tgindex
Science සිංහලෙන්

Science සිංහලෙන්

Статистика

Science සිංහලෙන් Channel හි අරමුණ අන්තර්ජාලය තුල හමුවෙන වැදගත් විද්‍යාත්මක ලිපි ඔබ වෙත ගෙන ඒමයි ⚗️🧪🧬🔬🔭📡💉🩸💊🩺 https://t.me/ScienceSinhalen

Последний пост
14 сент. 2025 г.
Последнее чтение
15 авг.
Постов за неделю
0
Всего постов
20
Тип
открытый
Язык
si
Категория
Познавательное (по похожим)
В каталоге с
15 авг.
Подписчики
355
мало замеров
Замеров пока мало
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
1 114
19 постов
Вовлечённость
313,8%
к подписчикам
Постов в день
0,0
всего 20
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
1/48двое суток
1/72трое суток

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • без подписи

  • රෑ අහස අඳුරු ඇයි ? බැලූ බැල්මට බොහොම සරළ ප්‍රශ්නයක් වගේ. රෑ අහස අඳුරු වෙලා තියෙන්නේ රෑට ඉර පායන්නේ නැති නිසාත්, අහස එලිය කරන්න තරම් තරු එලියක් නැති නිසාත්. නමුත් විශ්වය අනන්ත දුරකට යන කල්ම විහිදිලා තියෙනවා නම්, අපි පෘථිවියේ ඉඳන් රෑ අහසේ කොතන බැලුවත්, ඒ රේඛාව අවසන් වෙන්න ඕනේ ළඟින් හෝ දුරින් තියෙන තරුවකින්. එහෙම නම් අපි අහසේ කොතැන බලුවත් එහි කුඩා ආලෝක ලපයක් තියෙන්න ඕනේ. මුළු අහසෙම එහෙම තරු දිස්වෙනවා නම් රෑ අහස කලුවර බිංදුවක්වත් නැති තනි ආලෝකමත් මතුපිටක් වගේ දිලිසෙන්න ඕනේ. ඒත් අපි දන්නවා එහෙම නැති බව. ඇයි ඒ? මේ සංසිද්ධිය තාරකා විද්‍යාවේදී හඳුන්වන්නේ ඕල්බර්ස්ගේ විරුද්ධභාෂය කියලා. විරුද්ධභාෂයක් කියන්නේ අපි න්‍යායාත්මකව පවසන දේට වඩා වෙනස් යමක් ප්‍රායෝගිකව දකින එකටයි. මේක වඩාත් හොඳින් මතු කළේ ජර්මන් ජාතික විද්වතෙක් වුණු හෙන්‍රිච් ඕල්බර්ස් විසින් 1826දීයී. මුලින්ම අපිට සරළවම හිතෙන දේ තමයි, තරු අනන්ත ප්‍රමාණයක් අහසේ තිබුණට ඒවා තියෙන්නේ ගොඩක් දුරින් නිසා ඒවායින් එන ආලෝකය විහිදිලා පැතිරිලා යෑම නිසා අපිට ලැබෙන තීව්‍රතාවය අඩු වෙන බවයි. එක තනි තරුවක් සැළකුවහම තීව්‍රතාවයේ අඩු වීමක් වෙන බව ඇත්ත. නමුත් දුර වැඩි වෙන්න වෙන්න අපිට පේන අහසේ වර්ගඵලයත් වැඩි වෙනවා. එතකොට එක තරුවකින් විහිදිලා යන ආලෝක කිරණ වෙන තරුවක කිරණ සමග එකතු වුණහම නැවත දීප්තිය වැඩි වෙනවා. තාරකා අනන්ත ප්‍රමාණයක් තියෙනවා නම් කිසිම තරුවක කිරණ වල තීව්‍රතාවය අඩු වීමක් වෙන්නේ නැහැ. ඉදිරිපත් වුණු තවත් මතයක් වුණේ විශ්වයේ තියෙන දූවිලි වළාකුලු වලින් මේ ආලෝකය උරා ගැනීම නිසා ඒ ආලෝකය අපි වෙත ලඟා නොවෙන බවයි. නමුත් පසුව සොයා ගැනුනා දූවිලි වලින් ආලෝකය උරා ගත්තට, එයින් දූවිලි අයනීකරණය වී නැවත් ආලෝකය විමෝචනය කරන බව. ඒ අනුව ඒ අදහසත් යටපත් වුණා. අද වෙන කොට ඕල්බර්ස්ගේ විරුද්ධභාෂයට පිළිගත හැකි උත්තර දෙකක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඉන් එකක් වන්නේ අපේ විශ්වය ප්‍රසාරණය වීම නිසා දුර සිට එන ආලෝක කිරණත් මේ ප්‍රසාරණයට ලක්වීමයි. ප්‍රසාරණය නිසා ආලෝක කිරණ ඇදීමට ලක් වීම නිසා ඒවායේ තරංග ආයාමය විද්‍යුත් චුම්භක වර්ණාවලියේ දෘෂ්‍ය ආලෝක කලාපයෙන් ඉවතට යනවා. එතකොට අපිට ඒ කිරණ ආලෝකය ලෙස දකින්න බැහැ. අනික් පිළිතුර තමයි, විශ්වයේ වයස අපිට මේ ආලෝකය දකින්න බාධාවක් ලෙස ක්‍රියා කරනවා කියන එක. අපි දැනට දන්න විදිහට අපේ විශ්වය නිර්මාණය වෙලා තියෙන්නේ මීට අවුරුදු බිලියන 14 කට පමණ කලින්. අපිට ආලෝක වර්ෂ ගණනාවක් දුරින් තියෙන තරුවක ආලෝකය අවුරුදු බිලියන 14ක් තිස්සේ ආවත්, තවමත් අපි වෙත ළඟා වෙලා නැත්නම් අපිට ඒ තරුව දකින්න බැහැ. අපිට දකින්න පුළුවන් වෙන්නේ මේ අවුරුදු බිලියන 14 තුළ අපි වෙත ආපු ආලෝකය නිකුත් කරපු තරු විතරයි. නිසා අනන්තය දක්වා තරු තිබුණත් අපිට දකින්න පුළුවන් වෙන්නේ අපිට ආසන්න සීමාවකට යන කල් තියෙන තරු විතරයි From Science Sinhalen https://www.facebook.com/share/1LQsbBq482/?mibextid=wwXIfr 🔬Join Now https://t.me/ScienceSinhalen

  • без подписи

  • без подписи

  • විශ්වයට කෙළවරක් තියෙනවා ද? මේ ප්‍රශ්නය මුළු මිනිස් ඉතිහාසය පුරාම අපිව හොල්මන් කරපු ප්‍රශ්නයක්. විව්ධ ආගමික නායකයෝ වගේම දාර්ශනිකයොත් ඉස්සර මේ ප්‍රශ්නෙට උත්තර ඉදිරිපත් කළා. මීට වසර 2000කට පමණ පෙර රෝමයේ වාසය කළ ලුක්‍රේෂස් නම් දාර්ශනිකයා මේ ගැන මෙහෙම මතයක් ඉදිරිපත්…

  • විශ්වයට කෙළවරක් තියෙනවා ද? මේ ප්‍රශ්නය මුළු මිනිස් ඉතිහාසය පුරාම අපිව හොල්මන් කරපු ප්‍රශ්නයක්. විව්ධ ආගමික නායකයෝ වගේම දාර්ශනිකයොත් ඉස්සර මේ ප්‍රශ්නෙට උත්තර ඉදිරිපත් කළා. මීට වසර 2000කට පමණ පෙර රෝමයේ වාසය කළ ලුක්‍රේෂස් නම් දාර්ශනිකයා මේ ගැන මෙහෙම මතයක් ඉදිරිපත් කළා. අපි විශ්වයේ කෙළවරට ගිහින් එතනින් එහාට ඊතලයක් විද්දොත් ඒ ඊතලය වැටෙන තැන තමයි විශ්වයේ සැබෑම කෙළවර වෙන්නේ. නමුත් අපි දැන් එතැනට ගිහින් එතනිනුත් එහාට ඊතලයක් විද්දොත් විශ්වයේ කෙළවර තියෙන්නේ තව එහාට වෙන්නයි. එහෙම නම් අපි කොයි තරම් ඊතල විදිමින් ඈතට ගමන් කළත් අපිට විශ්වයේ කෙළවරක් දකින්න බෑ. ඒ කියන්නේ විශ්වයට කෙළවරක් නෑ කියන එකයි. 17 වන සියවසේ සිටි අයිසැක් නිව්ටන් මේ සඳහා වඩාත් විද්‍යාත්මක පදනමක් ලබා දුන්නා. විශ්වය සීමා සහිත ස්ථානයක් නම් එහි ඇති සෑම වස්තුවක්ම එකිනෙකාගේ ගුරුත්වාකර්ශන බලයට නතු වෙලා එකිනෙක වෙතට ඇදී ඇවිත් එකිනෙක ගැටෙන්න ඕනේ. නමුත් එහෙම දෙයක් වෙලා නැත්තෙ විශ්වය අනන්ත නිසා විය යුතුයි. මොකද එතකොට හැම වස්තුවක් මතම හැම පැත්තකින්ම අනන්තයට යන කල් තියෙන සියළුම වස්තු වලින් ඇති කරන ගුරුත්ව බලය දැනෙන නිසා එය කොහෙටවත් නොගොස් එක තැන ස්ථාවරව තියෙනවා. නමුත් අද වන විට මේ ප්‍රශ්නයට වෙනත් විප්ලවකාරී පිළිතුරු ඉදිරිපත් වෙල තියෙනවා. විශ්වයට කෙළවරක් නොතිබීම සහ විශ්වය අනන්ත වීම එකම දෙයක් නොවන බව අද සමහර විද්වතුන් පවසනවා. පරිමිත, නමුත් කෙළවරක් දැකිය නොහැකි විශ්වයක් පැවතිය හැකියි. අවකාශයේ කෙළවරවල් ඒ මතම නැවිලා එකිනෙක හා සම්බන්ධ වුණොත් විශ්වය සීමා සහිත වෙනවා. නමුත් අපි එහි එක දිශාවකට ගමන් කළොත් සිදුවන්නේ අපි ආපහු අනික් පත්තෙන් ගමන පටන් ගත්ත තැනටම එන එකයි. ඒ අනුව එහෙම විශ්වයක කෙළවරක් දකින්නත් බෑ. මේක ත්‍රිමාණ විශ්වයක් ගැන හිතලා තෙරුම් ගන්න අමාරුයි. ඒ නිසා අපි ද්විමාන (2ඪ්) විශ්වයක් ගැන හිතමු. ඒ විශ්වයේ හරියට පැතලි කඩදාසියක් වගෙයි. එතකොට මෙ කඩදාසියේ කෙළවරවල් 4ක් දකින්න පුළුවන්. දැන් අපි එහි දිග දාර දෙක අල්ලලා එකිනෙක සම්බන්ධ කළොත් සිලින්ඩරයක් වගේ විශ්වයක් ලැබෙනවා. ඒකේ තියෙන්නෙ කෙළවරවල් දෙකක් පමණයි. දැන් අපි සිලින්ඩරය රවුමට නවලා ඒ කෙළවරවල් එකිනෙක සම්බන්ධ කළොත් ඩෝනට් එකක් වගේ විශ්වයක් ලැබෙනවා. ඒ විශ්වය සීමා සහිතයි වගේම කෙළවරක් දකින්නත් බෑ. (පහල රූපේ බලන්න ) මේ විශ්වයෙන් එහාට යන්න පුළුවන් වෙන්නේ තුන් වැනි මානයට සංවේදී ජීවියෙක්ට පමණයි. හරියට අපිට ඉහළට ඉගිල්ලෙන්න බැරි නම් අපිට පොළොවන් එහාට යන්න බෑ වගේ. මොකද පොළොව කියන්නෙත් සීමා සහිත නමුත් ද්විමාන තලයක කෙළවරක් දකින්න බැරි පෘෂ්ඨයක් නිසා. මේ විදිහටම අපි ඉන්න ත්‍රිමාන විශ්වයත් අපි නොදන්න අපිට සංවේදී නොවන හතර වැනි අවකාශීය මානයක් ඔස්සේ වක්‍ර වෙලා කෙළවරවල් සම්බන්ධ වෙලා තිබුණොත් අපිට කවදාවත් විශ්වයේ කෙළවරක් දකින්න බැරි වෙනවා. අපි මොන පැත්තට ගමන් කළත් අවසානයේ ගමන් පටන් ගත්ත තැනටමයි එන්නේ. මේ මතය තවමත් ඔප්පු කරන්නට පුළුවන් වෙලා නැහැ. නමුත් යම් දිනයක එය ඔප්පු වුණොත් මේ දැවැන්ත විශ්වය අපි හිතපු තරම් දැවැන්ත නැති බව අපිට හොයා ගන්න පුළුවන් වේවි https://www.facebook.com/share/19hogrQWFP/?mibextid=wwXIfr 🔬Join Now https://t.me/ScienceSinhalen

  • без подписи

  • Source : https://pubmed.ncbi.nlm.nih.gov/15367368/

  • ඔහු යන්න ගියා මැකිලා...🥸 පිරිමින් මිහිතලයෙන් වඳවීමේ අවදානමක! ---------------------------------------- ඉතිං ඉස්සරහට අපිට "ඔහු යන්න ගියා මැකිලා කියන්න වෙයිද?" වෙන්න පුළුවන් !! ඒකට ඉතිං තව අවුරුදු මිලියන 10 ක් වගේ පොඩි කාලයක් තියෙනවා. පොඩි? Y වර්ණදේහයේ සම්භවය මීට අවුරුදු මිලියන 300කට කලින් කියලා කියන නිසා ඉතිරිව තියෙන කාලේ සාපේක්ශව පොඩීනේ ..😁 වාර්තාව --------------- මිනිසාගේ සහ අනෙකුත් ක්ෂීරපායී සත්වයන්ගේ පුර්ෂ ලිංගිකත්ව නිර්ණයට Y වර්ණදේහය ප්‍රමුඛ කාර්යක් සිදුකරනවා. කාන්තාවන්ට X වර්ණදේහ දෙකක් ඇති අතර පිරිමින්ට X සහ Y වර්ණදේහය බැගින් තිබෙනවා. X වර්ණදේහ තුළ විවිධ ලිංගික නොවන කාර්‍යන් සදහා සක්‍රීය ජාන 1438 ක් පමණ ප්‍රමාණයක් ආරම්භයේදී තිබුණත් Y හි අඩංගු එම අගය වර්තමානය වන විට 45 ක් පමණයි. Y වර්ණදේහය, X වර්ණදේහයේ ජාන ප්‍රමාණය හා සසදන විට කුඩා ප්‍රමාණයක් වුවත්, එය කලලයක් තුළ පුර්ෂ ලිංගික අවයව වර්ධනය ආදී ක්‍රියාවන්හි වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. පිළිසිඳ ගැනීමෙන් සති 12 ක් පමණ වන විට, Y වර්ණදේහයේ ඇති ප්‍රධාන ජානය, SRY (Y වර්ණදේහයේ ලිංගික-නිර්ණ කලාපය) මීට දායක වෙනවා. විවිධ විද්‍යාඥයන් විවිධ මත දැරූවත්, එක් විද්‍යාඥයන් පිරිසක් විශ්වාස කරන්නේ මෙම තීරණාත්මක වර්ණදේහය ක්‍රමයෙන් පිරිහෙමින් පවතින අතර වසර මිලියන කිහිපයකින් සහමුලින්ම අතුරුදහන් විය හැකි බවටයි. මහාචාර්‍ය ජෙනිෆර් ඒ මර්ශල්ට ග්‍රේව්ස්ට අනුව එහි අදහස "Y වර්ණදේහයේ අවසානය සනිටුහන් වෙමින් පවතී" යන්නයි. දිගින් දිගටම මෙම වේගයෙන් ජාන ක්ශයවීම සිදුවුවහොත් තවත් වසර මිලියන 10 කින් Y වර්ණදේහය මානව ගහණය තුළින් සම්පූර්ණයෙන්ම අතුරුදන්ව යෑමට නියමිතයි. අවසානයේ පෘථිවිය මත පුර්ෂයන් තුරන්වී ස්ත්‍රී ආදිපත්‍ය රජයනු ඇත! But පිරිමි සේරම පෘථිවියෙන් වඳවුණොත් කාන්තාවන්ගේ පැවැත්මත් ඉතා කෙටි කාලයකට සීමා වනබව අමුතුවෙන් කියන්න ඕනේ නැනේ. (උපරිම ජාන බැංකු වල සුරක්ශිත සාම්පල අවසන් වෙනකන් පුළුවන්) නමුත් තව ශුභාරංචියක් තියෙනවා. සොයාගැනීම් වලට අනුව මීයන් වර්ග දෙකක මෙසේ Y වර්ණදේහය අහිමි වී යෑම සිදුවී තිබෙනවා. නමුත් එම ගහණ තවමත් නොනැසී පවතිනවා. 'Proceedings of the National Academy of Science' කළ අධ්‍යනයකින් හෙළිවෙලා තියෙන්නේ මීයන්ගේ කොඳු ඇට පෙළ මගින් මීයාගේ පුර්ෂභාවය තීරණය කරන නව ජානයක් සාර්ථකව පරිණාමය කරගෙන ඇති බවයි. මෙම ජාන අඩුවී යෑම මෙතනින් නතර නොවන්නේ නම් හෝ ඉහත ආකාරයෙන් ලිංගභේදය තීරණය කරන වෙනත් ජානයක් පරිණාමය නොවන්නේ නම් අපගේ වඳ වී යෑම සහතික කරගන්න හැකියාව තිබෙනවා. අලිංගිකව ප්‍රජනනය කළ හැකි සමහර උරගයින් වගේ නෙවෙයි, මිනිසුන් ඇතුළු ක්ෂීරපායීන්ට ප්‍රජනනය සඳහා ශුක්‍රාණු අත්‍යාවශ්‍යයි. මීයන් තුළ දක්නට ලැබුණ විදියට, නව ලිංග නිර්ණය කරන ජානයක පරිණාමය වීම යනු බලාපොරොත්තු විය හැකි එක වෙනසක්. නමුත්, මෙම ක්‍රියාවලි‍යත් අවදානම් සහගත එකක් කියලයි කියන්නේ Y හි ජාන අතුරුදන් වෙමින්,ලෝකේ විවිධ ප්‍රදේශ වල බහුවිධ නව ලිංග-නිර්ණ ජාන සහ පද්ධති පරිණාමය වුණොත්, එය නව මානව විශේෂ ඇතිවීමට හේතුවක් වෙනවා.. එහෙම වුණොත්, වසර මිලියන 10 කින් පෘථිවියට පැමිණෙන කෙනෙක්ට, අද අප දන්න මිනිසුන් සොයා ගැනීමට ලැබෙන්නේ නෑ. ඒ වෙනුවට, ඔවුන්ට විවිධ මානව විශේෂ කිහිපයක් මුණුගැහීමේ සම්භාවිතාව ඉහළයි. පෙනුම සහ ලිංගික දිශානති චර්‍යා නම් කොහොම වෙයිද කියලා ඒ කාලෙටම තමා බලාගන්න වෙන්නේ..🤷 අන්තර්ජාලය ඇසුරෙන්. ✍️ Swarnarekha Sewwandi #PDSSD #baiscopemansala Copied

  • без подписи

  • без подписи

  • 🔴 නොබෙල් තෑග්ගේ කතාව The Story Behind the Nobel Prize සෑම වර්ෂයකම දෙසැම්බර් 10 කියන්නේ මනුෂ්‍ය සංහතියේ ඉදිරි ගමන වෙනුවෙන් ඉතා අගනා සේවාවක් කල මිනිසුන් ලොව උසස්ම සම්මානයෙන් පිදුම් ලබන දවස.ඒ කියන්නේ විවිධ ක්ෂේත්‍රයන් 5ක දියුණුව වෙනුවෙන් කටයුතු කල පුද්ගලයන් හට නොබෙල් ත්‍යාගය පිරිනමන දිනය.ඉතින් මේ නොබෙල් ත්‍යාගය පිටු පස්සේ තියෙන්නේ අමුතුම කතාවක්.කවුද මේ නොබෙල් තෑග්ග නිර්මාණය කලේ? ඇයි එහෙම තෑග්ගක් දෙන්න තීරණය කලේ?මොකක්ද ඒ පිටුපස තියෙන කතාව? මේ පිළිබඳ සැකසූ වීඩියෝව මෙතනින් 👉 https://t.me/ScienceSinhalen/298 නොබෙල් ත්‍යාගයේ නිර්මාතෘ තමයි ඇල්ෆ්‍රඩ් නොබෙල් කියන්නේ.1833 වර්ෂයේ ඔක්තෝම්බර් 21 ස්වීඩනයේ ස්ටොක්හෝම් නගරයේ උපත ලද ඇල්‍ෆ්‍රඩ් නොබෙල් කුඩා කල ඉදන්ම විවිධ නව සොයාගැනීම් කල,නිපැයුම් කල නව නිපැයුම්කරුවෙක්. ඔහු ඉංජිනේරුවෙක් මෙන්ම රසායන විද්‍යාඥයෙකුත් වුණා. ඇල්ෆ්‍රඩ් නොබෙල් ඔහුගේ ජීවිත කාලය තුළ නව සොයාගැනීම් 355ක් පමණ සිදු කළ බව සදහන් වෙනවා. එයින් වැඩි හරියක්ම හමුදා සඳහා නිර්මාණය කළ යුධ උපකරණ. ඔහු මේ නිපැයුම් මගින් සොයා ගත් මුදල් වලින් අති විශාල ධනපතියෙක් බවට පත් වුණා.මුළු ලෝකයම දන්නා, ඔහුගේ සුප්‍රසිද්ධම නිර්මාණය තමයි ,පුපුරන ද්‍රව්‍යයක් වන ඩයිනමයිට්.ඉතින් මේ ඩයිනමයිට් සොයාගැනීනත් සමග ලෝකය පුරා විශාල ඉල්ලුමක් ඇතිවුණා.මේ ඉල්ලුමත් එක්ක ඔවු සුපිරි ධනවතෙක් වුණා. 1888 වර්ෂයේදී ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ සහෝදරයෙක්වන ලුඩ්විජ් නොබෙල් මිය යනවා. නමුත් කරුණු හරි හැටි නොදත් ප්‍රංශ පුවත්පතක් මේ පුවත වාර්තා කර තිබුණේ ඇල්ෆ්‍රඩ් නොබෙල් මිය ගිය ලෙසටයි. ඔවුන්ගේ සිරස්තලය ලෙස යොදාගෙන තිබුණේ "ම.රණයේ වෙළෙන්දා මිය යයි" කියලා.ඉතින් මේ පුවත දැකපු නොබෙල්ට මොනා හිතෙන්න ඇත්ද?ඔහු දුක්වුණා,කලකිරුණා.තමත් එදා සොයාගත් ඩයිනමයිට් නිසා මිනිසුන් කොතරම් පීඩාවට,කරදරයට පත්වෙලාද කියලා මේ නිසා ඔහුට තේරුම් ගියා.තමන් මිය ගිය දවසක ලෝකය තමන් ගැන මතක තබා ගන්නේ මේ විදිහටද කියන එක ගැන ඔහු පසුතැවිලි වුණා.කොතරම් ඵලදායී එකක් වුණත්, ඒ විනාශකාරී නව නිපැයුම තම නමට ඈදෙනවාට අකමැති වූ නොබෙල් ඒ වෙනුවට, නොබෙල් නාමය වෙනුවෙන් වෙනත් වැදගත් දෙයක් ලෝකයට ඉතුරු කරලා යන්න උපායක් කල්පනා කළා. එහි ප්‍රතිඵලය තමයි, නොබෙල් ත්‍යාගයේ ආරම්භය. ඇල්ෆ්‍රඩ් නොබෙල් සිය මරණින් පසු ඔහු සිය මුළු බූදලයෙන් වැඩි කොටසක් යොදවා ලෝකයේ යහපත සඳහා නව අදහස්, නව නිපැයුම් කරන අයට සම්මාන පිරිනමන ලෙස 1895 නොවැම්බර් 27 දා ලියූ ඔහුගේ අන්තිම කැමැත්තෙහි සඳහන් කර තිබුණා. නොබෙල් තෑග්ග ආරම්භ වුණේ එහෙමයි. 1896දී ඇල්ෆ්‍රඩ් නොබෙල් අවසන් හුස්ම හෙළුවා. ඒ ඔහුට වයස අවුරුදු 63දී. ඔහුගේ අවසන් කැමැත්ත අනුව ඔහුගේ සමස්ත උරුමයෙන් 94%ක් නොබෙල් තෑගි සඳහා වෙන් කෙරුණා. මුලදී භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, වෛද්‍ය විද්‍යාව , සාහිත්‍යය සහ සාමය යන ක්ෂේත්‍ර සඳහා නොබෙල් තෑගි පිරිනමන්නට කටයුතු කලා. තෑගි පිරිනැමීම සඳහා 1900දී ස්වීඩනයේදී නොබෙල් සංවිධානය පිහිටුවා ගැනුනා. පස්සේ කාලෙකදී, 1968දී ස්වීඩනයේ ජාතික බැංකුව එහි 300 වන සංවත්සරය සමරා නොබෙල් සංවිධානයට විශාල මුදලක් පරිත්‍යාග කරමින් "ආර්ථික විද්‍යාව සඳහා වන නොබෙල් අනුස්මරණ ත්‍යාගය" හඳුන්වා දුන්නා. ඇල්ෆ්‍රඩ් නොබෙල් ඔහුගේ අන්තිම කැමැත්තෙන් වි‍ශේෂයෙන් නම් කළා නොබෙල් ත්‍යාගය සඳහා සුදුස්සන් තේරීම සිදු කළ යුත්තේ කවුරුන්ද කියා. භෞතික විද්‍යාව හා රසායන විද්‍යාව වෙනුවෙන් සම්මාන තේරීම ස්වීඩනයේ විද්‍යාව සඳහා වූ රාජකීය ඇකඩමියටත්, වෛද්‍ය විද්‍යාව හෝ කායික විද්‍යාවට සම්මානලාභීන් තේරීම ස්වීඩනයේ කැරොලින්ස්කා වෛද්‍ය පර්යේෂණ ආයතනයටත්, සාහිත්‍යය සඳහා වූ සම්මානයට සුදුස්සන් තේරීම නොබෙල් ත්‍යාග පිරිමන ස්වීඩන ඇකඩමියටත්, නෝර්වේජියානු පාර්ලිමේන්තුවෙන් පත් කෙරෙන කමිටුවක් මගින් සාමය සඳහා සුදුස්සා තේරීමටත් ඔහු අන්තිම කැමැත්තෙන් යෝජනා කර තිබුණා. ඒ අනුව නොබෙල් සම්මාන ආරම්භ වූයේ 1901දියි. පළමු නොබෙල් සමුළුව 1901දී පැවැත්වුණා. එහිදී භෞතික විද්‍යාව සඳහා එක්ස් කිරණ සොයාගැනීම වෙනුවෙන් විල්හෙල්ම් රොන්ට්ජන්ටත්, රසායන විද්‍යාව සඳහා චාලක රසායන නියම සොයාගැනීම වෙනුවෙන් ජේකොබස් වැන් ට්'හොෆ් ටත්, වෛද්‍ය විද්‍යාව සඳහා ඩිප්තීරියාව සඳහා ප්‍රතිකාරයක් සොයා ගත් එමිල් වොන් බේරිංටත්, සාහිත්‍යය සඳහා සලී පෘඩෝම්ටත්, සාමය සඳහා රතු කුරුස ව්‍යාපාරය ඇරඹීම වෙනුවෙන් ජීන් හෙන්‍රි ඩුනන්ට් ටත් ත්‍යාග පිරිනැමුණා. නොබෙල් ත්‍යාග පිරිනැමීම සිදුකරන්නේ ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ ජන්ම දිනය යෙදී ඇති දෙසැම්බර් 10 වනදායි. ඉතින් මේක තමයි ම.රණයේ වෙළෙන්දාගෙන් උපන් නොබෙල් තෑග්ගේ කතාව. #DarshanaUkuwela #Physics #AL #NobelPrize #NobelPrizeWinner #Knowledge

  • без подписи

  • Science සිංහලෙන් pinned «Space X කතාව https://telegra.ph/Space-X-08-04»

  • Space X කතාව https://telegra.ph/Space-X-08-04

  • без подписи

  • без подписи

  • без подписи

  • без подписи

  • ඉලොන් මස්ක් නිතරම කිවූ දෙයක් තමයි "හොදම කොටස තමයි කොටසක් නොමැතිවීම" කියලා. ඔහු එයින් අර්ථවත්කලේ, ස්පේස්එක්ස් රොකට්වල ඇති කොටස් ගණන අඩුකර එහි ක්‍රියාකාරීත්වය සරළ කරන ලෙසයි. එහෙම කොටස් ගණන අඩුවුනාම, යානයේ අසාර්ථක වෙන්න පුළුවන් අවස්ථාවන් ප්‍රමාණයත් අඩුවෙන බව ඔහු පැහැදිලි කලා. ඊයේ ස්පේස්එක්ස් සමාගම ඔවුන්ගේ රැප්ටර් රොකට් එංජිමේ අලුත්, 3වෙනි පරම්පරාව හදුන්වා දුන්නා. එය කලින් තිබුනු එංජිමට වඩා බෙහෙවින් සරල බව අන්තර්ජාලයේ සදහන් උනා. මේ පින්තූර බැලුවාම රැප්ටර් රොකට් එංජින්වල පරිණාමය ගැන අදහසක් ලබාගන්න පුළුවන්.