2026 FINAL PACK | COMBINED MATHS - RUWAN DARSHANA
Статистика- Последний пост
- 14 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 13
- Всего постов
- 26
- Тип
- открытый
- Язык
- si
- Категория
- Познавательное (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 4 522
- 1/48двое суток
- 5 200
- 1/72трое суток
- 5 608
Медиана по постам, которые мы застали свежими и померили через сутки.
Посты
තාම physics mcq පිලිබදව ඔබ කතා කරනවා නම් ඔබ වාසනාවන්ත දරුවෙකි.. මෙම ප්‍රකාශයේ සත්‍ය අසත්‍ය බව තෝරන්න
සිරිසගබෝ දන්නේ නැති අයට ඒක පැහැදිලි කිරීම😅 ජනප්‍රවාදයේ එක එක කතා තියෙනවා එක කතාවක් තමයි එයා රජ කෙනෙක්,එයා තමන්ගේ බෙල්ලම තමන්ම කපා ගන්නවා.. * සියතින් ගෙල සිඳ ගැනීම*
🙏🙏🙏physics mcq උත්තර කවුරු එව්වත් බලන්න එපා. අහක යන කරදර කතා කරල ගෙන්න ගන්න එපා. දැන් කොහොමත් ලියලා ඉවරයිනේ. අපි ඉවර වෙලාම බලමු.. සිරිසගබෝ වෙන්න ඕනේ නම් බලන්න
ගොඩාක් අය mcq එක අමාරුයි කියලා දාලා තිබ්බා. සාමාන්‍යයෙන් මගේ අත්දැකීම Mcq එක අමාරු නම් essay,structured Shape වෙන්න දෙන්නේ.ඒ කියන්නේ common දේවල් ඒ නිසා ඒකට ලෑස්ති වෙමු
‼️ නුගේගොඩ සෙයිලින්පෙන් ආයතනයට සහ රුවන් දර්ශන ගුරුතුමන්ගේ පෞදගලික කාර්ය මණ්ඩලයට 2026 උසස් පෙළ අවසන් කල සිසුන් බඳවා ගැනීම.. ✅https://forms.gle/bcNv1W2CiMETZZGH6
මොකෝ තත්වේ?
මොකෝ physics තත්වේ.. බය වෙන්න එපා Physics වුනත් පන්තිවලට වඩා paper එකේ ලකුණු ගන්න පුලුවන් වෙනවා.. කලබල නොවී fit එකේ කරගෙන යන්න
‼️RD ALL ISLAND INSTRUCTING FORM | 2026 ✅https://forms.gle/i4MH7ztTK3FaL2qa8
දැන් physics වලට යමු. Applied ලියපු කොටස් වල හොඳට කරපු කොටස් ගැන විතරක් හිතන්න. සමහර ලමයින්ට චූටි අඩුපාඩු වෙන්න ආති ඒවා විභාගයක සාමාන්‍ය දේවල් ඒවා හිතන්න යන්න එපා. ඒවට ඉතා පොඩි ලකුණු ප්‍රමාණයක් අඩුවෙන්න පුළුවන්.. ඒවා සියල්ලම අල්ලන්න ඕනේ ඊළඟ ප්‍රශ්න පත්‍රවලින්.එහෙම නේද? ============ දැන් හැමෝම physics වලට එමු. මීට පස්සේ චැට් එකේ combined කතා කරන්න යන්න එපා.. =========== ඔයාල ඔහොම කරගත්තට ලන්කාවේ හැම එක්කෙනාම හොදට කරන්නේ නෑ. ඒ නිසා තමන්ගෙන් උපරිම විශ්වාසයෙන් ඊළඟ විෂයට බහිමු. නිදහස් මනසින් physics වලට එන්න
හරි දැන්.චුට්ටක් ඉදල combined මානසිකත්වයෙන් අයින් වෙලා... Physics වලට එමු...
සරල අනුවර්තීය නිකමට බැලුවා මාතෘකා දාලා උගන්නලා ඇති ප්‍රත්‍යස්ථ තන්තු සහ අවිතන්‍ය තන්තු සම්බන්ධ කියලා.. අපි හදපු ගනන් නම් ඕකට වඩා ගොඩ..ක් දිගයි.. === අපේ පන්තියේ පිළිවෙළට වැඩ කරලා සරල අනුවර්තීය අළුත් කියන එකෙක් නම් ඉන්න අමාරුයි. ඉන්නවා නම් ඌට කියලා මගේ කට ගලවන්න ඕනේ
මොකෝ තත්වේ..? අපේ paper class applied 10 ක් වත් ලිව්වා නම් ඒ මට්ටමත් එක්ක අදහ්සක් ඇතිනේ
හැමෝම ඉක්මනින් නිදාගන්න. නිදහස් මනසින් ඉන්න. විනාඩි 5 - 10 ප්‍රශ්න පත්‍රය කියවලා වඩා ලේසි ප්‍රශ්න තෝරගෙන ලියන්න. පොදු උපදෙස් කලින් දුන්න ඒවාම තමයි.. හැමෝම උපරිමයෙන් කරලා එමු. ජයෙන් ජය...❣️❣️
මොකෝ Applied තත්වේ
මම හිතනවා මගේ පැත්තෙන් ගුරුවරයෙක් විදියට වගකීම් ඉෂ්ට කලා කියලා.. ඔයා අපිත් එක්ක මාස 5 ක් වත් අවංකව වැඩ කළා නම් ඔයාගේ හෘද සාක්ෂිය ඔයාට කියයි මම ඔයාව ගොඩනගන්න කොයි වගේ දායකත්වයක් දුන්නද කියලා. .. ======== මෙතනින් පස්සේ අපේ කිසිම දරුවෙක් Pure ගැන කතා කරන්න ඒ ගැන හිතන්න යන්න එපා. (චූටි හරි අඩුපාඩුවක් වුනු ළමයෙකුට දැන් හොඳම දේ නිදහස් මනසින් උපරිමය කරනව කියලා.හිතාගෙන Applied එකට එන එක) Pure එකේ හොඳ විතරක් මනසෙ තියාගෙන Applied පටන් ගමු. Chat එක.open කරන්නම්
දැන් chat එක off කරනවා... පැයකින් වගේ on කරන්නම්... දැන් එක දිගටම හෝ පුංචි rest එකක් අරගෙන Applied එකට set වෙමු.. Pure එක ලියද්දි සුළු සුළු අඩුපාඩු වීම් උනානම් ඒවා ගැන චුට්ටක්වත් හිතන්න එපා. Pure එකී හොඳ පැත්ත විතරක් දකින්න. දැන් අපේ chat එකේවත් වෙන කොහේවත් pure ගැන කතා කර කර ඉන්න යන්න එපා.. හොඳ ළමයි වගේ,Applied මානසිකත්වයට ඉක්මනට එන්න. ..
මතකද දන්නේ නෑ අපි අන්තිම දවසේ අවකලනය ප්‍රස්ථාර සියල්ල මතක් කරල එකට එක ශ්‍රිත වෙන අවස්ථාව එහෙම කියලා.දුන්නා සංකරණ හා සංයෝජන ගාන දැක්කහම දුකත් හිතුනා. අපි ඒවට දඟලපු තරම්.. මතක තියෙනවා දන්නෑ.. මම දිගටම කිව්වා ප්‍රශ්න 7 ම touch එකේ තියාගන්න. එතකොට ලේසි ප්‍රශ්න පහක් හොයාගන්න පුළුවන් කියලා.
මොකෝ තත්වේ ? අපේ target exam එක්ක ගත්තාම ?
без подписи
කිව්ව හැමදේම ලෑස්තීද කියලා දෙපාරක් check කරගන්න.. නිදහස් මනසින් තමන් ගැන උපරිම ආත්ම විශ්වාසයෙන් ඉන්න.හැමෝටම ලොකු දෙයක් කරන්න පුලුවන්.ඒ විශ්වාසය හිතේ තියාගන්න ඔරලෝසුවක් ගෙනියන්න හෙට ටිකක් උදෙන් නැගිටින්න.. Exam time එකට මිනිත්තු 45 -30 කට කලින්වත් exam center එකට යන්න.. Exam Center එක තියෙන තැන ගැන කලින් අදහසක් ගන්න. වාඩිවෙන්න කලින් තමන් ඉන්න තැනට අව්ව වැටෙනවද, වැඩියෙන් හුළං එනවද ඩෙස්ක් එක පුටුව හෙල්ලෙනවද වැස්සොත් තෙමෙනවද කියන ඒවා බලන්න. හදිස්සියේවත් ගැටළුවක් තිබුනොත් එතන ඉන්න ගුරුවරයාට ඒක කියන්න. Exam එකට කලින් යාලුවෝ එක්ක අනවශ්‍ය දේ කියවන්න යන්න එපා.. කොළේ හම්බ වුනු ගමන් අමතක වෙන සූත්‍ර වගේ දේවල් තිබ්බොත් ,ඒක ලියාගන්න. ඉවර වෙලත් exam එකේ දේවල් කතා නොකර එන්න. පටන් ගන්න විනාඩි 15 ක ට කලින් washroom යන්න. ගොඩක් වතුර බොන්න එපා exam එක අතරතුර. හදිස්සියවත් අවශ්‍යතාවයක් ආවොත් එතන ඉන්න ගුරුවරයට කියන්න. වැඩිපුර කොළ ඉල්ලගන්න ලියන්න ( විශේෂයෙන්ම අකුරු ලොකුවට ලියන ලමයි) උදේට කන අය උදේට කාලා යන්න.. තමන්ට අමාරු නම් අනිත් අයටත් මේ වගේම අමාරු ඇති කියලා හිතන්න.. අමතර කියවීම් කාලය ප්‍රයෝජනයට ගන්න ප්‍රශ්න තෝරගන්න. කෙටි ප්‍රශ්න වලට පැය 1/2 උපරිම විනාඩි 40 රචනා ප්‍රශ්න කලබල නැතුව හොඳින් දෙපාරක් තුන් පාරක් කියවන්න. හදන්න පුළුවන් ලේසිම ගානෙන් හදන්න පටන් ගන්න. හදිස්සියේවත් හදන්න ඉන්නම ගානක් අමාරු නම් , කලබල නැතුව ඊළඟට හදන්න ඉන්න ගානෙන් පටන් ගන්න.අනිවාර්යෙන්ම ඔයා අමාරුයි කියල හිතපු සමහර ගානක් ලේසිවටට දීලා ඇති.එහෙම එකක් තියෙනවද කියලත් බලන්න. කලින් ලියල ඉවර වුනොත් ,double check කරන්න. පිළිතුරු පත්‍ර එකතු කරනකම්ම , මොන හරි ලියන්න.අන්තිම මොහොත වෙනකන් එක ලකුණක් හරි වැඩි කරගන්න උත්සාහ කරන්න. * හැමෝටම🙏🥰 ජයෙන් ජය පතනවා*