ආනිශංස 📎 මහා ධනවතෙකු වීම 📎 බොහෝ ධන ධාන්‍ය ලබන්නෙකු වීම 📎 අනන්ත භෝග සම්පත් ඇත්තෙකු වීම 📎 නූපන් වස්තු උපදවීමට පුණ්‍ය ශක්තිය ඇත්තෙකු වීම 📎 ඇත්තා වූ භෝග රැකගැනීමේ වාසනාව 📎 කැමති වස්තූන් වහා ලබන්නෙකු වීම 📎 රාජ,සොර,ගිනි,ජල ආදියෙන් විනාශ කල නොහැකි වස්තුව ඇති වීම 📎 සාධාරණ ධන වාසනා ඇත්තෙකු වීම 📎 ලෝකයේ උත්තමයෙකු බවට පත්වීම 📎 නැත යන වචනය දන්නෙකුවත් නොවීම 📎 සැප විහරණ ඇත්තෙකු වීම 🌀 කාමයෙහි වරදවා නොහැසිරීමෙන් ලැබෙන ආනිශංස 🧬 සතුරන් නැත්තෙකු වීම 🧬 සියලු ජනතාවටම ප්‍රිය කරන්නෙකු වීම 🧬 ආහාර පානාදී සියල්ල අඩුවක් නැතිව ලැබීමේ භාග්‍ය ඇත්තෙකු වීම 🧬 සැපසේ නින්ද යාම 🧬 සැපසේ පිබිදීම 🧬 අපාය භය නැත්තෙකු වීම 🧬 නපුංසක,උභතෝ,ඛ්‍යඤ් ජනක තත්ව වලට පත් නොවීම 🧬 ක්‍රෝධය අඩු පුද්ගලයෙකු වීම 🧬 ඒ ඒ දෙය පරික්ෂෘ කොට කරන්නෙකු වීම 🧬 කර නොබාගත් කෙනෙකු වීම (කුදු නොවීම) 🧬 සැක බිය නිසා බිම බලාගෙන නොසිටින්නෙකු වීම 🧬 ඔවුනොවුන්ට ප්‍රිය මනාප අඹුසැමියන් ලැබීම 🧬 පිරිපුන් ඉදුරන් ඇති බව 🧬 පිරිපුන් ලක්ෂණ ඇති බව 🧬 සැක නැති පුද්ගලයෙකු වීම 🧬 මහන්සි නොවී ධනය ලැබීමේ භාග්‍ය ඇතිවීම 🧬 සැප විහරණ ඇත්තෙකු වීම 🧬 කිසි තැනක කුමකටවත් බිය නොවන්නෙකු වීම 🧬 ප්‍රියයන්ගෙන් වෙන් නොවන්නෙකු වීම 🌐 මත්ද්‍රව්‍ය ගැනීමෙන් වැළකීමෙන් ලැබෙන ආනිශංස 🛑 ව්යම් කල්හි කරන යම් කටයුත්තක් වේද එය වහා වැටහෙන බව 🛑 සෑම කල්හිම එලඹ සිටි සිහි ඇත්තෙකු වීම 🛑 උම්මත්තක නොවී ඉපදීම 🛑 ඥානවන්තයෙකු වීම අලස නොවීම 🛑 නොහික්මුණු ක්‍රියා නොකිරීම 🛑 කෙළතොලු නොවීම 🛑 තරුණ මදයෙන් ආදී මත්වුණු ස්වභාවයක් නැති බව 🛑 අප්‍රමාදී විහරණ ඇත්තෙකු වීම. 🛑 මෝහයෙන් මුලාවී කටයුතු කරන්නෙකු නොවීම 🛑 තැති ගැනීම් නැත්තෙකු වීම 🛑 එකට එක නොකිරීම 🛑 ඊර්ෂියා නොකරන බව 🛑 සත්‍ය වචන කතාකරන්නෙකු වීම 🛑 කේළාම්,පරුෂ,හිස්, වචන කථාකරන්නෙකු නොවීම 🛑 අලස බවින් තොරව කටයුතු කරන්නෙකු වීම 🛑 කළගුණ දන්නෙකු වීම 🛑 කළ උපකාරයට ප්‍රති උපකාර දක්වන්නෙකු වීම. 🛑 මසුරු මල ධර්ම නැත්තෙකු වීම ත්‍යාගවන්තයෙකු වීම 🛑 මහා සිල්වතෙකු වීම 🛑 ඍජු ගති පැවතුම් ඇත්තෙකු වීම 🛑 ක්‍රෝධ නොකරන සත්පුරුෂයෙකු වීම 🛑 පව් කිරීමට ලැජ්ජා ඇති ගුණවත් අයෙකු වීම 🛑 පව් කිරීමට බිය ඇත්තෙකු වීම 🛑 ඍජු අදහස් ඇත්තෙකු වීම 🛑 මහා ප්‍රඥාවන්තයෙකු වීම 🛑 මහා චිත්ත ශක්තියක් ඇති නුවණැත්තෙකු වීම 🛑 දාර්ශනික අදහස් ඇති පණ්ඩිතයෙකු වීම (උපුටා ගැනීමකි.)

  • 🌹දවසේ පින්බර දසුන🌹

  • 13 авг.211удалён 14 авг.

    🌹දවසේ පින්බර දසුන🌹

  • ❝ ඔබට ගැළපෙන්නේ කසාවත නොවේ ❞ ශ්‍රමණයන් වහන්ස, මේ මාගේ දියණියයි. ඈ තරම් සුන්දර තැනැත්තියක් මේ මුළු ජනපදයේ ම හමු නොවේ. ඔබ ද ඉතා රූපවත් ය. ඔබ වැනි අයෙකුට ගැළපෙන්නේ කසාවත නොවේ. එන්න.., මාගේ දියණිය මාගන්දියා හා අතිනත ගන්න. “බ්‍රාහ්මණය, මේ ලෝකයේ ඇස් හමුවට එන විවිධාකාර රූප විසින් මනුෂ්‍යයාගේ සිත ඇදගනියි. මුලා කරයි. රවටයි. තොණ්ඩුවකට හසු වූ මුවෙක් වැනිය. මුළා වූ සිහි ඇත්තා රාගය ඉදිරියේ ඉතා අසරණ ය. එහෙත් මා රාගය මුළුමනින්ම ප්‍රහාණය කොට වීතරාගී ව වසමි. මා රාග තොණ්ඩුවෙන් බැඳලන්නට තණ්හා, රතී, රගා යන මාර දූවරු තිදෙනා අපමණ වෙහෙසක් දැරුවෝය. මේ සිත රාගයෙන් මුසපත් කරවන්නට ඔවුන් කළ කී දෑ, රාගය දුරු නොකළ අයෙකු දුටුවේ නම්, නිසැකව ම හේ සිහිවිකල් වන්නේය. උමතු වන්නේය. එහෙත් බ්‍රාහ්මණය, මා සිත මොහොතකට හෝ වෙනස් කරන්නට ඔවුහු අසමත් වූහ. එබඳු මායාකාරී අමනුෂ්‍ය ස්ත්‍රී රූපයටත් වසඟ කළ නොහැකි වූ මා සිත, මේ සාමාන්‍ය මිනිස් සිරුරකට වසඟ වන්නේද ? එය සිදු නොවන දෙයකි. මේ ශරීරය මැනවින් සරසා තිබුණ ද, සැබැවින් ම මෙහි ඇත්තේ අපවිත්‍ර දෑ නොවේද ? දුගඳ හමන දෑ නොවේද ? පිළිකුල් සහිත දෑ නොවේද ? බාහිරින් කෙතරම් ඔප දැමුවද, මේ ශරීරය වනාහී අසූචි පිරවූ භාජනයක් වැනිය. බ්‍රාහ්මණය, නිරතුරුව ම දොරටු නවයකින් අපවිත්‍ර දෑ ම වැගිරෙන මෙබඳු ශරීරයක් අතින් නොව, පාදයකින් හෝ ස්පර්ෂ කරන්නට මා කැමති නොවෙමි.’’ භාග්‍යවතුන් වහන්සේ වදාළේ මාගන්දියා ගැන පමණක් නොවේ. මනුෂ්‍ය ශරීරයේ සැබෑ ස්වභාවයයි. එය වනාහී මිනිස් ප්‍රජාවටම පොදු වූ ධර්මතාවකි. එහෙත් රූප මදයෙන් මත් වී සිටි තරුණ මාගන්දියා සිතුවේ, භාග්‍යවතුන් වහන්සේ තමා හට අපහාස කළ බවයි. අහෝ නුවණ මද ස්ත්‍රිය..., ඈ භාග්‍යවතුන් වහන්සේ හා වෛර බැන්දාය. එහෙත් මාගන්දිය බ්‍රාහ්මණයාත්, එම බැමිණියත් බුදු සමිදුන් වදාළ අර්ථය මැනවින් වටහාගත්තෝය. ඔවුහූ දහම් අසා අනාගාමී ඵලයට පත්වූහ. පසු කලක මාගන්දියා බුදු සමිදුන් කෙරෙහි උපන් වෛර සිත හේතුකරගෙන බොහෝ අකුසල් රැස් කරගත්තාය. මහා කාරුණික බුදු සමිදාණන් ගේ සම්බුදු නෙතට යොමු වූ මාගන්දිය බ්‍රාහ්මණ යුවළ සසරින් එතෙරට මග සකසාගත්තෝය. සදහම් ඇස් ඇති ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ට නමස්කාර වේවා...🙏🏻 #DahamSakmana

  • 🛑මේ මාසෙ 21 වෙනිදා රෑ එලිවෙනකල් රුවන්වැලි සෑ මලුවේ පිරිත් කියනවා එලිවෙනකල්.. පුලුවන් හැමෝම එන්න.. හැමෝටම දකින්න share කරන්න 🙏🙏🙏🙏🙏

  • ☘පින්වත් ඔබේ අම්මා, තාත්තා, පුතා, දුව, ඥාතිවරයා වැඩිම වුනොත් අවුරුදු 50 ක් දුක්විඳින්න ඇති. එත් ඒ දුක් වින්දේ ඔබට අධ්‍යාපනයේ රැකියාවේ ගෙදර දොරේ විවාහ ජීවිතේ වටිනාකම කියාදෙන්නමයි ඒ කියන්නේ දුකට පාර කියා දෙන්නමයි. එහෙත් කල්ප ලක්ෂ ගණනක් පුරාවට මහාසාගරය ලේ ධාතුවෙන් පුරවපු මහා පොළොව ශරීර මාංශවලින් වැසුව ඔබ වෙනුවෙන් මහා දුක්කන්දරාවක් වින්ද අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඥාතිවරයෙක් මේ ලෝකයේ ඉන්නවා ඒ තමයි ලොව්තුරා බුදුරජාණන් වහන්සේ. මෙසේ සිතමින් ම ඒ උතුම් අම්මා තාත්තාගේ මහා කරුණා ගුණයේ සෙවනටමයි අප සේන්දුවෙන්න ඕනේ. ඒ උතුම් කරුණා ගුණය තුලයි අපේ අසරණභාවයට සරණක් තිබෙන්නේ. බෝධිසත්වයන් වහන්සේ ලොව්තුරා සම්බෝධිය අවබෝධකොටගෙන හතලිස් පස් වසරක් පුරාවට උන්වහන්සේ තම සිරිපතුල්වල කරගැට දියපට්ටා මතුවෙන තුරාවට යොදුන් සිය දහස් ගණන් දෙපයින්ම වැඩම කොට අසරණ සත්වයින් සොය සොයා ගියේ සද්ධර්මයේ සැනසිල්ල ලබාදීමටයි. සාරා සංඛ්‍යෙය කල්ප ලක්ෂ ගණනාවක් පුරාවට රැස්කළ පාරමී ධර්මයන්ගේ ඵලය වන සම්මා සම්බෝධිය හතලිස් පස්වසරකින් නිමා කරලා පිරිනිවන් මංචකයේ සැතපිලා උන්වහන්සේ දේශනාකරන්නේ “සියළු සංස්කාරයෝ අනිත්‍යයි” කියන ධර්මතාවයි. මේ අනිත්‍යයි කියලා දේශනා කරන්නේ හිස ගිනි ගත්තෙක් ඒ ගින්දර නිවන්න යම් වෙහෙසක් ගන්නේ ඊට වඩා වෙහෙසක් ගෙන මේ භවගින්දර නිවාගන්න කියන අවසාන වචනයයි සම්බුදු මුවින් පිටවෙන්නේ. උන්වහන්සේ දේශනා කළේ නැහැ පින්වතුන්ලාට තට්ටු දෙකේ ගෙදරක් හදාගෙන හොඳ රැකියාවක් ව්‍යාපාරයක් කරගෙන විවාහයක් වෙලා දරු මුණුපුරන් හදාගෙන ජීවත්වෙන්න එය සැපයක්ය කියලා. උන්වහන්සේ දේශනා කලේ නැහැ කිසිදු දිව්‍ය බ්‍රහ්ම තලයක එක දශමයක හෝ නිත්‍ය ස්ථිර සැපයක් තිබෙනවා කියලා. ඇයි භාග්‍යවතුන් වහන්සේ එහෙම දේශනා නොකළේ..? අනේ මේ සත්වයා මේ කෙටි සැපයට මුලාවී කල්ප ගණන් වන අබුද්ධෝත්පාද කාලවල මංමුලාවට පත්වී දුක්විඳියි කියන මහා කරුණාවෙන්මයි. ඔබ උදෙසා මෙවන් අසිරිමත් මහාකරුණා ගුණය ලයෙහි දරාගෙන වැඩසිටිය උතුම් ශාස්තෘන් වහන්සේගේ මහා කරුණා ගුණයේ සෙවනට ඔබ ලංවෙන්න. උන්වහන්සේ කැමතිවුනේ නැහැ සත්වයා භවයේ දුකෙන් දුකට යනවා දකින්න. එවන් අසිරිමත් ශාස්තෘන්වහන්සේ නමකගේ රැකවරණයෙන් ඔබ දුරස්වෙන්න එපා...!!! තෙරුවන් සරණයි ...!!! උපුටා ගැනීම -පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන්වහන්සේ විසින් රචිත ලිපි ඇතුළත් "අතහැරීම 04" ග්‍රන්ථයෙනි.

  • 🌹දවසේ පින්බර දසුන🌹

  • 🌹අකමැති අය සමඟ රාජකාරි කිරීමට සිදු වීම... Maha Rahathun Wadi Maga Osse!!! #Rajagiriye #Ariyagnana #Thero

  • 🌼සතුටු වෙන්න හෙතු 1000ක් තිබුණත් මේ හිත හොය හොයා අවුස්සන්නෙ දුකින් ඉන්න හෙතුවක්මයි.නිතරම සිහියෙන් ඉන්න

  • ☸ පාරමිතා ප්‍රකරණය පොතෙන් දහම් කරුණක් 🟣05 කොටස 🍀තමන් සතු වස්තුව තමන් ම භුක්ති නොවිඳ අන්‍යයන් හා වැළඳීම ආර්‍ය්‍යයන්ගේ සිරිත ය. බාලයෝ තමන් සතු වස්තුව රාක්ෂසාධිගෘහිත විලක් සේ කර ගෙන කිසිවකුට ලංවන්නට නො දී තමන්ම වැළඳීම හෝ රැස්කර තැබීම හෝ කරති. “මා විසින් බාලයන්ගේ මාර්ගය හළ යුතු ය. ආර්‍ය්‍යයන්ගේ මාර්ගය ගත යුතු ය"යි සලකා කීර්ති ප්‍රශංසා ගැන හෝ මතු ලබන භවභෝග සම්පත් ගැන හෝ නො බලා කළ යුතු බව පමණක් සලකා ප්‍රතිග්‍රාහක විභාගයක් නො කොට උසස් පහත් ඇති නැති හැම දෙනාටම ශක්ති පමණින් දීම් වශයෙන් පවත්නා වූ ද, එසේ ම සලකා සිල් රැකීම් ආදී වශයෙන් පවත්නා වූ ද, කුශලය පාරමිතා සංඛ්‍යාවට වැටෙන ප්‍රණීත කුශලය වේ. එබඳු කුශලයෙන් උසස් ලෙස භවභෝග සම්පත් ද ලැබිය හැකි ය. සම්බෝධියට හා නිවනට ද පැමිණිය හැකි ය. 🍀තවත් ක්‍රමයකින් කුශලයන්ගේ හීන මධ්‍යම ප්‍රණීත භාවය මෙසේ දත යුතු. “තණ්හා වසෙන භවභොගත්ථාය පවත්තිතං හීනං අත්තනො විමොක්ඛත්ථාය පවත්තිතං මජ්ඣිමං, සබ්බසත්ත විමොක්ඛත්ථාය පවත්තිනං පාරමිතා සීලං පණීතං”යි දැක්වෙන පරිදි තෘෂ්ණා වශයෙන් භවභෝගාදිය පිණිස කරන කුශලය හීනය. තමාගේ විමුක්තිය (ගැලවීම) පිණිස කරන කුශලය මධ්‍යම ය. සකල සත්ත්වයන්ගේ ම විමුක්තිය පිණිස කරන පාරමිතා කුශලය ප්‍රණීතය. පළමු දැක්වූ ක්‍රමයේ දී මධ්‍යම භාවයට පැමිණෙන කුශලය මේ ක්‍රමයේ දී හීන කුශලය වේ. තමා ගේ විමුක්තිය පිණිස පවත්වන කුශලයට ප්‍රත්‍යේකබුද්ධ, බුද්ධශ්‍රාවකයන් ගේ පාරමිතා කුශලය ගැනේ. ✨මෙහි ප්‍රණීත කුශලය වශයෙන් දක්වන්නේ ලොවුතුරා බුදුවරයන්ගේ පාරමිතා කුශලය ය. ✨පාරමීහු කවරහු ද යන මේ ප්‍රශ්නය චර්‍ය්‍යාපිටකාර්ථ කථාවෙහි විසඳා තිබෙන්නේ "තණ්හා මාන දිට්ඨිහි අනුපහතා කරුණුපායකොසල්ල පරිග්ගහිතා දානාදයො ගුණා පාරමියො” යනුවෙනි. තෘෂ්ණා මාන දෘෂ්ටීන් විසින් නො කෙලෙසන ලද කරුණාවෙන් හා උපා දන්නා නුවණින් වැළඳ ගන්නා ලද දානාදි ගුණයෝ පාරමීහු ය යනු එහි තේරුම ය. තෘෂ්ණා මාන දෘෂ්ටීන් විසින් නො කෙලෙසන ලද බව හා උපා දන්නා නුවණින් හාත්පසින් ගන්නා ලද බව හෙවත් උපා දන්නා නුවණින් පවත්වන ලද බව සකල පාරමිතාවන්ට ම සාධාරණ ලක්ෂණ දෙකකි. 🍀කරුණාවෙන් පවත්වන ලද බව වනාහි මහා බෝධිසත්ත්වයන්ගේ පාරමිතාවෙහි විශේෂ ලක්‍ෂණයෙකි. ප්‍රත්‍යේක බෝධිසත්ත්වයන් හා ශ්‍රාවක බෝධිසත්ත්වයන් පැරුම් පුරනුයේ ආත්ම විමෝක්ෂය පිණිස ය. එබැවින් ඔවුන්ගේ පාරමිතාවෙහි කරුණා පාරිගෘහිත භාවය නැත. “චරියාපිටකට්ඨකථාව” මහා බෝධි පාරමිතාව විස්තර කරන ග්‍රන්ථයෙකි. එබැවින් මහාබෝධි පාරමිතාවට ගැලපෙන ලෙස එහි පාරමිතා ලක්‍ෂණය දක්වන ලදැයි සිතිය හැකි ය. මෙය බොහෝ දෙනා අවුල් කරගන්නා තැනකි. "චර්යාපිකාර්ථ කථාවෙන් කරුණු ගෙන පාරමිතා විස්තරය කරමි'යි ප්‍රතිඥා කොට පාරමිතාවන් විස්තර කරන සාධුවිලාසිනි නම් වූ “සුමංගල විලාසිනි” ටීකාවෙහි පාරමීහු කවරහු ද යන ප්‍රශ්නය විසඳා තිබෙන්නේ “තණ්හා මානාදීහි අනුපහතා කරුණුපාය කොසල්ල-පරිග්ගහිතා දානාදයො ගුණ සංඛාතා එතා ක්‍රියා පාරමීති විභාවිතා” යනුවෙනි. ✨තෘෂ්ණා මානාදියෙන් නො පෙළෙන ලද කිරීමේ උපා දන්නා නුවණින් හාත්පසින් ගන්නා ලද හෙවත් පවත්වන ලද දානාදි ගුණයෝ යයි කියන ලද මේ ක්‍රියාවෝ පාරමීහු යයි ප්‍රකාශිතය යනු එහි තේරුම ය. සුමංගල විලාසිනී ටීකාවෙහි පාරමීන් හඳුන්වන හැම තැන ම “කරුණුපාය පරිග්ගහිතා” යන්න යොදා තිබේ. එයින් සිතා ගන්නට තිබෙන්නේ ඒ ආචාර්‍ය්‍යවරයා වෙත තුබුණු චරියා පිටකට්ඨකතාවෙහි ද එය එසේ ම තිබුණු බව ය. දැනට සිංහල අකුරන් මුද්‍රණය වී තිබෙන චරියාපිටකට්ඨ කථාවෙහි පාරමීන් හඳුන්වන සෑම තැන ම “කරුණුපාය කොසල්ල පරිග්ගහිතා” යන පාඨය දක්නා ලැබේ. මෙසේ පිටපත්වල වෙනසක් පෙනෙන බැවින් චරියා පිටකට්ඨකථාව සැකසු ආචාර්‍ය්‍ය ධර්මපාල ස්වාමීන් විසින් එය කෙසේ ලියන ලද ද යන බව නිශ්චය කිරීම දුෂ්කර ය. 🟣04 කොටස 👉මහාචාර්‍ය්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමියන් විසින් සම්පාදිත පාරමිතා ප්‍රකරණය

  • 🌹දවසේ පින්බර දසුන🌹

  • ☸ පාරමිතා ප්‍රකරණය පොතෙන් දහම් කරුණක් 🟣04 කොටස ☘කුශලය පාරමිතා සංඛ්‍යාවට පැමිණෙන්නේ ද නො පැමිණෙන්නේ ද ප්‍රාර්ථනයේ හැටියට ය. එබැවින් පින්කරනුවන් විසින් කරනු ලබන ප්‍රාර්ථනය සැලකිය යුතු කරුණෙකි. සිදු නො විය හැකි තරමේ පැතුම් පැතීම ද පිනෙන් ලැබිය හැකි ඵලය ලබා ගැනීමට බාධාවක් විය හැකිය. නො මනා පැතුම් පැතීමද නිවන් ලැබීමට බාධාවෙකි. සමහර විට නො මනා පැතුම් පැතීමෙන් නොයෙක් විපත් ද විය හැකි ය.  ✨ස්වර්ණතිලකා මල් පුදා නො මනා පැතුමක් පතා පුරුෂයන් උමතු කරවන රූප ශෝභාවක් ලබා ගත් නිසා රජවරු බොහෝ දෙනකුට හා උසස් ආචාර්‍ය්‍යවරයකුට ද ඇයට ද මැරෙන්නට සිදුවිය. එබැවින් පින් කොට පැතීමක් කරත හොත් නුවණින් සලකා යහපත් පැතීමක් ම කළ යුතුය. ✨පින් කළ තැනැත්තාට නො පැතුයේ ද භවභෝග සම්පත් ලැබෙන්නේ ය. නො පැතුව හොත් ඒවා නො ලැබෙති යි බිය වන්නට කරුණක් නැත. සාමාන්‍ය කුශලයන්ගෙන් නො පැතුව හොත් නිවන් නො ලැබේ. පැතුයේ ද කෙළින් ම නිවන් ලබා දීමට ශක්තියක් දානාදි කුශලයන්ට නැත. ප්‍රාර්ථනය කළ තැනැත්තා හට ඒ කුශලයෝ නිවන් ලැබීමට උපකාර වෙති. ✨ භවභෝග සම්පත් ගෙන දීමේ ශක්තිය කුශලයට ස්වභාවයෙන් ම ඇත්තේ ය. ඵ බැවින් ඵය නො පැතුයේද භවභෝග සම්පත් ලබා දෙන්නේය. භවභෝග සම්පත් පැතීමෙන් සිදුවන්නේ කුශලයේ නිවන් ලැබීමට උපනිඃශ්‍රය වීමේ ශක්තිය හීනවීම පමණකි. එ බැවින් පිනක් කළ කල්හි නිවන හෝ බෝධිය පමණක් පැතීම කළ යුතු ය. බෝධියට පැමිණිය හොත් නිවනට පැමිණීම ද වේ. 🍀බුදු බව හෝ පසේ බුදු බව හෝ අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවක තනතුරක් හෝ නො පතන්නේ නම් කාල නියමයක් නැති ව “වහා නිවනට පැමිණෙම්වා” යි පැතීම යහපති. භවභෝග සම්පත් නො පතා ම බැරි අයට ඒවා පතතොත් නිවන් මඟ නො වැසෙන ලෙස පැතීමට ගුරුකම් ගැනීමට පෞරාණිකයකු විසින් රචනා කර තිබෙන ප්‍රාර්ථනා ගාථා දෙකක් දක්වනු ලැබේ. (1) පුඤ්ඤෙනානෙන සොහං නිපුණ මති සතො සම්පරායෙ ච තිත්තොදක්ඛො දිට්ඨිජ්ජුපඤ්ඤො අවිකල විරියො භොගා වා සංවිහාගීනික්ඛො සූරොදිතත්තො සපරහිත චරො දීඝජිවී අරොගොධඤ්ඤො වණ්ණො යසස්සී විපුලබලධරො කිත්තිමා කන්තත්‍යුපෙතො.(2) සද්ධො දාතංගුපෙතො පරමසිරිධරො භොගවා සංවිභාගීලජ්ජී කල්‍යාණමිත්තො අභිරත කුසලො පඤ්චසීලාදි රක්ඛොඅප්පිච්ඡො අප්පකොධො අතිඋජු හදයො ඉද්ධිමා අප්පමෙය්‍යොපාසංසො පෙමවාචො සුජන ගුණවිදූ මාමකො සො භවෙය්‍යං 🌸ගාථාවල තේරුම: (1) මේ කුශල බලයෙන් මම මතු භවයේ දී තියුණු නුවණ ඇත්තේ ද, සිහි ඇත්තේ ද, කාමයන්හි තෘප්ති ඇත්තේ ද, ක්‍රියාවෙහි දක්ෂයෙක් ද, දෘෂ්ටිය සෘජු කළ හැකි නුවණ ඇත්තේ ද, වීර්ය ඇත්තේ ද, වස්තු ඇත්තේ ද, දෙන ස්වාභාවය ඇත්තේ ද, තියුණු වූයේ ද, ශූර වූයේ ද, ස්ථිර සිත් ඇත්තේ ද, ආත්මාර්ථ පරාර්ථ සිදු කරන්නේ ද, දීර්ඝ කාලයක් ජීවත් වන්නේ ද, රෝග නැත්තේ ද, වාසනා ඇත්තේ ද, මනා වර්ණ ඇත්තේ ද, පිරිවර ඇත්තේ ද, මහත් වූ කාය බල ඇත්තේ ද, කීර්ති ඇත්තේ ද, ඉවසීමෙන් යුක්ත වන්නේ ද වෙම්වා! (2) මම මේ ආත්ම භාවයේ දී ම ශ්‍රද්ධාව ඇත්තේ ද, දෙන තැනැත්තකු ගේ අංගවලින් යුක්ත වූයේ ද, උතුම් සිරියා දරන්නේ ද, කාමයන්හි නො ඇලුණේ ද, පාපයට ලජ්ජා ඇත්තේ ද, කල්‍යාණ මිත්‍රයන් ඇත්තේ ද, කුශලයෙහි ඇලුම් ඇත්තේ ද, පඤ්චශීලාදිය රක්නේ ද, ලෝභ නැත්තේ ද, ක්‍රෝධ නැත්තේ ද, ඉතා සෘජු සිත් ඇත්තේ ද, සෘද්ධි ඇත්තේ ද, ප්‍රමාණ කළ නොහෙන ගුණ ඇත්තේ ද, ලෝකයා විසින් පසසනු ලබන්නේ ද, පෙම්වත් කථා ඇත්තේ ද, සත්පුරුෂයන් ගේ ගුණ දන්නේ ද, ගුණවතුන්ට ඇලුම් කරන්නේ ද, වෙම්වා! ☘පැරුම් පිරීමට උපකාර වන කරුණු පිළිබඳ වූ මෙ බඳු පැතුම් වලින් කුශලය දූෂණය නොවන්නේ බෝධිය හා නිවන ද ඈත් නො වන්නේ ය. දානාදී පාරමී කුශලයන් කළ හැකි වීම පිණිස භවභෝග සම්පත් පැතීමෙන් කුශලය දුබල නොවේ. වඩ වඩා පැරුම් පිරිය හැකිවීම පිණිස සුදුසු භවභෝග පතා කරන කුශලය පාරමී සංඛ්‍යාවට ඇතුළු වේ. පාරමී නොවන්නේ සැප විඳිනු පිණිස භවභෝග සම්පත් පතා කරන කුශලයෝ ය. 🍀දාන සීලාදීන් ගේ හීන මධ්‍යම ප්‍රණීත විභාගය ද මෙහිදී දත යුතු ය. “යස කාමතාය පවත්තිතං හීනං. පුඤ්ඤඵල කාමතාය පවත්තිතං මජ්ඣිමං. කත්තබ්බ මෙවිදන්ති අරියභාවාං නිස්සාය පවත්තිතං පණිතං” යි දැක්වෙන පරිදි කීර්ති ප්‍රශංසා කැමැත්තෙන් පවත්වන දානසීලාදිය හීන ය. ඒ කුශලය පාරමී වනු තබා උසස් ලෙස භවභෝග සම්පත් පවා ගෙන දීමට සමත් නො වේ. පුණ්‍යඵලය ලබා ගැනීමේ ආශාවෙන් කරන්නා වූ කුශලය මධ්‍යම ය. ✨ දීමෙන් වඩ වඩා ඵල ලැබෙන ප්‍රතිග්‍රාහකයන් සොයා වඩ වඩා ඵල ලැබීමට දිය යුතු වස්තු තෝරා දෙන - ක්‍රම තෝරා දෙන දානාදිය, පුණ්‍යඵලාශාවෙන් පවත්වන කුශලය ය. ✨එබඳු කුශලය බොහෝ භවහෝග සම්පත් ගෙන දීමට හා ප්‍රණීත භවභෝග සම්පත් ලබාදීමට ද සමත් නමුත් බෝධියට පැමිණවීමට නො සමත් බැවින් පාරමිතා කුශල සංඛ්‍යාවට නො ගැනේ. මෙය මා විසින් කළ යුතුමය යි තමාගේ ආර්ය භාවය නිසා පවත්වන ලද කුශලය ප්‍රණීතය. 🟣03 කොටස 👉මහාචාර්‍ය්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමියන් විසින් සම්පාදිත පාරමිතා ප්‍රකරණය

  • 🌹දවසේ පින්බර දසුන🌹

  • ☘බොරු කියමින් හිත ඇතුළෙන් බරක් උසුලන්නේ නැතුව, නිතරම ඇත්ත කතා කරලා හිත සැහැල්ලු කරගන්න උත්සාහ කරන කෙනෙකුට මෙය බෙදාගන්න. #සැනසුම fb page

  • ☸ පාරමිතා ප්‍රකරණය පොතෙන් දහම් කරුණක් 🟣03 කොටස ☘පුබ්බයෝගාවචර සූත්‍රය නිවන් දකිනු කැමතියන් විසින් විශේෂයෙන් සැලකිය යුතු සූත්‍ර ධර්මයෙකි. ඒ මෙසේ ය. "පඤ්චිමෙ ආනන්ද, ආනිසංසා පුබ්බයොගාවචරෙ, දිට්ඨෙව ධම්මෙ පටිගච්චේව අඤ්ඤං ආරාධෙති. නො චෙ දිට්ඨෙව ධම්මේ පටිගච්චේව අඤ්ඤං ආරාධෙති, අථ මරණකාලෙ අඤ්ඤං ආරාධෙති, අථ දෙවපුත්තො සමානො අඤ්ඤං ආරාධෙති, අථ බුද්ධානං සම්මුඛී භාවෙ ඛිප්පාහිඤ්ඤො හොති. අථ පච්ඡිමෙ කාලෙ පච්චේක බුද්ධො හොති.” ආනන්දය, පූර්ව යෝගාවචරයා හට (පෙර භාවනා කළ තැනැත්තා හට) මේ අනුසස් පස ඇත්තේ ය. වර්තමාන භවයේ දී කලින් ම රහත් වන්නේ ය. ✨වර්තමාන ජාතියේ දී කලින් රහත් නො වී නම් මරණාසන්න කාලයේ දී රහත් වෙයි. එසේ නො වී නම් දේවපුත්‍රයකු වී රහත් වෙයි. එසේ ද නො වී නම් බුදුවරයන් හමුවේහි දී වහා රහත් වෙයි. එසේ ද නො වී නම් පසු කාලයේ දී පසේ බුදු වෙයි. මේ පූර්ව යෝගාවචර සූත්‍රයේ තේරුම ය. පූර්ව යෝගාවචරයනට වර්තමාන ජාතියේදී ම රහත් විය හැකි බව හා නො හැකි වී නම් දෙ වන ජාතියේ දෙවියකු වී රහත්විය හැකි බව ද පූර්ව යෝගාවචර සූත්‍රයෙන් ප්‍රකාශ වේ. එබැවින් බෝධියට - නිවනට පැමිණෙනු කැමැතියන් විසින් වර්තමාන ජාතියේ ම එයට පැමිණීමේ බලාපොරොත්තුවෙන් ක්‍රියා කිරීම මැනවි. නොහැකි වුව හොත් දෙවන ජාතියේ දෙව්ලොවදී බෝධියට - නිවනට පැමිණිමේ බලාපොරොත්තුවෙන් ක්‍රියා කරනු මැනවි. ☘මේ කාලයේ සැටියට දෙව්ලොව, මිනිස්ලොවට වඩා නිවන් දැකීමට පහසු තැන බව කිය යුතු ය. බුදුන් වහන්සේ පිරිනීවී දැනට අවුරුදු දෙදහස් පන්සියයකට සමීප කාලයක් ඉකුත් වී තිබේ. අප අතර බුදුන් දුටු කෙනෙක් නැත. බුදුන් වහන්සේ ගෙන් දහම් ඇසූ කෙනෙක් ද නැත. අපට තිබෙන්නේ බුදුන් වහන්සේ ගැන පරම්පරා බොහෝ ගණනක් අතින් අතට ආ ආරංචියකි. අපට ඇත්තේ පරම්පරා ගණනක් අතින් අතට ආ ධර්මයෙකි. මඟ ඵල ලැබීමට උපදෙස් ලබා ගැනීම සඳහා ඒවාට පැමිණ සිටින කෙනෙක් සොයා ගන්නට ද අපට නැත. ☘දෙව් ලොව දෙවියන් ගේ ආයුෂය දිර්ඝ බැවින් එදා බුදුන් දුටු, උන් වහන්සේ ගෙන් බණ ඇසූ දෙවියෝ අදත් දෙව්ලොව බොහෝ ඇතහ. දහම් අසා මඟ ඵල ලබා සිටින දෙවිවරු ද දෙවියන් අතර බොහෝ ඇතහ. බුදුන් වහන්සේ ගෙන් දහම් ඇසුවා වූ ද, දහම් අසා මඟ ඵල ලැබුවා වූ ද තැනැත්තන් ගෙන් වැඩි පිරිස දිව්‍ය බ්‍රහ්මයෝ ය. ✨උන්වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව අසා අටළොස් කෝටියක් සත්ත්වයන් නිවන් දුටු බව කියා තිබේ. එදා බණ ඇසූ පිරිසෙහි මනුෂ්‍යයන් සිටියේ පස් දෙනෙක් පමණෙකි. සෙස්සෝ දිව්‍ය බ්‍රහ්මයෝ ය. එදා මනුෂ්‍යයන්ගෙන් සෝවාන් මඟට පැමිණ නිවන් දුටුයේ එක් අයෙක් පමණ ය. තවත් බොහෝ ධර්ම සමාගමයන්හි නිවන් දුටු කෝටි ගණන් සත්ත්වයන්ගෙන් වැඩි දෙනා දිව්‍ය බ්‍රහ්මයෝ ම ය. ඒ දිව්‍ය බ්‍රහ්මයන්ගෙන් වැඩි දෙනා අදත් එහි ජීවත් වන්නාහ. එ බැවින් දෙව්ලොව උපන් තැනැත්තාට බුදුන් වහන්සේ ගෙන් දහම් ඇසූවන් ගෙන් ම ඒ දහම් ඇසිය හැකි ය. මඟ ඵල නිවන් දැක සිටින්නන් ගෙන් ම ඒ ගැන උපදෙස් ලැබිය හැකි ය. ☘බුදුන් වහන්සේගෙන් ම දහම් ඇසූවන් අතර පවත්නා ධර්මය පරම්පරා බොහෝ ගණනක් අතින් අතට අවුත් අප අතර තිබෙන ධර්මයට වඩා ශුද්ධ බව උසස් බව අවිවාදයෙන් පිළිගත යුතු ය. මාර්ග ඵලවලට පැමිණ සිටින්නකු දෙසන ධර්මය පෘථග්ජනයකු දෙසන ධර්මයට වඩා ශුද්ධ බව ද එසේ ම පිළිගත යුතුය. නිවන් දකිනු සඳහා ඔවුන් ගෙන් ලබා ගන්නා උපදෙස් ද පෘථග්ජනයකුගෙන් ලබා ගන්නා උපදෙස්වලට වඩා යහපත් ය. කරුණු මෙසේ හෙයින් මෙකල මඟපල ලබා නිවන් දක්නට හොඳ ම ස්ථානය පහසු ස්ථානය දිව්‍ය ලෝකය බව කිය යුතු ය. දැනට බුදුසස්සනක් ලබා සිටින්නවුන් විසින් තමන් ලබා තිබෙන බුදුසස්නෙහි ම නිවන් දැකීමට ඇති ඉඩ කඩ ගැන නො සොයා ඉතා දිර්ඝ කාලයකින් ඇති වන අන් බුදුවරයන්ගේ සසුන් ගැන සෙවීම අතට පත් දෙය හැර දැමීමකි. එය වැස්සට ගසින් ගසට යාම වැනි ක්‍රියාවකි. 🟣02 කොටස 👉මහාචාර්‍ය්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමියන් විසින් සම්පාදිත පාරමිතා ප්‍රකරණය

  • අද දවස ආරම්භ වන මේ හිමිදිරි උදෑසන බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවක සඝරුවන බැහැදැක සිත පහදවාගෙන , උතුම් වූ මංගල කරුනින් දවස ආරම්භ කරමු.... සමණානංච දස්‌සනං ඒතං මංගල මුත්තමං සිල්වත් ගුණවත් භික්ෂූන් වහන්සේලා දැකීම මංගල කාරණයකි. අත්තනාව භික්ඛුනං දස්සනකාමො හොති, පරඤ්ච භික්ඛුදස්සනෙ සමාදපෙති. තමාගේ හා අන්‍යයන්ගේ ද යහපත පිණිස පිළිපන් උපාසකතුමා, තමා ද භික්ෂූන් වහන්සේලා දකිනු කැමැත්ත ඇත්තේ වෙයි. අනුන් ද භික්ෂූන් දැකීමෙහි යොදවයි.@

  • 🌹දවසේ පින්බර දසුන🌹

  • 💎ඔබත් බෝධින් වහන්සේට පුද සත්කාර කරන කෙනෙක්ද? 🪔 යම් කෙනෙක්, ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේ,අෂ්ඨඵල දෙතිස්ඵල ආදී වූ කොතනක හෝ වැඩ සිටින බෝධීන්වහන්සේ නමක් අරමුණු කරගෙන යම් පුද පූජාවක් පවත්වනවා නම්, ඒ කෙනා එම පුද සත්කාරය කරනු ලබන්නෙ බුදු රජාණන් වහන්සේගේ මහා අවබෝධය අරමුණු කරගෙන, එම අවබෝධයට ගෞරව පිණිසයි..🙏 🪔 එලෙස බෝධීන්වහන්සේ නමකට පුද සත්කාර කරන කෙනෙක්ට තව කෙනෙක් අපහාස කරන්න පුළුවන්,වෘක්ෂ වන්දනාව කරන නොදියුණු අය කියල..ඒත් ඒ අපහාස කරන අය දන්නෙ නෑ බෝධීන්වහන්සේ නමකට පුද සත්කාර කරන කෙනා එම සත්කාර කරන්නෙ බුදුරජාණන් වහන්සේගේ මහා අවබෝධයට උපහාර පිණිස කියල.. 🪔 යම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේගේ මහා අවබෝධය,ප්‍රඥා මහිමය,ගුණ සමුදාය ගැන මහත් වූ පහන් හැඟීමක් සිතේ ඇතිකරගෙන බෝධීන්වහන්සේ නමකට මල් පහන් සුවඳ දුම් පැන් ආදී වූ ආමිස පූජාවන්ද ප්‍රතිපත්ති පූජාවන් පවත්වමින්ද පුද සත්කාර කරනවා නම් ඒ කෙනාට අප්‍රමාණ පුන්‍ය ශක්තියක් රැස් වෙනව..🙏 🪔 එලෙස රැස් වෙන පුන්‍ය ශක්තිය මේ ජීවිතයේ සහ මරණින් මතුවට නිවන් දකිනා ජාති දක්වා සැපය රැකවරණය පිණිසද,නිවනට උපකාර පිණිසද හේතු වෙනව..🙏 🪔 පින්වත් ඔබ, හැකි සෑම අවස්ථාවකම උතුම් බුදුරජාණන් වහන්සේගේ ගුණ මහිමය මහා අවබෝධය ගැන පහන් වූ හැඟීමක් ඇති කරගෙන බෝධීන්වහන්සේ වෙනුවෙන් පුද සත්කාර කර ගන්න උනන්දු වෙන්න..දක්ෂ වෙන්න..🙏 එයින් රැස් වන පුන්‍ය ශක්තිය ඔබටමයි..🙏 යහපතක්ම වේවා ඔබට..🙏 තෙරුවන් සරණයි..🙏

  • 🌺මහා ධාරාණිපාත වැස්ස,නායායාම් සහ ස්වාභාවික ආපදා වලින් ආරක්ෂා වන්න තරම් ඔබ මොන තරම් පින්වන්ත ඇතිද