tgindex
Oʀɪᴏɴɪᴅs | 🪐

Oʀɪᴏɴɪᴅs | 🪐

Статистика

Join us on a journey of cosmic enlightenment!!! 👾Inquiries: @LanaDelRey7x

Последний пост
4 июл. 2025 г.
Последнее чтение
13 авг.
Постов за неделю
0
Всего постов
20
Тип
открытый
Язык
si
Категория
Познавательное (по похожим)
В каталоге с
13 авг.
Подписчики
633
−1 за 1 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
939
20 постов
Вовлечённость
148,3%
к подписчикам
Постов в день
0,0
всего 20
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
1/48двое суток
1/72трое суток

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • We’ve launched! 🚀 Watch our first video on StarCast. Check it out and don’t forget to subscribe!♥️🙌🏻 https://youtu.be/XL_Alg2wbUQ?si=4Od6-Idx7m1UCaAU

  • අන්තර්තාරිය අවකාශයේ ඉදලා සෞරග්‍රහ මණ්ඩලය දෙසට එන object (interstellar object) එකක් හොයාගන්න විද්‍යාඥයන්ට පුළුවන් වෙලා තියෙනවා. මේක නම් කරලා තියෙන්නෙ Comet 3I/ATLAS කියලා. දැනට තියෙන දත්ත වලට අනුව නම් මේක ධුමකේතුවක්. 🌠 ඒත් හරියටම Comet 3I/ATLAS හැදිලා තියෙන්නේ මොනවගෙන්ද කියන එක තවම කියන්න අමාරුයි. විශේෂත්වය වෙන්නේ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ඉදන් එන මේ වගේ object එකක් හොයාගන්න පුළුවන් වුන 3 වෙනි අවස්තාව තමයි මේ. මීට කලින් අන්තර්තාරිය අවකාශයේ ඉදන් සෞරග්‍රහ මණ්ඩලය හරහා ගමන් කරපු Oumuamua කියන ග්‍රාහකය 2017දීත් and 2I/Borisov ග්‍රාහකය 2019දීත් නිරීක්ෂණය කරලා තිබුනා. මේ objects දෙකටම වඩා ATLAS comet එක දීප්තිමත් වගේම විශාලත්වයෙනුත් කීප ගුණයක්ම වැඩියි. Object එකේ හයිපබෝලකාර (hyperbolic) ගමන් මාර්ගය අධ්‍යනය කරන පරීක්ෂකයෝ කියන්නේ මේ object එක අපේ මන්දාකිනියේ කේන්ද්‍රය පිහිටලා තියෙන දිශාවේ (Sagittarius constellation) ඉදන් පැමිණෙනවා කියලා. මේ වෙද්දී සුර්යාගේ ඉදන් සැතපුම් මිලියන 400ක් විතර ඇතින් ගමන් කරන ධුමකේතුව මේ අවුරුද්දේ ඔක්තෝම්බර් මාසේ අගදී සුර්යාට ආසන්නම ස්ථානයෙන් ගමන් කරනවා. (සුර්යාගේ සිට සැතපුම් මිලියන 130ක් ඈතින්). ATLAS සෞරග්‍රහ මණ්ඩලයේ ඇතුල් කොටස හරහා ගමන් කරත් පෘතුවිය එක්ක ගැටීමක් සිද්ද වෙන්නේ නෑ.🌏 ඉතින් මේ වගේ ධුමකේතුවක් සෞරග්‍රහ මණ්ඩලය හරහා ගමන් කලාට පස්සේ නැවත වතාවක් අන්තර්තාරීය අවකාශයට එකතු වෙනවා. 🌌 -Oʀɪᴏɴɪᴅs | 🪐- #NASA #Comet #Interstellar

  • තවත් අන්තර්තාරීය වස්තුවක් සෞරග්‍රහ මණ්ඩලය දෙසට...

  • Fusion කියන්නේ අපි නොමිලේම කරන Astronomy සම්බන්ධ lecture series එකක්. කැමති හැමෝම google form එක fill කරලා join වෙන්න. ❤️🔭

  • Orion Nebula Over Kandy Sky - Date: 03/02/2025 - TIme: 22:00 - 22:30 (GMT +5.30) - Location: Suduhumpola, Kandy Telescope : Svbony 102Ed and 0.8X Focal reducer Svbony Light pollution filter Camera: Canon 650D Mount : ZWO AM5N and ZWO TC40 Tripod

  • Fusion කියන්නේ අපි නොමිලේම කරන Astronomy සම්බන්ධ lecture series එකක්. කැමති හැමෝම google form එක fill කරලා join වෙන්න. ❤️🔭

  • Explore the wonders of the universe, from the depths of distant galaxies to the mysteries of black holes. Reserve your spot now for an enlightening cosmic experience. 🪐🔭 FUSION Astronomy Lecture Series.🌠 To register for this extraordinary journey, simply fill out the Google Form linked below 👇 https://forms.gle/sE6wzJvTTvymChUR8 Those interested in gaining a comprehensive understanding of Astronomy are welcome to participate in this opportunity. 🚀 ©Foundation for Observational Astronomy & Development of Space Sciences.

  • නෙප්චූන් කියන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ සුර්යයාට ඈතින්ම තියන ග්‍රහලෝකය. අනෙක් ග්‍රහලෝක වලට සාපේක්ෂව නෙප්චූන් ගැන ගැඹුරින් අධ්‍යනය කරන්න පුළුවන් වෙන තරම් දත්ත මේ වෙද්දී විද්‍යාඥන් සතුව නැති වෙන්න හේතුවක් තමයි නෙප්චුන් වෙතටම ගිහින් තරමක් විස්තර එවන්න හැකි වුන යානයක් විදිහට තියෙන්නේ Voyager 2 පමණක් වීම. නෙප්චුන්ටත් තරමක සංකීර්ණ වළලු පද්ධතියක් තියෙනවා, ඒ වගේම නෙප්චුන් මත ඉතාම වේගවත් සුළං ධාරාවන් හට ගැනීම සිද්ධ වෙනවා. රූපයේ දැක්වෙන්නේ ජේම්ස් වෙබ් දුරේක්ෂය විසින් ලබාගත්ත Neptune වල ඡායාරූපයක්. මේ වෙද්දී Neptune ගේ ලබාගෙන තියෙන පැහැදිලිම, දත්ත රාශියක් අඩංගු වෙන ඡායාරූපයක් විදිහට මේක හදුන්වන්න පුළුවන්. 1846දී ප්‍රථම වතාවට හදුනාගන්න නෙප්චුන් තියෙන්නේ පෘතුවියයි සුර්යයි අතර දුර වගේ 30 ගුණයක පමණ දුරකින්. 🪐 නෙප්චුන් සෞරග්‍රහ මණ්ඩලයේ අයිස් යෝධයෙක් විදිහට හදුන්වනවා වගේම සෙනසුරු බ්‍රහස්පති වගේ වායුමය ග්‍රහලෝක වලට සාපේක්ෂව තරමක ස්කන්ධයෙන් ඉහල මුලද්‍රව්‍ය (හයිඩ්‍රජන් හා හිලියම් වලට වඩා ) නෙප්චුන් වල තියෙනවා. සෞරග්‍රහ මණ්ඩලයේ ඉතාම වේගවත් සුළං ධාරාවන් ඇතිවෙන තැනක් විදිහට තමයි නෙප්චුන්ව හදුන්වන්නේ. මේ සුළං ධාරාවන් පැයට සැතපුම් 1200 පවා ඉක්මවා යනවා. ඊට අමතරව ප්‍රධාන කොටස් 6කින් පමණ සමන්විත වළලු පද්ධතියක් මෙයාට තියෙනවා. මේක පලවෙනි වතාවට ඡායාරූප ගත කරන්න සමත් වුනේ Voyager 2 යානය මගින්. පෘතුවියෙ ඉදන් වළලු නිරීක්ෂණය තරමක් අපහසුයි. 🔭 වෙබ් දුරේක්ෂයේ Near- Infrared Camera එක භාවිතයෙන් තමයි මේ photo එක ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. නෙප්චුන්ගේ වායුගෝලීය මෙතේන් වායුව අධික ලෙස රතු පැහැයන් හා අධෝරක්ත කලාප ආලෝකයන් අවශෝෂ්ණය කර ගැනීම සිද්ද කරනවා. ඒ හේතුව නිසාම මීට පෙරදී දෘශ්‍ය වර්ණාවලි ආලෝකය හරහා හබල් අභ්‍යවකාශ දුරේක්ෂයෙන් ලබාගත්ත නෙප්චුන් ගේ ඡායාරූප වලට වඩා මේක වෙනස් ආකාරයක් ගන්නවා. ඒ වගේම වෙබ් දුරේක්ෂයේ මේ photo එකෙන් නෙප්චුන් ගේ වායුගෝලයේ කැලබීම් වගේ ලක්ෂණ ගොඩක් දැකගන්නත් පුළුවන්.🌪 ග්‍රහලෝකයට අමතරව ඊට වටා තියෙන උපග්‍රහයන් 7 දෙනෙක්ව ඡායාරූප ගත කරන්නත් වෙබ් දුරේක්ෂයට හැකියාව ලැබිලා තියෙනවා. වම් පැත්තේ ඉහල තියෙන දීප්තිමත් ආලෝක කොටසක්‌ විදිහට පෙන්නේ නෙප්චුන්ගේ Triton චන්ද්‍රයාව. ඝණ නයිට්‍රජන් සහිත සෞරග්‍රහ මණ්ඩලයේ සුවිශේෂී උපග්‍රහයෙක් වෙන Triton එයා මතට පතිත වෙන සුර්යලෝකයෙන් 70%ක්‌ පරාවර්තනය කිරීම සිද්ද කරනවා. මේ Triton බොහෝවිට නෙප්චුන්ගේ ගුරුත්වය මගින් අල්ලගත්ත ග්‍රාහකයක් වෙන්න පුළුවන් බවට තමයි විද්‍යාඥයයෝ මත පල කරන්නේ. ඉතින් අනාගතයේදී ජේම්ස් වෙබ් දුරේක්ෂය Neptune සහ Triton ගැන තවදුරටත් වැඩිදුර හදාරන්න නියමිත බව නාසා ආයතනය කියනවා. 🪐✨ -Oʀɪᴏɴɪᴅs | 🪐- #Neptune #JWST #SpaceUpdates

  • වෙබ් දුරේක්ෂයෙන් නෙප්චුන්ගේ ඡායාරූප...🪐

  • යාලුවනේ, ටික කාලයක් Post දාන්න බැරි උනා...🥲 හෙට ඉදන් ආයෙමත් දානවා..

  • 2018දී අගහරු මතට ගියපු Insight Lander එක මගින් අවුරුදු ගානක් එකතු කරගත්ත දත්ත අධ්‍යනය කිරීමකින් පස්සේ අගහරුගේ පාෂණමය මතුපිටට යටින් ජලය තියෙන බව හොයාගන තියෙනවා.🫧 අගහරුගේ ධ්‍රැව ප්‍රදේශ වල ජලය තියන බව මීට කලින් තහවුරු කරන් තිබ්බේ. Insight දත්ත වලින් අනාවරණය වුන මේ ජල මුලාශ්‍ර තියෙන්නේ මතුපිටට කිලෝමීටර් 10-20ක් විතර ගැඹුරින් නිසා අනාගත අගහරු ජනාවාසකරණයකදී මේ ජලය ලබාගන්න එක තරමක් අසීරු වෙයි.🚀 අවුරුදු බිලියන ගානකට කලින් අගහරු මතුපිට ජලය ගලන් ගියපු තැන් ගොඩක් දැනටත් බලාගන්න පුළුවන්.🏞නමුත් අගහරුගේ වායුගෝලයට උන පරිහාණිය නිසා මතුපිට ජලයත් ක්‍රමක්‍රමයෙන් නැති වෙලා ගිහින් අද වෙද්දී අහහරු වායුගෝලයේ ඉතිරි වෙලා තියෙන්නේ ජල වාෂ්ප 0.02%ක් වගේ ඉතාම පොඩි ප්‍රමාණයක්. -Oʀɪᴏɴɪᴅs | 🪐- #Mars #Insight #SpaceUpdates

  • සෙනසුරු සහ සෙනසුරුගේ චන්ද්‍රයන් ගැන ඉතාම වැදගත් සොයාගැනීම් ගොඩක් කරන්න පුළුවන් උන mission එකක් තමයි Cassini- Huygens කියන්නේ. මේ තියෙන්නේ Cassini යානයෙන් 2007දී ලබාගත්ත සෙනසුරුගේ ඡායාරූපයක්. සෙනසුරු ගේ ඉදන් කිලෝමීටර් මිලියනයක් විතර දුර ඉදන් අරන් තියන මේ photo එකෙන් සෙනසුරුගේ වළලු වලින් කොටසක් පැහැදිලිව බලාගන්න පුළුවන්. Photo එක ගන්න වෙලාවේදී සෙනසුරුගේ එක පැත්තකට සුර්යාලෝකය වැටිලා ආලෝකමත් වෙලා තියෙන්නේ. 🌅 Cassini යානයත් එක්ක සෙනසුරු වලට ගිය Huygens probe එකට පුළුවන් උනා 2004දී Titan චන්ද්‍රයා වෙතට ගොඩබැස්මක් සිද්ද කරන්නත්. සෙනසුරු වළලු active බව, සෙනසුරු මත ඇතිවෙන කුණාටු, ටයිටන් ගේ නයිට්‍රජන් සහිත ඝණ වායුගෝලය ගැන වගේම තවත් තොරතුරු ගොඩක් හොයාගන්නත් ඡායාරූප විශාල ප්‍රමාණයක් පෘතුවියට එවන්නත් හැකියාව ලැබුණු Cassini - Huygens mission එක 2017දී සාර්ථකව අවසන් උනා.🪐✨ -Oʀɪᴏɴɪᴅs | 🪐- #Saturn #Cassini #Article

  • Join Orionids | Discussion:

  • මීට දවස් කීපයකට කලින් අගහරු මත ඉන්න NASA Perseverance රෝවරයට පුළුවන් උනා සුවිශේෂී සොයාගැනීමක් කරන්න. මේ සොයාගැනීම කරන්න පුළුවන් උනේ රෝවරයේ 22වන පාෂණ සාම්පලය ලබා ගැනීමත් එක්ක. සාම්පලය ලබගත්තේ Cheyava Falls කියලා හදුන්වන අගහරුගේ පාෂණ කොටසකින්. දැනට දන්න තොරතුරු අනුව, පරීක්ෂණ කණ්ඩායම කියන්නේ මේක අතීතයේ අගහරු වල ක්‍ෂුද්‍ර ජීවි මට්ටමේ ජීවි විශේෂ හිටියා කියන එක තහවුරු කරන්න හොද සාක්ෂියක් වේවි කියලා. නමුත් ජීවීන් සිටි බවට හරියටම තහවුරු කරගන්න නම් සාම්පලය ගැන තවදුරටත් අධ්‍යනය කිරීමක් කරන්න ඕනි. 🔬 Perseverance ලබාගත්ත අගහරු පාශාන සාම්පලයේ රසායනික ව්‍යුහය පරික්ෂා කරන්න යොදාගන තියෙන්නේ රෝවරයේම තියන SHERLOC (Scanning Habitable Environments with Raman & Luminescence for Organics & Chemicals) කියන උපකරණය. මේ උපකරණයට පුළුවන් වෙලා තියෙනවා පාෂණ කොටසේ ජීවයට ඉතාම වැදගත් කාබනික සංයෝග අඩංගු බව හොයාගන්න. ජූලි 21 වෙනිදා Neretva Vallis කියන අතීත ගංගා නිම්නයෙන් තමයි Perseverance මේ පාෂණ සාම්පලය එකතු කරගන්න සමත් වුනේ. මීට කලින් අගහරු මත කාබනික සංයෝග තියන බව හොයාගන්න 2014දී Curiosity රෝවරයට හැකියාව ලැබුණා. විශේෂ කරුණක් තමයි Perseverance විසින් අධ්‍යනය කරපු Cheyava Falls පාශාන කොටසේ Iron Phosphate අඩංගු කොටස් තිබෙන බව සොයාගැනීම. මේ විදිහේ Iron Phosphate කොටස් අපි පෘතුවිය මතදීත් හොයාගන තියෙනවා. ඒවා ඇතිවෙලා තියෙන්නේ පෘතුවියේ මුල්ම ක්‍ෂුද්‍ර ජීවි විශේෂ ඇතිවුන තැන්වල. ක්‍ෂුද්‍ර ජීවීන් ශක්තිය ලබාගන්නකොට ඇතිවෙන ප්‍රතික්‍රියා වලින් තමයි මේ වගේ යකඩ පොස්ෆේට කොටස් නිර්මාණය සිද්ද වෙන්නේ. අගහරු මතත් මේ සංයෝග නිර්මාණය උනේ ජීවීන් විශේෂයක ප්‍රතිපලයක් විදිහට ද? 👀 මේ කාරණා ගැන හරියටම අවබෝධයක් ගන්න නම් රෝවරයෙන් එකතු කරගන්න සාම්පල පෘතුවියට රැගෙන එන්න සිද්ද වෙනවා. දශක ගණනාවක්ම Mars Sample Return mission එකක් කරන්න විවිධ රටවල් වලින් plan කරා. නමුත් සැතපුම් මිලියන 33ක් දුරින් තියන අගහරු වලින් සාම්පල පෘතුවියට ගේනවා කියන එක ඒ තරම් පහසු කටයුත්තක් නෙමෙයි. මේ දේ කරන්න ඉතාම සංකීර්ණ මෙහෙයුමක් ඕනි වෙනවා. ඒ වගේම විශාල මුදලකුත් වැය වෙනවා. දැනට plan කරලා තියන mission එක සම්පුර්ණ කරලා සාම්පල පෘතුවියට ගෙන්නගන්න අපිට 2040 වෙනකල් බලන් ඉන්නත් වෙනවා. මේ නිසාම ඇමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපීය අභ්‍යාවකාශ ඒජන්සිය එකතු වෙලා දැන් මීට වඩා ඵලදායි, අඩු කාලයක් වැය වෙන mission එකක් නිර්මාණය කරන්න කටයුතු කරමින් ඉන්නේ. අනාගතයේ යම් දවසක අගහරු සාම්පල පෘතුවියට ගේන්න එක සාර්ථක වීම විද්‍යා ක්ෂේත්‍රය අත්පත් කරගන්න විශාල ජයග්‍රහණයක් වේවි. ✨ -Oʀɪᴏɴɪᴅs | 🪐- #Mars #SpaceUpdates #Article

  • Perseverance ගෙන් නවතම සොයාගැනීමක්...

  • "One small step for [a] man, one giant leap for mankind" -Astronaut Niel Armstrong 55 years ago today, USA changed the world & captured the world's attention!!! 🇺🇸🚀

  • චන්ද්‍රයාගෙ මතුපිට ගුහාවක් හොයාගන්න විද්‍යාඥයොන්ට පුළුවන් වෙලා තියෙනවා.🌒 මේ ගුහාව තියෙන්නේ නීල් ආම්ස්ට්‍රෝන් මුලින්ම හද මත පා තියපු ප්‍රදේශය වෙන Sea of Tranquility වල. Mare Tranquillitatis pit කියන චන්ද්‍රයාගෙ හොයාගන තියන ගැඹුරුම වල ඇතුලෙ තමයි මේ මීටර් 80ක් දිග ගුහාව හොයාගන තියෙන්නේ. නාසා Lunar Reconnaissance Orbiter (LRO) එකේ radar දත්ත වලට අනුව ගුහාව පිහිටන්නේ චන්ද්‍ර මතුපිටට මීටර් 150ක් විතර ගැඹුරින්. අනාගත චන්ද්‍ර ගවේෂණ වලදී ගගනාගාමින්ට කොස්මික් කිරණ, අහිතකර සුර්යය විකිරණ වගේම කුඩා උල්කාපාත වලින් ආරක්ෂා වෙන්නත් මේ වගේ ස්ථාන ගොඩක් දුර‍ට ප්‍රයෝජනවත් වෙයි.☢ උෂ්ණත්වයත් චන්ද්‍රයාගෙ මතුපිට ට වඩා ස්ථාවර නිසා උෂ්ණත්ව වෙනස්වීම් වලට මුහුණ දෙන්නත් මේ තැන් ගොඩක් ප්‍රයෝජනවත් වේවි. ලාවා ගලා යාම නිසා හැදිලා තියන මේ විදිහේ ව්‍යුහයන් 200කට වඩා දැනට හදුනාගන තියෙනවා. විශේෂම කාරණය වෙන්නේ මේ ගුහා වල Moon base එකකට වැදගත්ම වෙන ජලය තියෙන්නත් හැකියාව තිබීම. 🌊 මේ ගැන හරියටම තහවුරු කරගන්න අපිට තව ටික කාලයක් බලන් ඉන්න සිද්ද වෙනවා...👀 -Oʀɪᴏɴɪᴅs | 🪐- #Moon #SpaceUpdates #Article

  • без подписи

  • චන්ද්‍රයාගේ ගුහාවක්? 🌘👀

  • без подписи