tgindex
❄️ NEWS sinhala - සිංහල පුවත් 🇱🇰

❄️ NEWS sinhala - සිංහල පුවත් 🇱🇰

Статистика

සිංහල පුවත් ඒසැණින් 🗞

Последний пост
17 дек.
Последнее чтение
13 авг.
Постов за неделю
0
Всего постов
20
Тип
открытый
Язык
si
Категория
Новости и СМИ
В каталоге с
13 авг.
Подписчики
777
−1 за 1 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
112
20 постов
Вовлечённость
14,4%
к подписчикам
Постов в день
0,0
всего 20
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
1/48двое суток
1/72трое суток

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • ⚠ https://liveat8.lk/feed/ — I already did 356 attempts to fetch this feed and I failed every time. The last error was: HTTP 403: Forbidden. Ether the URL is private or the server is run by an asshole who's using anti-bot protection which successfully protected the website from me. So I'm deleting it from your subscription /list.

  • පුද්ගලික රක්ෂණ සමාගමක නියෝජ්‍ය සභාපතිවරයෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට පුද්ගලික රක්ෂණ සමාගමක සේවය කළ නියෝජ්‍ය සභාපතිවරයකු අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම මගින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. රජයේ රස ප්‍රීක්ෂක කා‍ර් යාලයේ සේවය කළ ඩී.එච්.එල්.ඩබ්ලිව්.ජයමාන්න පසුගිය 05 වැනිදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේ නීත්‍යනුකූල නොවන ආකාරයට වාර්තා ලබාදීම සඳහා රක්ෂණ සමාගමකින් අල්ලස් ලෙස රු.6,415,050.00 ( හැට හතර ලක්ෂ පහළොස් දහස් පනහක් )අල්ලස් ලෙස ලබාගැනීමේ චෝදනාව යටතේයි. ඊට අදාලව එම අල්ලස් මුදල ලබාදීමෙන් ඉහත සමාගමට අයුතු ලාභයක් සිදුකර ඩී.එච්.එල්.ඩබ්ලිව්.ජයමාන්න නමැත්තා සිදුකර ඇති දූෂණය නමැති වරදට ආධාර අනුබල දීමේ වරදට ඔහු අත් අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම සඳහන් කළා. අත් අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. The post පුද්ගලික රක්ෂණ සමාගමක නියෝජ්‍ය සභාපතිවරයෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට appeared first on LIVE at Sri Lanka. https://liveatsrilanka.lk/%e0%b6%b4%e0%b7%94%e0%b6%af%e0%b7%8a%e0%b6%9c%e0%b6%bd%e0%b7%92%e0%b6%9a-%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b6%ab-%e0%b7%83%e0%b6%b8%e0%b7%8f%e0%b6%9c%e0%b6%b8%e0%b6%9a-%e0%b6%b1%e0%b7%92/

  • මහවැලි අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කීර්ති කොටගම අත්අඩංගුවට මහවැලි අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කීර්ති බණ්ඩාර කොටගම දූෂණ වරද සහ පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහවැලි අධිකාරියට අයත් ඉඩමක ඉදිකර ඇති ගොඩනැගිල්ල ඇතුළු දේපළ 2022 වසරේ මැයි 09 ජනතා අරගලයේ දී හානියට පත් වූ පසු වන්දි ලබාගැනීමට උපයෝගී කර ගැනීම සඳහා එම දේපළ මොණරාගල දිත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂීන්ද්‍ර රාජපක්ෂගේ සේවකයකු වන මනෝජ් හේමලාල් ඒකනායක නමින් බලපත්‍රයක් සකස් කිරීම සඳහා තමා යටතේ සේවය කරන ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ව්ලව කලාපයේ නේවාසික කළමනාකරු අතුළු එහි නිලධාරීන්ට බලපෑම් සිදු කිරීම ඔහුට ඇති එක් චෝදනාවක් වනවා. ශෂින්ද්‍ර රාජපක්ෂට ඉහත වන්දි මුදල් ලබාගැනීම සඳහා ආධාර අනුබල කිරීමෙන් 1992 අංක 12 දරණ පොදු දේපළ පනතේ 5(01) වගන්ති‍යට අනුව වරදක් කිරීමට අනුබල දීම අනෙක් චෝදනාවයි. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසන්නේ 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 133 සහ 135 වගන්තිය සමග කියවෙන එම පනතේ 111 වගන්තියේ සඳහන් දූෂණය නමැති වරද සිදු කිරීම මත කීර්ති බණ්ඩාර කොටගම ඊයේ (09) අත්අඩංගුවට ගත් බවයි. The post මහවැලි අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කීර්ති කොටගම අත්අඩංගුවට appeared first on LIVE at Sri Lanka. https://liveatsrilanka.lk/%e0%b6%b8%e0%b7%84%e0%b7%80%e0%b7%90%e0%b6%bd%e0%b7%92-%e0%b6%85%e0%b6%b0%e0%b7%92%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b7%84%e0%b7%92%e0%b6%a7%e0%b6%b4%e0%b7%94-%e0%b6%85/

  • නායයාම් අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකතනයන් සහ එම ආයතනය මගින් නායයෑම් සහිත ප්‍රදේශවල ස්ථාපිත කර ඇති ස්වංක්‍රීය වාර්ෂා මානයන්ගෙන් ලබා ගන්නා තත්කාලීන දත්ත පදනම් කරගනිමින් නායයෑම් පූර්ව අනතුරු ඇගවීම් නිකුත් කරන බව සඳහන් කරනවා. එම සංවිධානය පෙන්වා දෙන්නේ මෙම පූර්ව අනතුරු ඇගවීම් ඉදිරි පැය 24 ක කාලයක් සදහා පමණක් නිකුත් කරනු ලබන අතර වර්ෂාපතනයේ වෙනස්වීම් මත පදනම්ව අදාල අයුරින් යාවත්කාලීන කරන බවයි. තවද මෙම පූර්ව අනතුරු ඇගවීම් කලාපීය (Regional) මට්ටමින් නිකුත් කරනු ලබන අතර හදුනාගත් නායයෑම් අවදානම් ස්ථානයන්හි ජීවත්වන ජනයාගේ සහ අවදානම් බෑවුම් ආශ්‍රිතව ජීවත්වන ජනයාගේ ජීවිත ආරක්ෂා කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සදහා ඉලක්ක කර අදාල නිවේදන නිකුත් කරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අවධාරණය කරනවා. කලාපීය මට්ටමින් නිකුත් කරනු ලබන පූර්ව අනතුරු ඇගවීමක් සමස්ථ ප්‍රදේශයක් ආවරණය වන පරිදි නිකුත් කලද එයින් එම ප්‍රදේශ තුල අස්ථාවර ස්ථානවල නායයෑම් සම්භාවිතාව පිළිබදව දැනුම්දීමක් සිදු කරනු ලබන අතර එමගින් සමස්ථ ප්‍රදේශයම නායයෑමකට භාජනය වන බව අදහස් නොකරන බවත් අදාල නිවේදනයෙන් පැහැදිළි කරනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මෙම කලාපීය පූර්ව අනතුරු ඇගවීම් නිකුත් කිරීමේ ක්‍රමවේදය ලෝකයේ අනෙකුත් රටවල් භාවිතා කරන සම්මත විද්‍යාත්මක ක්‍රමවේද වලට අනුගතව සිදු කරනු බවයි. තවද මෙවැනි (නායයෑම් වැනි) ස්වාභාවික සංසිද්ධීන් කළමනාකරණය සදහා පවතින විද්‍යාත්මක ක්‍රමවේදයන්හි සීමාවන් පවතින බවත්, මෙම ව්‍යසනය සියළු දෙනාහට අභියෝගාත්මක තත්ත්වයක් බැවින් පවතින මෙම තත්ත්වන් තේරුම් ගනිමින් එකිනෙකාට චෝදනා කරගැනීමෙන් තොරව කැපවීමෙන් කාර්යයේ නියුතු නිලධාරීන් ධෛර්යමත් කරමින් අවබෝධයෙන් සහ ඉවදීමෙන් කටයුතු කල යුතුව ඇති බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සිය නිවේදනයේ වැඩිදුරටත් පවසා තිබෙනවා. The post නායයාම් අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් appeared first on LIVE at Sri Lanka. https://liveatsrilanka.lk/%e0%b6%b1%e0%b7%8f%e0%b6%ba%e0%b6%ba%e0%b7%8f%e0%b6%b8%e0%b7%8a-%e0%b6%85%e0%b6%b1%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b6%87%e0%b6%9f%e0%b7%80%e0%b7%93%e0%b6%b8%e0%b7%8a-%e0%b7%83%e0%b6%b8/

  • “දිට්වා” බෞද්ධ විහාරස්ථාන 379 කට අලාභ හානි කරලා දැනට ලැබී ඇති දත්ත අනුව දිවයිනේ බෞද්ධ විහාරස්ථාන 379 ක් පමණ දිට්වා සුළිකුණාටුව හේතුවෙන් හානියට පත්ව ඇති බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පවසනවා. බුද්ධ ශාසන සභාව රැස් වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව පැවසූ අතර ඔහු වැඩි දුරටත් සඳහන් කලේ පූර්ණ හානී, අර්ධ හානී වූ විහාරස්ථාන හඳුනාගෙන ඒවා කඩිනමින් පිළිසකර කිරීමට පියවර ගන්නා බවයි. දිට්වා සුළිකුණාටුවෙන් දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වයෙන් පූර්ණ වශයෙන් සහ අර්ධ වශයෙන් හානී වූ බෞද්ධ විහාරස්ථාන පිළිබඳ සාකච්ඡා කිරීමට බුද්ධ ශාසන සභාව ඊයේ (09) රැස්වුණා. The post “දිට්වා” බෞද්ධ විහාරස්ථාන 379 කට අලාභ හානි කරලා appeared first on LIVE at Sri Lanka. https://liveatsrilanka.lk/%e0%b6%af%e0%b7%92%e0%b6%a7%e0%b7%8a%e0%b7%80%e0%b7%8f-%e0%b6%b6%e0%b7%9e%e0%b6%af%e0%b7%8a%e0%b6%b0-%e0%b7%80%e0%b7%92%e0%b7%84%e0%b7%8f%e0%b6%bb%e0%b7%83%e0%b7%8a%e0%b6%ae%e0%b7%8f%e0%b6%b1-379/

  • දිට්වා රටේ සියයට 20 කට බලපා ඇතැයි එ.ජා. ගේ සංවර්ධන වැඩසටහන කියයි දිට්වා සුළි කුණාටුව සමග බලපෑ ගංවතුර දිවයිනේ සියයට 20 කට බලපා ඇති බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පවසනවා. භූගෝලීය විශ්ලේෂණයක් කරමින් එම වැඩසටහන පෙන්වා දෙන්නේ, මෙය පසුගිය කාලය තුල ශ්‍රී ලංකාවට බලපෑ දරුණුතම කාලගුණ තත්ත්වය බවයි. දිට්වා සුළිකුණාටුව සමඟ දිවයිනට බලපෑ ආපදා තත්ත්වය සම්බන්ධයෙන්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන භූගෝලීය විශ්ලේෂණයක් සිදුකර තිබෙනවා. එම විශ්ලේෂණයට අනුව දිට්වා සුළි කුණාටුව සමග බලපෑ ගංවතුර තත්ත්වය දිවයිනේ හෙක්ටයාර් මිලියන 1.1 ක භූමි ප්‍රමාණයකට බලපා ඇති අතර එය මෙරට භූමි ප්‍රමාණයෙන් සියයට 20 ක්. මේ අතර දිට්වා සුලිකුණාටුවත් සමග ඇතිවූ ජල ගැලීම් හේතුවෙන් පසුගියදා ඉපැරණි ඇළහැර අමුණේ ගල්බැම්ම බිඳී ගිය අතර මේ හේතුවෙන් ඇළහැර ව්‍යාපාරය ඇතුළු කවුඩුල්ල මින්නේරිය සහ ගිරිතලේ ඇතුළු ජලාශ රැසකට ජල සැපයුම නැවතී තිබුණා. ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාව ගොවි සංවිධාන සමඟ එක්ව වැලි කොට්ට යොදමින් ගල් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීමේ මූලික කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. The post දිට්වා රටේ සියයට 20 කට බලපා ඇතැයි එ.ජා. ගේ සංවර්ධන වැඩසටහන කියයි appeared first on LIVE at Sri Lanka. https://liveatsrilanka.lk/%e0%b6%af%e0%b7%92%e0%b6%a7%e0%b7%8a%e0%b7%80%e0%b7%8f-%e0%b6%bb%e0%b6%a7%e0%b7%9a-%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b6%ba%e0%b6%a7-20-%e0%b6%9a%e0%b6%a7-%e0%b6%b6%e0%b6%bd%e0%b6%b4%e0%b7%8f-%e0%b6%87/

  • දෙහිවල දී අමින්ද ප්‍රදීප් ගේ ඝාතකයින් සොයා පොලීසිය මෙහෙයුමක ඉකුත් 6 වැනිදා රාත්‍රියේ දෙහිවල ප්‍රතිබිම්භාරාම මර්ගයේ ක්‍රීඩාංගණයක් අසලින් ගමන් කරමින් සිටි පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු සොයා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි. එහිදී 39 හැවිරිදි අමින්ද ප්‍රදීප් නමැත්තෙක් ජීවිතක්‍ෂයට පත්වූ අතර ඔහු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් බව කියන දෙහිවල සැන්ඩෝ නැමැත්තාගේ සමීපතමයෙක් බවයි වාර්තා වන්නේ. එම ඝාතනය තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් බව කියන යකා සමන්ත නමැත්තාගේ පාර්ශ්වයෙන් සිදුකර ඇති බවට ද ආරක්‍ෂක අංශවලට තොරතුරු ලැබී තිබෙනවා. අදාළ ඝාතනයට පළි ගැනීමක් ලෙස සැන්ඩෝ විසින් යකා සමන්ත නමැත්තාගේ පාර්ශ්වයේ පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා සැලසුම් සකස් කර සිට ඇති අතර එවැනි ඝාතනයක් සඳහා සූදානමින් සිටි සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගැනීමට බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය ඊයේ කටයුතු කර තිබුණා. 33 හැවිරිදි සරත් කුමාර නොහොත් එස්.එෆ්. සරා නමැති අදාළ වෙඩික්කරු ඇතුළු පිරිස සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් බව කියන දෙහිවල සැන්ඩෝ නමැත්තාගේ සමීපතමයෙක් බවයි වාර්තා වන්නේ. The post දෙහිවල දී අමින්ද ප්‍රදීප් ගේ ඝාතකයින් සොයා පොලීසිය මෙහෙයුමක appeared first on LIVE at Sri Lanka. https://liveatsrilanka.lk/%e0%b6%af%e0%b7%99%e0%b7%84%e0%b7%92%e0%b7%80%e0%b6%bd-%e0%b6%af%e0%b7%93-%e0%b6%85%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%af-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%af%e0%b7%93%e0%b6%b4/

  • මත්ද්‍රව්‍ය මෙහෙයුම් වලින් 976 ක් අත්අඩංගුවට – කොස්ගම වෙඩි තැබීමේ සිද්ධියේ සැක 3 ක් ඒ අතර ‘රටම එකට ජාතික මෙහෙයුම’ට සමගාමීව ඊයේ (09) දිනය තුළ මත්ද්‍රව්‍යය ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 976 දෙනෙකු අත්අඩංගුව ගෙන තිබෙනවා. එහිදී හෙරොයින් අයිස් ඇතුළු විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක්ද සිය භාරයට ගැනීමට ආරක්‍ෂක අංශ කටයුතු කර ඇති අතර කොස්ගම ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන්ද සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා. ඉකුත් 3 වැනිදා කොස්ගම, බොරළුගොඩ ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් අයෙක් ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙක් ඉලක්ක කරමින් වෙඩි තැබීමක් සිදු කළා. සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගම සහ හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විමර්ශන ආරම්භ කළ අතර එහිදී කාන්තාවක් ඇතුළු සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් අතර වෙඩික්කරු සහ පැදිකරුද සිටින බවයි පොලිසිය සඳහන් කළේ. ඔවුන් තුන්මෝදර සහ රුවන්වැල්ල යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වන අතර වෙඩි තැබීමට යොදාගත් බව කියන ගිනි අවියද සොයාගෙන තිබෙනවා. The post මත්ද්‍රව්‍ය මෙහෙයුම් වලින් 976 ක් අත්අඩංගුවට – කොස්ගම වෙඩි තැබීමේ සිද්ධියේ සැක 3 ක් ඒ අතර appeared first on LIVE at Sri Lanka. https://liveatsrilanka.lk/%e0%b6%b8%e0%b6%ad%e0%b7%8a%e0%b6%af%e0%b7%8a%e0%b6%bb%e0%b7%80%e0%b7%8a%e0%b6%ba-%e0%b6%b8%e0%b7%99%e0%b7%84%e0%b7%99%e0%b6%ba%e0%b7%94%e0%b6%b8%e0%b7%8a-%e0%b7%80%e0%b6%bd%e0%b7%92/

  • ඩේසි පොරස්ට් ගේ ඩිමෙන්ෂියා තීරණය එනතුරු යෝෂිත ගේ නඩුව පෙබ‍රවාරියට කල් යයි අයථා ලෙස උපයාගත් මුදලින් රුපියල් ලක්ෂ 596 කට අධික වටිනාකමක් ඇති ඉඩම් ඇතුළු දේපල මිලදී ගැනීමට එරෙහිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝශිත රාජපක්ෂට සහ දෙවන විත්තිකාරිය වන ඩේසි ෆොරස්ට්ට පවරා ඇති නඩුව ලබන වසරේ පෙබරවාරි 09 වැනිදා යලි කැඳවීමට මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා නියෝග කළා. අද (10) නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී එකී දෙවන විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතිඥ අනිල් සිල්වා මහතා කොළඹ මහාධිකරණ විනිසුරු උදෙශ් රණතුංග මහතාට දැනුම් දුන්නේ අදාළ නඩුව සඳහා ඩේසි ෆොරස්ට් නැමැත්තියගෙන් නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට උපදෙස් ලබාගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බැවින් ඒ සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණ අංක 8 හි විනිසුරුවරයා වෙත කරුණු වාර්තා කර ඇති බවයි. එබැවින් එහි තීන්දුව ජනවාරි මස ප්‍රකාශයට පත් කිරීමට නියමිත බැවින් එකී තීන්දුවෙන් අනතුරුව මෙම නඩුව කැඳවීමට දින නියම කරන ලෙස ඉල්ලා සිටියේය. නඩුවේ දෙවන සැකකාරිය වන ඩේසි ෆොරස්ට් නමැත්තිය ඩිමෙන්ෂියා ඇතුළු තවත් රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන බැවින් ඇයට එරෙහි අධි චෝදනා පත්‍රය අධිකරණය හමුවේ පවත්වාගෙන යාමද පදනම් විරහිත බව ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා. මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් යන විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියා. එහිදී විත්තිකාර ඩේසි ෆොරස්ට් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවා දායිකාව ඩිමෙන්ශියා සහ ඇල්සයිම යන රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන තැනැත්තියක් බවත් එම තත්ත්වය මත මෙම චෝදනාව පවත්වාගෙන යාම පදනම් විරහිත බවත් ප්‍රකාශ කළා. ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ සිය සේවා දායිකාව වයස අවුරුදු 98 ක වයෝවෘද්ධ තැනැත්තියක් වන අතර ඇයගේ පෞද්ගලික කටයුතු පවා ඇයට තනිවම කර ගැනීමට නොහැකි තත්ත්වයක පසුවන බවයි. වර්තමානයේ ඇයට තිබෙන මානසික තත්ත්වය අනුව මෙම වරද සම්බන්ධයෙන් හෝ අධිකරණය සම්බන්ධයෙන් ඇයට දැනීමක් නොමැති බවත්, මෙම වරද පිළිගැනීම හෝ නොපිළිගැනීම සම්බන්ධයෙන් ඇයට දැනුම් තේරුමක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා තවදුරටත් පැවසුවා. 2017 වසරේ මාර්තු 17 වනදා ගංගොඩවිල දිසා අධිකරණයෙන්ද සිය සේවාදායිකාවට ඇගේ පුද්ගලික කටයුතු ස්වාධීනව කර ගැනීමේ හැකියාවක් නැති බැවින් ඇයගේ සහ ඇයගේ දේපල භාරකාරීත්වය වෙනත් අයකුට පවරන ලෙස නියෝගයක් නිකුත් කර තිබූ බවත් ජනාධිපති නීතිඥවරා පෙන්වා දුන්නා. අධිකරණ වෛද්‍ය වාර්තාවක් පදනම් කරගෙන අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙන අතර එම රෝගී තත්ත්වය යථාතත්ත්වයට පත්වීමේ හැකියාවක් නොමැති බවට වෛද්‍යවරු විසින් දැනුම් දී ඇතැයි සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා මෙම තත්ත්වය යටතේ සිය සේවාදායිකාවට එරෙහිව නඩුවක් පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් පැමිණිල්ල විසින් සලකා බැලිය යුතු බවත් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා. මේ පිළිබඳව සියලු කරුණු කොළඹ මහාධිකරණ අංක 08 අධිකරණයේ පවතින නඩුවක් සම්බන්ධයෙන් කරුණු දක්වා ඇති බවත් එහි නියෝගය ලබන ජනවාරි 20 නිකුත් කිරීමට නියමිත බැවින් එම නියෝගය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු දිනයක මෙම නඩුව කැඳවන ලෙසත් නීතිඥවරයා අධිකරණැයෙන් ඉල්ලා සිටි‍යා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලු විනිසුරුවරයා නියෝග කළේ ලබන වසරේ පෙබරවාරි 09 නඩුව කැඳවන ලෙසයි. The post ඩේසි පොරස්ට් ගේ ඩිමෙන්ෂියා තීරණය එනතුරු යෝෂිත ගේ නඩුව පෙබ‍රවාරියට කල් යයි appeared first on LIVE at Sri Lanka. https://liveatsrilanka.lk/%e0%b6%a9%e0%b7%9a%e0%b7%83%e0%b7%92-%e0%b6%b4%e0%b7%9c%e0%b6%bb%e0%b7%83%e0%b7%8a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%9c%e0%b7%9a-%e0%b6%a9%e0%b7%92%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b7%82%e0%b7%92/

  • ආපදාවට ලක් වූ ජලපොම්පාගාර 156 කින් 154 ක් සක්‍රියයි ජාතික ජලසම්පාදන මණ්ඩලය සතු ආපදාවෙන් හානියට පත් ජල සම්පාදන ක්‍රම 156 අතුරින් එක් මධ්‍යස්ථානයක් හැර සෙසු මධ්‍යස්ථාන මේ වන් විට යථාවත් කර ඇතැයි එම මණ්ඩලයේ වැඩබලන සභාපති ඉංජිනේරු උපාලි රත්නායක මහතා පවසනවා. ඔහු පැවසුවේ ජල සම්පාදනය සතු දිවයින පුරා ඇති ජල සම්පාදන මධ්‍යස්ථාන 342 ක් පවතින බවත් ඉන් 156 කට පසු ගිය ආපදා තත්ත්වය හේතුවෙන් ජල සැපයුමට බාධා පැමිණි බවයි. ජලයෙන් යට වූ පොම්පාගාරවල මෝටර් ගලවා නැවත පවිත්‍ර කර සවිකිරීමට සිදුවූ බවත් මේ වන විට දිවයිනේ සමස්ත ජල සැපයුමෙන් සියයට 90 ක් සපුරා ඇති බවත් වැඩ බලන සභාපතිවරයා පැවසුවා. ඔහු පෙන්වා දුන්නේ ගෙලිඔය – ඇල්පිටිය ජල පොම්පාගාරය අද දිනය තුල සියයට 50 ක පමණ වැඩ අවසන් කළ හැකි වනු ඇති බවත් මාතලේ – විල්ගමුව ජල පොම්පාගාරය වැලිවලින් යටවීම නිසා තවමත් ක්‍රියාත්මක කිරීමට අපහසු වී ඇති බවයි. විල්ගමුව පොම්පාගාරය සක්‍රිය කර ගැනීමට අවශ්‍ය වැලි ඉවත් කිරීම සඳහා මේ වන විට යුද හමුදා සහාය ඉල්ලා ඇති බවත් ඉංජිනේරු උපාලි රත්නායක මහතා සඳහන් කළා. දැනට ජල සැපයුමේ දී යම් අඩුපාඩු ඇති තැන් සඳහා ජල බව්සර් යොදවා ඇති බවත් වැඩබලන සභාපතිවරයා පැවසුවා. The post ආපදාවට ලක් වූ ජලපොම්පාගාර 156 කින් 154 ක් සක්‍රියයි appeared first on LIVE at Sri Lanka. https://liveatsrilanka.lk/%e0%b6%86%e0%b6%b4%e0%b6%af%e0%b7%8f%e0%b7%80%e0%b6%a7-%e0%b6%bd%e0%b6%9a%e0%b7%8a-%e0%b7%80%e0%b7%96-%e0%b6%a2%e0%b6%bd%e0%b6%b4%e0%b7%9c%e0%b6%b8%e0%b7%8a%e0%b6%b4%e0%b7%8f%e0%b6%9c%e0%b7%8f/

  • අම්බොක්කාවේ හද සසල කරවන කතාව – ආපදා තත්ත්වය පිළිබඳව වාර්තාවක් ගම්වැසියන් බලධාරීන්ගෙන් ඉල්ලයි පසුගිය නොවැම්බර් මස 27 රටටම බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ අයහපත් කාලගුණය හේතුවෙන් කඳුකරයේ බොහෝ දෙනකු පස් යට වැළලී ගියේ සියලු රටක් තති ගන්වමින්. මාතලේ, පල්ලේපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අම්බොක්ක ගම්මානයේ ජීවිත 7 ක් එලෙස වැළලී ගියේ ගමට ඉහළින් ඇති කඳු පන්තියේ කොටසක් නාය යාම නිසයි. එම විපතින් දිවි ගලවා ගත් ගම්වාසීන් අදටත් විමතිය පළ කරන්නේ සිය ජීවිතයේ කිසිදා අපේක්ෂා නොකළ ඉරණමක් උරුමවීමේ ශෝකය ද තුරුළු කර ගෙනයි. මේ වන විට මෙම ගමේ ජීවත්වන පවුල් හැට ගණන්ක් සිය ජීවිතය ගෙවන්නේ කුමක් කළ යුතු ද යන අවිනිශ්චිත බලාපොරොත්ටු සමගයි. ගමට ඉහළින් ඇති කඳුපන්තිය මේ වනවිට අවදානම් තත්ත්වයක පැවතීම නිසා ඔවුන් සිය ජීවිත කුමන හෝ මොහොතක මෙම කඳු තමන් ගේ ජීවිත මතට කඩාපනී යැයි බියකින් පසුවනවා. ගම්වාසීන් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් ගෙන් ඉල්ලා සිටින්නේ උද්ගත වී ඇති තත්ත්වය හමුවේ තමන්ට පදිංචිවීම සඳහා සුදුසු දැයි නිශ්චිත පර්යේෂණයක් කර තහවුරු කරන ලෙසයි. ආධාර ලබාදීමට වඩා මේ අවස්ථාවේ තමන්ට විශ්වාසයෙන් නැවත ජීවිතය ආරම්භ කිරීමට සුදුසු පර්යේෂණයක් සිදු කර අවදානම් කලාප සල්කුනු කරන ලෙස ගම්වාසීන් ඉල්ලා සිටිනවා. මීට පෙර නිලධාරීන් නාය යාම් අනතුරු ඇඟවූ කොටසට ප්‍රතිවිරුද්ධ කොටස නාය යාමට ලක් වූ බව ගම්වාසීන් සඳහන් කළා. පසුගිය දා ඇති වූ ආපදා තත්ත්වය සමඟ නාය යාමට ලක් වූ කන්ද නිසා මිහිදන් වූ එකම පවුලේ හත්දෙනෙකුට අයත් සුන්බුන් අතර අද දක්නට ඇත්තේ ඔවුන් ගේ වේදනාත්මක මතක පමණයි. මියගිය අයගේ දේහයන් මිහිදන් කළ ද මේ වනවිටත් එම ප්‍රදේශය පස්වලින් සම්පූර්ණයෙන්ම යට වී තිබෙනවා. මේ ස්ථානයට ගිය අපට අසන්නට සිදුවුයේ ඉතා සංවේදී පුවතක්. එනම් එකම පවුලේ හත්දෙනෙකු පස් අතර සැඟව ගොස් ඇති බව ආරංචි වුවත් ඔවුන්ගේ සිරුරු සෙවීම ඉතා අසිරු වූවස්ථාවේ නිවසේ සිටි සුනඛයා පස් අතර සැඟවුණු නිවැසියන් සියලුදෙනා ගේ සිරුරු සොයා ගැනීමට සමත් වීම සුරතල් සතුන් පිළිබඳ සංවේදී කතාවක් අපට කියා පානවා. ගම්වාසීන් පවසන ආකාරයට අම්බොක්ක ගම්මානයේ පවුල් අසූවකට පමණ අයත් පිරිසක් මේ වන විට ජීවත් වන්නේ ප්‍රදේශයේ විහාරස්ථානයක සහ ඔවුන්ගේ පෞද්ගලික හිතවත් නිවෙස්වලයි. නායයෑම් සිදුවීම හේතුවෙන් නිරන්තරයෙන් නිලධාරීන් පැමිණ ඉවත් වෙන ලෙසට දැනුම්දී ඇති බව ද ඔවුන් පවසනවා. ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ එහෙත් නිසි වාර්තාවක් හෝ අධ්‍යයනයක් නොමැතිව මෙලෙස නිවෙස්වලින් ඉවත්වෙන ලෙස දැනුම්දීම හේතුවෙන් තමන්ට ස්ථාවරත්වයක් සකසා ගැනීම අසීරු වී ඇති බවයි. එම නිසා පාසල් ආරම්භයට පෙර කඩිනමින් ගම්මානයේ ආපදා තත්ත්වය පිළිබඳව වාර්තාවක් ලබාදෙන මෙන්ද ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. The post අම්බොක්කාවේ හද සසල කරවන කතාව – ආපදා තත්ත්වය පිළිබඳව වාර්තාවක් ගම්වැසියන් බලධාරීන්ගෙන් ඉල්ලයි appeared first on LIVE at Sri Lanka. https://liveatsrilanka.lk/%e0%b6%85%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b7%9c%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b7%84%e0%b6%af-%e0%b7%83%e0%b7%83%e0%b6%bd-%e0%b6%9a%e0%b6%bb%e0%b7%80%e0%b6%b1-%e0%b6%9a/

  • බදුල්ල මහ නගර සභාවේ 2026 අයවැය සම්මතයි – විපක්ෂයේ මන්ත්‍රීවරු විරෝධය පා නැගිට යයි ජාතික ජනබල වේගයට බලය හිමි බදුල්ල මහ නගර සබාවේ 2026 සඳහා අය වැය ලේඛනය බදුල්ල නගරාධිපති නන්දන හපුගොඩ මහතා ඊයේ (09) සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේ සමගි ජනබල වේගයේ මන්ත්‍රී තුෂාර වරුණසේකර මහතා මෙම අය වැය හිග අයවැයක් බව පවසා , ආපදා තත්ත්වය ඇතුලත් කර නව අයවැයක් ඉදිරිපත් කළ යුතු බව පවසමින් විරෝධය දක්වා විපක්ෂ යේ පිරිසක් සමග සභාවෙන් නැගිට ගියා. ඔහු සමග සභාවෙන් විපක්ෂ මන්ත්‍රීවරුන් 10 දෙනකු පිටව ගිය අතර සභාවේ රැඳී සිටි ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 14 දෙනකු පක්ෂව ඡන්දය දෙමින් අය වැය සම්මත කර ගත්තා. බදුල්ල මහ නගර සභාවේ සභිකයින් 27 දෙනකු අතරින් ඊයේ සහභාගී වී සිටියේ 24 දෙනකු පමණයි. The post බදුල්ල මහ නගර සභාවේ 2026 අයවැය සම්මතයි – විපක්ෂයේ මන්ත්‍රීවරු විරෝධය පා නැගිට යයි appeared first on LIVE at Sri Lanka. https://liveatsrilanka.lk/%e0%b6%b6%e0%b6%af%e0%b7%94%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd-%e0%b6%b8%e0%b7%84-%e0%b6%b1%e0%b6%9c%e0%b6%bb-%e0%b7%83%e0%b6%b7%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-2026-%e0%b6%85%e0%b6%ba%e0%b7%80%e0%b7%90%e0%b6%ba/

  • මාතර දිස්ත්‍රික්කයේ උප තැපැල් කාර්යාල කිහිපයක් වසා දැමීමේ තීරණයක් ගැන දිස්ත්‍රික් සම්බධීකරණ කමිටුවේ දී අනාවරණයක් ගංවතුරින් පීඩාවට පත් කුඩාම ව්‍යාපරයේ සිට ඒකක 130,000 කට සහන සලසන්න රාජ්‍ය නිළධාරින් ක්‍රියාත්මකවීම ප්‍රමාදවීම ගැන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා කනස්සල්ල පළ කර තිබෙනවා. මේ බව අනාවරණය වුණේ ඊයේ (09) මේ වසරේ අවස්න් මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව රැස්වීම දිස්ත්‍රීක්කයේ දේශපාලනඥයි, රාජ්‍ය නිලධාරීන් රැස් වූ අවස්ථාවේදීයි. 2025 වර්ෂයට අදාළ අවසන් මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම, කමිටුවේ සභාපති, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේ දී රැස් වුණා. මාතර දිස්ත්‍රික්කයේ ආපදා තත්ත්වයන් අවම කිරීමට ගත් ක්‍රියාමාර්ග හා ඉදිරි සැලසුම්වල වර්තමාන තත්ත්වය පිළිබඳව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අවධානය යොමු කර තිබෙනවා. ආපදා තත්ත්වයෙන් විනාශ වූ වගාවන් හා සත්ත්ව හානි සම්බන්ධ තොරතුරු රැස්කිරීම හා ඊට වන්දි ප්‍රදානය කිරීම, ආපදා තත්ත්වයෙන් හානි වූ යටිතල පහසුකම් සම්බන්ධව හා ආපදාවටපත් කර්මාන්ත පිළිබඳව මෙහි දී තොරතුරු විමසීමට ලක් කර තිබුණා. 2025 වර්ෂයට අදාළව විමධ්‍යගත මුදල්වල ප්‍රගතිය විමසීම, පළාත් සභාව හා රේඛීය අමාත්‍යංශ වලින් වෙන් වූ මුදල් වලට අදාළ ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය ද අනතුරුව විමසීමට ලක් කළා. මෙම රැස්වීමේ දී මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් බී ලියනගේ මහතා දැඩි ලෙස මතු කළේ කිසිදු පූර්ව දැන්වීමකින් තොරව ප්‍රාදේශීය තැපැල් කාර්යාලයක් වසා දැමීම සම්බන්ධවයි. මෙම ප්‍රාදේශීය තැපැල් කාර්යාල වසා දැමීම පිළිබඳව ජනතාව වෙතින් දැඩි විරෝධයක් එල්ලවන බවට එහිදී අදහස් පළ වුණා. මෙහිදී තීරණය වී ඇත්තේ තැපැල් කාර්යාල වසා දැමීමකින් තොරව ඒවා වඩාත් ක්‍රමවත් ආකාරයට ඉදිරියට පවත්වා ගැනීම ගැන අදහස් පළ වූ අතර ඉදිරියේ දී තැපැල්පතිවරයා මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට කැඳවීමට අමාත්‍ය සුනි හඳුන්නෙත්ති මහතා එහිදී යෝජනා කළා. මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 16 ක සහභාගිත්වයෙන් ද, රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල එකමුතුවෙන් දිස්ත්‍රික්කය තුළ හා වෙනත් දිස්ත්‍රික්ක වෙත කරනු ලබන සහන සේවා මෙහිදී ඇගයීමට ලක්ව තිබෙනවා. මෙම රැස්වීමේ දී අනාවරණය වී ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරිය මගින් 2026 වර්ෂයේ ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘතිය අනුමැතියට අදාළව මාතර කොටුව ක්‍රීඩාංගණය ආශ්‍රිතව සංවර්ධනය සඳහා රුපියල් මිලියන 95.8 වෙන් කර ඇති බවයි. මීට අමතරව කොටවිල බස් නැවතුම්පළ සංවර්ධනයට රුපියල් මිලියන 100 ක් සහ, අකුරැස්ස බස් නැවතුම්පොළ සංවර්ධනයට රුපියල් මිලියන 1440 ක මුදලකුත් වෙන්කර ඇති බව සඳහන් කෙරුණා. ලවණ බාධකය හා නිල්වලා ගඟ සංවර්ධනයට 2026 අයවැයෙන් රුපියල් මිලියන 1000 ක මුදලක් වෙන් කර ඇති අතර ඒ සම්බන්ධ කටයුතුත්, ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ නවතම තත්ත්වය හා අනාගත සංවර්ධන කටයුතු පිළිබඳවත් මෙහිදී අවධානයට ලක් වූ සෙසු කරුණුයි. ධීවර, සෞඛ්‍ය, කෘෂිකර්ම, අධ්‍යාපන හා අනෙකුත් බොහෝ ක්ෂේත්‍රවල පවතින ගැටලු පිළිබඳවත්, ඊට කඩිනම් විසඳුම් ලබා ගැනීමත් නිලධාරීන් ඊට සමගාමීව කාර්යක්ෂමව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳවත් අවධානය යොමු කර තිබෙනවා. මේ අවස්ථාවට ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පොල් රාජ්, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලාල් ප්‍රේමනාත්, චතුර ගලප්පත්ති, මාතර නගරාධිපති ඇතුළු දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති චන්දන තිලකරත්න , දකුණු පළාත් අමාත්‍යංශ ලේකම්වරු, දෙපාර්තමේන්තු, මණ්ඩල, සංස්ථා ප්‍රධානීන්, ආරක්ෂක අංශ නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී තිබෙනවා. The post මාතර දිස්ත්‍රික්කයේ උප තැපැල් කාර්යාල කිහිපයක් වසා දැමීමේ තීරණයක් ගැන දිස්ත්‍රික් සම්බධීකරණ කමිටුවේ දී අනාවරණයක් appeared first on LIVE at Sri Lanka. https://liveatsrilanka.lk/%e0%b6%b8%e0%b7%8f%e0%b6%ad%e0%b6%bb-%e0%b6%af%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b6%ba%e0%b7%9a-%e0%b6%8b%e0%b6%b4-%e0%b6%ad/

  • ‘Rebuilding Sri Lanka’ අරමුදලට සමාගම් කිහිපයකින් මුදල් පරිත්‍යාග දිට්වා සුළිකුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට පිහිටු වූ ‘Rebuilding Sri Lanka’ අරමුදලට Yaden Laboratories පුද්ගලික සමාගම රු.මි. 20 ක් පරිත්‍යාග කර තිබෙනවා. ඊට අදාල චෙක් පත එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ශෂිමාල් දිසානායක මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දික කුමානායක මහතා වෙත ඊයේ බාර දුන්නා. මීට අමතරව Macksons Paints Lanka (Pvt.) Ltd සමාගම රු.මි.5 ක් ප්‍රධානය කළේ එහි කළමනාකාර අධ්‍යක්ෂ ඩී.ඒ.නිශ්ශංක මහතායි. Narmatha Gold Center (Pvt.) Ltd සමාගම ප්‍රධානය කළ රු.මි. 2.5 ක මුදල එහි සභාපති එන්.ජෙගතීශ්වරන් මහතා ප්‍රධානය කළා. IWW Steel Industries සමාගමේ රු.මි. 2.5 ක මුදල පරිත්‍යාග කළේ එහි සභාපති ආචාර්ය ශිවලිංගම් රමේෂ් මහතා අතින්. The post ‘Rebuilding Sri Lanka’ අරමුදලට සමාගම් කිහිපයකින් මුදල් පරිත්‍යාග appeared first on LIVE at Sri Lanka. https://liveatsrilanka.lk/rebuilding-sri-lanka-%e0%b6%85%e0%b6%bb%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b6%bd%e0%b6%a7-%e0%b7%83%e0%b6%b8%e0%b7%8f%e0%b6%9c%e0%b6%b8%e0%b7%8a-%e0%b6%9a%e0%b7%92%e0%b7%84%e0%b7%92/

  • කන්දෙකැටිය,මීගොල්ල, මහතැන්නඋඩ කන්දක නාය යෑමක් කන්දෙකැටිය,මීගොල්ල, මහතැන්නඋඩ මිනිසුන් රහිත ප්‍රදේශයේ කන්දක නාය යෑමක් සිදුව ඇතයි වාර්තා වනවා. ආරංචි මාර්ග පැවසුවේ යුද හමුදා සහ පොලීසියේ කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් ඇති බවයි. මෙතෙක් පුද්ගලයින් සිටින ප්‍රදේශයට බලපෑමක් නොමැති බව කන්දෙකැටිය පොලිසිය සඳහන් කළා. The post කන්දෙකැටිය,මීගොල්ල, මහතැන්නඋඩ කන්දක නාය යෑමක් appeared first on LIVE at Sri Lanka. https://liveatsrilanka.lk/%e0%b6%9a%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%99%e0%b6%9a%e0%b7%90%e0%b6%a7%e0%b7%92%e0%b6%ba%e0%b6%b8%e0%b7%93%e0%b6%9c%e0%b7%9c%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd-%e0%b6%b8%e0%b7%84%e0%b6%ad%e0%b7%90/

  • ප්‍රධාන දුම්රිය මාර්ගයේ කාර්යාල දුම්රිය අද සිට මහව දක්වා ධාවනය ඇරඹේ අඹේපුස්ස – අලව්ව දුම්රිය ස්ථාන අතර බුජ්ජොමුව දුම්රිය ස්ථානය ආසන්නයේ මාර්ගයේ ඇති පැරණි ගඩොලින් කරන ලද ආරුක්කු බෝක්කුව මා ඔයේ අධික ගංවතුර හේතුවෙන් පසුගිය දා කැඩී යාමට ලක්වීම නිසා එම මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු ඇණහිට තිබුණා. දුම්රිය මාර්ගය යටින් අඩි 45 ක පමණ කුහරයක් සෑදීම නිසා උතුරු – නැගෙනහිර දුම්රිය ධාවනය ඇන හිටියා. දුම්රිය දෙපාර්තමේන්තුව ස්වේච්ඡා කණ්ඩායම් සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් එම ආපදාවෙන් හානියට පත් දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඊයේ (09) අවසන් කර තිබෙනවා. ඒ අනුව පර්යේෂණ දුම්රියක් ද ප්‍රතිසංස්කරණය කරන ලද කොටසින් සාර්ථකව ධාවනය කළා. දුම්රිය ඩ්ජෙපාර්තමේන්තුව පැවසුවේ අද සිට එම මාර්ගයේ දුම් රිය ධාවන කටයුතු සැලසුම් කර ඇති බවයි. ඒ අනුව කුරුණෑගල,ගනේවත්ත සහ මහව දක්වා කර්යාල දුම්රිය පහත පරිදි ධාවනයට සැලසුම් කර තිබෙනවා. The post ප්‍රධාන දුම්රිය මාර්ගයේ කාර්යාල දුම්රිය අද සිට මහව දක්වා ධාවනය ඇරඹේ appeared first on LIVE at Sri Lanka. https://liveatsrilanka.lk/%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%b0%e0%b7%8f%e0%b6%b1-%e0%b6%af%e0%b7%94%e0%b6%b8%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%ba-%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%9c%e0%b6%ba%e0%b7%9a-2/

  • රාමඤඤ මහා නිකායේ අනුනාහිමියන් අපවත් වේ මහාවිහාර වංශික ශ්‍රී ලංකා රාමඤඤ මහා නිකායේ අනුනායක ධූරන්ධර සිරි සුගත සිරි පාලිත වංශාලංකාර සද්ධර්ම කීර්තී ශ්‍රී,පාලිත විද්‍යායතන පිරිවෙන් විහාරාධීශ්වර රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය ගලපිටියාගම විමලධම්ම මහා නාහිමියන් අපවත් වී තිබෙනවා. 1937නොවැම්බර් මස 11 වැනිදා උපත ලබ ඇති උන්වහන්සේ ශාසනික වශයෙන් මහත් සේවාවක් සැලසූ යතිවර හිමි නමක්. උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය මේ මස 12 වැනි දින සිදු කරන බව ආගමික සංවිධායක කමිටුව පවසනවා. The post රාමඤඤ මහා නිකායේ අනුනාහිමියන් අපවත් වේ appeared first on LIVE at Sri Lanka. https://liveatsrilanka.lk/%e0%b6%bb%e0%b7%8f%e0%b6%b8%e0%b6%a4%e0%b6%a4-%e0%b6%b8%e0%b7%84%e0%b7%8f-%e0%b6%b1%e0%b7%92%e0%b6%9a%e0%b7%8f%e0%b6%ba%e0%b7%9a-%e0%b6%85%e0%b6%b1%e0%b7%94%e0%b6%b1%e0%b7%8f%e0%b7%84%e0%b7%92/

  • දකුණු මුහුදු තීරයේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් නවදෙනා යළි රිමාන්ඩ් දකුණු මුහුදු තීරයේදී බහුදින ධීවර යාත්‍රාවකින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 261 ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 115 ක් සමඟ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් 09 දෙනකු ලබන 22 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (9) නියෝග කළා. මෙලෙස අධිකරණය හමුවට පමුණුවනු ලැබුවේ ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයෙකු වන වසන්ත පුෂ්පකුමාර ඇතුළු සැකකරුවන් පිරිසක්. සිද්ධියට අදාලව අධිකරණයට ඉදිරිපත් කරන ලද මත්ද්‍රව්‍ය තොගය රස පරීක්ෂක වෙත යවා අධිකරණයට වාර්තාවක් කැඳවන ලෙසද මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළා. තංගල්ල ප්‍රදේශයේ පදිංචි වර්ණකුලසූරිය නොයෙල් රංජිත් ප්‍රනාන්දු, දුලාන් සජිත් අසලංක, නුවන් පුෂ්ප කුමාර, නිමල් ප්‍රනාන්දු, මිල්බන් ද සිල්වා,දිනුෂ රුවන් කුමාර, වසන්ත පුෂ්ප කුමාර යන සැකකරුවන් එසේ රක්ෂිත බන්ධනාගාරගත කළා. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මෙම සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කළේ සූම් තාක්ෂණය ඔස්සේයි. එහිදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුවන්ට අදාළ විමර්ශන අවසන් වී නොමැති බැවින් තවදුරටත් ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටියා. බහු දින ධීවර යාත්‍රාවේ ජී.පී.එස්. යන්ත්‍රය මිනින්දෝරු දෙපාර්තමේන්තුවට යොමු කර වාර්තාවක් කැඳවීමට අවසර දෙන ලෙසත්, අදාළ මත්ද්‍රව්‍ය සමග තිබූ ගිනි අවි දෙකක් රජය රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට අවසර දෙන ලෙසත්, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් අධිකරණයෙන් තවදුරටත් ඉල්ලා සිටි‍යා. මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් ඉල්ලා සිටි ඉහත වාර්තා කැඳවීමට අවසර දුන් මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරුවන් ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියම කළා. The post දකුණු මුහුදු තීරයේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් නවදෙනා යළි රිමාන්ඩ් appeared first on LIVE at Sri Lanka. https://liveatsrilanka.lk/%e0%b6%af%e0%b6%9a%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b6%b8%e0%b7%94%e0%b7%84%e0%b7%94%e0%b6%af%e0%b7%94-%e0%b6%ad%e0%b7%93%e0%b6%bb%e0%b6%ba%e0%b7%9a%e0%b6%af%e0%b7%93-%e0%b7%84%e0%b7%99%e0%b6%bb/

  • දෙසැම්බර් 16 සිට පාසල් විවෘත වෙන්නෙ මෙහෙමයි – අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ගෙන් පැහැදිළි කිරීමක් දිවයිනට බලපෑ අහිතකර කාලගුණික තත්ත්වය හේතුවෙන් පාසල් පද්ධතියට සිදු වූ බලපෑම සහ එය නැවත යථාතත්ත්වයට පත් කිරීම, 2025 වර්ෂයේ තෙවැනි පාසල් වාරයේ දෙවැනි කොටස ආපදා තත්ත්වයෙන් පසුව දෙසැම්බර් 16 දින ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා පවසනවා. ඔහු පැවසුවේ පළාත් ලෙස බස්නාහිර,දකුණ,උතුර,නැගෙනහිර,සබරගමුව සහ උතුරු මැද සියලුම පාසල් විවෘත ක‍රන බවයි. ඒ අනුව සමස්ත පාසල් 10,076 ක් අතරින් පාසල් 9929 ක් දෙසැම්බර් මස 16 වැනිදා විවෘත කි‍රීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇතැයි එහි ලේඑකම්වරයා සඳහන් කළා. මේ වන විට පාසල් විවෘත කිරීමට නොහැකි බවට දැනුම් දී ඇති පාසල් 147 ක් ප්‍රධාන වශයෙන් පළාත් තුනකට අයත් බව නාලක කළුවැව මහතා පැවසුවා. එම පළාත් වන්නේ ඌව පළාතේ පාසල් 26 ක්, ඒ අනුව වැලිමඩ කලාපයේ පාසල් 5 ක් ,බණ්ඩාරවෙල කලාපයේ පාසල් 3 ක්, බදුල්ල කලාපයේ පාසල් 7 ක්, පස්සර කලාපයේ පාසල් 5 ක් , වියළුව පාසල් 6 ක් ඇතුලත්. වයඹ පළාතේ පාසල් 6 ක් විවෘත කළ නොහැකි බව පළාත් බලධාරීන් දැනුම් දී තිබෙනවා. ඒ මහව කලාපයේ එක් පාසලක් සහ ඉබ්බාගමුව කලාපයේ පාස්ල් 5 ක් ලෙසයි. මධ්‍යම පළාතේ පාසල් 115 ක් තවදුරටත් විවෘත කිරීමට නිහැකි තත්ත්වයේ පවතිනවා. මහනුවර අධ්‍යාපන කලාපයේ පාසල් 4 ක්, දෙනුවර කලාපයේ පාසල් 8ක්, ගම්පොල කලාපයේ පාසල් 8ක්,වලපනේ කලාපයේ පාසල් 7 ක්,හඟුරන්කෙත කලාපයේ පාසල් 15 ක්, කොත්මලේ කලාපයේ පාසල් 17 ක්, මාතලේ කලාපයෙ පාසල් 38ක්, නාඋල කලාපයේ පාසල් 3 ක් සහ නුවරඑළිය කලාපයේ පාසල් 15 ක් ලෙස දැක් වෙනවා. කෙසේ නමුත් පළාත් බලධාරීන් දැනුම් දී ඇත්තේ මේ වනවිටත් මේ පාසල් අතරින් බොහොමයක් කඩිනමින් විවෘත කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි. පාසල් විවෘත කිරීමට අදාල නිල චක්‍රලේඛය අද නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවා. මේ මස 16 ආරම්භවන පාසල්වාරය දෙසැම්බර් මස 22 දක්වා පවත්වන බව අධ්‍යාපන අමත්‍යාංශයේ ලේකම්වරයා අවධාරණය කළා. නත්තල් නිවාඩුවෙන් පසුව දෙසැම්බර් මස 29, 30,31 යන දින තුන නැවත පාසල් පැවැත්වෙන බව ඔහු සඳහන් කළා. ඒ අනුව 2025 පාසල් තෙවන වාරයේ අධ්‍යන කටයුතු අවසන් වන්නේ දෙසැම්බර් මස 31 වැනිදායි. මුස්ලිම් පාසල් දෙසැම්බර් මස 16 ආරම්භ කර අඛන්ඩව එම පාසල් ක්‍රියාත්මක කෙරෙන අතර එම පාසල් වාරය අවසන් වන්නේ 2026 ජනවාරි 02 වැනිදායි. ඉන් අනතුරුව මෙම පාසල් වර්ග දෙකම 2026 අධ්‍යන කටයුතු සඳහා ජනවාරි 05 වැනි දින ආරම්භ කරන බව නාලක කළුවැව මහතා පැවසුවා. මෙතැන් සිට ජනවාරි 10 දක්වා පළමු සතිය 2026 වර්ෂය සඳහා ක්‍රියාත්මක වී ජනවාරි 12 සිට ජනවාරි 20 දක්වා නැවත පාසල් නිවාඩුවක් ලබාදීමට කටයුතු යොදා තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවේ මෙම කාලය තුල දැනට නවතා ඇති අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි කොටස් අදාල කාලය තුල පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් පැවැත්වීම සම්බධව කොමසාරිස් ජනරාල්වරිය ඉදිරියේ දී දැනුවත් කිරීමට කටයුතු කරනු ඇති බව ඔහු සඳහන් කළා. 2026 ජනවාරි 21 සිට නැවත පාසල්වල අධ්‍යන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. එම පාසල් වාරය 2026 පෙබරවාරි 13 දක්වා ක්‍රියාත්මක වනවා. 2025 වසරේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග කටයුතු පැවැත් වෙන්නේ පෙබරවාරි මස 14 සිට මාර්තු මස මාර්තු මස 02 දක්වායි. මෙම විභාගයෙන් පසුව 2026 මාර්තු 03 සිට අප්‍රේල් 10 දක්වා පාසල් අධ්‍යන කටයුතු සිදුකිරීමට නියමිතයි. දෙසැම්බර් මස 16 වැනිදා පාසල් කටයුතු ආරන්භ කිරීම සඳහා පාසල් අධ්‍යන සහ අන්ධ්‍යන කාර්ය මණ්ඩල 15 වැනි දින රාජකාරි සඳහා වාර්තා කළයුතු බව ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා අවධාරණය කළා. The post දෙසැම්බර් 16 සිට පාසල් විවෘත වෙන්නෙ මෙහෙමයි – අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ගෙන් පැහැදිළි කිරීමක් appeared first on LIVE at Sri Lanka. https://liveatsrilanka.lk/%e0%b6%af%e0%b7%99%e0%b7%83%e0%b7%90%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b6%bb%e0%b7%8a-16-%e0%b7%83%e0%b7%92%e0%b6%a7-%e0%b6%b4%e0%b7%8f%e0%b7%83%e0%b6%bd%e0%b7%8a-%e0%b7%80%e0%b7%92%e0%b7%80%e0%b7%98/

  • හෙට උතුර,උතුරු මැද,නැගෙනහිර,මධ්‍යම,වයඹ සහ ඌව පළාත්වලට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණයෙන් අනාවැකි හෙට දිනයේ උතුර,උතුරු මැද,නැගෙනහිර,මධ්‍යම,වයඹ සහ ඌව පළාත්වලට විටින් විට හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම දෙපාර්තමේන්තුව පවසන්නේ හෙට ප.ව. 1.00 න් පසුව දිවයිනේ සෙසු ප්‍රදේශවලට ද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. මෙම වැසි ඇතැම් ස්ථානවලට මි.මී. 50 තරමක් වැඩි වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ නිවේදනයේ සඳහන්. උතුර,උතුරු මැද සහ වයඹ පළාත්වලත් , ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට පැ.කි.මී. 30 -40 ත් අතර තරමක් තද සුළං ඇතිවිය හැකි බවත් කාලගුණ නිවේදනයේ දැක් වෙනවා. එම නිවේදනයෙන් දැනු දෙන්නේ සබරගමුව,මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි. The post හෙට උතුර,උතුරු මැද,නැගෙනහිර,මධ්‍යම,වයඹ සහ ඌව පළාත්වලට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණයෙන් අනාවැකි appeared first on LIVE at Sri Lanka. https://liveatsrilanka.lk/%e0%b7%84%e0%b7%99%e0%b6%a7-%e0%b6%8b%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b6%8b%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b6%b8%e0%b7%90%e0%b6%af%e0%b6%b1%e0%b7%90%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%84/