🍃 කලාකාරයො🖊 ᵗᵉˡᵉᵍʳᵃᵐ 🍃
СтатистикаOnline Fantasy ලෝකෙක Social Media Life වල සිරවුනු සොඳුරු කලාකරුවන්ගේ අම්බලම…….🖊 📍කලාකාරයෝ🖊 ඔබගේ නිර්මාණ අප වෙත එවන්න :- @m_ahima7 Cross Promotion Admin :- @aelvi2003
- Последний пост
- 12 авг.
- Последнее чтение
- 13 авг.
- Постов за неделю
- 1
- Всего постов
- 23
- Тип
- открытый
- Язык
- si
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 121
- 1/48двое суток
- 138
- 1/72трое суток
- 149
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
අත්‍යන්ත අතිහීන සය වස් ස්ථම්භයක සාපේක්ෂ නිරපේක්ෂ කාල නිර්ණයක පටුනක කොහේ හෝ කොණක ඇතැයි බලාපොරොත්තු දල්වාගෙන කාච ඔබ්බපු ඇස් කොණින් මතක මතකයත් අහිමි ජීවී ප්‍රාණියෙක් මනුෂ්‍යත්ව දොරකොඩ මත අරක් ගෙන හිදී අහස් අවසානාත්මක තේරීම් හමුවේ මැතිරුණු පපුවක ලතෝනියක් අස්සෙනුත් ඌ වංග ගිරි හිතක බැමි පවුරු බිඳින්නට සැරසෙයි ԋιɾυ ɾαɳαʂιɳɠԋҽ
°•𝐕𝐄𝐋𝐕𝐄𝐓_𝐕𝐄𝐑𝐒𝐄_111 ♡🪽•° කාලයත් සමඟම නිහඬ වූ ඇතැම් සිත් අවදි කරවන දස දහස් ගානක හැඟුම් එළිදක්වන්නට මං පාදන නිහඬ මෙන්ම ප්‍රබල අවියකි... කවිය...🤍 ලියන්න කියවන්න ආස හැමෝටම, වෙල්වට් ප්‍රේමය මොන වගේද කියල බලන්න....💜✨ කවියක ගැඹුර කොච්චරද කියල බලන්න..♡ කවි ලෝකෙක තනිවෙන්න.. එකතුවෙන්න අපත් සමඟ ☘♡🪽👇...
මට මේ ගැන කියන්න කෙනෙක් නෑ. කාටද කියන්න ඕන දන්නෙත් නෑ. කියන්න ඕන මොනවද කියලත් දන්නේ නෑ. කී දෙනෙක්ගේ හිත් රිදිල ඇතිද? මං දන්නේ නෑ එතන තියෙන දේ මොකක්ද කියල.ඒත් මිනිස්සු සුදු පාට නෑ. කලු පාටත් නෑ. උන් එක එක පාටයි. ඒ හැම මිනිහාගෙම කලු පාටක් කොහෙම හරි තියනවා. ඒත් මෙතුවක් කල් විශ්වාස කරපු කෙනෙක්ගේ හිතාගන්න බැරි තරම් තද කලු පාටක් දැක්කම මොකද කරන්න ඕන? මං දන්නේ නෑ ඒක ලා කලු ද? තද කලුද කියල? මං තාමත් කලු බව දැනගෙන ලා කලු වෙන්න ඇති කියල බලාපොරොත්තු වෙනවා. මොකද මට අවුරුදු ගානක් ඒ දැක්ක කෙනාගේ නොදැකපු පැත්තක් දැක්කම පුදුමයි. පුදුමෙටත් වඩා කලකිරීමක් දැනෙනවා. මට එයාව විනිශ්චය කරන්න බෑ හරියටම එයා කලුද සුදුද කියල. මං එයාගෙන් දැක්කේ නිල් පාට.නැත්නම් රෝස පාට..! ඒ කොහොම උනත් මං දන්නේ නෑ ඇයි මං එයා මොන පාට උනත් ඒ ගැන දුක් වෙන්නේ කලකිරෙන්නේ කියල. මං හිතන්නේ මම හැමෝටම වඩා මට තාමත් ආදරෙයි.මට මාව වටිනවා. ඒකයි මං එයාව විශ්වාස කරන්න බය.මෙතුවක් කල් විශ්වාස කරපු එයාව විශ්වාස කරන්න බය! මොකද ඒ කලු පාටට වැහෙන්න මට ඕන නෑ! ඒත්....! මං තාමත් හිතන්නේ, එයා ඒ තරම් කලු පාට නැතුව ඇති! 🐥🖤
ඔබ හා මා ගිය තැන් වල මම තනිවම මා සිටිමි , ඔබ හා මම කතා කල දෑ මම අද තනිවම මගෙන් අසමි , ඔබ හා මම හිනා වුන තැන් වල සිය අද තනියම සිනාසෙමි, ආදරයක්ද ? යාලුකමක්ද ? මගේ හිත නැවත විමසමි @අභී @kalakarayo #කලාකාරයො #Tʜᴇ_Aʀᴛɪsᴛsˢʳⁱˡᵃⁿᵏᵃ
දසන් පාලා සිණාසුන මුත් තිබේ නෙත් අග කඳුළු බිඳු මුවෙහි ඇන්දා වුවත් ජෝතිය නෙතේ නෑ ඒ සතුට මුදු චාටු බස් කෙළිදෙලෙන් කීවත් නැතිව ඒ මත කෝළ වූ ඵලක් නෑ එය සැබෑ ජීවය සොරාගෙන ඇත සිතක වූ රනින් සෑදූ වුවත් ආයෙත් කැඩුණු බඩුවක් ඉවත ලූ නොවේ කිසිදා පෙර විරූ සේ තිබෙයි වෙනසක් එහි කෙරූ සිතක් බිඳුනත් නැවත එක්කොට හැකිද එය සුව කරලනූ මැරුණු හිතකට පණ පෙවූවත් තිබෙයි හිදැසක් එහි වැසූ පුරාවිද්‍යා කැණීමෙන් ගත් අතීතයෙ නටඹුන් වුණූ පැරණි සෙල්ලිපියකත් තිබ්බා ආදරේ කවි පද ලියූ වචනෙ වචනේ ගලප ගත්තද බොහෝ හිස්තැන් එහි වුණී අරුත් නොමවුණු ඒ ලිපිය හදවතේ මිහිදන් කරවමූ..... 𝑨𝒚𝒖 𝑮𝒊𝒓𝒍 ♡ @kalakarayo #කලාකාරයො #Tʜᴇ_Aʀᴛɪsᴛsˢʳⁱˡᵃⁿᵏᵃ
කාලයක් ආවත් මගහැරෙන හැමදාම හැඟීමක් තනියෙන් මුමුණන වෙලාවක් නැති සිතුවිලි එක්ක පෑරෙන හදවතක් දරුණුවටම රිදෙව්ව ඇය නොදැනුවත් .......................... මේ සියල්ල ඇයට නොකීව නිසාද ඒකපාර්ශ්වික ආදරය " ඉතිං හදවතට යලි කිසිදා නොදැනෙන්න ViDu 🌗 @kalakarayo #කලාකාරයො #Tʜᴇ_Aʀᴛɪsᴛsˢʳⁱˡᵃⁿᵏᵃ
නොමැකෙනා මතක ගොන්නක් හිත අස්සේ හිර කරන් හූල්ලන හැටි රෑ පුරාවට නොදැනේද ඔබටත් තවත් කිසිදිනෙක ඉටු නොවන හීන පොකුරක පැටලුනත් ඒවා එකිනෙක බිඳී යනවිට ඉවසුවෙමි මම තව තවත් තවත් රිදුමන් දරාගන්නට සවිය නැති බව දැන දැනත් රිදුන මේ හිත හදාගන්නට ඉකි ගැහුවා මම නැත නිමක් මේ තරමටම පෙම් කළ බවක් යන්තමටවත් දැණුනා නම් දුරින් නොම හිඳ තත්පරක් ඒවි නුඹ මා වෙත යළිත් ඉතින් සොඳුර, මා ඔබෙන් විමසන්නේ එකම එක දෙයකි... ඔය හිතේ තාමත් මම ඉන්නවද? cRazyLil_x 🥀 @kalakarayo #කලාකාරයො #Tʜᴇ_Aʀᴛɪsᴛsˢʳⁱˡᵃⁿᵏᵃ
අහස්ට නොතේරුනේම තනි වචන අස්සෙ අධිසංඛ්‍යාතෙකින් ශබ්ධ කරන අනන්තික අප්‍රමාණ ගොළු වතක වචන තොග ԋιɾυ ɾαɳαʂιɳɠԋҽ @kalakarayo #කලාකාරයො #Tʜᴇ_Aʀᴛɪsᴛsˢʳⁱˡᵃⁿᵏᵃ
රමණීය හන්තාන කඳු කුලක් පාමුලක සෙනඟ පිරි කොම්පඤ්ඤ වීදියේ කෙළවරක කලබලයේ මාරු වුණු ගිනි ගත්ත හාදුවක ඇමුණුවා මතකයි ද පොරොන්දුවක් , එකට නිවනට යන්න, ආනන්ද, මටත් ආරංචියි ගිය සතියේ නුඹ නිවන් ගියාලු නේද තනියම අමතක වුනේ කොහොමද දන්නේ නෑ මං තාම සංසාරේ තට්ට තනියම .......✍️ Erato .....
කෝපි කෝප්පයක් තොල ගාන හැම වෙලාවකම, මතක් වෙන්නේ ඔයාව. කෝපි එකේ පාටටත් තිබුණෙ ඔයාගේ දුඹුරු ඇස්වලම ගැඹුර. දුම් දාන කෝපි එකෙන් ආවේ ඔයා ලග ඉන්නකොට දැනුණු උණුහුම වෙනදට අපි එකට කෝපි බිව්ව තැන්වල අද මම තනියම. හ්ම්ම් ඔව්, ඔයත් හරියට කෝපි කෝප්පයක් වගේ ලෝකේට කොච්චර තිත්ත උනත් , මට හැමදාම පැණිරසයි ! @අභී @kalakarayo #කලාකාරයො #Tʜᴇ_Aʀᴛɪsᴛsˢʳⁱˡᵃⁿᵏᵃ
මනමෙට තිබ්බා වැද්දා පරද්දන .. මනමෙ පැරදුනෙ අදහගන්න බැරුව විශ්වාස ඝාතනය.. ඒකයි හිට්ලර් කීවේ යුද්ධ කරනවානම් ආදරේ නොකරන්න😒... කවියා... -උපුටාගන්නාලදී- @kalakarayo #කලාකාරයො #Tʜᴇ_Aʀᴛɪsᴛsˢʳⁱˡᵃⁿᵏᵃ
සමීකරණ වල x උක්ත කරල y ට ආදේශ කරල සමීකරණ විසදුවා x හි වටිනාකමත් y හි වටිනාකමත් හොයා ගත්තා හැබැයි අන්තිමට මට මාව විතරක් විසදගන්නත් මගෙ වටිනාකම තේරුම් ගන්නත් බැරි වුණා... 🙂❤️🩹 @kalakarayo #කලාකාරයො #Tʜᴇ_Aʀᴛɪsᴛsˢʳⁱˡᵃⁿᵏᵃ
සවිඥානික ආඛ්‍යානයක නිර්වින්දිත නිර්වචන කප්පරක් මැද ප්‍රේමය යනු අස්පර්ශික රික්තකයක අදිසි ස්පර්ෂ මාත්‍රයකි එකිනෙකාට වෙනස් ආත්ම සන්ධර්භයක රූපමේය භාෂණයකි හිදින් අහස් නම් විටින් විට බොඳව යන කඩින් කඩ දුමාරයක්ව ඇදී එන පියවර තබමින් නාඩි අග සක්මන් කරන ප්‍රේමණීයම ප්‍රේමයමයි ԋιɾυ ɾαɳαʂιɳɠԋҽ @kalakarayo #කලාකාරයො #Tʜᴇ_Aʀᴛɪsᴛsˢʳⁱˡᵃⁿᵏᵃ
без подписи
නොදන්න නුඹ ලඟ නොදන්න මම.... රැඳෙන්න ඔය හිත බියගුලු නම් ,,, යන්නද ඈතට කාලය ආවම.. යකඩ හිතක සෙල්ලම් තහනම්. ViDu🌖 @kalakarayo #කලාකාරයො #Tʜᴇ_Aʀᴛɪsᴛsˢʳⁱˡᵃⁿᵏᵃ
වස්තුබීජයක් නොමැති තැන්වල කතා ලියවෙන්න විදිහක්ම නෑ... අදහස් වලට වටිනාකමක් නැති තැන්වල අකුරු නිසදැස් වෙන්න විදිහක්ම නෑ... ආදරේකට අයිතිවාසිකම් නැති තැන්වල හැගීමක් පවතින්න විදිහක්ම නෑ... දවසකට වටිනාකමක් නැති තැන්වල උන්නද මලාද ගානක්ම නෑ... 🖤🤍 @kalakarayo #කලාකාරයො #Tʜᴇ_Aʀᴛɪsᴛsˢʳⁱˡᵃⁿᵏᵃ
පුරා පසලොස් දිනක බබලන සදට පමණක් පෙම් කිරීම හිතවතුනි මම හිතන විදියට එයම පමණක් නොවෙයි ප්‍රේමය වැසී ගිය පසු වලාවක සද යලිත් ඒ දැයි කියා නොකියම අහස් තලයෙන් දෑස් නොගෙනම නැවත එනතුරු මග බැලීමය senna✍️ @kalakarayo #කලාකාරයෝ #Tʜᴇ_Aʀᴛɪsᴛsˢʳⁱˡᵃⁿᵏᵃ
තරහා වෙන්නයි රණ්ඩු වෙන්නයි අපි පුරුදු වු හින්දා එකට ඉද්දීම දුරස් ලෙස පෙනෙන බැදිමක් මට තිබ්බා දුරින් හිටියාම ළගින් ඉන්නම ඔනේ වගේ දැනුනා අම්මා ! , පුරුද්දට වගේ අදත් බත් ටික එ පිගානට , කොළඹ ගිය ලොකු අයියාට බෙදුවා #වෙද_පප්පා89 @kalakarayo #කලාකාරයෝ #Tʜᴇ_Aʀᴛɪsᴛsˢʳⁱˡᵃⁿᵏᵃ
දරන්නට බැරි පාළුවක් වෙලාගත් එක හදවතක් නුඹ නොමැති එක් දිනක් වීය මට නම් කල්පයක් cRazyLil_x 🥀 @kalakarayo #කලාකාරයො #Tʜᴇ_Aʀᴛɪsᴛsˢʳⁱˡᵃⁿᵏᵃ
මන්දාකිණි කලඹා මා එන්නම් නුඹ සොයා දෑතින් අල්ලන් නුඹ ගෙන යන්නම් ඈත ආකහේ ඉම සොයා ... Akash @kalakarayo #කලාකාරයො #Tʜᴇ_Aʀᴛɪsᴛsˢʳⁱˡᵃⁿᵏᵃ