tgindex
Biology with Helaa

Biology with Helaa

Статистика

Biology... තමන්ගේ වීරයා තමන්ම වෙමු

Последний пост
6 дек.
Последнее чтение
13 авг.
Постов за неделю
0
Всего постов
21
Тип
открытый
Язык
si
В каталоге с
13 авг.
Подписчики
3 044
−16 за 3 дн.
Сутки
−9
−0,29%
Неделя
 
Месяц
 
Просмотров на пост
5 180
20 постов
Вовлечённость
170,2%
к подписчикам
Постов в день
0,0
всего 21
Упоминаний
1
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
1/48двое суток
1/72трое суток

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 6 дек.5 3968232

    Living in the Dream ❤😘 UCFM Tower Rooftop✨ Exam කාලේ නේරා අක්ක UCFM tower එකේ Rooftop එකේ ඉඳන් කරලා තියන video එක තමා මගේ energy booster එක. මේන් ඒකේ link එක https://youtube.com/shorts/CV3oy90b4QQ?si=QFAjgMy2dEb9slVv ඒ කාලේ මට හෙන ආසාවක් තිබ්බා ඔහොම video එකක් කරන්න.📸 ඔව් දැන් මම ඒ හීනේ ඇතුළේ ජීවත් වෙනවා.❤ මේ video එකේ voice එක 2023,2024 exam කරපු set එක හොඳටම අඳුරන අපේ නිපුන්ගේ.🎵🎤

  • 9 нояб.2 812696

    කොල්ලනේ , කෙල්ලනේ බය නැතුව උපරිමේ ඒ වෙලාවේ දීලා වරෙල්ලා. Exam එක මැදදී, paper එක මැදදී අතාරින්න නම් හිතන්න එපා. පුළුවන් තැන් හොය හොය ලකුණු එන තැන් බල බල paper එකට උපරිමේ දෙමු. ඒ වගේම stress වගේනම් ඔලුවට දෙන්න ඕනේ හොඳම දේ At least I tried, අඩුම ගානේ මම උත්සහ කරානේ කියලා.♥️ ඒ වගේම තව පොඩි දෙයක් exam එක වෙලාවේ ඔයාට අසාධාරණයක් වෙන්න දෙන්න එපා. නිරීක්ෂක මැඩම් / සර් ඉන්නේ ඕගොල්ලොන්ගේ උදව්වට. ප්‍රශ්නයක් නම් (paper එකේ තියන එකක් නෙමෙයි) අනිවා ඒගොල්ලොන්ට කියන්න. එහෙනම් ජය වේවා. Good luck♥️

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • මේ පළවෙනි photo 2 තියෙන්නේ 2023 මාතලෙන් colombo medicine select වුණ එකම පොර එක්ක chat එකක්. මම colombo medicine යන්න කොච්චර ආස කරාද කියලා මට පස්සේ දන්නේ ඉසිත තමා. දැන් මාත් colombo med කොල්ලෙක්. මේ හීනේ වෙනුවෙන් මම වැඩ කරපු තරම දන්නේ මම විතරයි. ඔව් මාතලෙන් පළවෙනි පාරට district 1,2,3 තුන්දෙනාම UCFM යනවා.🥹 හීන❤️

  • 24 мар. 2025 г.5 789296из TheInstruct0r

    🔹ඇතුළට යන්නේ මෙතනින්🔹 🚀Click here 👉 ᴛʜᴇ ɪɴꜱᴛʀᴜᴄᴛᴏʀ ™ 🌖

  • 24 мар. 2025 г.6 0682227из TheInstruct0r

    ♻️Physics MCQ එක කියන්නේ A/L Science කරන ළමයෙක්ට තියන තීරණාත්මකම paper එකක්🔥. ඒකේ ආයේ දෙකක් නෑනේ😎 Physics වලට හොඳ result එකක් ගන්න හොඳ MCQ ගාණක් තියෙන එක මාර වැදගත්🔸 ➡️Physics MCQ එකේ ප්‍රශ්න ජාති කීපයක් තියනවා⏰ ✏️) මේ set එක ලේසි ප්‍රශ්න 💃 ඒ කියන්නේ ගණන් හදන්න දෙයක් නෑ.😁 අපි ඉගෙනගෙන තියන දේ එහෙම්මම අහන ප්‍රශ්න. Physics paper එකේ මෙහෙම ප්‍රශ්න ටිකක් තියනවා. Bio paper එකක් වගේ ගත්තොත් මෙහෙම ප්‍රශ්න සෑහෙන්ඩ තියනවා. ✏️) මේ set එක මනෝමයෙන් හදන්න ඕනේ ප්‍රශ්න 🧑‍💻මෙතනදී අපේ theory දැනුමත් අනිවාරෙන් check කරනවා. මේ ප්‍රශ්න කියවද්දී අමාරු ගතියකුත් දැනෙනවා🤔. හැබැයි මනෝමයෙන් ගණන් හදන්න පුරුදු වුණ කෙනෙක්ට ඒක අඩු වෙලාවකින් කරගන්න පුළුවන්👍 එහෙම ගණන් හදන්න , ප්‍රශ්න හිතන්න පුරුදු වෙන්නේ කොහොමද කියලා ඉස්සරහට අපි channel එකේ කතා කරමු.❤️ ✏️) මේ set එක තියෙන්නේ අපිට හොඳට physics පුළුවන්ද බලන්න🏆 😎 ඒ කියන්නේ මේ ප්‍රශ්නවල දෙයක් තියනවා. Theory මතක තියෙන්නත් ඕනේ. ඒක ප්‍රශ්නෙට ගැළපෙන විදිහට යොදවගන්නත් ඕනේ. සමහරවිට ගණනයක් කරන්නත් ඕනේ.✔️ 🔴Part 2 බලාපොරොත්තු වන්න.🔴 📸Channel link ᴛʜᴇ ɪɴꜱᴛʀᴜᴄᴛᴏʀ ™ 🌖

  • 💗මේ biology ගැන උඩ post 2 දැම්මට පස්සේ ඕගොල්ලෝ මගෙන් වැඩියෙන්ම ඉල්ලපු එක තමා physics ⏳වලට එකක්. ඉතින් Biology with Helaa Channel❤️ එක කරපු මමයි, The Professor channel❤️ එක කරපු අය්යයි එකතු වෙලා physics වලට අලුත් වැඩක් කරන්න හිතුවා📸. අපි දෙන්නම දැනටමත් physics class එකක instructing යන නිසා🧑‍🎓 paper marking වැඩ එක්ක දකින් දේවල් ඇතුළුව මේක ඇතුලේ වැඩ ගොඩක් ඉස්සරහට වෙයි join වෙලා ඉන්න.🏖️ ✌️Helaa

  • Bio essay හදගමු. Bio paper එකක තියන ඔයාගේ result තීරණය කරන සාධකය Essay paper එක කියලා දන්නවනේ. මටත් first shy එකේදී MCQ 45ට B එකක් ආවේ. මගේ යාළුවෙක් ඉන්නවා MCQ 45 ට C. MCQ 42 ට A ආපු අයත් මම දන්නවා.(එහෙම අය හරි අඩුයි).Copy කරලා එහෙමනම් නෙමෙයිMCQ වැඩි වුණේ. මොකද අපි first shy exam ලියපු පන්තියේ හිටපු 20න් 10-12 ක් medicine. ඒ ඇතුළේ district 1,2,4 ඉන්නවා. අනිත් බහුතරයකටත් AAB,AAC තිබ්බා. ඉතින් එතකොට තේරෙන්න ඕනේ අපි copy කරන්න ආස නෑ නෙමෙයි. අපිට copy කරන්න වෙලාවක් නැතිවුන එක ප්‍රශ්නේ.(පොර ටෝක්😏) නැවත කතාවට😌 Bio Essay paper එක මේ වෙද්දී හොඳම තත්වෙට ඇවිල්ලා තියනවා. 2022 තිබ්බේ පරණ රටාවම වගේ. ලොකු වෙනසක් තිබ්බේ නෑ. හැබැයි 2023 දී ඒක කනපිට ගැහුවා. හැම ප්‍රශ්නයක්ම a,b parts 2ක් එක්ක තිබ්බේ ඊට අමතරව ඒවගේ සම්බන්ධයක් නෑ.2024 වෙද්දී මුල් පාඩම් 5න් Essay 4ක් එනවා කියන සංස්කෘතිය අතික්‍රමණය කරා.මොකද 2019 පවා(කෙටි සටහන් ප්‍රශ්නෙත් එක්ක) ප්‍රශ්න 4ක් මුල් පාඩම් 5න් තියනවා ඉතින් මේ යන විදිහට ඉස්සරහට කලින් අවුරුද්දේ ආපු ප්‍රශ්නෙම ආයේ පාරක් එන්නත් පුලුවන්. Physicsවල දැනටමත් ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක්නේ මේ කොහොම වුණත් syllabus එකේ තැන් තැන්වලින් එන Essay exam වෙලාවේදී ගොඩ දාගන්නනම් කලින් හොඳට practice කරලා තියෙන්නම ඕනේ. Essay පාඩම් කරන්න එක සාර්ථක ක්‍රමයක් මම කියන්නම්.තව ක්‍රම ඇති. මේ මගේ ක්‍රමය. මේකත් මම මීට කලින් channel එකේ කියලා තියනවා. 🔺Step 1 මෙතනදී කරන්නේ අපි අවබෝධයෙන් ඒ කියන්නේ පත්තරයක් කියවනවා වගේ නෙමෙයි කතාව තේරුම් ගනිමින් පාඩම් කියවන්න ඕනේ. තේරෙන්නේ නැත්තම් video එකක් හරි බලලා තේරුම් ගන්න ඕනේ 🔺Step 2 මේකේදී කරන්නේ Resources book එක කියවන ගමන්ම mind map එකක් හෝ ගැළපෙන chart එකක් හදගන්න එක. කොටින්ම කිව්වොත් මේ කතාව summerize කරගන්න එක. එතනදී ඔයාට අදහසක් එනවා මේ Essay topic එකට අදාළව ඔයා මොනවද ලියන්න ඕනේ කියලා සුපුරුදු උදාහරණය ජලය ගත්තොත් subtopics :ජල අණුව ව්‍යුහය :හයිඩ්‍රජන් බන්ධන :ජලයේ වැදගත්කම :ජලයේ ගුණාංග 🔺Step 3 දැන් තමා අමාරුම කෑල්ල.කෑල්ල කිව්වට කෑල්ල තරම්ම අමාරුත් නෑ.😁🫣.මෙතනදි තමා පාඩම් කරගන්න ඕනේ. මේ වෙද්දිත් කලින් step 2 කරපු කෙනෙක් Resources book එක තුන් හතර පාරක් කියවලා තියෙන්නේ. මේ කතාව ඔලුවට හරියට දාගන්න තමා ඕනේ. එතනදී ඉස්සල්ලා step එකේදී ඔයා තීරණය කරපු subtopics අනුව පාඩම් කරගන්න.ඒ කියන්නේ මෙහෙමයි. මුලින්ම ව්‍යුහය ලියන්න ඕනේ ඒවට මේවා මේවා ලියනවා. ඊලඟට හයිඩ්‍රජන් බන්ධන ගැන. ලියන්නේ මේවා....මෙන්න මේ විදිහට. එහෙම නැත්තම් Essay එක ලියද්දී ඔයාට points හැලෙන්නේ තොග වශයෙන් 🔺Step 4 දැන් ඉතින් වැදගත්ම part එක. දැන් essay එක ලියන්න ඕනේ. එතකොට time කරලා ලියන්නම ඕනේ. පුළුවන්නම් පැය බාගෙකටත් අඩුවෙන් ලියන්න try කරන්න. සමහර අය හිතනවා මම දැන් සුපිරියට පාඩම් කරානේ. අය ලියලා කාලේ කන්නේ මොකද කියලා. ඒක සම්පූර්ණෙන්ම වැරදී. මෙහෙම මතකෙන් ලියන එකෙන් ඔයාගෙ මතකය වැඩි වෙන්නේ මාර විදිහට. ඒක අද්දැකීමෙක් කියන්නේ. 🔺Step 5 මට first shy එකේදී වැරදුණ තැන. මම හොඳට පාඩම් කරලනේ ලිව්වේ. දැන් ඉතින් resources එක එහෙමම ලියලා වගේනේ අය මොකටද mark කරන්නේ කියලා mark කරේ නෑ. ඒත් ඒක වැරදී මොකද Bio essay marking එක මාර tough. මාර තදයි. එත්කොට විද්‍යාත්මක වචන ඒ විදිහටම ඒගොල්ලෝ බලාපොරොත්තු  වෙනවා. අපිට මගෑරෙන ඒවා හොයාගන්න step 5 ඒ කියන්නේ ලියපු essay එක mark කරන එක කළ යුතුයි නෙමෙයි. යුතුමයි. Daily essay එකක් ලියන්න. කලින් පටන් අරගෙන නැත්තම් අද හෙටම පටන් ගන්න. දැනටමත් 2 පාඩමෙන් essay ලියන්න කීප පාරක් පටන් අරගෙන් මැදින් නතර කරානම් වෙන පාඩමකින් පටන් ගන්න. 3,4 වගේ පාඩම් හොඳයි මට හිතෙන විදිහට. Paper classවල එක එක තැන්වලින් essays දෙනවනේ ඒවා පාඩම් කරන ගමන් කලින් ලියපු අමතක වේගන යන ඒවා මතක් කරගන්න. මේ විදිහට දිගටම exam වෙනකන් කරද්දී තේරෙන්න ඕනේ ඔයාට වරදින්න විදිහක් නෑ කියලා. මේ විදිහට essay පාඩම් කරන එකයි,MCQ විවරණය කරන එකයි තමා මම Bio පාඩම් කරනවා කියලා කරේ. මට දැනෙන විදිහට ඒක සාර්ථක ක්‍රමයක්. ~Helaa...~

  • දැන් ඉතින් මේ වැඩ කරන්න පටන් ගත්තද? එහෙමනම් විතරක් කියන්න . Essay එකටත් එකක් දාන්න. නැත්තම් මගේ වචන අපරාදෙනේ

  • 2 янв. 2025 г.9 803114325

    මට 1st shy(2023) එකේ Bio MCQ 45යි. 2nd shy(2024) මේ පාර MCQ 49යි. ඉතින් මම හිතනවා මගේ ක්‍රමේ ගොඩක් අයට හරි යයි කියලා. මේවා සමහර අය අහලත් ඇති. මට ඕනේ විදිහට මම modify කරලා මේක පාවිච්චි කරේ . මම කරපු විදිහ කියන්නම්.මම Bio වලට පාවිච්චි කරපු දේවල් 3ක් ගැන කියන්නම්. 💡01. MCQ විවරණය 2.0 Paper මූලික කරගෙන යන වැඩක් මේක. ඕනෙනම් වෙන් කරලා තියන MCQ ගන්නත් පුළුවන්. ඒත් මම හිතන්නේ paper පාවිච්චි කරොත් මේක වඩා සාර්ථකයි. මොකද paper එකකින් ලොකූ වපසරියක් cover වෙන හින්දා. මෙතනදී ප්‍රශ්න විවරණය කරන්න ඕනේ. හැබැයි සාම්ප්‍රදායික විවරණේ නෙමෙයි. මේ විවරණය කරන එකේ අරමුණ පාඩම් කරන එක. අමතක දේවල් මතක් කරගන්න එක. එතකොට ප්‍රශ්නයක් කියවලා ඒක උත්තරේ අරගෙන ඊට පස්සේ resources book එකේ අදාළ part එක බලන්න ඕනේ. අමතක දේවල් තියනවනම් හෝ පාඩම් කරලා නැත්තම් ඒ ටික පාඩම් කරගන්න ඕනේ. ඊළග step එක තමා විවරණේ ලියන එක. මේ ලියන විවරණේ බොහෝ විට අය කියවන්න වෙන එකක් නෑ. ඒ නිසා පිළිවෙළට ලස්සනට ලියන්න ඕනේ කියලා දෙයක් නෑ. හැබැයි අනිවාරෙන් ලියන්න ඒකෙන් මතකය මාර විදිහට වැඩි වෙනවා. එතනදී පුළුවන් තරම් කෙටියෙන් ලියන්න ඕනේ කියලා දෙයක් නෑ. පාඩම් කරපු ප්‍රශ්නෙට අදාළ සහ ආසන්න අනිත් කොටස් පවා ලියන්න. තව ප්‍රශ්නෙකට එන්න පුළුවන් දේවල් පවා ලියන්න. එතකොට charts, Mind maps පාවිච්චි කරලා කරන්න පුළුවන්. හැබැයි ඒ creative කරන්න ලොකු වෙලාවක් ගන්න එක මම අනුමත කරන් නෑ. මොකද paper එකේ ඔයා කොච්චර  ලස්සනට , පිළිවෙලට ලියලද කියන එක අදාළ වෙන් නෑ. මොකද මේ ශිෂ්‍යත්වේවත් සිංහලවත් නෙමෙයි. Science subjects . මේ වැඩේදී සමහර විට එක ප්‍රශ්නෙකට පැයක් විතර යන්නත් පුළුවන්. ඒක පාඩු නෑ. මගේ MCQ ගාන දැක්කම මම හිතනවා ඒක ඔයාට විශ්වාස කරන්න පුළුවන් කියලා.එක සතියක විවරණය කරන්න වෙලාවක් ආවේ දෙවනි පාඩමේ ප්‍රශ්න විතරයිනම් ඊළඟ සතියේ paper එකේ වෙන පාඩම්ක ඒවා මුඅලින් බලන්න. නැත්තම් 40 ඉඳන් උඩට බලන්න. මෙහෙම Bio MCQ විවරණය කරන වැඩේට සතියට දවසක් විතරම තියාගන්න. දවස් දෙකක වරු 2ක් වුණත් කමක් නෑ. ඒක ඔයාගේ විදිහ . එතකොට පාඩම් කරන් නැද්ද වගේ වගේ ප්‍රශ්නයක් එනවනම් ඉතින් මේ කරන්නේ පාඩම් කරන එක තමයි යකෝව්. 💡02. Revise point book මේක කාලයක් paper කරගෙන යද්දී හදන දෙයක්. මේකට දාන්නේ අපිට නිතරම අමතක වෙන points එතකොට මේ point book එක හැම සතියෙම paper එක ලියන්න කලින් බලලා යන්නේ. මේක නම් මාරම වැදගත්. මොකද ඔයා කලින් papers කරලා තියනවනම් ඒවා පොඩ්ඩක් අධ්‍යනය කරලා බලන්න.එතකොට තේරෙයි හැමදාම වරදින්නේ එකම දේ කියලා. ඒ වැරදි හදාගත්තොත් විතරයි ඔයාගේ ලකුණු වැඩි වෙන්නේ. එහෙම නැතුව මම වැඩ කරනවා ඒත් ලකුණු වැඩි වෙන් නෑනේ ගගා ඉන්නවට නෙමෙයි. අද්දැකීමෙන් කියන්නේ. 💡03. (අ)මතක පොත මේ පොත හදන්නේ ඔයා theory ,revision හෝ paper class එකේ sir or mdm උගන්නන අතරෙදී. මම දන්නව සමහර අයට හිතෙනවා උගන්නන වෙලාවෙ වෙන වැඩ කරන්න එපා කියලනේ තියෙන්නෙ කියලා. ඒත් මේක කරාට නම් වාසියක් මිස පාඩුවක් වෙන්නේ නම් නෑ. මොකද්ද ඉතින් නේහ් මේක . ඒක මෙහෙමයි. ඔයාට sir or mdm උගන්නන වෙලාවේ තේරෙනවානේ මේක මට මතක නෑ.  ගිය සතියෙනේ පාඩම් කරේ ඒත් අමතකයිනේ වගේ ඒවා. අන්න ඒ වගේ ඒවගේ topics ටික තමා මේ පොතේ ලියන්නේ. ගෙදර ඇවිල්ලා සතිය ඇතුළත වෙලාවක් දාගෙන අයෙත් ඒ ටික පාඩම් කරන්න ඕනේ. ඉතින් මේ වැඩ 3 ම මමම කරපු දේවල් කව්රුවත් කරලා ඒක මම අහගෙන ලියන දෙයක් නෙමෙයි. ඉතින් මම අද්දැකීමෙන් දන්නවා මේවා සාර්ථක ක්‍රම කියලා. මේවා කරලා බලන්න. අනිවා ඔයා කොයි මට්ටමේ හිටියත් ලකුණු වැඩි වෙයි. ~Helaa...~

  • ✔️✖️Bio MCQ paper🧐 කව්රුත් දන්නවනේ 2023 Bio සුපිරි හොඳට හිතන්න තියන paper එකක් තිබ්බේ. මේක new syllabus එකේ අමාරුම Bio MCQ එකද කියලා ඇහුවොත් මගේ අදහස නම් "නෑ" කියන එක.2021 paper එකේ මීට වඩා හිතන්න දේවල් තිබ්බා. අනිවාරෙන් ඉස්සරහට එන Bio MCQ paper ටිකත් මේ වගේම වෙයි. මොකද science කරන ළමයෙක්ගේ thinking එක, හිතලා බලලා තීරණයක් ගන්න එක මාර වැදගත්නේ ඉස්සරහට කරන්න ඉන්න profession එකට. මීට කළිනුත් මම Bio MCQ හදාගන්න විදිහ ගැන කියලා තියනවා. අයේ පාරක් ඒක ගැන වැඩි විස්තර ඇතුව කියන්නම්.ඊළග msg එකෙන් ඉස්සරහට සර්ලා,මැඩම්ලා paper class පටන් ගන්න නිසා මේක ගොඩක් වැදගත් වේවි කියලා හිතනවා.

  • видео или голосовое, без подписи

  • අවුරුද්දේ අන්තිම දවස 🔥ඉතින් කට්ටිය leave වෙන්න කලින් තමන්ගේ A/L අද්දැකීම ගැන කියලා යමුකෝ. ඒක අනිවා first shy අයට වගේම exam අය කරන අයටත් උදව්වක් වෙයි.🔥 උඩ photo එක මේ පාර මගේ essay paper එක.ඉතින් මේක ගැනත් කියන්න දේවල් ගොඩක් තියනවා. ඉස්සරහට මගේ shy 2ක අද්දැකීම් ඕගොල්ලෝ එක්ක බෙදාගන්න ගමන් Bio වලටත් පුළුවන් විදිහට උදව් කරන්න හිතාගෙන ඉන්නවා.🤍 මේ අවුරුද්දේ channel එකේ නම් ලොකු වැඩක් කරන්න බැරි වුණා. ඒත් පරණ resources ගොඩක් මේකේ තියනවා. ඒවගෙන් වැඩක් ගත්තනම් ඒකත් පොඩ්ඩක් කියලා යන්න.😊❤️

  • උඩ short note එක මේකේ තියෙන්නේ. මේක full syllabus එකේම short note එකක්. ඉක්මනට theory මතක් කරගන්න පුළුවන් ගොඩක් පිළිවෙළ short note එකක්. Thanks veesha

  • видео или голосовое, без подписи

  • උෂ්ණත්වමාන ගැන සුපිරි note එකක්.😇 කාලෙකට කලින් save කරලා තියාගත්ත එකක්. කොහෙන්ද හම්බුනේ කියලා මතක නෑ😒

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

Biology with Helaa — tgindex