tgindex
NobodyKnows 🌵

NobodyKnows 🌵

Статистика

No longer searching..Just loving ❥ @katarolu 🌿

Последний пост
28 июл.
Последнее чтение
13 авг.
Постов за неделю
0
Всего постов
20
Тип
открытый
Язык
si
В каталоге с
13 авг.
Подписчики
1 329
+2 за 2 дн.
Сутки
+3
+0,23%
Неделя
 
Месяц
 
Просмотров на пост
978
20 постов
Вовлечённость
73,6%
к подписчикам
Постов в день
0,0
всего 20
Упоминаний
1
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
486
1/48двое суток
556
1/72трое суток
600

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • වැව් දිය සුළං ගත වෙලනා වෙලාවට තුරුලුව හාදු විඳිමින් හද පුරාවට නුඹ ලඟ නැළවෙමින් හිනැහෙන ලතාවට සැනසෙමි හදෙහි සෝ සංකා නිමාවට පපුවට කරන් සුවඳම හද පුරාවෙම නුඹගෙන් තොරව මට නැතිවෙයි හිනාවම කියනෙමි මියෙන තුරු නොව ඉන් එහාවම ඉපදෙමි නුඹ නමට සසරේ පුරාවෙම ♥️🥺

  • හඳ එක්ක තනි රකින නුඹ අහසෙ තරුවක්ද..? හිත අස්ස කිතිකවන සුමුදු මුදු පවනක්ද..? හැම දේම සුවකරන එකම එක බෙහෙතක්ද..? මන් දන්නෙ එක දෙයයි, නුඹ නැතිව මං හොඳින් ඒක මොන බොරුවක්ද.! ✨🍃

  • ඔයා දෙන ඕනෙම දෙයක් පරිස්සමින් අරන් තියන එක පුරුද්දක් වෙලා! මොකද මං ඔයාව හදවතේ අරන් තියල තියෙන්නෙත් හරි පරිස්සමට" ✨🤍

  • 9 июл.947443

    ඔහු කෙදින හෝ මා රිදවා නැත! රිදුනු සිත සුවපත් කළා පමණි!" ඔහු මට මලක් වන්න යැයි කීවේද නැත! ඔහු ඉදිරියේ මලක් වී පිපෙන්නට ඉඩ හැරියා පමණි! නවකතා හෝ චරිත කතා වල පිරිමි මෙලොව ඇත්තෙන් ම ඉන්නවාදැයි මා නොසොයමි! නමුත් ඉන්නවා යැයි කියමි! මන්ද, මා ඔහුව ස්නේහයෙන් හඳුනමි!" #සමහර දේවල් ලැබෙන්නත් පින් කරල තියෙන්න ඕන!🥹🤍✨

  • 8 июл.769347

    එක කාලෙකදි ජීවිතේට ආව කෙනෙක්ට ඔයා මෙහෙම කියලා ඇති. "අපරාදෙ ඇයි මට ඔයාව මීට කලින් හම්බුනේ නැත්තේ. ! " වැරදි අයව ජීවිතේට ලං කරගෙන අපි කොච්චර කාලෙ නාස්ති කරගන්න ඇතිද.' නෑ.. මේ හැමදේම විශ්වයේ සැලැස්මක්. හරිම කෙනා හරිම කාලෙදි මුණගැහෙනවා. ඒත් ඊට කලින්, අපිව ඒ තැනට හදන්න විශ්වය අපිට වැරදි මිනිස්සු මුණගස්වනවා. ඒ හැම කෙනෙක්ම අපිට දෙයක් උගන්නනවා. බලන්න, වැරදි මිනිස්සු ජීවිතේට ආවෙ නැත්තන් කොහොමද ඔයා හොඳ මිනිස්සු අඳුරගන්නෙ.? ඔයාගෙ ජීවිතෙන් කෙනෙක් අයින් වෙලා යනවනම් දුක් වෙන්න එපා. විශ්වයේ සැලැස්ම ඊට වඩා ලොකුයි. ජීවිතේ වැරදුනු තැන් ගැන දුක් වෙන්න, පසුතැවෙන්න එපා. වැරදුනු හින්දයි ඔයා ඉගෙනගත්තෙ. හොඳට බලන්න, එදා හිටිය ඔයාද අද ඉන්නෙ. නෑ. හිත් රිදීම්, කඩාවැටීම්, වැරදීම් එක්ක මිනිස්සු ඉගෙනගන්නවා. හිටියටත් වඩා ශක්තිමත් වෙනවා. හැමදේම වෙන්නෙ වෙන්න තියෙන හොඳම විදිහට. මතක තියාගන්න. හොඳම දේ ජීවිතේට ලැබෙන්නෙ නරකම දේවල් වලින් හෙම්බත් උනාට පස්සෙ.. ♥️🌻💫 කතෘ නොදනී. !

  • 23 июн.1 038345

    "දෙයක් තියනව පෙන්නන්න!" හුරු පුරුදු ගල් බංකුව උඩ උරහිසට හේත්තු වෙලා හිටපු වෙලාවෙ හිනාවෙවී සාක්කුව අදින ඔයා දිහා මං බලාගෙන හිටියා... "මොකද්ද!" බෝල ඇස් තවත් බෝල කරල ,,හීනි ඇස් වලින් අහද්දි ඔයා මගේ ඔඩොක්කුව උඩින් පර්ස් එක අරන් තිබ්බා... "ආ! බලන්න" ප්‍රශ්නාර්තයක් එක්කම හිමීට ඒක ඇරල බැලුවෙ "මේක ඇතුලෙ මොකද්ද තියන පුදුමෙ"කියල හිතන ගමන්... ගල් බංකුව උඩ ඉඳගත්තම හිතුවක්කාර හුලඟ අපිත් එක්ක නිතරම වගේ සෙල්ලම් කරනවා...ඉර උනත් සැරින් සැරේ අව්ව එවනවා යවනවා...වෙලාවකට නොහිතන වෙලාවක අහස කලු වෙලා එකපාරට වහින්න ගන්නවා...තවත් වෙලාවක ඇන්දක්වත් නැති පුටුවක් උඩ වරු ගානක් ඉඳගෙන හේත්තුවක් විතරක් දාගෙන ඉන්න වෙනව... ඒත් හරි පුදුමයි! ඒ හැම වෙලාවකම ඒ හීනි ඇස් දිළිසෙන්නෙ එකම විදිහට...ආදරෙන් පිරිලා...හරියට මේ දැන් වගේ...ආදරෙන් සතුටෙන් සෙනෙහසින් පිරිලා ඉතිරිලා..!!! "අනේ!" කටහඬ වෙනස් වෙලා උගුර හිර උනේ ඇඬෙන්න තරම් සතුටක් ආදරයක් දැනුන නිසා වෙන්න ඇති... පළවෙනිම දවසෙ මේ ගල් බංකුව උඩ අපි මුණ ගැහුණම ගත්ත ලස්සන පිංතූරයක් පර්ස් එක කෙලවරක හරි ලස්සනට ලැමිනේට් කරල පරිස්සමින් අරන් තියාගෙන! බෝල ඇස් වලට කඳුලු ආවා.හීනි ඇස් මදි නොකියන්න හිනා උනා! ඒ වෙලාවෙ වැව් දිය හුළං සෙල්ලම් දැම්මෙ නෑ...ඉර අව්ව පෙන්නලා කරදර කලෙත් නෑ...අහම්බෙන් වැටුන වැස්සක් වැස්සෙත් නෑ...ඇන්දක් නැති පුටුවෙන් වත් අවට කාගෙන්වත් බාධාවක් උනෙත් නෑ... මං ඒ හීනි ඇස් දෙකේ අයිතිකාරයාව ආදරෙන් තුරුල් කරගත්තා! එහෙම කොයි තරම් වෙලාවක් හිටියද හාදු කීයක් නම් අපි දුන්නද කියල මට හරියට මතක නෑ! හැබැයි අමතක නොවෙන එකම එක දෙයක් තියනවා...! ඒ හීනි ඇස් තියන හාදයා තරම් බෝල ඇස් තියන කෙල්ලට කවුරුත්ම ආදරේ නෑ! 🥹♥️

  • ආදරේ කරන එක ලස්සනයි! හැබැයි ආදරේ විඳින එක ඊට වඩා ලස්සනයි! ඒත්~ ආදරේ කරන ගමන් ආදරේ විඳින එක ඒ හැමදේටම වඩා ලස්සනයි!❤️

  • 16 июн.1 114453

    සත්පෙති මල අතට අරන් යනකොට මම ගුරු පාරෙන් මල් පෙත්තක් අතට අරන් පාර්තනා දෙකක් දරන් මම නුඹෙමයි නුබ මගෙමයි අපි අපෙමයි හිතින් මවන් . . . . මල් පෙත්තේ මල් පෙත්තේ මේ මල අරගෙන මේ ගුරු පාරේ කෙලවර ඇයව මවනවද? -Hathpethi Mala-

  • 13 июн.1 189375

    ඇය නැති පැයත් කල්පයකි මා දන්න, පැතුවේම අපි මැරෙනකන් එකට ඉන්න, එත්.., පුලුවන්ද එක දෙයක් ඇගෙන් හංගන්න, අනේ දෙවියනි, ඈට කලියෙන් මාව ගන්න.. NobodyKnows 🌵

  • 13 июн.1 021302

    "ජීවිතේ අපි හිතන පාරවල් වලම යන්නේ නැති වුණත්, නොහිතන මොහොතක කවුරුහරි කෙනෙක් ළඟ ජීවිතේට අලුත් තේරුමක් ලැබෙනවා. ඒ අහම්බය මඟහරින්න එපා... මොකද ආදරය කියන්නේ ඒ වගේ නොහිතන වෙලාවක ලියවෙන ලස්සන කතාවක්." -A Room with a View-

  • නළල් තල කම්මුළට කම්මුළෙන් තොල් වලට හිමි හෙමින් සිප ගන්න වැව් දියේ සුළඟ නුඹ! හීනි ඇස් දල්වාන සෙනෙබර හද මඬල මා සිනහ උපදවන හිරු ගෙනෙන කිරණ නුඹ! සුවඳවත් පුෂ්පයක නැති ඊට එහා සුව සුවඳ විහිදුවාලන රොන්සරේ සුවඳ නුඹ! හදවතේ සියුම් තැන ස්නේහයෙන් පණ පොවන පිනි ඉහන් පොළෝ තල තෙත් කරන වැස්ස නුඹ! 🤍✨

  • 1 июн.1 178374

    ඔයා ආදරේ කරල තියෙනවද?! ඔයා කියයි "ඔව්,මම ආදරේ කරල තියෙනව කියලා.." හැබැයි හිතල බැලුවොත් බොහෝ දුරට ඔයා ආකර්ෂණය වෙලා නැත්නම් දේකට කෙනෙක්ට ආස වෙලා එයා එක්ක ජීවත් උන කෙනෙක්! තෝරාගැනීම් ගොඩාක් මැද්දෙ පෙනුම,හැසිරීම,කතාබහ,පවුල,තත්වෙ,උගත් කම,අඳින පළදින විදිහ,ආශ්‍රය කරන පිරිස,ඇති හැකි කම් ඔක්කෝම දැකලයි සාමාන්‍යයෙන් මනුස්සයෙක්ට තවත් මනුස්සයෙක්ව දැනෙන්නෙ නැත්තම් ආදරේ කරන්න හිතක් පහළ කරගන්නෙ... අඩුම තරමෙ නම ලස්සනයි!හම ලස්සනයි! කියල හරි මිනිස්සුන්ට කොහේ හරි point එකක් තියෙනව ආදරේ කරන්න පටන්ගන්න.. ඒ කියන්නෙ ඔයාගෙ ආදරේ පටන් ගන්නෙ "ආ,මේ දේ තියන නිසා මෙයා හොඳයි කියන judgment එකක් එක්ක.." හුඟක් වෙලාවට එහෙම තමයි..මොකද ඒක හරිම සාමාන්‍යයි.. හැබැයි එහෙම නැති ආදර කතා තියනව කිව්වොත් පිළිගන්නවද? දකින්නෙවත් නැතුව..දන්නෙවත් නැතුව...අඩු තරමින් නමක් ගමක් මොකුත්ම නොදැන ක්ෂණිකව යන්තමට දැනුන මොකක්ම හරි දෙයක් නිසා ඒ මනුස්සයාව හොයාගෙන ගිහින් ආදරේ කරන මිනිස්සු දැකල තියනවද? උසද සුදුද කලුද කොහොමද කින්ද මන්ද මොකුත් නොදැන... දැනුන මොකද්දෝ දෙයක් පස්සෙ දුවන් ගිහින් ආදරෙයි කියන මිනිස්සු ඉන්නව කියල දන්නවද!!! ඔව්..එහෙම මිනිස්සු නවකතා වල,චිත්‍රපටි වල,සඟරා වල විතරයි ඉන්නෙ කියල අපි හිතාගෙන ඉන්නවා! "නෑ!" එහෙම මිනිස්සු ඇත්තටම ඉන්නවා....අහම්බෙන් දැනුන එකම එක තත්පරයක් වෙනුවෙන් ඉස්සරහට වෙන්නෙ මොකද්ද කියල නොදැන ඇස් පියාගෙන කිසිම දෙයක් බලාපොරොත්තු නොවී ඇත්තටම ආදරේ නිසාම හොයාගෙන යන මිනිස්සු මේ ලෝකෙ ඉන්නවා.. සුරංගනා කතා නෙවෙයි! එහෙම මුණගැහීම් තියනවා!!! කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු නොවී අවංකම හැඟීමක් තියාගෙන ආදරේ කියන ඒ ගමනෙදි හැඟීම් පිරිසිදු නිසාම අපි මිරිඟුවක නතරවෙන්නෙ නෑ!!! ඒක හරි ලස්සන දිය පිරුණු විලක්" ඉතින් විශ්වාස කරන්න....ආකර්ෂණය නිසාම ආදරේ ලැබෙන්නෙ නෑ! එහෙම ලැබුණ නම් ප්‍රසිද්ධ ආකර්ෂණීය මිනිස්සු තනිකඩයො විදිහට මැරිල යන්නෙ නෑ! ආදරේ නිසා ආකර්ෂණය උන තැන් වල ආකර්ෂණය වැඩි මිසක් අඩුවෙන්නෙ නෑ! විස්වාස කරන්න ! ආදරේ කරන්න හේතු මොකුත්ම ඕනෙ වෙන්නෙ නෑ!" ඒත් බැඳුනට පස්සෙ ගැළවෙන්න බැරි තරමට හේතු කෝටියක් හැදෙන එක තමයි ආදරේ කියන්නෙ! ✨🤍

  • 27 мая1 123354

    සඳ ගාව හඬා වරුවක් ඉල්ලුවා මමත් තරුවක් ඇස් වසා පියන් තිරුවක් සිහිකළා එයින් වරමක් සඳ එපා කියා ගුවනක් පෑයුවා ලඟින් මඩලක් දැන් ඉතින් මොටද තරුවක් මුලු සඳම අයිති මට නම්!!! 🤍💫✨

  • 23 мая1 199356

    සතුට සැනසුම විඳින්න එකට ඉඳ මට අඬන්න සුවට තුරුලක් දැනෙන්න අවැසි නුඹවයි "මැවෙන්න!" ♥️

  • 20 мая1 229471

    නන්නාදුනන මලකට ප්‍රේමයේ දියෙන් පිනි ඉස වර්ණවත් මුදු පැහැයට හැරවුවේ ඒ නුඹමය! " මං දැනන් හිටිය පාටක් නෑ"! මාව පාට කළේම ඔයා!!!"♥️🌏✨️

  • 18 мая1 1802910

    කෝපි පාට ඇස්!✨️ තත්පරෙන් දෙකෙන් පංගුවෙන් අංශක එකසිය ගනං වලින් එහයින් අහම්බෙන් පුදුමෙන් ක්ෂණයෙන්" දිලිසිලා මතුවුන හිතුවක්කාර ඇස්!🪐 නොහිතාම ඊට මෙහයින් ඇත්තමද පෙනෙන විදිහෙන් වැරදිලා නතර උන තැනකින් දිළිසෙන අහංකාර ඇස්✨️ කවුද නුඹ! ගැඹුරු තැනකින් අහන විට පපුව සැනෙකින් නතර උනි ඊට එහයින් මොකද ඒ කෝපි පාට ඇස්!🪐✨️ _" ඒ මං ඔයාට ලිව්ව මුල්ම වතාව!🤍✨

  • 17 мая960325

    මට ඔයා නැතුව බෑ__♥️ පුංචිම කාළෙ ඉඳලා හැමදේම තනියම කරගන්න පුරුදු උන ගෑනු ළමයෙක්ට තමන්ව care කරන partner කෙනෙක් මුණගැහෙනව කියන එක වචන වලින් විස්තර කරන්න පුලුවන් සතුටක් නෙවෙයි"! ----- පුලුවන් උනත් බැරි උනත් කාගෙන්වත් උදව්වක් ඉල්ලගන්නෙ නැතුව හැමදේම තනියෙන් කරගත්ත මට දැන් ඔයා නැතුව මොකුත්ම කරගන්න බැරිවෙලා!! පුංචිම කාලෙදිත් කහ ඉර ලඟ වාහන පෝලිමක් යනකන් බලන් ඉඳලා අවස්තාවක් ආවම හිමීට පාර පැනගත්ත ඒ බෝල ගෙඩියගෙ අතින් අල්ලගන්න කවුරුත් හිටියෙ නෑ! හැබැයි දැන් පාරක් පනිද්දි වැරදිලා  හැරිලා බැලෙනවා ඔයා මං ලඟද!මගෙ අතින් අල්ලගෙනද! කියලා" රූපයක් හොයාගන්න, පාට කලවම් කරගන්න, ඉස්කෝලෙ අත්වැඩ කරගන්න,පිංතූර කපාගන්න,පොත් නිර්මාණ අමුණගන්න ,දන්නැති හුගක් දේවල් පුංචි එකීටත් වඩා ලොකු පත්තර පෙරලෙගෙන ඒවා උඩම ඉඳගෙන කියවපු දවස් වල... ඔව්! ලඟ ඉඳන් උදව්වට කෙනෙක් හිටියෙ නෑ"! හැබැයි දැන් පුංචිම දේත් හොයාගන්න,නොදන්න දේවල් අහගන්න,කැලැන්ඩරේ නිවාඩු බලවගන්න,නානාප්‍රකාර විකුරුත්තං වැඩ කරන්න ," ඔව්..!මට දැන් ඔයා නැතුව බෑ! ඔලුවෙ කැක්කුමක් ,වෙන ලෙඩක් හැදුනාම ..හැමදේම බෙහෙතෙන් විතරක් හොඳවෙනව කියල හිතපු' තනියම කියවලා උදේට එකයි රෑට එකයි බෙහෙත් තෝර ගත්ත' පොඩි එකීගෙ බෙහෙත් බොන්න කියල මතක් කරන්න ඕනෙ කියල කවුරුත් හිතුවෙ නෑ තමයි! හැබැයි දැන් ඔලුවෙ කැක්කුමට බෙහෙත් ඕනෙ නෑ!ඔයා මං ලඟ හිටියාම ඒ මට ඇති" කෑවද බිව්වද..මැණික බෙහෙත් බිව්වද! තුන් වේලම වරද්දන්නෙ නැතුව ඔයාගෙන් ඇහෙන එලාම් සද්දෙ මට හැමදාටම ඕනෙ! පොතක් කියවල ඉවර උනාම,ෆිල්ම් එකක් බලල ඉවර උනාම බෝනික්කව හරි පූස් පැටියව හරි ලඟ ඉන්දවගෙන ඒකෙ විස්තරේ කියන්න පුරුදුවෙලා හිටිය පොඩි එකීගෙ හෑලි අහන්න කාටවත් වෙලාවක් තිබ්බෙ නෑ තමයි! ඒත් දැන් මට ඔයා ඉන්නවා...මුල මැද අග අඩු නැතුව මට ඇති වෙනකන් ඔයාට කටපාඩම් වෙනකන් එකම දේ පන්සිය වතාවක් හරි කියද්දි උඩ පැන පැන හිනාවෙවී තුරුල් කරගන්න!" ඔව්.මට ඔයා නැතුව බෑ! ඕනෙම තැනක තනියම බස් එකක නැගලා යන්න පුරුදු උන පොඩි එකීගෙ ගමනාන්තය පරිස්සම්ද බලන්න වගවෙන්න වෙලාවක් තිබ්බෙ නෑ තමයි! හැබැයි දැන්, යන්න කලින් පරිස්සමෙන් කියන්නයි ගියාට පස්සෙ ගියාද බලන්නයි...එනකන්ම මග බලන් ඉන්නයි..මහන්සියෙන් කියන නෝක්කාඩු ඔක්කොම අහන්නයි" ඔව්! මට ඔයා නැතුව බෑ!!! හැමෝටම කවන්න කෙනෙක් ඉද්දි තමන්ගෙ ගෙදර හැමෝම කාර්‍යබහුල නිසා පුංචි එකී උදේට බඩගින්නේ යන්න පුරුදු උනා තමයි! හැබැයි දැන් ඔයා මට කවන බත් කට මට මහ ලොකුයි!!!! ඔයා නැතුව මට බෑ තමයි" ආදරෙන් බලාගන්න, මාවත් හුරතල් කරන....ජීවිතේම මාත් එක්ක ඉන්න අහසෙ ඉඳල කුමාරයෙක් එනකන් බලන් ඉඳල බිත්තියේ පාට කූරකින් සුදු උස හාදයෙක්ව ඇන්දා තමයි! ඒ කුමාරයා ඇත්තටම ආව නිසා! ඔව් දැන් මට ඔයා නැතුව බෑ තමයි" උදේට නැගිටින්නත් රෑට නිදාගන්නත් තනියෙන් පුරුදු උනාට! ඔයා නිසා උදේ රෑ වෙන්නෙ කියල විතරයි මම දන්නෙ. මට ඔයා නැතුව බෑ තමයි!!! මං මහ ලොකු දේවල් දන්නෙ නෑ... හැබැයි එකම එක දෙයක් දන්නවා" "මට ඔයා නැතුව බෑ!" 🫀♥️💫

  • 15 мая968486

    "ප්‍රශ්නයක් අහන්නද?" "ආ අහන්න බලන්න...." "කොච්චරක් ආදරෙයිද මට?" "අනේ වෙන ප්‍රශ්නයක් අහන්න" "ඇයි අනේ උත්තර දෙන්නකෝ...." "ඒ ප්‍රශ්නෙම මං ඔයාගෙන් ඇහුවොත්?" "මට ඒකට දෙන්න උත්තරයක් නෑ!" "එතකොට මං ලග තියෙයිද?" "නෑ,ඔයා ලඟත් ඒ ප්‍රශ්නෙට උත්තර තියෙන්න විදිහක් නෑ!" ♥️💫

  • 14 мая1 008572

    ​"උදේ ඉඳන් බඩගින්නෙනෙ... කමුද මං කෑම එකක් ගෙනාව.." ​කලාතුරකින් මුණගැහෙන හිතාදර සෙනෙහෙවන්තයාගෙ මූණට එබුනෙ බඩගින්නක් පේන්න නොතිබුණත් දැන් නම් කනවෙලාව හරි කියල දැනුන හින්දයි... ​"ඔයා කන්නෙ නෑනෙ ඉඳිආප්ප!" ​ලස්සන හීනි ඇස් දෙක ලොකු වෙලා මගෙ දිහා හැරුණෙ ප්‍රශ්නාර්ථයක් එක්ක... ​"ඔව්. මං කන්නෙ නෑ තමයි... හැබැයි ඔයා කනවනෙ.." උරහිසට බරවෙලා ඔලුව ඇලකරලා උත්තර දුන්න විදිහට එයාටත් දැනෙන්න ඇති අකමැති කොයිදේත් එයා ලඟ හරි රසයි කියල... ​"මං කවන්නද?" ​උගුර හිරකරවන පපුව තද කරවන කශේරුව දිගේ දුවන විදුලියක් ඒ ප්‍රශ්නෙත් එක්ක කොහෙන්දෝ ඉඳලා ඇදිලා ආවා... කෙල්ලෙක් තමයි! හැබැයි ගෙදර ලොකු දුව! අවුරුදු දොලහකින් විතර කිසිම කෙනෙක්ගෙන් බත් කටක් කවාගෙන නැති නිසා ඒ මොහොතෙ මගෙ ඇස් වල තිබුණ දෙගිඩියාවත් ආසාවත් ආදරෙත් එයා දකින්න ඇති... ​"කෝ.. ආ..." ​අවුරුදු ගානකට පස්සෙ තමන්ට පනටත් වඩා ආදරේ කරන කෙනාගෙන් එහෙම මොහොතක් හැම ගෑනු ළමයෙක්ම බලාපොරොත්තු වෙනව ඇති... හැබැයි මම ඊටත් වඩා බලාපොරොත්තුවෙන් ඉඳලා කියල ඔප්පු කළේ ඇස් දෙක පුරවපු කඳුළු! ​ආදරෙන් හිනාවෙලා නළලට පාත් වෙලා හාද්දක් දුන්න ඒ ප්‍රේමනීය හිතවතා කම්මුල් අමතක කළේ නෑ. කටක් දෙකක් එයාටත් කවන ගමන් හිනාවෙවී කියව කියව එයා අනල කවපු කටවල් ඇති නොකියා ගිලල දැම්මෙ හොඳටම බඩගින්නෙ හිටිය පුංචි එකෙක් අම්මා කවද්දි වේගෙන් වේගෙන් ගිලගෙන යනව වගේ! ​වතුර බෝතලේ ඇරල මගෙ අතත් හෝදවලා ආදරෙන් හිනාවෙන්න එයා අමතක කළේ නෑ! ගෙවන හැම තත්පරයක්ම සතුටින් තියන්න, ඒ ලස්සන ආත්මෙ කවදාවත් අමතක කරන එකක් නෑ. ​ඉතිං තව අවුරුදු නොසෑහෙන කාලෙකට පස්සෙත් ඔයාගෙ ඒ ආදරණීය හිතවත්කම් මම ආයෙමත් මතක් කරයි! එදාට අපි ඉන්න ඕනෙ පුංචි පැටියෙක්ට බ්ලෙන්ඩර් කරල බත් ගිල්ලවන්න දගලන ගමන්.! 💗🫂 ​#හීන නෙවෙයි..! ඒවා ඇත්තවෙන්න ඕන දේවල් ♥️

  • 13 мая962386

    මං කොහේ හරි හුස්ම ගන්නවනම්..., ඔයා තනි වෙලා නෑ..!!

NobodyKnows 🌵 — tgindex