tgindex
Andromeda Astro

Andromeda Astro

Статистика

Youtube - https://youtube.com/@andromeda1420 Promotions and Inquiries - @dckarunarathne

Последний пост
5 нояб.
Последнее чтение
13 авг.
Постов за неделю
0
Всего постов
20
Тип
открытый
Язык
si
В каталоге с
13 авг.
Подписчики
6 685
−21 за 5 дн.
Сутки
−1
−0,01%
Неделя
 
Месяц
 
Просмотров на пост
3 743
20 постов
Вовлечённость
56,0%
к подписчикам
Постов в день
0,0
всего 20
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
1/48двое суток
1/72трое суток

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 5 нояб.3 5842218

    https://youtube.com/shorts/bpG7okz-xT0?si=mhSoyPgzUGufxLl5

  • 29 окт.3 482135

    https://youtu.be/ivlEUV0tfY4?si=BXzKGxwI9ezb7-K7

  • ඔන්න අද තමයි දවස.😍🌕 අද (6) රෑට බලන්න එහෙනම්.🌝 සාමාන්‍යෙන් Supermoon අවස්ථාවක චන්ද්‍රයා Micromoon අවස්ථාවක චන්ද්‍රයා, ඒ කියන්නෙ පෘථිවියට දුරස්ථම ලක්ෂයේ තිබියදී පෙනෙන පුර සඳ සාපේක්ෂව 14%ක් වැඩිපුර විශාලවත්, 30%ක් වැඩිපුර දීප්තිමත්වත් දිස්වෙනවා. ඒවගේම සාමාන්‍ය පුර සඳ, ඒ කියන්නෙ පෘථිවියට කිලෝමීටර් 384,400ක් දුරින් තියෙද්දි පෙනෙන පුර සඳට වඩා 6.4%ක් වැඩිපුර විශාලවත්, 16%ක් වැඩිපුර දීප්තිමත්වත් දකින්න පුලුවන්. විශාලත්වයේ වෙනසනම් ඇතැම් අයට පියවී ඇසට හඳුනගන්න ටිකක් අපහසු වෙන්න පුලුවන්. ඔබ මීට පෙර micromoon එකක් නිරීක්ෂණය කරලා තියෙනවනම් වෙනස අඳුරගන්න පුලුවන් වෙයි. හැබැයි දීප්තියෙ වෙනසනම් ඕනෙම කෙනෙක්ට පැහැදිලිව අඳුරගන්න පුලුවන්. Andromeda Astro

  • 7 сент. 2025 г.11,8 тыс18086

    අද (7) රෑ හැමෝම බලන්න එහෙනම්🌝❤️ වැඩි විස්තර - https://youtu.be/wNUOc0kJSHY?si=OCVgd8X-voacTVjM

  • без подписи

  • අද හඳ 🌙❤️✨️ Telescope - 6inch Newtonian reflective telescope Eyepiece - 40mm and 23mm wide angle eyepieces Camera - Samsung S20 mobile phone camera 📷 Dinujaya Karunarathne © Andromeda Astro

  • දැන් පොඩ්ඩකට කලින් ගත්තු ක්ෂීරපතයෙ ෆොටෝ එකක් ❤️✨️ දකුණු පහළ කෙළවරේ ඉරක් වගේ තියෙන්නෙ Satellite එකක්. Andromeda Astro

  • මේ සංසිද්ධියට කියන්නෙ 22° Sun halo එකක් කියල. පොලොවේ සිට කිලෝ මීටර 5-10km පමණ ඉහළ වායුගෝලයේ නිර්මාණය වන Cirrostratus වර්ගයේ වලාකුළු තුළ පවතින ෂඪාස්‍රාකාර අයිස් පුළිගු නිසායි මෙවැනි සංසිද්ධියක් අපට දැකගැනීමට ලැබෙන්නෙ. මේවා මයික්‍රෝමීටර ප්‍රමාණයේ විශාලත්වයකින් යුතු පුළිඟු. ඒවා රාශියක් මේ වලාකුළු තුළ අන්තර්ගත වනවා. ඉතින් සූර්යයාලෝකය මේ වළාකුලු තුල ඇති අයිස් පුලිඟු හරහා එද්දි අංශක 22ක වර්තන කෝණයක් සහිතව ඒ අයිස් පුළිඟු තුළින් වර්තනය වීම සිදුවනවා. එතකොට අපිට සූර්යයා වටා අංශක 22ක අරයක් සහිත ආලෝක වළල්ලක් දැකගැනීමට ලැබෙනවා. මේ සංසිද්ධිය ලංකාවේ සෑම ප්‍රදේශයකට එකවිට දිස්වන්නේ නැහැ. ඔබ සිටිනා ප්‍රදේශයට ඉහළ අහස මෙවැනි අයිස් පුළිඟු සහිත වලාකුළු වලින් ආවරණය වී තිබේනම් පමණයි එය ඔබට දැකගැනීමට ලැබෙන්නෙ. ඒවගේම මේ සංසිද්ධිය සූර්යයා වටා පමණක් නොවෙයි දැකගන්න ලැබෙන්නෙ. රාත්‍රී කාලයේදී ඔබ සිටින ප්‍රදේශයට ඉහළ අහසේ මේ අයිස් පුළිඟු සහිත වලාකුළු පවතිනවනම් ඔබට සඳ වටාත් මෙවැනි ආලෝක වලල්ලක් ඇතිවෙන ආකාරය නිරීක්ෂණය කරන්න පුලුවන්. මෙවැනි Halo එකක් සූර්යයා වටා හෝ චන්ද්‍රයා වටා ඇතිවීම ඉදිරි කාලයේදී වර්ෂාව ඇතිවන බවට පෙරනිමිත්තක්. මොකද Cirrostratus වර්ගයේ වලාකුළු ඇතිවන්නේ බොහෝවිට ඉහළ අහසේ කුණාටු තත්වයක් ආරම්භවීමට පෙර. මේ නිසා විඳ්‍යාඥයින් පවසන්නෙ මෙවැනි Halo එකක් දිස්වූ ප්‍රදේශ වලට එය දිස්වී පැය 24ක් ඇතුලට බොහෝවිට වර්ෂාව ඇතිවිය හැකි බවයි. Image Credit : Chamara Sampath ✍️ Andromeda Astro

  • без подписи

  • ලංකාවෙ ඇතැම් ප්‍රදේශ වලට දැන් 22° Sun Halo එකක් පේනවා. ❤️✨️👇 ⚠️️කෙලින් ඉර දිහා බලන්න යන්න එපා. ඉර එළියෙන් ඇස් ආවරණය වෙන විදිහකට බලන්න. නැත්නම් ෆොටෝ එකක් අරන් බලන්න.

  • කියුරියෝසිටි රෝවරය මේ චායාරූපය ලබාගත්තේ පසුගිය ජූලි 24 වෙනිදා. ඒ එම රෝවරය අඟහරු මත ක්‍රියාකාරීව පවතින 4608 වන අඟහරු දිනයේදී. 🌝 ඇත්තෙන්ම මේ චායාරූපයේ දැක්වෙන්නේ එම රෝවරය චායාරූප ගත කල එක කොරල් වැනි ව්‍යුහයක් සහිත පාෂාණයක් විතරයි. තවත් මේ වගේ පාෂාණ ගණනාවක්ම එය මීට පෙර නිරීක්ෂණය කර තිබෙනවා. මේ පාෂාණ ඇතිවී තිබෙන්න්නෙ බොහෝදුරට අඟහරු මත අතීතයේදී ගලා ගිය ජලය නිසා වෙන්න පුලුවන්. -ඒ කොහොමද?🤔 +මෙහෙමයි🤓👇 පෘථිවිය මත පවතින පාෂාණ පර්වත වල තැනින් තැන කුඩා පැලීම් ඇතිවී තිබෙන අවස්ථා ඔබ ඕනෙතරම් දැකලා ඇති. ඒවගේ පැලීම් අඟහරු මත තිබෙන පාෂාණ වලත් දකින්න ලැබෙනවා. ඉතින් අතීතයේදී අඟහරු මත පැවති ජලය මේ පාෂාණ වලට ඉහළින් ගලා ගිහින් තියෙන්න පුලුවන්. අන්න එතකොට ඒ ජලය මේ පැලීම් හරහා කාන්දු වෙලා පැලීම් ඇතුලෙ තැන් තැන් වල තැන්පත් වීම සිදුවෙනවා. ඔබ දන්නවනේ ජලය තුළ ඛනිජ වර්ග අඩංගු වෙනවා කියල.😉 ඉතින් අඟහරු මතින් ජලය තුරන් වෙන කාලය එළඹෙනකොට මේ ජලය ගලාගිය මාර්ග සියල්ලත් සිඳී ගියා. එතකොට ඒ පැලීම් තුළ තැන්පත් වූ ජලයත් වාෂ්පවෙලා යනවා.😕 එතකොට ඒ ජලයේ අඩංගු ඛනිජ ටික ඒ පැලීම් තුළ ඉතිරි වෙනවා. ඒ පැලීම් දිගටි ස්වභාවයක් ගන්න නිසා මේ ඛණිජ ඉතිරි වෙන්නෙත් ඒ පැලීම් වල හැඩයට දිගටි ව්‍යුහයන් සාදමින්. ඒ ව්‍යුහ වලට කියන්නෙ "Minerals veins" කියල. මේ "Minerals veins" අවට තියෙන පාෂාණ වලට වඩා ගොඩක් ශක්තිමත්. ඒවා ලේසියෙන් ඛාදනය වෙන්නෙ නෑ. ඉතින් ජලය තුරන් උනාට පසුව අඟහරු මත ඇතිවුනු දුහුවිලි සහ වැලි කුණාටු ඉතා දිගු කාලයක් තිස්සෙ ක්‍රියාත්මක වෙද්දි මේ Minerals veins අවට තියෙන පාෂාණ ඛාදනයට ලක් වෙනවා. Minerals veins ගොඩක් ශක්තිමත් නිසා ඛාදනය වෙන්නෙ නෑනෙ. ඒ නිසා ඒවා විතරක් අන්තිමට ඉතිරි වෙනවා. ඒ ඉතිරි උන Mineral veins තමයි අද අඟහරු මත තැනින් තැන මේවගේ දකින්න තියෙන්නේ.😃 මේවගෙ සමහර ඒවා ඉතින් කොරල් වගේ ව්‍යුහයකින් දකින්න පුලුවන්. තව සමහර ඒවා පණුවො හැඩැති, දඬු හැඩැති වගේ විවිධ දිගටි ආකාර ව්‍යුහ වලින් දකින්න තිබෙනවා. හැඩය තීරණය වෙන්නෙ ඉතින් අර පැලීම් හරහා කාන්දු වුන ජලය තැම්පත් වූ ස්ථානයේ හැඩය අනුව තමයි.✨️ Andromeda Astro

  • කොරල් වැනි ව්‍යුහයක් සහිත පාෂාණ අඟහරු මත!😲👇

  • без подписи

  • අද උදේ සිකුරු සහ බ්‍රහස්පති එකිනෙකට සමීපව පෙනුන හැටි.❤️✨ වම් පැත්තෙන් පේන දීප්තියෙන් අඩු ග්‍රහලෝකය බ්‍රහස්පති. අනෙක සිකුරු. අද තමයි උපරිම සමීපව දිස්වුනේ. ඒ අවස්ථාවෙදි ග්‍රහලෝක දෙක අතර කෝණික පරතරය කලා 53ක් වගේ උනා. හෙට සහ අනිද්දත් මේක බලන්න පුලුවන්. හැබැයි අද තරම් සමීපයෙන් පේන්නෙ නෑ. ටිකක් ඈත් වෙලා පෙනෙයි. ඒවගේම හෙට මේක බලන ගමන් perseids උල්කා වර්ෂාව බලන්නත් පුලුවන්.😇✨ © Andromeda Astro

  • හෙට පාන්දර සිකුරු සහ බ්‍රහස්පති එකිනෙකට ඉතා සමීපව දකින්න පුලුවන්!❤️✨ සම්පුර්ණ විස්තරය - https://youtu.be/kbrlxGF7mvI?si=CYI0xEftKa-I8ZrT

  • මේක ලස්සන event එකක් 🌝❤️ ඔන්න miss කරගන්න එපා.😌 🛰️👇 📌හෙට එනම් අගෝස්තු 3 රාත්‍රී 7.22ට විතර අහස මුදුන ප්‍රදේශය බලාගෙන හිටියොත් මේ ෆොටෝ එකේ වගේ චන්ද්‍රිකා කිහිපයක් තනිපෙළට ගමන් කරන ආකාරය දැකගන්න පුලුවන් වෙයි. 📌මෙහෙම ගමන් කරන්නෙ SpaceX සමාගමට අයත් Starlink G10-29 නැමැති චන්ද්‍රිකා සමූහය. 📌ඉහත සඳහන් කල වෙලාව වනවිට එය නිරිතදිග අහසෙන් දිස්වීමට පටන්ගෙන අහස මුදුන හරහා ඊසානදිග අහස දෙසට ගමන් කරාවි. 📌ලොකු දීප්තියකින් දිස්වෙන්නෙ නැහැ. ගොඩක් දුරට ඔරායන් තාරකා රාශියෙ වම් උරහිස නිරූපණය කරන Bellatrix තාරකාවේ දීප්තිය තරම් වෙයි. © Andromeda Astro

  • 3I/ ATLAS ලෙස හඳුන්වන මේ වස්තුව මුලින්ම අණාවරණය කලේ පසුගිය ජූලි 1 වෙනිදා. මේක අපේ සෞරග්‍රමණ්ඩලයට ඇතුළු වූ තුන්වන ආගන්තුක වස්තුව ලෙස හඳුන්වන්න පුලුවන්. මුලදිම කරපු නිරීක්ෂණ වලින් පෙනී ගියා මේක ධූමකේතුවක් බව. හැබැයි විශේෂත්වය ඒක අපි දකින අනික් ධූමකේතු වගේ අපේ සෞරග්‍රමණ්ඩලයට අයිති එකක් නෙමෙයි. බොහෝදුරට වෙනත් ග්‍රහ මණ්ඩලයකින් නිකුත් වුන එකක්. ඉතින් මේ Gemini north නිරීක්ෂණාගාරයේ දුරේක්ෂ මඟින් ලබාගත් මෙහි සමීප චායාරූප වලිනුත් එය ධූමකේතුවක් බව තව තවත් තහවුරු වෙනවා. පළවෙනි චායාරූපයේ තියෙන්නෙ ඒ ධූමකේතුවේ සමීප චායාරූපයක්. එහි කොමාව සහ න්‍යෂ්ටිය පැහැදිලිව දකින්න පුලුවන්. ඒවගේම දෙවෙනි චායාරූපයේ තියෙන්නෙ එහි ගමන් පථය. ඒ චායාරූපය, Filters තුනක් භාවිත කරලා ලබාගත්තු චායාරූප කිහිපයක එකතුවක්. ඒ නිසයි රතු, නිල් සහ කොළ වර්ණ පේන්නේ. ඒවගේම ඇතැම් අය මේක පිටසක්වල යානයක් බව හුවා දක්වන්න උත්සහ කරලා තියෙනවා. (ඇතැම් විදෙස් වෙබ් අඩවි පවා) නමුත් ඒවගේ දෙයක් තහවුරු කරන්න ප්‍රමාණවත් කිසිම සාක්ෂියක් නෑ. මේ වස්තුව ගැන මම වැඩි විස්තර කතාකරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. මොකද ඒක හඳුනාගත්තු දවස් වලම ඒ ගැන සම්පුර්ණ වීඩියෝ එකක් කලා. ඉතින් වැඩි විස්තර දැනගන්න අවශ්‍ය අය ඒ වීඩියෝ එක බලන්න. ආයෙ මේ ගැන අලුත් update එකක් ආවොත් දැනුවත් කරන්නම්. © Andromeda Astro

  • без подписи

  • සෞරග්‍රමණ්ඩලයට ඇතුළු වූ පිටස්තර වස්තුව Gemini North චායාරූපගත කරයි.😲❤️

  • Milkyway එකත් එක්ක උල්කා දෙකක් Capture උනා.😍✨️ මේ ඊයෙ රෑ 9.20 ට විතර. ඔයාලා උල්කා කීයක් දැක්කද? දැකපු ගාන පහළින් කමෙන්ට් කරගෙන යන්න. ඒවගේම Capture කරානම් ඒවත් දාන්න හැමෝටම බලන්න.❤️ Device - Samsung S20 📷 Dinujaya Karunarathne © Andromeda Astro